නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය -Urban Settlement Development Authority

  • Home
  • Sri Lanka
  • Battaramulla
  • නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය -Urban Settlement Development Authority

නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය -Urban Settlement Development Authority නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය -Urban Settlement Development Authority (USDA) Sri Lanka | Official page

සමාජ සංවර්ධන වැඩසටහනට සමගාමීව අඩු පහසුකම් සහිත ජනාවාසයන්හි ජීවත්වන තරුණ තරුණියන් උදෙසා වෘත්තිමය වශයෙන් ජපන්  භාෂා නිපුණත...
09/01/2026

සමාජ සංවර්ධන වැඩසටහනට සමගාමීව අඩු පහසුකම් සහිත ජනාවාසයන්හි ජීවත්වන තරුණ තරුණියන් උදෙසා වෘත්තිමය වශයෙන් ජපන් භාෂා නිපුණතාවය සහ ප්‍රායෝගික පුහුණුව ලබාදී පුහුණු ශ්‍රමිකයන් ලෙස විදේශගත කිරීම අරමුණු කරගනිමින් නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා එක්ව ජපන් භාෂා පුහුණු පාඨමාලාවේ දෙවන ආදියර 2026/01/08 ගාල්ල දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පුහුණු මධ්‍යස්ථානයේදී ආරම්භ කරන ලදී.මෙම අවස්ථාව සඳහා I'm Japan ආයතනයේ සාමාන්‍යාධිකාරි තමුරා මහතා,කළමනාකරු ෂිගේ ඔකා මහත්මිය,ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ දකුණු පළාත් කළමනාකරු ප්‍රසන්න අභය වික්‍රම මහතා,ආයතන හා පුහුණු අංශයේ කළමනාකරු අනූෂා දංගල්ල මහත්මිය විමුක්ති මහතා ,නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියේ සහකාර අධ්‍යක්ෂ මධුරාණි පුෂ්පා මහත්මිය ඇතුළු කාර්ය මණ්ඩලය එම අවස්ථාව සඳහා සහභාගි විය.

27/12/2025
27/12/2025
සමාජ සංවර්ධන වැඩසටහන යටතේ ආර්ථික සංවර්ධනය උදෙසා ප්‍රජාව වෙනුවෙන් ක්‍රියාත්මක වන ස්වයංරැකියා සහ ව්‍යවසායකත්ව සංවර්ධන උපවැ...
27/12/2025

සමාජ සංවර්ධන වැඩසටහන යටතේ ආර්ථික සංවර්ධනය උදෙසා ප්‍රජාව වෙනුවෙන් ක්‍රියාත්මක වන ස්වයංරැකියා සහ ව්‍යවසායකත්ව සංවර්ධන උපවැඩසටහන මගින් ස්වයංරැකියාව වැඩිදියුණු කරගැනිමට කුඩා හා සුළු පරිමාණ ව්‍යවසායකයින්ට මූල්‍ය ණය ප්‍රදානෝත්සවය 2025.12.26 වන දින නාගරික සංවර්ධන අධිකාරියේ ශ්‍රවණාගාරයේදි ගරු නියෝජ්‍ය අමාත්‍යතුමාගේ ප්‍රදානත්වයෙන් සිදු කරන ලදි .
මෙහිදි හදුනාගනු ලැබු ව්‍යවසායකයන් 86 දෙනෙකුට අවශ්‍යතාවය අනුව විධිමත් ක්‍රියාවලියක් ඔස්සේ ණය පහසුකම් ලබාදිමට නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය කටයුතු කරන ලදි. ඒ අනුව නිරන්තර පසු විපරම් ඔස්සේ ශක්තිමත් ව්‍යවසායකයෙකු නිර්මාණය කරමින් රටේ ආර්ථික සංවර්ධන ක්‍රියාවලියට දායක විම මෙම වැඩසටහන මගින් සිදුකරනු ලබයි.

Bimal Rathnayake Eranga Gunasekara

දිවයිනේ ඇතිවී ඇති හදිසි ආපදා තත්වය හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ අවතැන් වු ජනතාවට ලබාදිම සදහා රුපියල් ලක්ශ 20ක වටිනාකමකින...
06/12/2025

දිවයිනේ ඇතිවී ඇති හදිසි ආපදා තත්වය හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ අවතැන් වු ජනතාවට ලබාදිම සදහා රුපියල් ලක්ශ 20ක වටිනාකමකින් යුතු සනිපාරක්ෂක ද්‍රව්‍ය හා පරිභොජන භාන්ඩ ලබා දිම නාගරික ජනාවාස සංවර් ධන අධිකාරියේ සභාපති තුමා අධ්‍යක්ෂ ජනරාල් තුමියගේ ප්‍රධානත්වයෙන් කොළොන්නාව ප්‍රදේශිය ලේකම් කාර් යාලයෙදී සිදුවිය.

Eranga Gunasekara Bimal Rathnayake

හදිසි ආපදා තත්වය හේතුවෙන් පීඩාවට පත්  ජනතාව වෙනුවෙන් ‍ කොලොන්නාව ‍ ටෙරන්ස් විද්‍යාලය, මීතොටමුල්ල වී ගබඩා සංකීරණයේ පිහිටු...
06/12/2025

හදිසි ආපදා තත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් ‍ කොලොන්නාව ‍ ටෙරන්ස් විද්‍යාලය, මීතොටමුල්ල වී ගබඩා සංකීරණයේ පිහිටුවා ඇති සුරක්ෂා මධ්‍යස්ථාන දෙක හා ගම්පහ දිස්ත්‍රික්කයේ ආපදා තත්වයට පත්වූ ජනාවාස වන වත්තල විජය කුමාරතුංග ජනපදය හා ඔලියමුල්ල ජනාවාස නිරීක්ෂණ කටයුතු සමාජ සජීවීකරණ අංශයේ නිළධාරීන් විසින් අද දින නිරීක්ෂණය කරන ලදී. එහිදි පශ්චාත් ආපදා තත්වය කළමණාකරණය පිළිබඳ ප්‍රජාව දැනුවත් කිරම, මානසික පීඩනයට පත්ව සිටි ප්‍රජාව නැවත බලගැනිවීම හා ඔවුන් නැවත නගාසිටුවීම වෙනුවෙන් වැඩසටහනක් සැළසුම් කිරීමට අදාළව මූලික තොරතුරු ලබා ගැනීම මෙහිදී සිදු විය. ලෙඩ රෝග බෝවීම හා මදුරු උවදුර හා නිතර ජලයේ ගමන් කිරීම නිසා චර්ම රෝග පාද වල ඇති වීම නිසා පීඩාවට පත්වී ඇත. එම නිසා ඉතා ඉක්මනින්ම සෞඛ්‍ය සායනයක අවශ්‍යතාව පැහැදිලිව නිරීක්ෂණය විය.

Eranga Gunasekara Bimal Rathnayake

අම්පාර දිස්ත්‍රික්කයේ නවගම්පුර ජනාවාසයේ පෙර පාසල් දරුවන් උදෙසා දිස්ත්‍රික් පූර්ව ළමා විය සංවර්ධන නිලධාරී තුමියගේ සහභාගීත...
24/11/2025

අම්පාර දිස්ත්‍රික්කයේ නවගම්පුර ජනාවාසයේ පෙර පාසල් දරුවන් උදෙසා දිස්ත්‍රික් පූර්ව ළමා විය සංවර්ධන නිලධාරී තුමියගේ සහභාගීත්වයෙන් පූර්ව ළමා විය සංවර්ධන වැඩසටහනක් පවත්වන ලදී.

Address

Sethsiripaya
Battaramulla
0094

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15

Telephone

+94112865215

Alerts

Be the first to know and let us send you an email when නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය -Urban Settlement Development Authority posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය -Urban Settlement Development Authority:

Share