15/09/2026
මාධ්‍ය පුහුණු දැණුවත් කිරීමේ වැඩමුළුව හා නිලධාරින් සඳහා lap top පරිඝනක පිරිනැමීම 2026.09.15 ( NSE MEDIA TEAM )
******************************************
ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලයේ සේවයේ නියුතු නිලධාරීන්, ගන්නා වැටුපට සේවයක් මෙන්ම පිංකමක් කරගන්නා එකම රාජ්‍ය සේවයේ නියුතු නිලධාරීන් පිරිසක් බව, ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් ගරු අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මැතිතුමන්ගේ මාධ්‍ය සම්බන්ධිකරණ ලේකම් නිශාන්ත ප්‍රේමරත්න මහතා සඳහන් කළේය.
ඔහු මේ බව සඳහන් කළේ " බත්තරමුල්ල, අපේ ගම " පරිශ්‍රයේ පැවැති වැඩිහිටි හිමිකම් ප්‍රවර්ධන නිලධාරීන් සඳහා වන " මාධ්‍ය පිළිබද දැනුවත් කිරීමේ වැඩමුළුවට " ගරු අමාත්‍යතුමා නියෝජනය කරමින් එක්වෙමින්ය. ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂතුමන් ඇතුළු නිලධාරීන්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
මෙහිදී අදහස් දැක්වූ ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂකතුමන් සඳහන් කළේ " ලස්සන ජීවිතයක් - පෝහොසත් රටක් " ජාතික ප්‍රතිපත්තිය ඉදිරියට ගෙන යාම සඳහා නිලධාරීන් සුපිළිපන්නව කටයුතු කළ යුතු බවත් කාර්යක්ෂම රාජ්‍ය සේවයක් වෙනුවෙන් නිලධාරීන්ට අවශ්‍ය භෞතික සම්පත් ද රජය මඟින් ලබා දෙන බවයි.