Farm Mechanization Tranining Center - Anuradhapura

Farm Mechanization  Tranining Center - Anuradhapura Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Farm Mechanization Tranining Center - Anuradhapura, Government Organization, Puliyamkulama, Anuradhapura.

කෘෂිකර්මාන්තයට නව්‍ය තාක්ෂණය එක් කිරීමේදී ඇතිවන ගැටලු හා බාධා හඳුනාගැනීමට සහ සාකජ්චා කිරීම සඳහා පර්යේෂණ ව්‍යාප්ති සංවාදය...
03/06/2026

කෘෂිකර්මාන්තයට නව්‍ය තාක්ෂණය එක් කිරීමේදී ඇතිවන ගැටලු හා බාධා හඳුනාගැනීමට සහ සාකජ්චා කිරීම සඳහා පර්යේෂණ ව්‍යාප්ති සංවාදයක් 2026.06.03 දින මාතර නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලය මගින් සංවිධානය කර තිබුනි.

මෙහිදී වී වගාවේදී නිෂ්පාදන ගැටලු, වී වගාවේ යාන්ත්‍රිකරණයේදී මතුවන ගැටලු ආදිය පිලිබඳව සාකජ්චා කිරීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරී මහත්ම මහත්මීන්, පෞද්ගලික අංශයේ කෘෂි යන්ත්‍රෝපකරණ ගෙන්වන ආයතන වල නිලධාරී මහත්ම මහත්මීන් හා ගොවි මහත්ම මහත්මීන් සහභාගී විය. මෙම සංවාදයේදී කෘෂි කර්මාන්තය යාන්ත්‍රිකරණය කිරීමේදී පවතින බාධා පිලිබඳව සාකජ්චා කිරීම සඳහා ගොවිපල යාන්ත්‍රික අභ්‍යාස මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්ය එස්.එස්.ජේ සෙනෙවිරත්න මහතා සහභාගී විය.

2026.06.03 அன்று மாத்தறை பிரதி விவசாயப் பணிப்பாளர் அலுவலகத்தின் ஏற்பாட்டில், விவசாயதுறையில் நவீன தொழில்நுட்பங்களை அறிமுகப்படுத்தும் போது உருவாகும் சிக்கல்கள் மற்றும் தடைகளை அடையாளம் கண்டு அவற்றைப் பற்றி கலந்துரையாடும் நோக்கில் ஒரு ஆராய்ச்சி–விரிவாக்க கலந்துரையாடல் நிகழ்ச்சி நடத்தப்பட்டது.
இதில் நெல் பயிற்செய்கையில் ஏற்படும் உற்பத்தி சிக்கல்கள், நெல் பயிற்செய்கையில் இயந்திரமயமாக்கலின் போது உருவாகும் பிரச்சினைகள் போன்ற விடயங்கள் குறித்து கலந்துரையாடுவதற்காக விவசாய திணைக்கள அதிகாரிகள், தனியார் துறையில் விவசாய இயந்திரங்களை இறக்குமதி செய்யும் நிறுவனங்களின் அதிகாரிகள் மற்றும் விவசாயிகள் கலந்து கொண்டனர்.
இந்த கலந்துரையாடலில், விவசாய துறையின் இயந்திரமயமாக்கலில் நிலவும் தடைகள் குறித்து விவாதிப்பதற்காக பண்ணை இயந்திரப் பயிற்சி நிலையத்தின் பிரதிப் பணிப்பாளர் கலாநிதி எஸ். எஸ். ஜே. சேனவிரத்ன அவர்கள் கலந்து கொண்டார்.

02/06/2026

2026.06.08 දින සිවුරෝද ට්‍රැක්ටර් ක්‍රියාකරවීම හා නඩත්තුව පිළිබඳව දින 10 පුහුණු පාඨමාලාවක් ආරම්භ කිරීමට නියමිතව ඇත. අයදුම්පත්‍රය ඉදිරිපත් කර මෙතෙක් සහභාගී නොවු අයදුම්කරුවන් හට සහභාගී වීමට අවස්ථාව ඇත.

කාර්ම්ක අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුවේ කාර්මික විද්‍යාල වල උපදේශක වරුන්, තාක්ෂණික නිලධාරීන්  සහ කෘෂිකර්ම දෙපා...
22/05/2026

කාර්ම්ක අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුවේ කාර්මික විද්‍යාල වල උපදේශක වරුන්, තාක්ෂණික නිලධාරීන් සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කෘෂිකර්ම උපදේශක වරුන්, තාක්ෂණ සහායක වරුන් සඳහා කෘෂි යන්ත්‍රෝපකරණ වල ක්‍රියාකාරි මූලධර්ම, දෝශ හදුනාගැනීම, නඩත්තු කටයුතු සිදුකරන ආකාරය පිලිබඳව දින තුනක පුහුනු වැඩසටහනක් 2026.05.20 දින සිට 22 දින දක්වා පැවැත්විය.

මෙම වැඩසටහන DVV International ආයතනයේ ශ්‍රි ලංකා කාර්යාලයේ වැඩිහිටි ඉගැන්වීම පිළිබඳව පුහුණු වැඩසටහනක් ලෙස සංවිධානය කර තිබු අතර මේ සඳහා සම්පත් දායකත්වය ගොවිපල යාන්ත්‍රික අභ්‍යාස මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්ය එස්.එස්.ජේ සෙනෙවිරත්න මහතා සහ අනෙකුත් පුහුණු නිලධාරීන් විසින් ලබාදෙන ලදි.

தொழில்துறை கல்வி மற்றும் பயிற்சி திணைக்களத்தின் தொழில்நுட்பக் கல்லூரிகளில் பணிபுரியும் பயிற்றுவிப்பாளர்கள், தொழில்நுட்ப அதிகாரிகள் மற்றும் விவசாயத் திணைக்களத்தின் விவசாய ஆலோசகர்கள், தொழில்நுட்ப உதவியாளர்கள் ஆகியோருக்காக விவசாய இயந்திரங்களின் செயல்பாட்டு அடிப்படைகள், கோளாறு கண்டறிதல் மற்றும் பராமரிப்பு நடவடிக்கைகளை மேற்கொள்ளும் முறை தொடர்பான மூன்று நாள் பயிற்சி நிகழ்ச்சி 2026.05.20 ஆம் திகதி முதல் 22 ஆம் திகதி வரை நடைபெற்றது.
இந்நிகழ்ச்சி DVV International நிறுவனத்தின் இலங்கை அலுவலகத்தினால் பெரியவர்களுக்கான கல்வி தொடர்பான பயிற்சி நிகழ்ச்சியாக ஒழுங்குபடுத்தப்பட்டது. இப்பயிற்சிக்கான வளவாளர்களாக பண்ணை இயந்திரமயமாக்கல் பயிற்சி மையத்தின் பிரதிப் பணிப்பாளர் கலாநிதி எஸ்.எஸ்.ஜே. செனெவிரத்ன மற்றும் பிற பயிற்சி அதிகாரிகள் தங்களது பங்களிப்புகளை வழங்கினர்.

ගොවිපල යාන්ත්‍රික අභ්‍යාස මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්ය එස්.එස්.ජේ සෙනෙවිරත්න මහතාගේ මූලිකත්වයෙන් වැඩිහිටි අධ්‍ය...
21/05/2026

ගොවිපල යාන්ත්‍රික අභ්‍යාස මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්ය එස්.එස්.ජේ සෙනෙවිරත්න මහතාගේ මූලිකත්වයෙන් වැඩිහිටි අධ්‍යාපනය ලබාදෙන පුහුණු නිලධාරීන් සඳහා පුහුණු අරමුණු හඳුනාගැනීම, පුහුණුවක් සැලසුම් කිරීම, සම්ප්‍රාදායක ක්‍රම වලින් බැහැරව පුහුණු පාඨමාලාවක් හෝ දේශනයක් පැවැත්වීම, පුහුණුවක ප්‍රගතිය පරික්ෂා කිරීම හා නව තාක්ෂණික ක්‍රම උපායන් භාවිතා කර පුහුණුවක් හෝ දේශනයක් පැවැත්වීම පිලිබඳව පුහුණු වැඩසටහනක් 2026.05.18 සහ 19 දෙදින පැවැත්විය.
මෙම පුහුණු වැඩසටහන සඳහා ගො.යා.අ.ම යේ සියලුම පුහුණු නිලධාරීන් සහ අනුරාධපුර ශ්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාලයේ සියලුම දේශක මහත්ම මහත්මීන් සහබාගී වූ අතර මේ සඳහා සම්පත් දායකයින් ලෙස ගො.යා.අ.ම යේ නියොජ්‍ය අධ්‍යක්ෂ ආචාර්ය එස්.එස්.ජේ සෙනෙවිරත්න මහතා, අනුරාධපුර ශ්‍රි ලංකා කෘෂිකර්ම විද්‍යාලයේ විදුහල්පති කේ.වී චාන්දනී මහත්මිය සහ ගො.යා.අ.යේ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ ප්‍රසාද් කරුණාරත්න මහතා යන මහත්ම මහත්මීන් සහබාගී විය.

பண்ணை இயந்திரமயமாக்கல் பயிற்சி நிலையத்தின் பிரதி பணிப்பாளர் கலாநிதி எஸ்.எஸ்.ஜே. செனெவிரத்ன அவர்களின் முன்னோடியான சிந்தனையின் அடிப்படையில், வயது வந்தோருக்கான கல்வி (Adult Education) வழங்கும் பயிற்சி உத்தியோகத்தர்களின் திறன்களை மேம்படுத்தும் நோக்கில் சிறப்பு பயிற்சி நிகழ்ச்சி ஒன்று 2026.05.18 மற்றும் 19 ஆகிய இரு தினங்களில் வெற்றிகரமாக நடைபெற்றது.
இப்பயிற்சி நிகழ்ச்சியின் மூலம் பயிற்சி நோக்கங்களை தெளிவாக அடையாளம் காணுதல், பயிற்சித் திட்டங்களை திறமையாக வடிவமைத்தல், பாரம்பரிய கற்பித்தல் முறைகளைத் தாண்டி சிந்தனையூட்டும் மற்றும் ஈர்ப்பூட்டும் வகையில் பாடநெறிகள் மற்றும் சொற்பொழிவுகளை நடத்துதல், பயிற்சியின் முன்னேற்றத்தை மதிப்பீடு செய்தல் மற்றும் நவீன தொழில்நுட்ப உத்திகள் மற்றும் கற்பித்தல் முறைகளை பயனுள்ளதாகப் பயன்படுத்துதல் போன்ற முக்கிய அம்சங்கள் விரிவாக எடுத்துரைக்கப்பட்டன.
இந்நிகழ்வில் பண்ணை இயந்திரமயமாக்கல் பயிற்சி நிலையத்தின் அனைத்து பயிற்சி உத்தியோகத்தர்களும், Sri Lanka School of Agriculture, Anuradhapura கல்லூரியின் அனைத்து விரிவுரையாளர்களும் உற்சாகத்துடன் கலந்து கொண்டு பயிற்சியை சிறப்பித்தனர்.
மேலும் வளநிலைப் பயிற்றுவிப்பாளர்களாக பண்ணை இயந்திரமயமாக்கல் பயிற்சி நிலையத்தின் பிரதி பணிப்பாளர் கலாநிதி எஸ்.எஸ்.ஜே. செனெவிரத்ன அவர்கள், Sri Lanka School of Agriculture, Anuradhapura நிறுவனத்தின் அதிபர் கே.வி. சந்தானி அவர்கள் மற்றும் பண்ணை இயந்திரமயமாக்கல் பயிற்சி நிலையத்தின் உதவி விவசாய பணிப்பாளர் பிரசாத் கருணாரத்ன அவர்கள் கலந்து கொண்டு தங்களது அனுபவங்களையும் அறிவுரைகளையும் பகிர்ந்து கொண்டனர்.
இப்பயிற்சி நிகழ்ச்சி, நவீன கற்பித்தல் முறைகள் மூலம் திறமையான பயிற்சி உத்தியோகத்தர்களை உருவாக்கும் முக்கியமான முன்னெடுப்பாக அமைந்ததுடன், எதிர்கால கல்வி மற்றும் பயிற்சி நடவடிக்கைகளுக்கு புதிய திசையையும் உருவாக்கியுள்ளது.

ගාල්ල දිස්ත්‍රික් නියොජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලය මගින් “පලාත් නිශ්චිත 2026 වැඩසටහනේ උසස් තාක්ෂණ වී වගා ආදර්ශය” යටතේ...
18/05/2026

ගාල්ල දිස්ත්‍රික් නියොජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලය මගින් “පලාත් නිශ්චිත 2026 වැඩසටහනේ උසස් තාක්ෂණ වී වගා ආදර්ශය” යටතේ කෘෂි යන්ත්‍රෝපකරණ ක්‍රියාකාරිත්වය හා නඩත්තුව පිළිබඳ පුහුණු පාඨමාලාවක් 2026.05.14 සහ 15 දෙදන පැවැත්විය. මේ සඳහා ගාල්ල දිස්ත්‍රීක්කයේ ගොවි මහත්ම මහත්මීන් පිරිසක් සහබාගී විය.

වී වගාව යාන්ත්‍රිකරණය කිරීමේදී යාන්ත්‍රික මෙවලම් භාවිතා කිරීම පිලිබඳව ඵලදායී වැඩසටහනක් ගොවිපල යාන්ත්‍රික අභ්‍යාස මධ්‍යස්...
14/05/2026

වී වගාව යාන්ත්‍රිකරණය කිරීමේදී යාන්ත්‍රික මෙවලම් භාවිතා කිරීම පිලිබඳව ඵලදායී වැඩසටහනක් ගොවිපල යාන්ත්‍රික අභ්‍යාස මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්ය එස්.එස්.ජේ සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් බතලගොඩ වී පර්යේෂණ හා සංවර්ධන ආයතනයෙදී 2026.05.13,14 දෙදින පැවැත්විය…
මෙහිදී ලේසර් ලෑන්ඩ් ලෙවලය (laser land leveler) භාවිතා කර වගා භූමියක් මට්ටම් කරගන්නා ආකාරය, බිම් සකස්කරන උපකරණ, අස්වනු නෙලන යන්ත්‍ර, දියර ඉසින යන්ත්‍ර, පැල සිටුවන යන්ත්‍ර සහ තණකොල කපන යන්ත්‍ර වල නිවැරදි භාවිතය හා නඩත්තු කටයුතු සිදුකරන ආකාරය පිලිබඳව දැනුවත් කරන ලදි. මේ සඳහා බතලේගොඩ වී පර්යේෂණ හා සංවර්ධන ආයතනයට අනුබද්ධ ආයතන වල ප්‍රධාන කෘෂි විශේෂඥ වරුන් නියොජ්‍ය අධ්‍යක්ෂක වරුන්, සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ වරුන් සහ නිලධාරී මහත්ම මහත්මීන් සහභාගී විය

2026.04.27 දින ආරම්භ කල සිවුරෝද ට්‍රැක්ටර් ක්‍රියාකරවීම හා නඩත්තුව පිළිබඳ දින 10ක වෘත්තිය  පුහුණු පාඨමාලාව අද දින අවසන් ...
08/05/2026

2026.04.27 දින ආරම්භ කල සිවුරෝද ට්‍රැක්ටර් ක්‍රියාකරවීම හා නඩත්තුව පිළිබඳ දින 10ක වෘත්තිය පුහුණු පාඨමාලාව අද දින අවසන් විය

FMTC සූර්ය මංගල්‍යය ගොවිපල යාන්ත්‍රික අභ්‍යාස මධ්‍යස්ථානයේ සුබසාධක සංගමය විසින් සංවීධානය කල 2026 සූර්ය මංගල්‍යය අවුරුදු ...
01/05/2026

FMTC සූර්ය මංගල්‍යය

ගොවිපල යාන්ත්‍රික අභ්‍යාස මධ්‍යස්ථානයේ සුබසාධක සංගමය විසින් සංවීධානය කල 2026 සූර්ය මංගල්‍යය අවුරුදු ජන ක්‍රීඩා රැසක් සමගින් පැවැත්විය

පීඩන ජල සම්පාදන පද්ධති (ක්ෂුද්‍ර) සැලසුම් කිරීම සහ ක්ෂේත්‍ර සංස්ථාපනය පිලිබඳව දින තුනක  පුහුණු වැඩසටහක් ශ්‍රි ලංකා රජරට...
30/04/2026

පීඩන ජල සම්පාදන පද්ධති (ක්ෂුද්‍ර) සැලසුම් කිරීම සහ ක්ෂේත්‍ර සංස්ථාපනය පිලිබඳව දින තුනක පුහුණු වැඩසටහක් ශ්‍රි ලංකා රජරට විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ සිසු දරු දැරියන් හට 2026.04.27 සිට 29 දින දක්වා පැවැත්විය. එහිදී පීඩන ජල සම්පාදනය පද්ධතියක් සැලසුම් කිරීමට අදාළ ගණනය කීරීම්, පීඩන ජලසම්පාදන පද්ධතියක් සැලසුම් කිරීම, ක්ෂේත්‍රයේ සංස්ථාපනය, පද්ධති නඩත්තුව කිරීම හා ගැටලු සාකජ්චා කිරීම සිදුකරන ලදි. මේ සඳහා සම්පත් දායකයින් ලෙස ප්‍රධාන කෘෂි විශේෂඥ (ව්‍යාප්ති) ආර්.එස්.සී.ඩබ්.එම්.ඒ.බී.එම්.විජයතුංග මහතා, ගො.යා.අ.ම සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ සහ කෘෂිකර්ම උපදේශක මහත්ම මහත්මීන් දායකත්වය ලබාදෙනන ලදී

உயர் அழுத்த நீர்பாசன அமைப்புகள் (துளி நீர்ப்பாசனம்) வடிவமைத்தல் மற்றும் கள நிறுவல் தொடர்பான மூன்று நாள் பயிற்சி நிகழ்ச்சி, இலங்கை ரஜரட்டப் பல்கலைக்கழகத்தின் விவசாய பீட மாணவர்களுக்கு 2026.04.27 முதல் 29 வரை நடைபெற்றது.
இப் பயிற்சி நிகழ்ச்சியின் போது, அழுத்த நீர் வழங்கல் அமைப்பை வடிவமைப்பதற்கான கணக்கீடுகள், அமைப்பு வடிவமைத்தல், களத்தில் நிறுவல், அமைப்பு பராமரிப்பு மற்றும் ஏற்படும் பிரச்சினைகள் தொடர்பான கலந்துரையாடல்கள் மேற்கொள்ளப்பட்டன.
இந்நிகழ்ச்சிக்கு வளவாளர்களாக பிரதான விவசாய நிபுணர் (விரிவாக்கம்) திரு ஆர்.எஸ்.சி.டபிள்யூ.எம்.ஏ.பி.எம். விஜயதுங்க, FMTC இன் உதவி விவசாய பணிப்பாளர்கள் மற்றும் விவசாய ஆலோசகர்கள் தங்கள் பங்களிப்பை வழங்கினர்

මුලතිවු ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් තුමාගේ ඉල්ලීම පරිදි නවීන තාක්ෂණය භාවිතාකර බිම මට්ටම් කිරීම තුල...
20/04/2026

මුලතිවු ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් තුමාගේ ඉල්ලීම පරිදි
නවීන තාක්ෂණය භාවිතාකර බිම මට්ටම් කිරීම තුලින් ජල කලමනාකරනය ඉහළ නැංවීම හා යාන්ත්‍රිකරණය පහසු කිරීම සඳහා ගොවි මහත්ම මහත්මීන් දැනුවත් කිරීමේ පුහුණු වැඩසටහනක් මුලතිවු පුදුකුඩුඉරුප්පු ප්‍රදේශයේදී 2026.04.09 සහ 10 දෙදින තුල පැවැත්විය. මෙහිදී ලේසර් ලෑන්ඩ් ලෙවලය (laser land leveler) භාවිතා කර වගා භූමියක් මට්ටම් කරගන්නා ආකාරය පිලිබඳව ⁣ක්ෂේත්‍ර ආදර්ශය හා ගොවි මහත්ම මහත්මීන් දැනුවත් කිරීම ගොවිපල යාන්ත්‍රික අභ්‍යාස මධ්‍යස්ථානයේ කෘෂිකර්ම උපදේශක එස්.එස් කුමාර මහතා විසින් සිදුකරන ලදි.

முல்லைத்தீவு விவசாய அபிவிருத்தி திணைக்களத்தின் பிரதி ஆணையாளர் அவர்களின் கோரிக்கைக்கு இணங்க,
நவீன தொழில்நுட்பத்தை பயன்படுத்தி நிலத்தை சமப்படுத்துவதன் மூலம் நீர் முகாமைத்துவத்தை மேம்படுத்தி, இயந்திரமயப்படுத்தலை எளிதாக்கும் நோக்கில் விவசாயிகளுக்கு அறிவூட்டும் பயிற்சி நிகழ்ச்சி ஒன்று 2026.04.09 மற்றும் 10 ஆகிய இரு தினங்களில் முல்லைத்தீவு புதுக்குடியிருப்பு பிரதேசத்தில் நடத்தப்பட்டது.
இதன் போது, லேசர் நில மட்டமாக்கி (Laser Land Leveler) பயன்படுத்தி பயிரிடும் நிலத்தை எவ்வாறு சமப்படுத்துவது தொடர்பான களப் பயிற்சியும், விவசாயிகளுக்கான விழிப்புணர்வு நிகழ்ச்சியும், விவசாய இயந்திரமயமாக்கல் பயிற்சி நிலையத்தின் விவசாய ஆலோசகர் எஸ். எஸ். குமார அவர்கள் மூலம் நடத்தப்பட்டது.

Address

Puliyamkulama
Anuradhapura

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15

Telephone

+94252222437

Website

Alerts

Be the first to know and let us send you an email when Farm Mechanization Tranining Center - Anuradhapura posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share