අවසන් කුංචනාදයට පෙර

අවසන් කුංචනාදයට පෙර අකාලයේ මරා දමන සියලුම සද්ධන්තයින් වෙනුවෙන්

24/07/2025
2024/07/18 උදේ   ලැබුනු තොරතුරක් මිස් අලියෙක් ඉන්නවා වැවට බැහැලා ඌ ගොඩ යන්නෙම නෑ මිස්ලා හෙව්ව අලියද දන්නේ නෑ. තොරතුර ආවේ...
20/07/2024

2024/07/18 උදේ ලැබුනු තොරතුරක්
මිස් අලියෙක් ඉන්නවා වැවට බැහැලා ඌ ගොඩ යන්නෙම නෑ මිස්ලා හෙව්ව අලියද දන්නේ නෑ. තොරතුර ආවේ ගමේ මනුස්සයෙක් ගෙන් ( පසුගිය දින කිහිපයකම අලියෙක් හෙව්වා බෙහෙත් කරවන්න )
හරි බොහොම ස්තූතියි අපි එන්නම් කිව්ව මං මෙයා ලඟට ගියා.
යද්දිත් මෙයා වතුරේ මොනම හේතුවකටවත් අබදයක් නොමැති සතෙක් මෙතෙක් වෙලා මේ මිනිසුන් ගැවසෙන ඉසව්වක ඉන්නේ නැති නිසා පොඩ්ඩක් කිට්ටු කරලා බැලුවා. ගමේ අය නම් කිව්වේ හක්කපටස් කාලා කියලා. නමුත් ලඟටම ගිහින් නිරීක්ශනය කලත් එහෙම බවක් නම් පෙනුනේ නෑ. ඒ මොහොතෙම අදාල අඩවියට කතා කලත් වලක වැටුනු අලියෙක් ගොඩ ගැනීමේ මෙහෙයුමක නිරත උනු ඒ නිලදාරීන්ට ඒ රාජකාරිය අතර මේ රාජකාරියට එන්න අපහසු බව මා හොදින්ම දන්නා නිසා පණ්ඩුලගම පශුවෛද්‍ය ඒකකය සම්බන්ද කර ගත්තා. එහි ප්‍රධාන පශුවෛද්‍ය වරයා ඇතුලු කණ්ඩායම පැයක කාලයක් ඇතුලත ප්‍රතිකාර කරන්න පැමිණියා. පශුවෛද්‍ය වරයාත් අනුමාන කලේ හක්කපටස් නිසා සිදුවූ අනතුරක් විය හැකි බවයි එම නිසා නිර්වින්දනය නොකොට ප්‍රතිකාර කිරීමට තීරණය කලා කිසිදු අවස්තාවක සතාගේ ජීවිතයට හානි යක් වේ යැයි සිතන කිසිදු ක්‍රියාමාර්ගයක් පශුවෛද්‍ය වරු ගන්නේ නෑ. බැරි වෙලා හෝ මේ සතා හක්කපටස් කාලානම් නිර්වින්දන බෙහෙත් දුන් සැනින් මරණයට පත් වීමේ අවදානමක් ඇති බව වෛද්‍ය වරයා දන්නවා.

පලමු බෙහෙත් එක දුන්නම වැවේ බැහැන් උන්නු හාදයා ගොඩ ආවා හක්කපටස් නෙමෙයි. හොදට දුවනවා කකුල් වල වෙඩි සලකුණුත් නෑ. කොහොමින් හරි කැලේට දිව්ව කෙනා පස්සෙන් පණ්ඩුලගම පශුවෛද්‍ය ඒකකයේ නිලදාරීන් කැලේ ඇතුලටම ගිහින් දැඩි අවදානමක් අරං බෙහෙත් ටික විද ගත්තා.

මොකක්ද මෙයාට වෙලා තියෙන්නේ
ඊලඟ ප්‍රශ්නේ ඒක
ඔක්කොටම වඩා ප්‍රශ්නේ මෙය ගෑණු සතෙක්.
එක්කෝ ස්වභාවික ශරීර අභ්‍යන්තර ගැටලුවක් වෙන්න පුලුවන් එහෙමත් නැතිනම් වස කැවීමක් වෙන්න පුලුවන්. එහෙමත් නැත්නම් උදර ප්‍රදේශයට වැදුනු වෙඩි පහරක් වෙන්නත් පුලුවන්.

නැවත ප්‍රතිකාර සඳහා වෛද්‍ය වරයා ඇතුලු කණ්ඩායම පැමිණෙන්න නියමිතයි.

දැන් කියාවිද දන්නේ නෑ ආයේ බෙහෙත් කරන්න සතා හොයාගන්න පුලුවන් වෙයිද දන්නේ නෑ කියලා 😆

අපෝ පුලුවන් ඒ ගැන කලබල වෙන්න අවශ්‍ය නෑ මොකද මං සත්තු හොයන්නේ බුකියෙන් නොවන නිසා. මේ ටික මෙහෙම ලිව්වෙත් ඊයේ පෙරේදා ඉදං බුකියෙන් අලි රකින ඇන්ටිලා ටිකක් අපි ගොඩ වෙද්දුය සියල්ල දත්ලය කියලා මේකේ මැරෙන්න හදන නිසා. පස්සෙයි දන්නේ ඒ එක ඇන්ටි කෙනෙක් අලියට පෙනහල්ලකුයි හදවතකුයි දෙකක් තියෙනවද කියලා අහපු උත්තමාවියක් කියලා 😆😆 අනේ කාටද මෙව්වා කියන්නේ.

සතෙක් ඉන්න පලියට වෛද්‍ය වරු ඔහේ බෙහෙත් කරන්නේ නෑ සතාගේ ජීවිත අවදානම ගැන පළමුවට හිතනවා. ආ මෙන්න අලියෙක් මෙන්න තුවාලයක් මූට අමාරුයි බෙහෙත් කරන්න ඕන කිව්ව පලියට බෙහෙත් කලොත් මරුවටම තියේවී.

තමන් ප්‍රායෝගිකයි නම් මේ සත්තුන්ට අවශ්‍ය ප්‍රතිකාර කරවන්න බුකිය දෙවනත් කරන්න අවශ්‍ය නෑ. අලීන්ගේ හැසිරීම සහ අනෙක් පාරසරික බලපෑම් ගැන අධ්‍යයනය කිරීමක් කියවීමක් ඇති මිනිස්සුන්ට මෙව්වා බුකියේ මාතෘකා නෙමෙයි. ඊයේ තොරතුර වාර්තා වෙලා පැය දෙකකට ආසන්න කාලයකදී ප්‍රතිකාර කරන්න හැකි වූයේ ඔන්න ඔය කියන සාධක නිසා. එහෙම නැතුව සමහරු කියන්නා වාගේ වනජීවි එකට කඩේ යන නිසා නම් නෙමෙයි. 😀

වනජීවී එකට කඩේ ගිහින් මට ගෙදර ගේන්න කිසිම දෙයක් නෑ. වනජීවී නිලදාරීන් එක්ක සමහර අවස්තා වල මරා නොගත්ත ටික විතරයි නොකලේ නමුත් අදටත් ඒ නිලදාරීන් මා එක්ක සහයෝගයෙන් කටයුතු කරන්නේ මං ප්‍රායෝගික නිසා.

මෙයාගේ ඉදිරි ප්‍රතිකාර කටයුතු සහ මෙලෙස වීමට හේතුව ඉදිරියේදී ගේන්නම් සතා පිළිබඳවා දැඩි සෝදිසියක සිටීම අත්‍යවශ්‍යයි.

මේ ටිකත් ලිව්වේ ඊයේ ගොඩ වෙද්දුය සියල්ල දත් ය කියලා බුකියෙන් අලි රකින උත්තමාවියන් දෙන්නෙක් කිව්ව නිසා නැත්නම් මේවා ලිය ලිය ඉන්න ගියොත් අපිට මේ සත්තු වෙනුවෙන්වත් මිනිස්සු වෙනුවෙන් වත් වෙන වැඩක් කරන්න වෙන්නේ නෑ. එයාලට කොළඹ ඉදං පේජ් ගෲප් අටවන් කී බෝඩ් එකෙන් අලි රකින්න වෙලාව තිබ්බට අපිට මේ සත්තු පස්සේ ගිහින් මිනිස්සුන්වත් මැනෙජ් කරන් ඔක්කොම කරන්න වෙලාව මදි ඒ අස්සේ උන්ට අපි කවුද කියලා තේරුම් කරන්නත් වෙනවනේ. මම නම් සියල්ල දත් නෙමෙයි. හැබැයි බුකියෙන් අලි රකින ඔයාලට වඩා නම් මං දන්නවා සහ මං ඇත්තටම අලි සහ මිනිස්සුන්ව රකිනවා. 👍👍

මගේ වචනය විශ්වාස කරලා ප්‍රතිකාර කරන්න පැමිණුනු පණ්ඩුලගම පශුවෛද්‍ය ඒකකයේ වෛද්‍ය වරු දෙපලටත් එම කාර්‍ය මණ්ඩලයටත් තොරතුර ලබා දුන් ගම්වාසියාටත්. මාව පරිස්සමට මේ හැම තැනටම අරං යන මගේ ආදරණීය හබියාටත් බෙහෙත් කරනකම් කැලේට නොගොස් වැවට වෙලාම උන්නූ ඒ අහිංසකීටත් හදවතින්ම ස්තූතියි..

බය වෙන්න එපා ඔයාගේ පස්සෙන් මං ඉන්නවා එයාට මං කිව්වේ එච්චරයි 😊

සටහන : උපුලී මදුශංකා මදරසිංහ

Original 📷 Credit Goes to First Owner ..
13/07/2024

Original 📷 Credit Goes to First Owner ..

''දසේ'' අනන්ත වූ බුදුගුන බලයෙන් ඔබට ඉක්මන් සුවය ලැබේවා !!!📷 Travel With Dinuka
16/11/2023

''දසේ''
අනන්ත වූ බුදුගුන බලයෙන්
ඔබට ඉක්මන් සුවය ලැබේවා !!!

📷 Travel With Dinuka

ඉවරයක් නැති අලි ඇතුන් ඝාතනයන්ට එරෙහිව සහ හුස්ම අයදින අහිංසකයන්ගේ ජීවිත  වෙනුවෙන් ....සත්ව සංවිධාන සහ පරිසර සංවිධාන රැසකග...
18/10/2023

ඉවරයක් නැති අලි ඇතුන් ඝාතනයන්ට එරෙහිව සහ හුස්ම අයදින අහිංසකයන්ගේ ජීවිත වෙනුවෙන් ....

සත්ව සංවිධාන සහ පරිසර සංවිධාන රැසකගේ සහභාගීත්වයෙන් ඇතිව
සිදු කරනු ලැබු දැවැන්ත විරෝධතාවයට අපිත් අද දින එක් විය.

සහභාගී වූ සහ සහය දැක්වූ සියලුම දෙනාට බොහෝම ස්තූතියි , ස්වභාවධම් මෑණියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා !!!!

Address

Anuradhapura

Telephone

+94763789804

Website

Alerts

Be the first to know and let us send you an email when අවසන් කුංචනාදයට පෙර posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to අවසන් කුංචනාදයට පෙර:

Share