Ministry of Women and Child Affairs

Ministry of Women and Child Affairs කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය
மகளிர் மற்றும் சிறுவர் அலுவல்கள் அமைச்சு
Ministry of Women and Child Affairs

Ministry of Women and Child Affairs
කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය

10/04/2026

— සවස 6 - 10 විදුලිය සුරකිමු💡💡— #සුරකිමුලංකා #විදුලියඅරපිරිමසමු #

08/04/2026

"සුරකිමු ලංකා" බලශක්ති සුරක්ශිතතා වැඩසටහන පිළිබද සියලූම පාසල් විදුහල්පතිවරුන්, පාසල් ගුරුවරුන් සහ පෙර පාසල් ගුරුවරුන් දැනුවත් කිරීම

இலங்கையை காப்போம் எரிசக்தி பாதுகாப்புத் திட்டம் தொடர்பான அனைத்து பாடசாலை அதிபர்கள், பாடசாலை ஆசிரியர்கள் மற்றும் முன்பள்ளி ஆசிரியர்களுக்கான விழிப்புணர்வு நிகழ்ச்சி

"සුරකිමු ලංකා"  බලශක්ති සුරක්ශිතතා වැඩසටහන පිළිබද සියලූම පාසල් විදුහල්පතිවරුන්, පාසල් ගුරුවරුන් සහ පෙර පාසල් ගුරුවරුන් ද...
08/04/2026

"සුරකිමු ලංකා" බලශක්ති සුරක්ශිතතා වැඩසටහන පිළිබද සියලූම පාසල් විදුහල්පතිවරුන්, පාසල් ගුරුවරුන් සහ පෙර පාසල් ගුරුවරුන් දැනුවත් කිරීම

2026.04.08 දින ප.ව. 02.00ට

ක්ලීන් ශ්‍රීලංකා නිල Facebook පිටුව හා Youtube ගිණුම ඔස්සේ සජීවීව සිදුකරනු ලබයි.

(සම්බන්ධ වීමට දිගුව (Link) සහ QR කේතය මෙම ලිපිවල සහ මේ සමග දක්වා ඇත)

එබැවින්, මේ සදහා සජීවීව සම්බන්වන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

Facebook - https://www.facebook.com/CleanSL2025

Youtube- https://www.youtube.com/

ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය 🇱🇰

இலங்கையை காப்போம் எரிசக்தி பாதுகாப்புத் திட்டம் தொடர்பான அனைத்து பாடசாலை அதிபர்கள், பாடசாலை ஆசிரியர்கள் மற்றும் முன்பள்ளி ஆசிரியர்களுக்கான விழிப்புணர்வு நிகழ்ச்சி

திகதி: 2026.04.08
நேரம்: பி.ப. 02.00 மணி

இந்த நிகழ்வு Clean Sri Lanka (க்ளீன் ஸ்ரீலங்கா) உத்தியோகபூர்வ Facebook பக்கம் மற்றும் Youtube தளத்தின் ஊடாக நேரலையாக ஒளிபரப்பப்படும்.

(இதற்கான இணைப்பு (Link) மற்றும் QR குறியீடு ஆகியன இத்துடன் இணைக்கப்பட்டுள்ளன)

எனவே, இந்த நேரலை நிகழ்வில் இணைந்து கொள்ளுமாறு உங்களை அன்புடன் கேட்டுக்கொள்கிறோம்.

Facebook:
https://www.facebook.com/CleanSL2025

Youtube:
https://www.youtube.com/

கிளீன் ஸ்ரீலங்கா செயலகம் 🇱🇰

06/04/2026

"ළමුන්ට එරෙහිව සිදුවන කායික දණ්ඩනය වැළැක්වීමේ වැදගත්කම"

අද (06) දින ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ අධ්‍යක්ෂ (නීතීය බලාත්මක කිරීම) සජීවනී අබේකෝන් මහත්මිය සහාභාගී වූ ස්වදේශීය සේවයේ "සුභාරතී" වැඩසටහන

"සීමා මායිම් නැතිව විදුලිය නාස්ති කරනවාද? නැතිනම් බුද්ධිමත්ව පාවිච්චි කරනවාද? 🤔நாம் மின்சாரத்தை வரம்பின்றி வீணடிக்கிறோமா...
06/04/2026

"සීමා මායිම් නැතිව විදුලිය නාස්ති කරනවාද?

නැතිනම් බුද්ධිමත්ව පාවිච්චි කරනවාද? 🤔

நாம் மின்சாரத்தை வரம்பின்றி வீணடிக்கிறோமா?

அல்லது விவேகத்துடன் பயன்படுத்துகிறோமா? 🤔

#සුරකිමුලංකා #විදුලිය_අරපිරිමැස්ම #සිහිනුවණින්_පරිභෝජනය

வாரத்திற்கான துணிகளை எல்லாம் ஞாயிற்றுக்கிழமையன்று ஒரே நேரத்தில் இஸ்திரி(அயன்) செய்யும் பழக்கத்தை ஏற்படுத்திக்கொள்ளுங்கள்...
05/04/2026

வாரத்திற்கான துணிகளை எல்லாம் ஞாயிற்றுக்கிழமையன்று ஒரே நேரத்தில் இஸ்திரி(அயன்) செய்யும் பழக்கத்தை ஏற்படுத்திக்கொள்ளுங்கள்.

இது உங்கள் நேரத்தையும், பணத்தையும், மின்சாரத்தையும் மிச்சப்படுத்தும்.

#සිහිනුවණින්පරිභෝජනය #புத்திசாலித்தனமாக #பயன்படுத்துங்கள்

සතියේ ඇඳුම් ටික එකවර ඉරිදා දිනක මදින්න පුරුදු වෙන්න. එයින් ඔබේ කාලය, මුදල මෙන්ම විදුලියත් ඉතිරි කරගත හැකියි.
05/04/2026

සතියේ ඇඳුම් ටික එකවර ඉරිදා දිනක මදින්න පුරුදු වෙන්න.

එයින් ඔබේ කාලය, මුදල මෙන්ම විදුලියත් ඉතිරි කරගත හැකියි.

මාර්තු 08 ගරු අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මැතිණියගේ ප්‍රධානත්වයෙන්, කාන්තා සහ ළමා කටයුතු ගරු අමාත්‍යතුමිය, හා කාන...
09/03/2026

මාර්තු 08 ගරු අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මැතිණියගේ ප්‍රධානත්වයෙන්, කාන්තා සහ ළමා කටයුතු ගරු අමාත්‍යතුමිය, හා කාන්තා සහ ළමා කටයුතු ගරු නියෝජ්‍ය අමාත්‍යතුමන් ගේ සහභාගීත්වයෙන් රුහුණ විශ්වවිද්‍යාලයීය රබින්ද්‍රනාත් තාගෝර් ශාලාවේදී ජාත්‍යන්තර කාන්තා දින ජාතික සැමරුම පැවැත්වුනි.

වාර්ෂිකව මාර්තු මස 08 වන දිනට යෙදී තිබෙන ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය සහ ඊට අනුබද්ධිත ශ්‍රී ලංකා කාන්තා කාර්යාංශය විසින් මෙම නිල සැමරුම සංවිධාන කරන ලදී.

මෙවර කාන්තා දිනය සමරන ලද්දේ "පොහොසත් රටක අබිමන - ඇය වේ දැයක පෙරමග" යන තේමාව පෙරටු කර ගනිමිනි.

ශ්‍රී ලංකා කාන්තා කාර්යාංශය විසින් ජාත්‍යතර කාන්තා දිනය වෙනුවෙන් ප්‍රකාශයට පත් කළ "කාන්තා සවිය " සඟරාවේ විශේෂ කලාපය ගරු අග්‍රාමාත්‍යතුමිය, අමාත්‍යවරුන් ඇතුළු සම්භාව්‍ය අමුත්තන් වෙත පිළිගැන්වීම හා මුළු දිවයිනම නියෝජනය කරනු ලබන කාන්තා ව්‍යවසායිකාවන් අතුරින් දිස්ත්‍රික් මට්ටමින් හොඳම ව්‍යවසායිකාවන් ලෙස තේරී පත්වුණු ව්‍යවසායිකාවන් 25 දෙනෙකු ඇගයීම මෙහි දී සිදුවිය.

මීට අමතරව ජපන් ජාත්‍යන්තර සහයෝගීතා නියෝජිතායතය (JICA) විසින් කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය සමඟ ඒකාබද්ධව සවිබල ගන්වන ලද ව්‍යවසායිකාවන් ඇගයීම ද සිදු කරන ලදී.

ගාල්ල, මාතර, හම්බන්තොට දිස්ත්‍රික්ක නියෝජනය කරමින් පැමිණි ශ්‍රී ලංකා කාන්තා කාර්‍යාංශයේ ය
සෘජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන කාන්තා කාර්යය සංවිධානයන් හි සාමාජිකාවන් 1500 ක ගේ සහභාගීත්වයෙන් පැවති මෙම අවස්ථාවට කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා, දකුණු පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සුසිරිපාල මානවඩු මහතා, දකුණු පලාත් ප්‍රධාන ලේකම්තුමන්, කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශ ලේකම් තරංගනි වික්‍රමසිංහ මහත්මිය, මාතර දිස්ත්‍රික් ලේකම්, ඉන්දුනීසියානු, වියට්නාම ඇතුළු ශ්‍රී ලංකාවේ විදේශීය තානාපති කාර්යාල සහ මහකොමසාරිස් කාර්යාල නියෝජනය කරනු ලබන තානාපතිවරුන්, එක්සත් ජාතීන්ගේ සවිධානය ඇතුළු ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක රාජ්‍ය නොවන සංවිධානයන් හි නියෝජිතයින්, මහජන නියෝජිතයින් කලාකරුවන්, අමාත්‍යාංශ නිලධාරීන්, කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන් සභාවේ සාමාජිකාවන්, ඇතුළු නිලධාරීන්, හා කාන්තා ව්‍යවසායිකාවන් සහභාගී වී සිටියහ.

"පොහොසත් රටක අබිමන - ඇය වේ දැයක පෙරමග"2026 මාර්තු 7 හා 8 දෙදින 2026 ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව කාන්තා සහ ළමා කටයුත...
09/03/2026

"පොහොසත් රටක අබිමන - ඇය වේ දැයක පෙරමග"

2026 මාර්තු 7 හා 8 දෙදින 2026 ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා කාන්තා කාර්යාංශය මාතර වෙරළ උද්‍යානයේ සංවිධාන කළ "ලිය ශක්ති" කාන්තා ව්‍යවසායකත්ව ප්‍රදර්ශනය සහ අලෙවි පොළ පැවැත්වුනි.

දෙදින පුරා කාන්තා ව්‍යවසායිකාවන් 300 ක ගේ නිශ්පාදන අලෙවි කුටි සහිතව උදෑසන 09.00 සිට රාත්‍රී 10 දක්වා මෙම අලෙවි පොළ පවත්වන ලදී.

🌟 සෞඛ්‍යසම්පන්න අනාගතයක් වෙනුවෙන්: 2026 කාර්ය මණ්ඩල සුවතා සහ නිවාරණ සෞඛ්‍ය සායනය සාර්ථකව නිම කෙරේ 🌟කාන්තා හා ළමා කටයුතු ...
27/02/2026

🌟 සෞඛ්‍යසම්පන්න අනාගතයක් වෙනුවෙන්: 2026 කාර්ය මණ්ඩල සුවතා සහ නිවාරණ සෞඛ්‍ය සායනය සාර්ථකව නිම කෙරේ 🌟
කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ (MWCA) සැලසුම් හා තොරතුරු අංශය මගින් සංවිධානය කරන ලද "කාර්ය මණ්ඩල සුවතා සහ නිවාරණ සෞඛ්‍ය සායනය" 2026 පෙබරවාරි 25 වන දින බත්තරමුල්ල, සෙත්සිරිපාය පරිශ්‍රයේදී ඉතා සාර්ථකව පවත්වන ලදී. අපගේ කැපවූ කාර්ය මණ්ඩලයේ කායික හා මානසික සුවතාවය තහවුරු කිරීම වෙනුවෙන් තැබූ සුවිශේෂී පියවරක් ලෙස මෙම වැඩසටහන හඳුන්වා දිය හැකිය.
අප රටේ කාන්තාවන්ගේ සහ දරුවන්ගේ සුභසාධනය වෙනුවෙන් ඇපකැප වී සිටින අමාත්‍යාංශ නිලධාරීන්ගෙන් බහුතරයක් කාන්තාවන් වන බැවින්, ඔවුන්ගේ සෞඛ්‍ය කෙරෙහි ප්‍රමුඛතාවය ලබා දීම රටේ සාමූහික සංවර්ධනයට අත්‍යවශ්‍ය වේ.

📈 වැඩසටහනේ සාර්ථකත්වය කෙටියෙන්
• ප්‍රතිලාභීන්: පිරිසිදු කිරීමේ කාර්ය මණ්ඩලය ඇතුළු 400 කට අධික සේවක පිරිසක් පුළුල් සෞඛ්‍ය පරීක්ෂණ සඳහා සහභාගී වූහ.
• වෛද්‍ය කණ්ඩායම: වෛද්‍යවරුන් ඇතුළු 130 කට අධික වෘත්තීය මට්ටමේ වෛද්‍ය කාර්ය මණ්ඩලයක් දවස පුරා සේවය සැපයූහ.
• සේවාවන්: ECG පරීක්ෂණ, ක්ෂය රෝග පරීක්ෂණ, දෘෂ්ටි පරීක්ෂණ, සාමාන්‍ය වෛද්‍ය පරීක්ෂණ සහ දන්ත වෛද්‍ය සායන පැවැත්විණි.
• විශේෂිත සායන: ගැබ්ගෙල සහ පියයුරු පිළිකා පරීක්ෂාවන් වැනි විශේෂිත කාන්තා සෞඛ්‍ය සේවාවන් ද මෙහිදී ක්‍රියාත්මක විය.
• රසායනාගාර පරීක්ෂණ: රුධිර සීනි, කොලෙස්ටරෝල්, වකුගඩු ක්‍රියාකාරිත්වය සහ ක්ෂය රෝග (TB) සායනය ඇතුළු පරීක්ෂණ රාශියක් සිදු කරන ලදී.
• ආයුර්වේද සායනය: සාම්ප්‍රදායික ආයුර්වේද වෛද්‍ය සේවාවන් ද කාර්ය මණ්ඩලය වෙත ලබා දෙන ලදී.

🤝 ශක්තිමත් කාර්ය මණ්ඩලයක් වෙනුවෙන්
මෙම වැඩසටහන සෞඛ්‍ය අමාත්‍යාංශයේ "ආරෝග්‍යා" (AROGYA) වැඩසටහන සහ "සෞඛ්‍ය ප්‍රවර්ධන සේවා ස්ථාන" මාර්ගෝපදේශයන්ට අනුකූලව සංවිධානය කෙරිණි.
රෝග කල්තියා හඳුනා ගැනීම සහ නිවැරදි ජීවන රටා කළමනාකරණය, දිගුකාලීන සේවා ඵලදායිතාවයට සහ යහපත් සෞඛ්‍යයට මඟ පාදයි. මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා උද්‍යෝගයෙන් සහයෝගය දැක්වූ අමාත්‍යාංශ සුභ සාධක සංගමයට හා ලේකම්තුමිය ඇතුලු සියලුම ආයතන ප්‍රධානීන්ට සහ කාර්ය මණ්ඩලයට අපගේ ස්තූතිය පිරිනමන්නෙමු.
අපි සැවොම එක්ව වඩාත් සෞඛ්‍ය සම්පන්න සහ ශක්තිමත් අමාත්‍යාංශ කාර්ය මණ්ඩලයක් ගොඩනගමු!

Address

Battaramulla
10120

Opening Hours

Monday 08:00 - 16:00
Tuesday 08:00 - 16:00
Wednesday 08:00 - 16:00
Thursday 08:00 - 16:00
Friday 08:00 - 16:00

Alerts

Be the first to know and let us send you an email when Ministry of Women and Child Affairs posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Ministry of Women and Child Affairs:

Share