Bolthumbe Maha Saman Devalaya

Bolthumbe Maha Saman Devalaya සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ ඉඹුල්පේ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ පින්නවල නගරයේ පිහිටා ඇත

පින්බර වෙසක් පුර පසළොස්වක පොහෝ දිනයක් වේවා !!ලෝකවාසී බෞද්ධ ජනතාවට වෙසක් පුර පසළොස්වක පොහොය තරම් වෙනත් උතුම් පොහොයක් නැත....
01/05/2026

පින්බර වෙසක් පුර පසළොස්වක පොහෝ දිනයක් වේවා !!

ලෝකවාසී බෞද්ධ ජනතාවට වෙසක් පුර පසළොස්වක පොහොය තරම් වෙනත් උතුම් පොහොයක් නැත. එයට එක් හේතුවක් වූයේ බුද්ධත්වයට පත් වූ උතුමාණන් වෙසක් පුන් පොහෝ දිනක උපත ලැබීම යි. කිඹුල්වත් නුවර එවකට පාලනය කළ සුද්ධෝදන රජතුමාගේ දේවිය වූ මහාමායා අගබිසවගේ කුසෙහි බෝසතුන් පිරිසිඳ ගැනීමෙන් දස මසක් සම්පූර්ණ වීමත් සමග එතුමියට තම මවුපියන් විසූ දෙව්දහ නුවරට යාමට සිත් විය. ඒ අනුව සැරසූ මගින් අමාත්‍යවරුන් ප්‍රධාන සපිරිවරින් ගමන ඇරඹුනි. මල් බරින් සපිරුණු ලුම්බිණි නම් සාල වනෝද්‍යානය හමු වූයෙන් එහි සල් අත්තක් අල්ලාගෙන සිටිය දී මහාමායා දේවියගේ කුසින් ධර්මාසනයකින් බස්නා මහා ධර්ම කථිකයාණන් කෙනෙකු මෙන් බෝසතාණෝ බිහි වූහ.

මහත් වූ ආශ්චර්යය ජනක සිදුවීම් මුළු ලොවෙහිම සිදු වෙත් දී බිමට පා තැබූ බෝසතාණෝ පොළොවෙන් පැන නැගුණ පියුම් හතක් මත සත් පියවරක් ගමන් කරමින් “මම ලොවට අග්‍ර වෙමි. මම ලොවට ජ්‍යෙෂ්ඨ වෙමි. මම ලොවට ශ්‍රේෂ්ඨ වෙමි. මේ මාගේ අන්තිම ඉපදීම යි. නැවත ඉපදීමක් නැත” යනුවෙන් සිංහ නාද කළහ.

අප මහබෝසතාණෝ උපතත් සමග කතා කළ ප්‍රථම අවස්ථාව මෙය නොවේ. මහෞෂධ අත්බැව් හි දී සක් දෙවිඳුන් විසින් දුන් සඳුන් ගැටය අත තබාගෙන බිහි විය. සුමනා නම් මව “දරුව අතේ කුමක් ගෙන ආයේ ද?” යි ඇසූ කල්හි “බෙහෙතක් ගෙන ආයෙමි” යි දුන් පිළිතුර උපතත් සමග බෝසතුන් කළ පළමු ප්‍රකාශය යි. වෙස්සන්තර ආත්ම භාවයේ දී මවුකුසින් බිහිවෙමින් දකුණත දිගු කොට “මෑණියනි, දන් දීමට ගෙයි කිසිවක් ඇත්දැයි” කළ විමසීම දෙවන අවස්ථාව යි. බුදුවන ආත්මයේ දී ඉහත කී අන්දමට “අග්ගො හමස්මි....” ආදී වශයෙන් කළ ප්‍රකාශය තුන්වන අවස්ථාව යි.

අනාගතයේ බුද්ධත්වයට පත්ව මුළු ලොවටම අර්ථ සිද්ධිය සලසන බව උගත් බමුණන්ගෙන් දැනගත් සුද්ධෝදන රජතුමා බෝසත් පුතණුවන්ට ‘සිද්ධාර්ථ’ යනුවෙන් නම් තැබීය. මැනවින් හැදුනු වැඩුනු සිද්ධාර්ථ බෝසතුන් ශිල්ප ශාස්ත්‍ර උසස් සේ හදාරා සොළොස්වන වියේ දී යසෝධරා නම් රජ කුමරිය සරණපාවා ගත්තේය. විසි නව වන වියේ දී සතර පෙර නිමිති දැක රාහුල නම් පුතණුවන් උපන් ඇසළ පෝදා මධ්‍යම රාත්‍රියේ දී නිවන් අවබෝධ කර ගැනීමේ අදිටනින් මහභිනික්මණෙහි යෙදුනි. සය අවුරුද්දක් මුලුල්ලෙහි යෙදුනු දැඩි දුෂ්කර ක්‍රියා මෙගහි නිෂ්ප්‍රයෝජනත්වය වටහා ගත් සිද්ධාර්ථ තවුසාණන් ඒ මග අත්හැර මධ්‍යම ප්‍රතිපදාව තුළින් තම අරමුණ සාර්ථක කර ගත යුතු යැ යි තීරණයට එළඹුණි.

වෙසක් පුන් පෝදාක අලුයම අජපල් නම් නුගරුක මුල දී සුජාතා සිටුදුව පිළිගැන්වූ කිරිපිඬු වළඳා සවස් භාගයෙහි සොත්ථිය බමුණා විසින් දෙන ලද කුස තණ ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේගේ පාමුල අතුරා නැ‍ෙගනහිරට වැඩ සිට බුදුබව ලැබීමේ ප්‍රතිපදාවට සිත් යොමු කළේය. එහි ප්‍රතිඵලයක් වශයෙන් සිදුහත් බෝසතාණෝ වෙසක් පුන් පෝදා රාත්‍රි පශ්චිම යාමයෙහි දී සකල ක්ලේෂයන් ප්‍රහාණය කොට උතුම් වූ බුද්ධ රාජ්‍යයට පත් වූහ.

බුද්ධත්වයට පත්වීම හදිසියේ වූ සාමාන්‍ය සිදුවීමක් නොවේ. ඒ සඳහා උන්වහන්සේ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් මුළුල්ලේ පෙරුම්දම් පිරූහ. සුමේධ තාපසව උපන් අවධියේ දී අපරිමිත රහතුන් පිරිවරාගෙන වැඩම වූ දීපංකර බුදුරදුන්ගේ පාද මූලයෙහි මහ මඩෙහි ඒදණ්ඩක් මෙන් වැතිර සිටි අවස්ථාවෙහි අනාගතයෙහි ‘ගෞතම’ නමින් බුදු වන බවට නියත විවරණ ලැබීමත් සමග බෝසතාණන්ගේ කරුණා හා ප්‍රඥා ගුණය වඩාත් වර්ධනය වන්නට විය. බුද්ධ කාරක ධර්මයන් වූ දස පාරමී ධර්මයන් නොඅඩුව සම්පූර්ණ කිරීමට උපන් සෑම ආත්මයක් පාසාම ආශ්චර්යය ලෙස ක්‍රියාත්මක විය. මහ සයුරේ ජලයට වඩා අනුන්ගේ යහපත සඳහා ලේ දන් දෙමින් ද, මහ පොළොවේ පස්වලට වඩා අනුන්ගේ යහපත සඳහා ශරීර මාංස පරිත්‍යාග කරමින් ද, අහසේ තාරකාවන්ට වඩා තම ඇස් පරිත්‍යාග කරමින් ද ප්‍රකට කළ අසම වූ ගුණයන් නිසා උතුම් වූ සම්බුද්ධත්වය ලබා ගැනීමට හැකිවිය.

එදා වෙසක් පුන් පෝදා බුද්ධත්වයට පත්වීමත් සමග තම සිත්හි පහළ වූ අසීමිත පී‍්‍රතිය ප්‍රකට කෙරෙමින් “අනෙක ජාති සංසාරං...” යන උදාන ගාථාව ප්‍රකාශ කළ බව අපේ ධර්ම ග්‍රන්ථවල සඳහන් වේ. සම්බුදු රදුන්ගේ මුවින් නිකුත් වූ ඒ ප්‍රථම බුද්ධ වචනය යි ධම්මපද අටුවාව ඇතුළු ස්ථාන කිහිපයක සඳහන් වේ. එහෙත් අභිධර්ම අටුවාව සහ තවත් ස්ථාන කිහිපයකම ප්‍රථම බුද්ධ වචනය වශයෙන් පළමුවන සතිය ගතකරද්දී දේශිත “යදා හවේ පාතු භවන්ති ධම්මා...” ආදි ගාථාව සඳහන් වෙයි. මෙය එකිනෙකට විරුද්ධ මත දෙකක් වශයෙන් පෙනුනත් එසේ නොවේ. “අනෙක ජාති සංසාරං...” යන ගාථාව බුද්ධත්වයට පත්වීමත් සමග මුලින්ම උන්වහන්සේගේ සිතේ පහළ වූ අදහසකි’ “යදා හවේ පාතු භවන්ති ධම්මා...” ආදී ගාථාව වාග් භේදයෙන් කළ ප්‍රථම දේශනාව වශයෙන් ගත්විට කිසිදු ගැටලුවක් නොවේ.

ලෝ සතුන් වෙත අපරිමිත කරුණාවකින් යුතුව දවසේ දෙපැයක් පමණ හැර මුළු කාලයම කැප කරමින් සම්බුදු රදුන් සිදුකළ මහඟු සේවය මෙපමණ යැයි දැක්වීම අපහසු ය. කෝටි සංඛ්‍යාත සත්ත්වයන් සසර සයුරෙන් එතෙර කිරීමටත්, උසස් ගුණ දහමින් සම්පූර්ණව අගනා ජීවිත ගත කිරීමට මග සැලසීම උදෙසා උන්වහන්සේගේ තම කාලය කැප කළහ. සම්බුදු රදුන් බුද්ධත්වයෙන් පන්සාළිස්වස බේලුව ගමෙහි ගතකොට අනතුරුව චාපාල චේතියස්ථානය වෙත සංඝරත්නයත් සමග වැඩම කළහ. එහිදී අනඳ තෙරුන් ඇමතු බුදුහු සතර ඍද්ධිපාද ධර්මයන් යහපත් කොට වඩවන්නහුට කල්පයක් හෝ ඊට වැඩි කාලයක් වැඩ සිටිය හැකිය යි වදාළහ. මාරයා විසින් සිත සසල කිරීම නිසා කල්පයක් වැඩ සිටින ලෙස බුදුරදුන්ට ආරාධනා කිරීමට උන්වහන්සේට නොහැකි විය. අනඳ හිමියන් මද වේලාවකින් බුදුරදුන්ගෙන් අවසර ගෙන ඉවත්ව යාමත් සමඟ එහි පැමිණි මාරයා දැන් සියලු බුද්ධ කෘත්‍යයන් නිමකොට ඇති හෙයින් පිරිනිවන්පාන්න යි අයැද සිටියේ ය. එම ආරාධනය පිළිගත් බුදුහු මෙයින් තෙමසක් ඇවෑමෙන් පිරිනිවන්පාන බවට ප්‍රතිඥා දුන්හ. මෙසේ ආයුසංස්කාරය කිරීමත් සමග මුළු ලෝක ධාතුවම මහත් සේ සැලෙන්නට වූ බව ධර්ම ග්‍රන්ථ පෙන්වා දෙයි.

අසූ වසරක් වැඩ සිටිමින් දුකට පත් සත්ත්වයන් සුවපත් කරමින් ද අමාමහ නිවන් සුවය ලබා දෙමින් ද කටයුතු කළ සම්බුදු පියාණෝ ගම් නියම්ගම් පසු කරමින් කුසිනාරා නුවරට වැඩමවා මල්ල රජදරුවන්ගේ උපවර්තන නම් වූ උයනෙහි සාල වෘක්ෂයන් අතරෙහි උතුරට හිස දා අනඳ හිමියන් පැන වූ අස්නෙහි වැඩ සිටියහ. අවසානයෙහි භික්ෂූන් අමතා “අප්පමාදෙන සම්පාදෙථ” යනුවෙන් අන්තිම බුදු වදනින් අවවාද දී අපමණ දෙවි – බඹුන්ගේ වන්දන මානයට ලක්ව මෙයට පෙර දෙදහස් පන්සිය පනස් අටවැන්නේ වෙසක් පුන් පෝදා පිරිනිවන් පා වදාළහ. ‘බුදු තෙමගුල’ යනුවෙන් අප නිතර ව්‍යවහාර කරන අදහසට අනුව සම්බුදු රදුන්ගේ පිරිනිවන්පෑම මංගල්‍යයක්සේ සුබ වශයෙන් ගැනීම සුදුසු දැයි සමහරු විමසති. එය උතුම් මංගල්‍යයක් වන්නේ අනාදිමත් කාලයක සිට ඉපදීමත් සමගම ජරා - ව්‍යාධි ආදී අපමණ දුක්වලින් පෙළීම සම්පූර්ණයෙන් නැති කොට සදාකාලික සැපත වූ නිවන්සුව සලසා ගත් හෙයිනි.

සම්බුදු රදුන් පිරිනිවන් පෑමට මද වේලාවකට පෙර වැදගත් සිදුවීමක් විය. එනම් වංශ කතා සාහිත්‍යය සඳහන් කරන අන්දමට ශ්‍රී ලංකා රාජාවලියෙහි ආරම්භක පාලකයා වූ විජය කුමාරයා සත් සියයක් පිරිස සමග ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවේ තම්මැන්නාව ප්‍රදේශයට ගොඩබැසීමයි. අවසාන වරට දිවැස් යොමා ලොව බැලූ බුදුහු පැමිණි ඒ පිරිස දැක ඔවුනට ආරක්ෂාව සලසන මෙන් සක් දෙවිඳුන්ට නියම කළහ. ඒ අනුව තවුස් වෙසින් පැමිණි උපුල්වන් දෙවියන් මෙරට ජීවත් වූ තරමක් දරුණු වූ, යක්ෂ ගෝත්‍රිකයන්ගෙන් විය හැකි විපත් වළකාලීම පිණිස විජය කුමාරයා ඇතුළු පිරිසට පිරිත් පැන් දී පිරිත් නූල් ගැට ගසා ආරක්ෂාව ලබාදෙන ලද්දේ සක් දෙවිඳුන්ගේ නියමය පරිදි බව ඓතිහාසික වාර්තා පෙන්වා දෙයි.

සිරිලක රාජ නාමාවලියෙහි ආර්ය වංශික ප්‍රථම පාලකයා වශයෙන් දැක්වෙන්නේ මේ විජය රාජ කුමාරයා ය. මේ සමගම ඇති වැදගත් සිදුවීම අප කිසිසේත් අමතක කළ යුතු නොවේ. එනම් අප ව්‍යවහාර කරන බුද්ධ වර්ෂය ආරම්භ වනුයේ බුදුරදුන්ගේ පරිනිර්වාණයත් සමග ය. ආර්ය වංශික විජය රජතුමාගේ සම්ප්‍රාප්තියත් එදිනම සිදු වූ හෙයින් වර්ෂය ද ඒ සමග ඇරඹෙයි. එසේ නම් මුළු ලෝකයේ කිසිදු ජාතියකට නැති අන්දමට ශ්‍රී ලාංකිකයාට ආගමික වර්ෂයත්, ජාතික වර්ෂයත් එක් දිනයක යෙදීම මහත් වාසනාවකි.

සුද්ධෝදන පිය රජතුමාගේ ආරාධනයෙන් භික්ෂූන් වහන්සේලා පිරිවරාගෙන සම්බුදු රදුන් රජගහ නුවර සිට කිඹුල්වත් පුරයට වැඩම වූයේ වෙසක් පොහොය දිනක ය. එසේම බුද්ධ පරිනිර්වාණයෙන් අනතුරුව හතළිස් වසරක් වැඩසිටි ආනන්ද මහ රහතන් වහන්සේ එකසිය විසිවන වියේ දී පිරිනිවන් පා වදාළේ ද වෙසක් පොහෝ දිනක ය. ලංකා ඉතිහාසය පිළිබඳ විමසන විට අශෝක රජතුමාගේ ඉල්ලීම පරිදි සිරිලක පාලනය කළ දෙවන පෑතිස් රජතුමා දෙවන වරට ආර්ය අභිෂේකය පැවැත්වීම, දුටුගැමුණු මහ රජතුමා රුවන්වැලි මහා සෑයේ වැඩ ආරම්භ කිරීම, අභාවයට පත් වූ ලාංකික උපසම්පදාව නැවත වැලිවිට අසරණ සරණ සරණංකර මාහිමියන්ගේ මූලිකත්වයෙන් ‘ස්‍යාම වංශික උපසම්පදාව’ නමින් ආරම්භ කිරීම වැනි සුවිශේෂි සිදුවීම් රාශියක් ම වෙසක් පුන් පෝ දිනයක සිදුවීම ඓතිහාසික අතින් වැදගත් වෙයි.

MEDIA UNIT
BOLTHUBE MAHA SAMAN DEWALAYA


://www.facebook.com/profile.php?id=100085413877816&mibextid=ZbWKwL

ලක්වාසී ලෝකවාසී ඔබ සැමට සුමන සමන් දෙවිදුන්ගේ පිහිට ආශිර්වාදය ආරක්ෂාව  ලැබෙන සුභ අලුත් අවුරුද්දක් වේවා !!Happy Sinhala & ...
14/04/2026

ලක්වාසී ලෝකවාසී ඔබ සැමට සුමන සමන් දෙවිදුන්ගේ පිහිට ආශිර්වාදය ආරක්ෂාව ලැබෙන සුභ අලුත් අවුරුද්දක් වේවා !!

Happy Sinhala & Tamil New year !!

සුමන සමන් දෙවි පිහිටයි !!!!

බොල්තුඹේ මහ සමන් දේවාලයේ බස්නායක නිලමේ තැන්පත් දේශබන්දු සාමවිනිසුරු ගැමුණු ටී බී වලිසුන්දර නිලමේ තුමා ඇතුළු රාජකාරි මණ්ඩලය

මාධ්‍ය ඒකකය බොල්තුඹේ මහ සමන් දේවාලය

MEDIA UNIT BOLTHUBE MAHA SAMAN DEWALAYA


://www.facebook.com/profile.php?id=100085413877816&mibextid=ZbWKwL

ලක්වාසී ලෝකවාසී ඔබ සැමට සුමන සමන් දෙවිදුන්ගේ පිහිට ආශිර්වාදය ආරක්ෂාව  ලැබෙන සුභ අලුත් අවුරුද්දක් වේවා !!Happy Sinhala & ...
14/04/2026

ලක්වාසී ලෝකවාසී ඔබ සැමට සුමන සමන් දෙවිදුන්ගේ පිහිට ආශිර්වාදය ආරක්ෂාව ලැබෙන සුභ අලුත් අවුරුද්දක් වේවා !!

Happy Sinhala & Tamil New year !!

සුමන සමන් දෙවි පිහිටයි !!!!

බොල්තුඹේ මහ සමන් දේවාලයේ බස්නායක නිලමේ තුමා ඇතුල් කාර්ය මණ්ඩලය

මාධ්‍ය ඒකකය බොල්තුඹේ මහ සමන් දේවාලය

MEDIA UNIT BOLTHUBE MAHA SAMAN DEWALAYA


://www.facebook.com/profile.php?id=100085413877816&mibextid=ZbWKwL

උතුම් වු බක් පුර පසළොස්වක පොහෝ දිනය අදයි.......බක් පොහොය වැදගත්කම...බුද්ධත්වයෙන් පස්වැනි වර්ෂයෙහි සැවැත්නුවර ජේතවනාරාමයෙ...
01/04/2026

උතුම් වු බක් පුර පසළොස්වක පොහෝ දිනය අදයි.......

බක් පොහොය වැදගත්කම...

බුද්ධත්වයෙන් පස්වැනි වර්ෂයෙහි සැවැත්නුවර ජේතවනාරාමයෙහි වැඩවෙසෙන බුදුරජාණන් වහන්සේට චූලෝදර මහෝදර යන නාග රජුන් දෙදෙනා අතර මිණි පළඟක් නිසා ඇති වු සටනක් වෙනුවෙන් උන්වහන්සේ නාගයන් කෙරෙහි කරුණාවෙන් ඔවුනට සුවසෙත් සදාදෙනු පිණිස බක්මස අවපසළොස් පොහෝදා අලුයම නාගදීපයට වැඩිසේක.

ලෝක නාථයන් වහන්සේ චූලෝදර මහෝදර නා රජුන් දෙදෙනා ප්‍රමුඛ දෙපක්ෂයේ පිරිස සමඟි කරවීමට සමත් ධර්මයක් ඔවුනට දේශනා කළහ. සසර ආදීනව මක්ඛ පලාසාදීන්ගේ ආදිනව, කාකොලුක ජාතකය, ලටුකික ජාතකය, වට්ටක ජාතකය, යන මේවායින් වෛර කිරීමෙහි ‍ඇති ‍දෝෂයන් හා සමඟි බවේ ඇති අනුසස් ද ප්‍රකාශ කරමින් බුදුහු අවවාද දුන්හ. පසුව යුද වැදී සිටි නා රජුන් දෙදෙනා ධර්ම කථා ශ්‍රවණයෙන් අපමණ ප්‍රීතියට පත්ව යුද්ධයට හේතු වූ මිණිපළඟ තථාගතයන් වහන්සේට පිදූහ. මෙහිදී සිදුවුණ තවත් ප්‍රධාන කරුණක් නම් මහෝදර නා රජුගේ මාමණ්ඩිය වූ මණිඅක්ඛිත නාගරාජ තෙමේත් කැළණිපුරයේ සිට බෑනාට උදවු පිණිස සටන්බිමට ගොස් සිටියේය. බුදුරජුගේ ප්‍රථමවර මහියංගණයට වැඩි ගමනේදී බණ අසා සරණ සිල්හි පිහිටා සිටි මණිඅක් නාරද තථාගතයන් වහන්සේට නැවත ගමනදී තමාගේ වාසභවන වූ කැලණි පුරයට වඩින ලෙස ආරාධනා කළේය.

සුදොවුන් පිය මහ රජතුමා ප්‍රධාන ඤාතිවර්ගයා හට නිවන් සුව අත්කර දෙනු පිණිස විසි දහසක් මහ සඟුන් පිරිවරා ගෙන මැදින් පුන් පොහෝදා ගමන් ඇරඹූ බුදුරජාණන් වහන්සේ රජගහ නුවර වේළුවනාරාමයේ සිට පිළිවෙළින් පියවි ගමනින් යොදුන් තිහක් ගමන් මාර්ගය අවසන් කිරීම සිදුවූයේ බක්මහ පුර පසළොස්වක් පොහොය දිනයකදී ය.

තෙරුවන් සරණයි .............................

MEDIA UNIT BOLTHUBE MAHA SAMAN DEWALAYA


://www.facebook.com/profile.php?id=100085413877816&mibextid=ZbWKwL

චිරන් ජයතු....!!!මාතලේ දිස්ත්‍රික්කයේ  ඓතිහාසික අම්බොක්ක ශ්‍රී පත්තිනි දේවාලයේ අභිනව බස්නායක නිලමේ ලෙස දෙවන වරටත්  තේරී ...
20/03/2026

චිරන් ජයතු....!!!

මාතලේ දිස්ත්‍රික්කයේ ඓතිහාසික අම්බොක්ක ශ්‍රී පත්තිනි දේවාලයේ අභිනව බස්නායක නිලමේ ලෙස දෙවන වරටත් තේරී පත් වූ රයන් ඩී වලිසුන්දර මැතිතුමාට උණුසුම් සුභාශිංසන පල කර සිටිමු.

සුමන සමන් දෙවිපිහිටයි!

බොල්තුඹේ මහා සමන් දේවාලයේ බස්නායක නිලමේ දේශබන්දු ගැමුණු ටී .බී වලිසුන්දර මැතිතුමා ඇතුලු දේවාලයේ නිල රාජකාරි මණ්ඩලය

BOLTHUBE MAHA SAMAN DEVALAYA MEDIA UNIT

://www.facebook.com/share/1Zt64vXhtL/
://youtube.com/...
://www.instagram.com/bmsdmediaunit?utm_source=qr&igsh=MW51b2E5ZG9wdW03bQ==


18/03/2026

⭕ සුමධුර ධර්ම දේශනාව

සීලගම අගලගමසිරි ජනනන්දනාරාමාධිපති. පූජ්‍ය කල්තොට පඤ්ඤානන්ද ස්වාමීන් වහ්න්සේ සහ තරුණ පිරිස, දායක සභාව එක්ව සංවිධානය කරන

කැකිරාව ගල්කිරියාගම ශ්‍රී සමාධි බෞද්ධ මධ්‍යස්ථානාධිපති ත්‍රිවිධ හමුදා ධර්ම උපදේශක විචිත්‍ර ධර්ම දේශක ශාස්ත්‍රපති පූජනීය කාගම සිරිනන්ද ස්වාමීන් වහ්න්සේ විසින් පවත්වන සුමධුර ධර්ම දේශනාව මාර්තු මස 21 වන සෙනසුරාදා දින හවස 03ට විහාර භූමියේ දී පැවැත්වේ. ...

දහම් ශ්‍රවණය කිරීමට ලැබෙන මෙම දුර්ලභ අවස්තාවට සැදැහැ සිතින් පැමිණෙන්නට ඔබ සැමට ආරාධනා.....!

⭕නිවේදනය
සුමිත් සමරසිංහ

⭕බැතිබර මාධ්‍යාලෝකය
උග්ගල් අලුත්නුවර කතරගම දේවාලයේ නිල මාධ්‍ය ඒකකය

⭕සජීවීකරණය
රිවෝරා ක්‍රියේශන්ස් ආයතනය


ඓතිහාසික බොල්තුඹේ මහා සුමන සමන් දේවාලයේ වාර්ෂික අලුත් සහල් මංගල්‍යය 2026 ඓතිහාසික බොල්තුඹේ මහා සුමන සමන් දේවාලයේ වාර්ෂික...
14/03/2026

ඓතිහාසික බොල්තුඹේ මහා සුමන සමන් දේවාලයේ වාර්ෂික අලුත් සහල් මංගල්‍යය 2026

ඓතිහාසික බොල්තුඹේ මහා සුමන සමන් දේවාලයේ වාර්ෂික අලුත් සහල් මංගල්‍යය පසුගිය දින පැවත් වු අතර ඕපනායක හුණුවල උයන් වත්තේ දි සිදු කෙරුණු අතර නැවත ඓතිහාසික බොල්තුඹේ මහා සුමන සමන් දේවාලය වෙත පැමිණි පෙරහැර අතර මග බලංගොඩ තුඹගොඩ මහා සංඝිකරාමය පුරණ විහාරස්ථානයේ දී ඓතිහාසික බොල්තුඹේ මහා සුමන සමන් දේවාලයේ නිල රාජකාරි මණ්ඩලය හා ඓතිහාසික සොරගුණේ කුඩා කතරගම දේවාලයේ නිල රාජකාරි මණ්ඩලයන්හට සිසිල් පැන් පාන සංග්‍රහය භුක්ති විදි අතර මේ සදහා දේවලයන් දෙකේම බස්නායක නිලමේවරු සහභාගි වුණි.

එදා රාජ දවස තුල ඓතිහාසික බොල්තුඹේ මහා සුමන සමන් දේවාලය හා ඓතිහාසික සොරගුණේ කුඩා කතරගම දේවාලය අතර ඉතා සවත් කතාවක් මෙම තුඹගොඩ මහා සංඝිකාරමය පසු බිම පදනම් කර ගෙන නිර්මාණය වි ඇත.

ඓතිහාසික බොල්තුඹේ මහා සුමන සමන් දේවාලයේ නිල මාධ්‍ය ඒකකය

BOLTHUBE MAHA SAMAN DEVALAYA MEDIA UNIT

://www.facebook.com/share/1Zt64vXhtL/
://youtube.com/...
://www.instagram.com/bmsdmediaunit?utm_source=qr&igsh=MW51b2E5ZG9wdW03bQ==


ඓතිහාසික බොල්තුඹේ මහා සුමන සමන් දේවාලයේ වාර්ෂික අලුත් සහල් මංගල්‍යය 2026සබරගමුවේ රත්නපුර ඓතිහාසික බොල්තුම්බෙ මහා සමන් දේ...
13/03/2026

ඓතිහාසික බොල්තුඹේ මහා සුමන සමන් දේවාලයේ වාර්ෂික අලුත් සහල් මංගල්‍යය 2026

සබරගමුවේ රත්නපුර ඓතිහාසික බොල්තුම්බෙ මහා සමන් දේවාල යේ 2026 වර්ෂයේ අලුත් සහල් මංගල්‍යය.බොල්තුඹේ මහා සුමන සමන් දේවාලයේ බස්නායක නිලමේ තැන්පත් දේශබන්දු සාමවිනිසුරු ගැමුණු ටී බී වලිසුන්දර මැතිතුමාගේ ආරාධනයෙන්‍ රත්නපුර මහ සමන් දේවාලය ,උග්ගල් අලුත් නුවර කතරගම දේවාලය ,අම්මඩුව කුඩා කතරගමදේවාලය ,යන සබරගමුවේ සිව් මහා දේවාල වල ගරු බස්නායක නිලමේ තුමන්ලා,ඌව පලාතේ,සොරගුනේ කුඩා කතරගම දේවාලයේ බස්නායක නිලමේ තුමා සහ ප්‍රාදේශීය ලේකම් තුමන්ලාගේ සහභාගිත්වයෙන් ඕපනායක හුනුවල නින්ද ගමේදී වී කරල් කපා සමන් දේවාල යේරාජකීය උයන්වත්තේදී අලුත් සහල් මංගල්‍යය පවත්වා නැවත බොල්තුම්බෙ මහ සමන් දේවාල යට දේවා භරණ පෙරහැරින් වැඩ ම කරවීය.

The annual New Rice Festival at the historic Boltumbe Maha Sumana Saman Devalaya took place over the past few day.

ඓතිහාසික බොල්තුඹේ මහා සුමන සමන් දේවාලයේ නිල මාධ්‍ය ඒකකය

BOLTHUBE MAHA SAMAN DEVALAYA MEDIA UNIT

://www.facebook.com/share/1Zt64vXhtL/
://youtube.com/...
://www.instagram.com/bmsdmediaunit?utm_source=qr&igsh=MW51b2E5ZG9wdW03bQ==


වාර්ෂික අලුත් සහල් මංගල්‍යය 2026!ඓතිහාසික බොල්තුඹේ මහා සුමන සමන් දේවාලයේ වාර්ෂික අලුත් සහල් මංගල්‍යය මේ දින කිහිපය තුල ස...
12/03/2026

වාර්ෂික අලුත් සහල් මංගල්‍යය 2026!

ඓතිහාසික බොල්තුඹේ මහා සුමන සමන් දේවාලයේ වාර්ෂික අලුත් සහල් මංගල්‍යය මේ දින කිහිපය තුල සිදු කෙරුණි.ඓතිහාසික බොල්තුඹේ මහා සුමන සමන් දේවාලයේ ගරු බස්නායක නිලමේ තැන්පත් දේශබන්දු සාමවිනිසුරු ගැමුණු ටී බී වලිසුන්දර මැතිතුමාගේ මුලිකත්වයේන් හා මොහොට්ටාල නිලමේ තුමා හා රාජකාරි මණ්ඩලය සියලුම දෙනාගේ දායකත්වය හා ගම් වාසි ප්‍රදේශය වාසි සියලුම දෙනාගේ දායකත්වයෙන් වාර්ෂික අලුත් සහල් මංගල්‍යය සිදු කෙරිණි .

The annual New Rice Festival at the historic Boltumbe Maha Sumana Saman Devalaya took place over the past few day.

ඓතිහාසික බොල්තුඹේ මහා සුමන සමන් දේවාලයේ නිල මාධ්‍ය ඒකකය

BOLTHUBE MAHA SAMAN DEVALAYA MEDIA UNIT

://www.facebook.com/share/1Zt64vXhtL/
://youtube.com/...
://www.instagram.com/bmsdmediaunit?utm_source=qr&igsh=MW51b2E5ZG9wdW03bQ==


Address

පින්නවල , බළංගොඩ
Balangoda

Website

Alerts

Be the first to know and let us send you an email when Bolthumbe Maha Saman Devalaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share