නව ලංකා නිදහස් පක්ෂය - Nawa Lanka Nidahas Pakshaya

නව ලංකා නිදහස් පක්ෂය - Nawa Lanka Nidahas Pakshaya Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from නව ලංකා නිදහස් පක්ෂය - Nawa Lanka Nidahas Pakshaya, Political Party, 114 Main Street, Battaramulla.

14/02/2026

තමන්ව ගි🔥 ති යලා ම රන්න හදපු අරගලකරුවන්ට වෙල්ගම කරපු දේ..

27/01/2026
තිස්වසරක් පුරා පැවැති යුද්ධය නිසා ජීවිත අහිමි වූ පිරිස් බොහෝ ය; ලේ වැගිරීම් හා තැතිගැනීම් බොහෝ ය. එකී අමිහිරි අත්දැකීම් ...
18/11/2025

තිස්වසරක් පුරා පැවැති යුද්ධය නිසා ජීවිත අහිමි වූ පිරිස් බොහෝ ය; ලේ වැගිරීම් හා තැතිගැනීම් බොහෝ ය. එකී අමිහිරි අත්දැකීම් නවත්වාලීමට එතෙක් බිහි ව සිටි කිසිදු පාලකයෙකුට නො හැකි විය. එහෙත් අද වන විට ත්‍රස්තවාදය යනු අතීතයට එකතු වූ වචනයකි. එය එසේ අවසන් වූයේ ඔබතුමන්ගේ නිර්භීත නායකත්වය නිසා බව පිළිගැනීමට කවුරුන් හෝ අසමත් වේ නම් ඔහු දේශද්‍රෝහියෙකු බව මම විශ්වාස කරමි.

දහස් ගණනින් ජීවිත බිලිගත් ඒ වියරු ත්‍රස්තවාදය 2009 මැයි මාසයේ මුළුමනින් ම තුරන් කිරීමට හැකි වෙතැයි බොහෝ පිරිස් විශ්වාස නො කළහ. එහෙත් ඔබතුමන්ගේ නායකත්වය යටතේ එකී ත්‍රස්තවාදය නිමා කර අපගේ රටට සාමයේ මාවත විවර විය. යුද්ධය හිඟන්නාගේ තුවාලයක් කරගෙන බඩ වඩාගත් පිරිස් අදටත් ඔබට සිදු කරන චෝදනාවල සත්‍ය හේතුව එයයි.

ඔබ දේශයට ආදරය කරන නායකයෙකි. ඔබ දේශයක් ආරක්ෂා කරන නායකයෙකි. යම් රටක් තමන් යටතට ගැනීමේදී සතුරන් විසින් පළමුව පහර දෙන්නේ එම රට ආරක්ෂා කරන ප්‍රාකාරයට ය. ඉදින් අදටත් බොහෝ පිරිස් ඔබ හා ජනතාව අතර සබඳතාව බිඳීමට කටයුතු කරන්නේ ඔබ මේ දේශයේ ආරක්ෂකයා බව අප පමණක් නො ව, ඔවුනුත් හඳුනාගෙන ඇති බැවිනි.

ඉතින් මහින්ද රාජපක්ෂ නම් වූ
ඒ අසහාය නායකයාණෙනි,
අපගේ දේශයේ වීර නියමුවාණෙනි,
ඔබට සුබ ජන්ම දිනක් වේවා!
❤️🇱🇰❤️

නීතිඥ සෙනල් වෙල්ගම

හිටපු අමාත්‍ය, දිවංගත ගරු කුමාර වෙල්ගම මැතිඳුන්ගේ පළමු වර්ෂ පූර්ණ ගුණානුස්මරණය වෙනුවෙන් සැප්තැම්බර් මස 27 දින සර්ව රාත්‍...
25/09/2025

හිටපු අමාත්‍ය, දිවංගත ගරු කුමාර වෙල්ගම මැතිඳුන්ගේ පළමු වර්ෂ පූර්ණ ගුණානුස්මරණය වෙනුවෙන් සැප්තැම්බර් මස 27 දින සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් හා පසු දා උදෑසන සංඝගත දක්ෂිණාවක් හොරවල, ඩෙනිස්ටන් වත්ත නිවසේදී පැවැත්වේ.

හිතවත් ඔබ සැමට ආරාධනා!

මෙයට,
බිරිඳ, තේජා වෙල්ගම,
නීතිඥ සෙනල් වෙල්ගම ඇතුළු දූ දරු පිරිස

මොන මොන දේශපාලන මත තිබුණත් අපි මතුගම දේශපාලනය කරන්නේ හිතවත්කමින් සහ සහෝදරකමින්. අපිට පෞද්ගලික ප්‍රශ්න බේද නෑ.මතුගම අපි හ...
20/07/2025

මොන මොන දේශපාලන මත තිබුණත් අපි මතුගම දේශපාලනය කරන්නේ හිතවත්කමින් සහ සහෝදරකමින්. අපිට පෞද්ගලික ප්‍රශ්න බේද නෑ.

මතුගම අපි හරි දෙයට හරි කියනවා, උදව් කරනවා ඒ වගේම වැරදි දෙය විවේචනය කරනවා, විරුද්දව පෙනී සිටිනවා.

ජගත් විතාන මන්ත්‍රීතුමාගේ වත්කම් ගැන අළුතින් කාටවත් කියන්න ඕනෙ නැහැ. එන එන අළුත් වාහනය ගන්නේ ගාණක් වත් නැතුව. තමන්ගේ පෞද්ගලික මුදල් භාවිතා කරලා මළගෙදරට බස් එක, අනතුරකදී ගිනි නිවන රථය, නියඟයේදී වතුර බවුසරය ජගත් මහත්තයා මහජනතාවට දීලා තියෙන්නේ දැන් අවුරුදු ගණනාවක් තිස්සේ. මම විශ්වාස කරන්නේ නැහැ ජගත් මහත්තයා දැනුවත්ව නීති විරොධී වාහනයක් තමන් ගාව තියාගන්න කෙනෙක් කියලා.

වැඩිම දුක පැත්තක හිටිය රසික මල්ලිට මේ චෝදනා දාපු එක. පොළොවේ පය ගහල ඉන්න නිහතමානී තරුණයෙක්, සැමියෙක්, තරුණ පියෙක්. මේක පැහැදිලි දේශපාලන පලිගැනීමක්. වාහනේ අඩුපාඩුවක් තිබුණා නම් විමර්ශනයක් කරලා වැරද්දක් තිබුණා නම් අදාළ කෙනාට දඬුවම් දෙන්න තිබුණා. ජගත් විතාන මන්ත්රිතුමාවත්, රසික විතාන මල්ලිවත් කවදාවත් මතුගම දාලා ගිහින් හැන්ගෙන මිනිස්සු නෙවෙයි.

හිත හයියෙන් ඉන්න රසික මල්ලි! ඔයා වෙනුවෙන් අපි ඉන්නවා!

- සෙනල් වෙල්ගම

විජයග්‍රහණයේ දිනය - මැයි 18 ❤️උතුරේ හා දකුණේ ජනතාව භීතියට පත් කරමින් තිස් වසරක් පුරා පැවති යුද්ධය නිමා වී අදට වසර 16කි. ...
18/05/2025

විජයග්‍රහණයේ දිනය - මැයි 18 ❤️

උතුරේ හා දකුණේ ජනතාව භීතියට පත් කරමින් තිස් වසරක් පුරා පැවති යුද්ධය නිමා වී අදට වසර 16කි. අද අප සැම මෙලෙස නිදහසේ හුස්ම ගන්නේ එදා රණවිරුවන් පූජා කළ ජීවිතවලට පින් සිදු වන්නට ය. ඔවුන් එදා එම කැපවීම නො කළේ නම්, අද වන විට අපගේ ජීවිතවල සුරක්ෂිතභාවය ගැන සිතීම ද අසීරු ය.

යුද්ධයකින් කිසි දාක ජයක් පැතිය නො හැකි ය. නමුත් යුද්ධය නිමා වී සාමය ලැබීම ජයග්‍රහණයකි. රටක් වශයෙන් එම ජයග්‍රහණය ලබා වසර 16ක් සපිරෙන මෙම අවස්ථාවේ එම ජයග්‍රහණය වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් දායක වූ උදාර රණවිරුවන්, එවකට සේනාධිනායක ලෙස සාමය ගෙන ඒමට මූලික වූ ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමන්, ආරක්ෂක ලේකම් ගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්, ගරු සරත් ෆොන්සේකා මැතිතුමන් ඇතුළු යුද්ධ, ගුවන්, නාවික, පොලිස් හා සිවිල් ආරක්ෂක බළකා ප්‍රධානීන් ඇතුළු සියල්ලන් ම කෘතවේදී ව සිහිපත් කිරීමට මෙය අවස්ථාවක් කරගනිමි. 🇱🇰❤️

නීතීඥ සෙනල් වෙල්ගම

නව ලංකා නිදහස් පක්ෂය - බේරුවල ප්‍රාදේශිය සභාව දිනන අළුත්ගම, මාලේවන සහ දර්ගා නගරය කණ්ඩායම! 🐇❌
01/05/2025

නව ලංකා නිදහස් පක්ෂය - බේරුවල ප්‍රාදේශිය සභාව දිනන අළුත්ගම, මාලේවන සහ දර්ගා නගරය කණ්ඩායම! 🐇❌

නව ලංකා නිදහස් පක්ෂය - මොරටුව නගර සභාව දිනන කණ්ඩායම.තෙලවිල කොට්ඨාශ අපේක්ෂක සජිත් දළුවත්ත මහතාගේ නායකත්වයෙන්! 🐇❌
01/05/2025

නව ලංකා නිදහස් පක්ෂය - මොරටුව නගර සභාව දිනන කණ්ඩායම.
තෙලවිල කොට්ඨාශ අපේක්ෂක සජිත් දළුවත්ත මහතාගේ නායකත්වයෙන්! 🐇❌

Address

114 Main Street
Battaramulla

Website

Alerts

Be the first to know and let us send you an email when නව ලංකා නිදහස් පක්ෂය - Nawa Lanka Nidahas Pakshaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share