Lakjaya Astrology Service# වාස්තු දෝෂ පරීක්ෂාව

Lakjaya Astrology Service# වාස්තු දෝෂ පරීක්ෂාව all kind of astrological services

wasthu parikshawa
Kendara sedeema
Kendara parikshawa
Porondam
Siyaluma neketh sedeema
Namakshara
Yantra demeema etulu Apala sadaha prathikarma ETULU SIYALUMA GYOTHISHA WEDA KARANULEBE
all kind of astrological services
call 0772014189 OR 0382291575
Email [email protected]

06/04/2026
හතර කේන්දරේ පාළු වීම.. (1,4,7,10 )හතර කේන්දරය 1,4,7,10යන භාවයන්ගේ ග්‍රහ පිහිටීම් නොමැතිව පිහිටා ඇත්නම් මොවුන්ද කේතු 12 ව...
03/04/2026

හතර කේන්දරේ පාළු වීම.. (1,4,7,10 )

හතර කේන්දරය 1,4,7,10යන භාවයන්ගේ ග්‍රහ පිහිටීම් නොමැතිව පිහිටා ඇත්නම් මොවුන්ද කේතු 12 වැන්නේ සිටින්නන්ට තරමක් සමාන වේ.

කේන්දරයක පළමු භාවය ලග්නස්ථානයයි. මෙයින් ජන්මියාගේ ගතිගුණත්, 4 වැන්නෙන් ජන්මියාගේ පවුල ලිකිබදවත්, 7 වැන්නෙන් ජන්මියාගේ විවාහය සහ 10 වැන්නෙන් ජන්මියාගේ රැකියාව පිළිබදවත් පොදුදේ ප්‍රධාන වශයෙන් දැක්වේ.

මෙම ප්‍රධාන භාවයන් සතරෙහි කිසිදු ග්‍රහයෙක් නොපිහිටීම සුවිශේෂී වේ. ජ්‍යෝතිෂය තුළ ලෞකිකත්වයට මූලිකත්වය දී කේන්දරය පරීක්ෂා කළහොත් මෙය අශුභ යැයි කියවේ. එසේම ලෝකෝත්තරයට මූලිකව කේන්දරය පරීක්ෂා කළහොත් මෙය ශුභ යැයි කියැවේ.

සත්‍ය ලෙස ප්‍රධාන භාවයන්හි ග්‍රහයන් නොමැතිව ඉපදෙන්නන් අතීතයේදී නිවසේ රදවා ගැනීම සුදුසු නැති බවත්, ඔවුන්ව කුඩා කලම පැවිදි දිඑඉයට ඇතුළත් කරන ලෙසත් තීරණය කර ක්‍රියාකර තිබේ.

එය වර්ථමානයේ එසේ සිදු නොකළද සත්‍ය ලෙසම මොවුන් ගිහිව සිටියද පැවිදි වූවන් හා සමාන වේ මෙම ප්‍රධාන භාව සතර හිස් වූවන් සසර තුළ ඉපිද මැරෙමින් ආශාවන් අත්හළ මිනිසුන් වේ. මොවුන්ගේ සසර ගමන වුවද තවත් වැඩි කාල සීමාවකට ඉතිරිව නොපවතී.

නමුත් මෙම කේන්දර හිමියන් අනෙක් සියල්ලන්‍ය වඩා ජීවිතයේ බොහෝ කරදර හිරිහැට අත්දැකීම්වලට මුහුණපාන්නන් වේ. මොවුන් සසරෙහි මෙම ප්‍රධාන වූ ලෞකික ජීවිතය අත්හල මිනිසුන් වුදද සෑමවිටම සොබාදහමෙන් මොවුන්ව පරීක්ෂාවට ලක් කරනු ලබයි. මොවුන් ලෝකයේ කොහේ සිටියද ගැටලු මොඑඋන් පසුපස හබාගෙන එයි. සසර කෙළවර කිරීමට සුදුසු වන්නේ සියළු යථාර්තයන් අවබෝධ කරගත් මිනිසුන් වේ එම නිසාම මොවුන් ලෞකික වූ ප්‍රධාන කාරණා අත්හැරියද සුළු වශයෙන් හෝ ගිහි ජීවිතය තුළ රැදෙමින් මොවුන් අල්ලා ගන්නා, කැමැත්තෙන් පසුවන සියල්ලද මොවුන්ගේ ඇස් ඉදිරියේ අහිමි වී යයි. මොවුන් සෑම මොහොතකම එම අහිමි වීම්වලදී සුළු කාලයක් තුළ තම මනස නැවත ගොඩනගා ගනිමින් නැවත නැගීසිටීමට ශක්තිමත් වේ.

එසේම මෙම කේන්දර හිමියන් සෑම තැනකදීම නිහඩ වීමට උත්සහ කරයි. එම නිසාම නොකළ වැරදිවලට පවා මොවුන් හට චෝදනා විදීමට, පාඩු විදීමට සිදුවේ. මොවුන් තර්ක නොකරයි. අයෙකුට යමක් පරිත්‍යාග කිරීමේදී වුවද් උදව් උපකාර කිරීමේදී වුවද තමන්ට ඇති වටිනාම දේ වුවත් කැපකර උපකාර කිරීමට මොවුන් පෙළඹුණත් මොවුන්ගේ නිහඩ ස්වභාවය මෙන්ම ගුප්ත බව නිසාම මිනිසුන් මොවුන් පිළිබද වැරදි අවබෝදයට ලක්වේ. එනම් මොවුන් මහා ලෝභීන් අවස්ථාවාදීන් මෙන්ම තම වාසිය උදෙසා කටයුතු කරන්නන් ලෙස සිතා මොවුන් දෙස බලයි.

එමෙන්ම හතර කේන්දරයෙහි ග්‍රහ පිහිටීම් නොමැති වූවන් නිහඩව කටයුතු කරන්නා සෙම මොවුන්ගේ ගමන් මාර්ගය සෑම විටම තීරණය කරනු ලබන්නේ සොබාදහම මගිනි. කිසිවෙකුට විග්‍රහ කර දැක්වීමට අපහසු මානසික ශක්තියක පසුවන මොවුන්ගේ හිතේ අභ්‍යන්තරයට සිතාගත නොහැකි අයුරින් පණිවිඩ ලැබේ. එය තමාගේ සිතුවිල්ලක් ලෙස තමාට දැණුනද සත්‍ය ලෙසම මොවුන් සසර තුළ වැඩූ යථාර්ත අවබෝධය අගින් විශ්වයේ, සොබාදහමේ ශක්ති සමග සිදුවන මානසික සම්බන්දයක ප්‍රතිඵල ලෙස සිදුවේ. කෙසේ වෙතත් මෙම හේතුව නිසාම මොවුන්ට කියන දේ කරන අයෙකු බවට පත්වීමට ඉතා අසීරු වේ. එය සරලව ගත්තොත්, මොවුන් මුදල් අවශ්‍ය යමෙකුට උපකාරයක් ලෙස මුදල් ලබා දීමට කටයුතු කිරීමේදී එම පුද්ගලගා වංචනික යමක් වෙනුවෙන් එය සිදු කිරීමට සිතා සිටියි. එය මොවුන්ට මුදල් ලබා දීමට විනාඩි කිහිපයක් ඇතුළත අවබෝධ වන්නේ මොහුට මුදල් නොදිය යුතු ලෙසයි. හේතුවක් නොදන්නවා වුවද මොවුන්ගේ මනස තදින් මොවුන්ව පාලනය කර මුදල් ලබා දීම නවත්වාලයි. එවැනි අවස්ථාවකදී අනෙක් පුදගලයින් මොහු පිළිබද අවබෝධ කර ගන්නේ අවසාන මොහොතේ මුදල් පිළිබද ඇති වූ ලෝභකම හේතුවෙන් මොහු එය ලබා දීම ප්‍රතික්ෂේප කළ බවයි. මෙය සරල උදාහරණයක් පම්ණි. මොවුන්ගේ මුළු ජීවිතය පුරාම සිදුවන්නේ මෙයයි. වංචනික කිසිවකට මොවුන්ගේ උපකාර නොලැබේ.

එසේම මෙම කේන්දර හිමියන් සෑම දෙයම ආයාසයෙන් පවත්වයි. අනෙක් ග්‍රහයන්ගේ පිහිටීම ප්‍රධාන භාවයන්ට දෘෂ්ටි හෙලන බැවින් ශුභ දෘෂ්ටි ලැබී ඇති කාරණා සඵල වේ. එනම් විවාහය, රැකියාව, පවුල සාර්ථකව පවත්වා ගැනීමට මොවුන්ට හැකිවේ. නමුත් සියල්ල අල්ලා ගැනීමකින් තොරවයි. තම මව පියා වුවද තමාට බොහෝ බැදී ඇතිබව දැණුනු විට මොවුන් එයින් මිදී ඈතට යාමට උත්සාහ ගනී.ආදරය ලෙස අනුකම්පාව, කරුණාව, මිත්‍රත්වය පිරී පවතින මොවුන්ට බොහෝ ලෞකික වූවෙකු සමග විවාහ වීමට සිදු වුවහොත් ජීවිතය අපායක්, සිරගෙයක් හා සමානව දැනෙනු ඇත.

ආධ්‍යාත්මය, භාවනාව, පුදපූජා, ගුප්ත ශාස්ත්‍රයන්ට ප්‍රිය වන්නාවූ මොවුන් වඩාත් ප්‍රිය වන්නේ නිස්කලංකව යම් තැනක හිදගෙන අහස දෙස බලා සිටීමටයි. අහසෙහි වලාකුළු, තාරකාවන්ට ප්‍රිය කරන්නා ව්‍යු මොවුන් විශ්වයේ තමන් හෝ ආත්මය යැයි කිසිවක් නොමැති යතාර්ථය අවබෝධයෙන් විශ්වයේ දිය වී යාමට ප්‍රිය වූවන් වේ.

මොවුන්ගේ ප්‍රේමය වෙනත් සක්වළක අයෙකුට ප්‍රේම කරන්නා හා සමාන වේ. ප්‍රේමය මොඑඋන්ට ඉගැන්වීමට සිදුවේ. මොවුන්ගේ හැසිරීමෙන් සිතෙනුයේ මොවුන් ප්‍රේමයේ වංචාකරුවන් හා සමානව වුවද සත්‍ය ලෙසම මොවුන් ප්‍රේමයේ ආධුනික වේ. මොවුන් හට ප්‍රේම කරන්නන් සත්‍ය ප්‍රේමය මොවුන්ට පෙන්වා දිය යුතුවේ. ඉගැන්විය යුතුවේ. එසේ නොමැති නම් "ආදරෙයි" යන වචනය පවසා මොවුන් තමන්ගේ එදිනෙදා වැඩකටයුතු සිදුකරගෙන යයි. ප්‍රෙමයට කළයුතු ආදරය මොවුන්ට උගන්වා ගත්විට මොවුන් තරම් පෙම්වතුන් කොහෙවත් නොමැති තරම් වේ. අලුතින්ම ප්‍රේමය ඉගෙනගත් අයෙකු සේ මොවුන් ප්‍රේම කරයි. නමුත් මොවුන්ගේ සහකරුවන් ප්‍රේමය උගන්වා, එය කලක් යනවිට සාමාන්‍ය ලෙස දැනෙන බවත් දෙදෙනා එක්ව එය අළුත් කරගත යුතු බවත්, ප්‍රේමයේ කාලය ගෙවෙන විටක එක් අයෙකු මතම සිටිය යුතු බවත් මොවුන්ට ඉගැන්විය යුතුම වේ. එසේ නොවන විට ප්‍රේමයේ මුල් අවධියේ පැවති නැවුම් බව අවසන්වන විට මොවුන් අලුත් ප්‍රේමයකට යොමු වීමට පෙළඹේ. මොවුන් කිසිවෙකු ආකර්ෂණය කර නොගනී. ඕනෑම,අයෙකු මොවුන්ගේ හිස් හැසිරීම, අතහැරීමේ ආඩම්බර ස්වභාවයට ප්‍රිය කරයි. එම නිසාම මොවුන් තමාට ආකර්ෂණයවන අයට ප්‍රතිචාර දක්වයි. නමුත් කාට වුවත් අත්වන්නේ එකම ඉරණමයි. මොවුන් කිසිවෙකු සමග බැදීම් අල්ලා ගනිමින් හදවතේ සටහන් කර තබා ගැනීමට නොපෙළඹෙයි. අත්හැරීම ස්වභාවය වූ මොවුන් සෑම බැදීමකින්ම ඉවත්ව යාමට සෑමවිටම අවස්ථා සකසා ගනියි.මේ නිසාම මොවුන්ට තම සහකරු ලෙස සුදුසු වන්නේ එවැනිම හතර කේන්දරයෙහි ග්‍රහයින් නොමැති වූවෙකුමවේ. එවිට මොවුන් සැපසේ ජීවත් වේ. අල්ලා ගැනීමත් අත්හැරීමත් නොමැති අවබෝධයෙන් ගතවන යහපත් සබදතාවයක් එයින් පවත්වා ගැනීමට හැකිවේ. සාමාන්‍ය අයෙකු මොවුන්ට ප්‍රේමකළ විට මොවුන්ගේ ස්වභාවයට, වචනයට පවා වසග වේ. මෙතරම් උසස් මිනිසෙකු නැවත සොයා ගැනීමට අපහසු බව හැගෙමින් එම සබදතාවය පසුපසම ගමන් කිරීමට පෙළඹෙයි.

එය මොවුන්හට ප්‍රේම කරන්නන්ට පමණක් විශේෂ වූවකි. සාමාන්‍යයෙන් මෙවැන්නන් මිත්‍රයන් ඇති කරගන්නේ ඉතා අඩුවෙනි. එය බැදීම්වලට මොවුන්ගේ තිබෙන අකමැත්තත් මිනිසුන්ට මොවුන්ව වටහා ගැනීමට ඇති අපහසුවත් හේතුවෙන් වේ.

මෙවැනි කේන්දර හිමියන් අල්පයක් ලෙස ඇති අතර මොවුන්ට සසර කෙළවර කිරීමේ මාර්ගය ඇහිරීම් අනන්තවත් සිදුවේ. මොඑඋන් සසර කෙළවරට මාර්ගය ලියැවී ඇත්තවුන් වේ. තවත් වැඩි භවයන් ගණනක් නොමැති මොවුන්ගෙ ගමන පරීක්ෂාවටත් නවතාලීමටත් ශුභ අශුභ ශක්තීන් ක්‍රියාත්මක වේ. මෙය ගැඹුරු කාරණාවකි. මොවුන් අතින් යම් ප්‍රභල අකුසලයක් සිදුවුවහොත් එය සසර නවතාලීමේ මාර්ගය අහුරවයි. එම නිසාම එවැනි තත්ත්වයට පත්වීමට තරම් මොවුන්ට බාධා කරදර ඇති වේ.

එම නිසාම මෙවැනි පුද්ගලයින්ට ඇත්තේ සත්‍ය ලෙසම තම මනස සමග තරගයකි, යුද්ධයකි. බාහිර ලෝකය මොවුන්ට සරල සත්ත්වයින් දුක් සතුට විදිනා ස්ථානක් පමණි. මෙවැනි වූවන්ට සත්‍ය ලෙසම සාමාන්‍ය මිනිසුන්ගේ ගෞරවය හිමි වුවද එය සුදුසු වේ. නමුත් කිසි විටෙක මොවුන් තමන්ගේ අභ්‍යන්තර ශක්තීන්, ගුප්ත බව පිටට නොපෙන්වන නිසාම මොවුන් සමාජය ඉදිරියේ නිහඩ, ගුප්ත, කපටි මිනිසුන් ලෙස සලකයි. එම නිසාම මොවුන් තැනින් තැනට අවස්ථාවෙන් අවස්ථාවට සුදුසු ලෙස ජීවත් වීමට උත්සාහ ගනී. නමුත් එයින්ද මොඑඋන්ට තමා පිළිබදවම කලකිරීම් ඇතිවේ. එමනිසා මෙවැනි මිනිසුන්ට තම ගමන යාමට ඉඩ සලසා නිදහස ලබා දීම වඩා සුදුසුවේ. මොවුන් ආශ්‍රය කරන්නන් මොවුන් පිළිබද අවබෝධයෙන් කටයුතු කිරීමෙන් මොවුන්ට සහනයක් ලැබෙනු ඇත.

එසේම යමෙකුට කේන්දරයෙහි ප්‍රධාන භාව හතර හිස්ව, 12 වැන්නෙහි කේතුද පිහිටා ඇත්නම් එවැනි පුද්ගලයෙකු රැකීමත්, එවැන්නෙකුට උපකාර කිරීමත් මානුෂීය වශයෙන් පිනක්වනු ඇත. එවැන්නන් සසර අවසන් කිරීමට අප්‍රමාණ පරීක්ෂාවන්ට භාජනය වෙමින් දරා ගන්නා මිනිසුන් වේ. එවැන්නන් මහා ගෞරවනීය උතුම් ආත්මයන් අභ්‍යන්තරයෙහි දරා ගනිමින් නිහඩව සමාජයේ සැරිසරන්නන් වේ. ඔවුන් ඔබේ සහකරුවෙකු හිඔ බැදීමක සිටී නම් ඔවුන්ගේ ගමනට සහය සලසන්න. ඔවුන් කිසිසේත් විවෘතව කිසිවක් හෙළි නොකාරන්නව වන බැවිනි.

පොදු විග්‍රහයකි.....

වාස්තු දෝෂ පරීක්ෂාව
18/06/2025

වාස්තු දෝෂ පරීක්ෂාව

05/11/2024

වාස්තු දෝෂ පරික්ෂාව

📞 අමතන්න 0772014189
06/09/2024

📞 අමතන්න 0772014189

077 201 4189
14/08/2024

077 201 4189

Address

Wewita
Bandaragama
12530

Telephone

+94772014189

Website

Alerts

Be the first to know and let us send you an email when Lakjaya Astrology Service# වාස්තු දෝෂ පරීක්ෂාව posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Lakjaya Astrology Service# වාස්තු දෝෂ පරීක්ෂාව:

Share

Category