21/10/2026
ඩොලර් මිලියන 100ක දේශීය ඩොලර් බැඳුම්කර වෙන්දේසියක් - අවම ආයෝජනය ඩොලර් 10,000යි
මුදල්, ක්රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්යාංශය යටතේ ක්රියාත්මක රාජ්ය ණය කළමනාකරණ කාර්යාලය ඩොලර් මිලියන 100ක දේශීය ඩොලර් බැඳුම්කර (Domestic Dollar Bond) වෙන්දේසියක් සඳහා ලංසු කැඳවා තිබේ. වෙළෙඳපොළ ප්රතිචාරය අනුව නිකුතුවේ ප්රමාණය තවත් දෙගුණයක් දක්වා වැඩි කිරීමේ හැකියාවද ඇත. ඒ සඳහා වූ ලංසු කැඳවීමේ නිවේදනය ඔක්තෝබර් 12 වැනිදා ප්රකාශයට පත් කෙරිණි.
2025 ඔක්තෝබර් මස 13 වන දින කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලද තීරණයක් මත, දෙවන වරට මෙසේ ඩොලර් බැඳුම්කරයක් දේශීයව නිකුත් කිරීම සිදුවේ.
වසර 1, 2 සහ 3 බැඳුම්කර පරිණත කාල යටතේ නිකුත් කෙරෙන මෙම බැඳුම්කර සඳහා ලංසු ඔක්තෝබර් 19 වැනිදා පෙරවරු 9.00 සිට ඔක්තෝබර් 23 වැනිදා මධ්යාහ්න 12.00 දක්වා භාරගනු ලැබේ. පිළිගත් ලංසුකරුවන්ට ලංසු කාලය අවසන් වී ව්යාපාරික දින දෙකක් ඇතුළත ලිඛිතව දැනුම් දෙනු ලැබේ. එම ආයෝජකයින් ඔක්තෝබර් 30 වැනිදා මුදල් පියවිය යුතු අතර, ඉන් පසු දින 14ක් ඇතුළත බැඳුම්කර නිකුත් කෙරේ.
මෙම නිකුතුවේ ආයෝජකයින් ලෙස පුළුල් පරාසයක් ඇතුළත් වේ. අවම ආයෝජනය ඩොලර් 10,000ක් වන අතර, ඉන් ඉහළට ඩොලර් 10,000 ගුණාකාරවලින් ආයෝජනය කළ හැකිය.
පොලී අනුපාතය තරඟකාරී ලංසු ක්රමයෙන් තීරණය වන ස්ථාවර අනුපාතයකි. පොලිය වසරකට දෙවරක් ගෙවනු ලබන අතර, පොලිය හා මුල් මුදල ඩොලර්වලින්ම ගෙවනු ලැබේ.
ලංසු ඉදිරිපත් කළ යුත්තේ ප්රධාන බැංකු සහ ප්රාථමික අලෙවිකරුවන් ඇතුළත් නම් කළ නියෝජිත ආයතන 15ක් හරහාය. සම්පූර්ණ ලංසු කැඳවීමේ නිවේදනය සහ අයදුම්පත https://www.treasury.gov.lk/web/domestic-dollar-bond-issuances/section/2026 වෙබ් අඩවියෙන් ලබාගත හැකිය.