රණවිරුවා

රණවිරුවා රණවිරු නාමයට ජාතියේ උපහාරය රණවිරු නාමය සදා වැජඹෙවා 🏆️

සුබ නව වසරක් 2026 🇱🇰✨මාතෘ භූමියේ නිදහස හා  ගෞරවය රැක ගැනීම සඳහාඅපරිමිත කැපවීමකින් සේවය කළඅපගේ ගෞරවනීය රණවිරුවන්ටත්ඔවුන්ග...
01/01/2026

සුබ නව වසරක් 2026 🇱🇰✨

මාතෘ භූමියේ නිදහස හා ගෞරවය රැක ගැනීම සඳහා
අපරිමිත කැපවීමකින් සේවය කළ
අපගේ ගෞරවනීය රණවිරුවන්ටත්
ඔවුන්ගේ ගෞරවනීය පවුල්වල සියලු දෙනාටත්
2026 නව වසර සෞඛ්‍යය, සාමය, සතුට සහ සාර්ථකත්වයෙන් පිරි වසරක් වේවායි හදවතින්ම ප්‍රාර්ථනා කරමි.
ඔබ සැමගේ විනය, කැපවීම හා දේශප්‍රේමය
ජාතියට ශක්තියක් වීමටත්
අනාගත පරපුරට මගපෙන්වීමක් වීමටත්
නිරතුරුවම හේතු වේවායි අපි විශ්වාස කරමු.

රණවිරුවන්ට ජය !
මව්බිමට ජය !

රට රැකගන්න කිසිම බලාපොරොත්තුවකින් ගිය  කොල්ලෙක්ගේ ආදරේ ලැබෙනවා කියන එක ❤ඒ මට හිතෙනවා, මේ ලොව වාසනාවන්තම කෙල්ල මම බව.ඉතින...
08/09/2025

රට රැකගන්න කිසිම බලාපොරොත්තුවකින් ගිය කොල්ලෙක්ගේ ආදරේ ලැබෙනවා කියන එක ❤
ඒ මට හිතෙනවා, මේ ලොව වාසනාවන්තම කෙල්ල මම බව.
ඉතින්, මේ මොහොතේ මම ඉල්ලන්නේ හැමදාම වගේම,
ඒ වාසනාවන්තකම මට දෙන එකම කෙනා – ඔයයි ❤

රණවිරු පෙම්වතිය ~

අද සඳ නුඹ සොයාගන්න බැරිBlood Moon View 🚫🌚☁️🌧️
07/09/2025

අද සඳ නුඹ සොයාගන්න බැරි

Blood Moon View 🚫🌚☁️🌧️

31/08/2021

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ කෝප්‍රල් දුලාන් කොඩිතුවක්කු 2020 ටෝකියෝ පැරාලිම්පික් තරගාවලියේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ ලෝකඩ පදක්කම හිමිකරගනී

ටෝකියෝ පැරාලිම්පික් තරඟාවලියේදී ලෝකඩ පදක්කමක් දිනාගැනීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ කෝප්‍රල් දුලාන් කොඩිතුවක්කු සමත්විය. මොහුගේ මෙම ජාත්‍යන්තර ක්‍රීඩා ජයග්‍රහණය වෙනුවෙන් රණවිරු සේවා අධිකාරියේ සභාපතිතුමන් ඇතුළු කාර්ය මණ්ඩලයේ මෙන්ම සියලුම රණවිරු ප්‍රජාවගේ හෘදයාංගම සුභ පැතුම් පිරිනමනවා.

ටෝකියෝ හි මේ වනවිට පැවැත්වෙන 2020 පැරාලිම්පික් තරගාවලියේදී පළමු රන්පදක්කම දිනාගැනීමෙන් පැය කිහිපයකට පසුව F 64 කාණ්ඩයේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ අවසන් තරගයෙන් කෝප්‍රල් දුලාන් කොඩිතුවක්කු ලෝකඩ පදක්කමක් දිනාගැනීම සුවිශේෂිත්වයකී.

ශ්‍රී ලංකා ක්‍රීඩක සමිත දුලාන් කොඩිතුවක්කු ‘එෆ් 64’ කාණ්ඩයේ (දණහිසට පහළින් එක් පාදයක් අහිමි හෝ ඊට සමාන ආබාධිත) හෙල්ල විසිකිරීමේ ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගැනීමට සමත් විය.
මෙහිදී සමිත මීටර 65.61 ක් විසිකරමින් සිය පෞද්ගලික ඉහළතම දස්කම් වාර්තා කිරීම කැපී පෙනුණි. මීට පෙර ඔහුගේ ඉහළතම දස්කම් ලෙස ඉන්දුනීසියාවේ ජකර්තා නුවරදී 2018 වසරේ පැවැති ආසියානු පැරා ක්‍රීඩා උළෙලේදී වාර්තා කළ මීටර 58.38 පැවතුණි.
31 හැවිරිදි සමිත දුලාන්, මාතර දෙනියාය ප්‍රදේශයේ උපත ලැබූවෙකි.

රණවිරු සේවා අධිකාරියේ උණුසුම් සුබපැතුම්

ශ‍්‍රී ලංකාව රනින් සරසා  පැරලිම්පික් තරගාවලියේ ලෝක වාර්තාවක් බිහිකල  එදා රට වෙනුවෙන් අසිමිත කැපකිරීම් කල යුද හමුදා සැරයන...
30/08/2021

ශ‍්‍රී ලංකාව රනින් සරසා පැරලිම්පික් තරගාවලියේ ලෝක වාර්තාවක් බිහිකල එදා රට වෙනුවෙන් අසිමිත කැපකිරීම් කල
යුද හමුදා සැරයන් දිනේෂ් ප්‍රියන්ත හේරත්
සුභ පැතුම් රණවිරුවානෙනි..!

Congratulations Dinesh Priyantha 🇱🇰 🥇🥇
(67.79m) New WORLD RECORD in Men's Javelin - F46 and Won the Gold medal

Congratulations 🎉️🥇🥇🥇🏆️

කාබනික පොහොර නිෂ්පාදනයට රණවිරු සේවා අධිකාරියත් එක්වෙයි.රණවිරු සේවා අධිකාරියේ ප්‍රතිලාභී පවුල් වලින් මූලිකව තෝරාගන්නා ලද ...
03/07/2021

කාබනික පොහොර නිෂ්පාදනයට රණවිරු සේවා අධිකාරියත් එක්වෙයි.

රණවිරු සේවා අධිකාරියේ ප්‍රතිලාභී පවුල් වලින් මූලිකව තෝරාගන්නා ලද පවුල් පන්සියයක් (500) කාබනික පොහොර භාවිතයට යොමු කරමින් කුඩා පරිමාණ ව්‍යවසායකයන් බවට පත් කිරීමේ අරමුණ පෙරදැරි කරගෙන දිස්ත්‍රික් වශයෙන් තෝරා ගන්නා ලද ඒ සඳහා කැමැත්තක් දක්වන සාමාජිකයන් දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් සංවිධානය කිරීමට නියමිතව ඇත.

රණවිරු සේවා අධිකාරියේ ප්‍රතිලාභී පවුල්වලින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජීවත්වන 79 දෙනෙකු කාබනික පොහොර නිෂ්පාදනය සඳහා ඉදිරිපත් වීමට කැමැත්ත පල කර ඇත.

රණව්රු සේවා අධිකාරියේ වැඩබලන සභාපතිනි සෝනියා කෝට්ටේගොඩ මැතිණිය විසින් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) නන්දන සේනාධීර මැතිතුමාගෙන් කරන ලද විශේෂ ඉල්ලීමකට අනුව කාබනික පොහොර නිෂ්පාදනය පිළිබඳව මිහින්තලය සිවිල් ආරක්ෂක පුහුණු පාසලේදී පවත්වන ලද දැනුවත් කිරීමේ වැඩසටහනක් සඳහා සහභාගිවීමට ඉන් පිරිසකට අවස්ථාව හිමිවන ලදී.

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාගයේ දැක්ම සංකල්පයට අනුව කාබනික පොහොර භාවිතයෙන් වස විසෙන් තොර රටක් බිහි කිරීම වෙනුවෙන් විශ්‍රාමික රණවිරු ප්‍රජාව යොමුකිරීමේ වැඩපිළිවෙළ සඳහා මූලිකත්වය ගෙන ක්‍රියා කරනු ලබන්නේ රණවිරු සේවා අධිකාරියයි.

මෙම මූලික දැනුවත් කිරීමේ සහ පුහුණු වැඩ සටහනේදී මාකඳුර තිරසාර කෘෂිකර්ම පර්යේෂණ මධ්‍යස්ථානයේ හා ලංකා බයෝ පොහොර සමාගාමේ නිලධාරීන් විසින් අඩු කාලසීමාවක් තුල කොම්පොස්ට් පොහොර නිෂ්පාදනය කරන පිළිවෙල සම්බන්ධයෙන් වැඩසටහනට සහභාගි වූ සාමාජිකයන් දැනුවත් කරන ලදී.

රණවිරු නාමයට ජාතියේ උත්තමාචාරය !!උතුරු, උතුරු මැද පළාත් දිස්ත්‍රික්කයන්හි ආබාධිත  රණවිරු කටයුතු සොයා බලමින් රණවිරු සේවා ...
05/02/2021

රණවිරු නාමයට ජාතියේ උත්තමාචාරය !!

උතුරු, උතුරු මැද පළාත් දිස්ත්‍රික්කයන්හි ආබාධිත රණවිරු කටයුතු සොයා බලමින් රණවිරු සේවා අධිකාරියේ සුභසාධන කටයුතු සිදුකිරීම. මාතෘ භූමියේ උත්තරීතර නිදහස වෙනුවෙන් තම ශරීරාංග පූජා කළ රණවිරු උපාලි විජේකෝන් මහතා හට විශේෂ රෝද පුටුවක් ප්‍රධානය.

(උපුටා ගැනිම 2021/01/05 සිකුරාදා මව්බිම)

රණවිරු සේවා අධිකාරිය හා INSEE (සංස්ථා) සිමෙන්ති සමාගම ඒකාබද්ධව රණවිරු පවුල් සදහා සහනදායි මිලට සිමෙන්ති ලබා දීමේ වවුචර් ප...
04/02/2021

රණවිරු සේවා අධිකාරිය හා INSEE (සංස්ථා) සිමෙන්ති සමාගම ඒකාබද්ධව රණවිරු පවුල් සදහා සහනදායි මිලට සිමෙන්ති ලබා දීමේ වවුචර් පත් උතුරුමැද පළාතේ රණවිරුවන් සදහා ලබා දීමේ විශේෂ අවස්ථාව. උතුරුමැද පළාත් රණවිරු සංසද සාමාජිකයන්ගේ නිවාස අවශ්‍යතා සපුරාලමින් එම නිවාසයන්හි ඉදිරි කටයුතු සිදු කරලීම සඳහා රණවිරු සේවා අධිකාරියේ ගරු සභාපතිනි සෝනියා කෝට්ටේගොඩ මැතිනියගේ උපදෙස් මත රණවිරු සේවා අධිකාරියේ ගරු අධ්‍යක්ෂක (විශ්‍රාමික) මේජර් ජෙනරාල් ප්‍රතාප් තිලකරත්න මැතිතුමන්ගේ මගපෙන්වීමෙන් උතුරුමැද පළාතේ රණවිරු එදිරිසූරිය මහතා සහ නැ.නු.ප සංසදයේ රණවිරු බිරිඳ ඉනෝකා මහත්මිය හට වවුචර් පත් ප්‍රදානය කරමින් සහනදායි පදනම මත සිමෙන්ති ලබාදීමේ කටයුතු උතුරු මැද පළාතේ ආරම්භ කරමින් ඒ සඳහා රණවිරු සේවා අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ J.A.තුෂාර ජයසිංහ, අනුරාධපුර දිස්ත්‍රික් නිලධාරී සුපුන් මිල්ලවාන, පොළොන්නරුව දිස්ත්‍රික් නිලධාරී කසුන් ප්‍රේමරත්න යන මහතුන්ගේ සහභාගිත්වයෙන් 2021.02.03 දින රණවිරු සේවා අධිකාරියේ උතුරුමැද පළාත් කාර්‍යාලයේ දී සිදු කරන ලදී.

73 වන නිදහස් දිනය අභිමානවත්ව සමරමු. 73rd Independence Day of Sri Lanka 🇱🇰
04/02/2021

73 වන නිදහස් දිනය අභිමානවත්ව සමරමු.
73rd Independence Day of Sri Lanka 🇱🇰

උතුරු, උතුරු මැද පළාත් දිස්ත්‍රික්කයන්හි ආබාධිත  රණවිරු කටයුතු සොයා බලමින් ඔවුන්ගේ සුභසාධන කටයුතු  සිදුකිරීම මාතෘ භූමියේ...
26/01/2021

උතුරු, උතුරු මැද පළාත් දිස්ත්‍රික්කයන්හි ආබාධිත රණවිරු කටයුතු සොයා බලමින් ඔවුන්ගේ සුභසාධන කටයුතු සිදුකිරීම මාතෘ භූමියේ උස් නිදහස වෙනුවෙන් තම ශරීරාංග පූජා කළ හොරෝපතාන රණවිරු සංසදය රණවිරු අබේරත්න මහතා හට රෝද පුටුවක් ප්‍රධාන කරමින් උතුර, උතුරුමැද පළාත් නියෝජ්‍ය අධ්‍යක්ෂක J.A තුෂාර ජයසිංහ මහතා හා අනුරාධපුර දිස්ත්‍රික් නිලධාරී සුපුන් මිල්ලවාන මහතා රණවිරු සුභසාධක කටයුතු ආරම්භ කරන ලදී

2021 වසරේ උතුරු මැද පළාත් රණවිරු ගම්මානයන්හි (රඹෑව, ගල්නෑව, කැකිරාව) රණවිරුවන්ගෙ මාතෘභූමියේ ඒකීයභාවය වෙනුවෙන් තමා උත්තරී...
25/01/2021

2021 වසරේ උතුරු මැද පළාත් රණවිරු ගම්මානයන්හි (රඹෑව, ගල්නෑව, කැකිරාව) රණවිරුවන්ගෙ මාතෘභූමියේ ඒකීයභාවය වෙනුවෙන් තමා උත්තරීතර ජීවිතය පූජා කළ රණවිරුවන්ගේ පවුල් සාමාජිකයින් සහ තම ශරීරාංග මාතෘභූමිය වෙනුවෙන් පූජා කළ රණවිරුවන්ගේ සහ එම පවුල් සාමාජිකයින්ගේ සුරක්ෂිතභාවය තහවුරු කරමින් සෞඛ්‍යාරක්ෂිත ආදර්ශවත් ගම්මානයක් බවට පත් කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත ඉදිරි වැඩසටහන් පිලිබඳවත් රණවිරු දූ පුතුන්ගේ අධ්‍යාපන, සංස්කෘතිකමය සහ මානසිකව ගොඩනැංවීමෙහිලා ක්‍රියාත්මක වැඩසටහන් පිළිබඳ දැනුවත් කරමින් ඉදිරි වැඩසටහන් පිලිබඳ සාකච්ඡා කිරීම හා ඒ පිළිබඳව පුහුණු වැඩසටහන පැවැත්වීම.

Address

Anuradhapura

Telephone

+94714181268

Website

Alerts

Be the first to know and let us send you an email when රණවිරුවා posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to රණවිරුවා:

Share