Department of Probation and Child Care Services

Department of Probation and Child Care Services Our Vision
A sensitive and a friendly society for children with ensured child rights.

අධිකරණවල සිට ආරක්ෂිත ස්ථාන කරා ළමුන් ප්‍රවාහනය කිරීම සදහා පළාත් පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තු සදහා වාහන ලබා දීමේ...
02/01/2026

අධිකරණවල සිට ආරක්ෂිත ස්ථාන කරා ළමුන් ප්‍රවාහනය කිරීම සදහා පළාත් පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තු සදහා වාහන ලබා දීමේ නිල උත්සවය 2025.12.24 දින සෙත්සිරිපාය 2වන අදියර පරිශ්‍රයේදී පවත්වන ලදී. එම උත්සවය ගරු කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රී පෝල්රාජ් මැතිණියගේ ප්‍රධානත්වයෙන් සහ කාන්තා සහ ළමා කටයුතු ගරු නියෝජ්‍ය අමාත්‍යතුමාගේ හා කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශ ලේකම්ගේ සහභාගීත්වයෙන් පවත්වන ලදී. මෙම උත්සවය සදහා පළාත් ප්‍රධාන ලේකම්වරුන් සහ පළාත් පරිවාස හා ළමාරක්ෂක සේවා කොමසාරිස්වරුන් සහභාගී වූ අතර එදින මෙම වාහන නිල වශයෙන් පළාත් වෙත භාර දෙන ලදී.
අධිකරණ නියෝග මත ආරක්ෂිත ස්ථාන වෙත ළමුන් ප්‍රවාහනය කිරීම පිළිබඳව ගැටළුව දීර්ඝ කාලයක සිට සාකච්ඡාවට බඳුන් වූවකි. අධිකරණය හමුවට පමුනුවණ ලබන ළමා වින්දිතයින්, ළමා සැකකරුවන් සහ ළමා වරදකරුවන් සම්භන්දයෙන් අධිකරණ විසින් තීරණයක් ගන්නාතෙක් තාවකාලිකව ආරක්‍ෂිත ස්ථාන වල සහ රැදවුම් නිවාස වල රදවා තැබීමට ගරු අධිකරණ විසින් නියෝග කරනු ලබයි. අධිකරණ නියෝග මත එම ආරක්‍ෂිත ස්ථාන වල රැදවීමට ළමුන් ප්‍රවාහනය කරනු ලබන්නේ බොහෝවිට බන්ධනාගාර දෙපාර්තමේන්තුව මගිනි.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව මගින් බන්ධනාගාර රථ වලින් ළමුන් ප්‍රවාහනය කිරීමේදී ළමුන්ට විවිධ ගැටළු වලට මුහුණ පෑමට සිදුවේ. එනම් බන්ධනාගාර නම සදහන් වැඩිහිටි රැදවියන් ප්‍රවාහනය කරනු ලබන බස් රථ වලින් නිල ඇදුම් සහිත කාර්ය මණ්ඩලයක් විසින් ළමුන් ප්‍රවාහනය කිරීම, ළමයින් සහ වැඩිහිටි වැරදකරුවන් එකම බස් රථයකින් ප්‍රවාහනය කිරීම, ඇතැම් අවස්ථා වල වින්දිත ළමයා සහ එම ළමයා අපයෝජනයට ලක්කල චුදිතයා එකම වාහනයකින් ප්‍රවාහනය කිරීම වැනි ගැටළු රාශියකට ළමුන් මුහුණ පානු ලැබේ. මෙම ගැටළු නිසා මෙම යුක්තිය පසිදලීමේ යාන්ත්‍රණය තුලම ළමුන් ද්විතියික වින්දිත භාවයට (Secondary Victimization)පත් වේ.
මෙකී සියළු කරුණු සැලකිල්ලට ගෙන ළමුන් සඳහා වෙන් වූ “ළමා මිතුරු ප්‍රවාහන සේවයක්” ඇති කිරීමට (Child Friendly Transport System) රජයේ විශේෂ අවධානය යොමු විය
එසේම ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වූ S.C.(F/R) 335/2010 මූලික අයිතිවාසිකම් නඩුවේදී මෙම ළමුන් ප්‍රවාහනය පිළිබඳව විශේෂ අවධානය යොමු කරමින් ළමුන් සඳහා වෙන්වූ “ළමා මිතුරු” ප්‍රවාහන සේවයක අවශ්‍යතාවය තහවුරු කරන ලදී.
ඒ අනුව ළමුන් ප්‍රවාහනය කිරීමේ ක්‍රමවේදයක් සකස් කිරීමේ මුල් අදියර යටතේ දකුණ, සබරගමුව, බස්නාහිර, වයඹ, උතුර යන පළාත් සභා 5 සඳහා ටොයෝටා වර්ගයේ නවීන වෑන්රථ 05ක් ලබ දෙන ලදී.
“පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ” රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ මගින්ද “සුරක්ෂිත ළමා ලෝකයක් නිර්මාණශිලි අනාගත පරපුරක් ”යටතේ “දරුවන් ප්‍රවාහනයේදී ආරක්ෂිත හා ගෞරවනීය ප්‍රවාහන ක්‍රමයක් සහතික කිරීම සඳහා ළමා හිතකාමි ප්‍රවාහන පද්ධතියක් ”ක්‍රියාත්මක කිරීමට රජයේ අවදානය යොමු විය.
එම ප්‍රතිපත්තියේ සදහන් කරුණු යතාර්ථයක් බවට පත්කරමින් “ ළමා මිතුරු ප්‍රවාහන ක්‍රමවේදය ”තවදුරටත් ශක්තිමත් කිරීම සදහා 2025 අයවැය මගින් පළාත් මට්ටමින් පළාත් වෙත ළමුන් ප්‍රවාහනයට වාහන මිලදී ගැනීම සදහා රුපියල් මිලියන 250ක ප්‍රතිපාදන වෙන් කරන ලදී. ඒ අනුව එක් පලාතකට එක් වාහනයක් බැගින් පළාත් 9 සදහා වාහන 9ක්‌ ලබා දීම අද දින සිදු කරනු ලැබේ.
ළමුන් ප්‍රවාහනය සදහා අවශ්‍ය වාහන ලබා දුන්නද ළමා මිතුරු ප්‍රවාහන ක්‍රමවේදයක් ඇති කිරීමට නම් ඊට ප්‍රමාණවත් කාර්යමණ්ඩලයක් තිබිය යුතු වේ. රාජ්‍ය අංශයට නව බදවා ගැනිම් අත්හිටුවා ඇති මොහොතක උවද ළමුන්ගේ අයිතිවාසිකම් තහවුරු කිරීම රජයේ ප්‍රමුඛ කාර්යයක් සේ සලකන බැවින් ළමා මිතුරු ප්‍රවාහන ක්‍රමවේදයක් ස්ථාපිත කිරීම සදහා පළාත් මට්ටමින් නව තනතුරු 54 ක්‌ ඇති කොට ඊට අදාළ බඳවා ගැනීම සදහා මේ වන විට අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව එක් පලාතකට රියදුරන් දෙදෙනෙකු භාරකරුවන් දෙදෙනෙකු සහ ආරක්ෂක නිලධාරින් දෙදෙනෙකු වන සේ නිලධාරින් 54 දෙනෙකු මෙම ළමුන් ප්‍රවාහනය සදහා බදවා ගැනීම මේ වන පළාත් මට්ටමින් සිදු කරමින් සිටී.

මෙලෙස බදවා ගනු ලබන කාර්ය මණ්ඩලයට විශේෂ පුහුණුවක් ලබා දීමටත් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයේ සහ පරිවාස හා ළමා රක්ෂක දෙපාර්තමේන්තුවේ අවධානය යොමු වී ඇති අතර ඊට අදාළ කටයුතු බදවා ගැනිම් අවසන් වූ වහාම සිදු කිරීමට නියමිතය. එසේම මෙම නව ප්‍රවාහන ක්‍රමවේදයේ ප්‍රගතිය විමසා බලා තවදුරටත් ක්‍රමවේදය ශක්තිමත් කිරීමට පියවර ගැනීමට නියමිතය.

✨ Happy New Year! ✨As we step into a brand-new year, may it bring fresh hope, renewed energy, and countless opportunitie...
31/12/2025

✨ Happy New Year! ✨
As we step into a brand-new year, may it bring fresh hope, renewed energy, and countless opportunities. Let us move forward with positivity, kindness, and courage—embracing new beginnings, stronger bonds, and brighter dreams. Wishing everyone a year filled with joy, peace, good health, and meaningful moments. Let’s make this year truly inspiring and unforgettable! 🎉🌟

🎄✨ Christmas Wishes from the Department of Probation and Child Care Services ✨🎄May this Christmas fill every child’s lif...
24/12/2025

🎄✨ Christmas Wishes from the Department of Probation and Child Care Services ✨🎄

May this Christmas fill every child’s life with love, hope, and protection. As we celebrate the birth of Lord Jesus Christ, we wish peace, joy, and blessings to all families.

🎄✨ Merry Christmas and a Happy New Year! 🌟👶❤️

ළමා අයිතිවාසිකම් සුරැකීමට ඔබත් දායක වන්න .
10/12/2025

ළමා අයිතිවාසිකම් සුරැකීමට ඔබත් දායක වන්න .

ජාතික ළමා සභා නිලවරණය හා ජාතික ළමා සභාව -2025 ළමා සහභාගිත්ව අයිතිය කහවුරු කිරීම සඳහා ක්‍රියාත්මක ළමා සමාජ /ළමා සභා වැඩසට...
03/12/2025

ජාතික ළමා සභා නිලවරණය හා ජාතික ළමා සභාව -2025

ළමා සහභාගිත්ව අයිතිය කහවුරු කිරීම සඳහා ක්‍රියාත්මක ළමා සමාජ /ළමා සභා වැඩසටහනෙහි ජාතික ළමා සභා නිලවරණය හා ජාතික ළමා සභාව 2025.11.24 දින සිට 2025.11.26 දින දක්වා ඇඹිලිපිටිය නායකත්ව ජාතික සංවර්ධන මධ්‍යස්ථානයේදී පවත්වන ලදී.

එහිදී ළමා අයිතිවාසිකම් පිළිබඳ දැනුවත් කිරීම, Digital story telling පුහුණුකරුවන්ගේ අත්පොත හඳුන්වා දීම, දිස්ත්‍රික් ක්‍රියාකාරී සැලැස්ම සකස් කිරීම, මෙන්ම සහභාගී වූ දරුවන් සඳහා අභිප්‍රේරණ වැඩසටහනක් ක්‍රියාත්මක විය.

2025.11.25 දින ජාතික ළමා සභා නිලවරණය පැවැත් වූ අතර, නව නිලධාරී මණ්ඩලය තෝරාපත් කර ගැනීම මෙහිදී සිදු විය. පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ගයනි කෞශල්‍යා විජේසිංහ මහත්මිය ඇතුළු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හා රාජ්‍ය නොවන සංවිධාන වල නිලධාරීන් මෙම තෙදින වැඩසටහනට සම්බන්ධ වූහ.

30/11/2025

We stand up for ourselves! 🙌🏼

We, including children and adults, must protect ourselves from this threat that we are all facing. Thinking not only about ourselves but also about others, and putting humanity first, let us seek the safety of the people of Sri Lanka and the great Sri Lanka at this moment.
Let us help each other!
Let us be as careful as possible!
Let us stand up together!

_A message from the National Children's Council._




30/11/2025
🌧️🙏 Flood Relief Appeal – Supporting Women and Children 🙏🌧️From the Ministry of Women and Child AffairsThe recent floods...
30/11/2025

🌧️🙏 Flood Relief Appeal – Supporting Women and Children 🙏🌧️
From the Ministry of Women and Child Affairs

The recent floods have severely affected many families, especially vulnerable women and children who are now struggling without essential resources. Many mothers have lost their homes, daily necessities, and safe environments for their children.

We are urgently seeking donations to provide immediate relief for affected women and children, including:

✔️ Nutritional food for mothers and children
✔️ Baby formula, diapers, and child-care essentials
✔️ Hygiene products for women
✔️ Clothing and blankets

Your contribution—big or small—can bring comfort, safety, and hope to families who need it the most.

Together, let us stand with the women and children of our nation during this difficult time.
Thank you for your kindness and support. 🙏

26/11/2025
25/11/2025

Address

3rd Floor, Sethsiripaya Stage II, Battaramulla
Battaramulla
10120

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:00 - 16:15
Friday 08:30 - 16:15

Telephone

+94112186062

Alerts

Be the first to know and let us send you an email when Department of Probation and Child Care Services posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Department of Probation and Child Care Services:

Share