Ministry of local Government - North Central Province

Ministry of local Government -  North Central  Province join with us for better service

2026 ජාතික ළුලදායිතා තරඟාවලිය සදහා  මෙම වසරේ මෙම අමාත්‍යාංශය ද සූදානම් වන අතර ඒ වෙනුවෙන් ළුලදායිතා ජයගාහී හා සම්මානලාභී ...
29/05/2026

2026 ජාතික ළුලදායිතා තරඟාවලිය සදහා මෙම වසරේ මෙම අමාත්‍යාංශය ද සූදානම් වන අතර ඒ වෙනුවෙන් ළුලදායිතා ජයගාහී හා සම්මානලාභී රාජ්‍ය ආයතනයක් වන මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය නිරීක්ෂණය හා අත්දැකීම් හුවමාරු කරගැනීම සදහා ක්ෂේත්‍ර පරික්ෂාවක් 2026.05.27 දින සිදුකරනු ලැබීය. මේ සදහා අප අමාත්‍යාංශයේ නිලධාරීන් හා උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම් කාර්යාල නිලධාරීන් ද සහභාගී විය.
එහි දී අප හට මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය නිරික්ෂණය කිරීමටත්, එම ආයතනය ළුලදායිතාව වෙනුවෙන් සිදුකර ඇති දෑ සම්බන්ධව ඉතා වැදගත් දේශනයක් මුලතිව් දිස්ත්‍රික් ලේකම් වන A. Umamakeswaran මහතා විසින් ලබාදෙන ලදී.
මෙම අවස්ථාව සදහා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් වන S. Gunapalan මහතා, උතුරු මැද පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පාලන) Chandralatha මහත්මිය ඇතුළුව ආයතන දෙකෙහි නිලධාරීන් සහභාගී විය.

මෙම අමාත්‍යාංශයේ වනිතා කටයුතු විෂය යටතේ 2026 වසරේ කාන්තා සජිවීකරණය හා බලගැන්වීම සදහා ධාරිතා සංවර්ධන වැඩසටහන් පැවැත්වීමේ ...
20/05/2026

මෙම අමාත්‍යාංශයේ වනිතා කටයුතු විෂය යටතේ 2026 වසරේ කාන්තා සජිවීකරණය හා බලගැන්වීම සදහා ධාරිතා සංවර්ධන වැඩසටහන් පැවැත්වීමේ ව්‍යාපෘතියෙහි ප්‍රතිපාදන දායකත්වය මත නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුල කාන්තාවන් සදහා තෙදින බතික් පුහුණු වැඩසටහනක් 2026.05.19 දින නොච්චියාගම, මානෙල්වැව, ජනසෙත තරුණ සුභසාධක සමිති ශාලාවේ දී ආරම්භ කෙරිණි.

මෙම අවස්ථාව සදහා නොච්චියාගම ප්‍රාදේශීය සභා මන්ත්‍රීතුමන්, පළාත් පාලන හා වනිතා කටයුතු අමාත්‍යාංශයේ ලේකම්තුමා, නොච්චියාගම ප්‍රාදේශීය ලේකම්තුමිය, ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ, අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඇතුළු නිලධාරීන් ප්‍රධාන ආරාධිතයින් ලෙස සහභාගී විය.

මෙම වැඩසටහන සංවිධානය කිරීම හා සම්බන්ධීකරණය කිරීම නොච්චියාගම ග්‍රාම සංවර්ධන නිලධාරී, මානෙල්වැව ග්‍රාම නිලධාරී, හා සංවර්ධන නිලධාරී තුමිය ඇතුළු නිලධාරීන් විසින් සිදු කළේය.

මෙම අමාත්‍යාංශයේ 2026 නිවාස ආධාර වැඩසටහන යටතේ සුදුසුකම්ලත්, මිහින්තලේ, කබරගොයාව, පදිංචි අයි.අජින්තා කුමාරි මහත්මියගේ නිව...
05/05/2026

මෙම අමාත්‍යාංශයේ 2026 නිවාස ආධාර වැඩසටහන යටතේ සුදුසුකම්ලත්, මිහින්තලේ, කබරගොයාව, පදිංචි අයි.අජින්තා කුමාරි මහත්මියගේ නිවසට මුල්ගල තැබීම 2026.05.04 දින සුබ මොහොතින් සිදුවිය.

මෙම උත්සව අවස්ථාවට මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ ගරු සභාපතිතුමන්, උපසභාපතිතුමන්, කොට්ඨාසය භාර මන්ත්‍රීතුමන්,ග්‍රාම සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් තුමන්, නියෝජ්‍ය අධ්‍යක්ෂ තුමන්, ග්‍රාම සංවර්ධන අධ්‍යක්ෂ තුමන්, සහකාර ප්‍රාදේශීය ලේකම් තුමන්, පරිපාලන ග්‍රාම නිලධාරීතුමන්, ග්‍රාම සංවර්ධන නිලධාරී තුමිය ,අමාත්‍යාංශයේ මිහින්තලේ භාර සංවර්ධන නිලධාරි තුමිය, වසමේ ග්‍රාම නිලධාරි තුමිය සංවර්ධන නිලධාරි තුමිය, වසමේ ප්‍රජා ශක්ති කමිටුවේ සභාපති ඇතුළු ගම්වාසීන්ගේ සහභාගීත්වයෙන් සිදුවිය.

2025 දිරිය කාන්තා වැඩසටහන යටතේ කාන්තාවන් ස්වයං රැකියාගත කිරීම සඳහා 50% ප්‍රතිලාභී දායකත්වය මත ස්වයං රැකියා උපකරණ ලබාදීමේ...
31/03/2026

2025 දිරිය කාන්තා වැඩසටහන යටතේ කාන්තාවන් ස්වයං රැකියාගත කිරීම සඳහා 50% ප්‍රතිලාභී දායකත්වය මත ස්වයං රැකියා උපකරණ ලබාදීමේ ව්‍යාපෘතිය මඟින් උතුරු මැද පළාතේ සැලෝන් උපකරණ ඉල්ලුම්කරුවන් අතරින් සුදුසුකම්ලත් ප්‍රතිලාභීන් වෙත එම උපකරණ අද දින අමාත්‍යාංශයේ දී ලබාදෙන ලදී.

බලශක්තිය අරපිරිමැස්මෙන් පරිහරණය කිරීමට ජනතාව දිරිගැන්වීමේ අරමුණින් නිර්මාණය වූ "සුරකිමු ලංකා" ජාතික වැඩසටහනේ පළමු ප්‍රචා...
30/03/2026

බලශක්තිය අරපිරිමැස්මෙන් පරිහරණය කිරීමට ජනතාව දිරිගැන්වීමේ අරමුණින් නිර්මාණය වූ "සුරකිමු ලංකා" ජාතික වැඩසටහනේ පළමු ප්‍රචාරක විඩීයෝව පහත සැබැදිය මගින් භාගත කර ගත හැක.

🔰https://drive.google.com/drive/folders/1ULLWUgKiWqo6IVdPq05Cv_pK3GVPJ2aF?usp=sharing

මාර් තු 08 ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව අනුරාධපුර දිස්ත්‍රික් කාන්තා දින සැමරුම් වැඩසටහන "පොහොසත් රටක අභිමන - ඇය වේ ද...
10/03/2026

මාර් තු 08 ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව අනුරාධපුර දිස්ත්‍රික් කාන්තා දින සැමරුම් වැඩසටහන "පොහොසත් රටක අභිමන - ඇය වේ දැයක පෙරමඟ" තේමා කරගනිමින් 2026.03.10 දින උතුරු මැද පළාත් ගරු ආණ්ඩුකාරතුමාගේ ප්‍රධානත්වයෙන් පළාත් සභා ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
මෙම අමාත්‍යාංශය විෂය පථයක් වන වනිතා කටයුතු විෂය සදහා පළාත් සභා සංවර්ධන ප්‍රදාන යටතේ 2026 වසරේ වෙන් වූ ප්‍රතිපාදන මත වැඩසටහන ක්‍රියාත්මක වුණු අතර මේ සදහා අනුරාධපුර දිස්ත්‍රීක්කයේ ස්ව්‍යං රැකියාවල නිරත කාන්තාවන් සහභාගී කරගනිමින් කාන්තා දින සැමරුම පැවැත්විණි.
මෙම අවස්ථාවට උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම්, අමාත්‍යාංශ ලේකම්වරුන්, නියෝජ්‍ය ප්‍රධාන ලේකම් වරුන්, දෙපාර් තමේන්තු ප්‍රධානීන්, සහකාර අධ්‍යක්ෂ වරුන්, ග්‍රාම සංවර්ධන නිලධාරීන් හා අමාත්‍යාංශ නිලධාරීන් සහභාගී විය.

"පොහොසත් රටක අභිමන - ඇය වේ දැයක පෙරමඟ" තේමාව යටතේ 2026 මාර් තු 08 ජාත්‍යන්තර කාන්තා දිනයට සමඟාමීව අනුරාධපුර දිස්ත්‍රික් ...
04/03/2026

"පොහොසත් රටක අභිමන - ඇය වේ දැයක පෙරමඟ" තේමාව යටතේ
2026 මාර් තු 08 ජාත්‍යන්තර කාන්තා දිනයට සමඟාමීව අනුරාධපුර දිස්ත්‍රික් කාන්තා දින සැමරුම් වැඩසටහන උතුරු මැද පළාත් ගරු ආණ්ඩුකාරතුමාගේ ප්‍රධානත්වයෙන් 2026.03.10 දින පෙ.ව. 8.30 ට උතුරු මැද පළාත් සභා ශ්‍රවණාගාරයේ දී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.

එදින,
* වර් තමාන සමාජය තුල කාන්තාවන්ට මුහුණපෑමට සිදුවන විවිධ හිංසන හා සමාජ මාධ්‍ය හරහා සිදුවන වංචනික ක්‍රියාමාර් ග පිළිබදව දැනුවත් කිරීමේ දේශණයක්
* ගිණුම් තැබීම හා ක්‍රමාණුකූල මූල්‍ය පාලනය පිළිබදව දැනුවත් කිරීමේ වැඩසටහනක්
* කාන්තා දිනය, කාන්තා වගකීම් පිළිබද ආකල්ප ප්‍රවර් ධන දැනුවත් කිරීමේ වැඩසටහනක්
ආදී වැඩසටහන් කිහිපයක් පැවැත්වීමට සැලසුම් කර ඇත.
මෙහි සියලු සංවිධාන හා මෙහෙයවීම් කටයුතු පාලන, මහාමාර් ග, ග්‍රාම සංවර් ධන, නිවාස, පරිසර හා වනිතා කටයුතු, ග්‍රාමීය යටිතල පහසුකම් හා ඉංජිනේරු අමාත්‍යාංශය මඟින් සිදු කරයි.

මෙම අමාත්‍යාංශයේ සේවය කරනු ලබන නිලධාරීන් වන  C.M. විජය කුමාර  (සංවර්ධන නිලධාරී), මංජලී වික්‍රමාරච්චි (කළ. සේවා නිලධාරි),...
27/02/2026

මෙම අමාත්‍යාංශයේ සේවය කරනු ලබන නිලධාරීන් වන C.M. විජය කුමාර (සංවර්ධන නිලධාරී), මංජලී වික්‍රමාරච්චි (කළ. සේවා නිලධාරි), චාන්දනී සුභසිංහ (සංවර්ධන නිලධාරී) හා අමාත්‍යාංශය මගින් ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුව වෙත අනුයුක්ත කර සිටින සංවර්ධන නිලධාරීනීන් තිදෙනෙකු 2026.03.01 දින සිට වාර්ෂික ස්ථාන මාරුවීම් ලැබී ඇත.
එම නිලධාරීන් වෙත සමුදීමේ උත්සවය පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් තුමාගේ ප්‍රධානත්වයෙන් අද දින අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. මෙම අවස්ථාවට අමාත්‍යාංශයේ සියලුම නිලධාරීන් සහභාගී වූ අතර අමාත්‍යාංශ සුබසාධක සංගමයේ සාමාජිකයන් වෙත අදාළ මූල්‍ය ප්‍රතිලාභ හා අමාත්‍යාංශ සියලු නිලධාරීන්ගේ දායකත්වයෙන් සමරු තිලිණ ඔවුන් වෙත ලබාදීම ද සිදුවිය.

උතුරු මැද පළාත් ඉඩම්, වාරිමාර්ග මාර්ග සංවර්ධන, ග්‍රාම සංවර්ධන, නිවාස හා කාන්තා කටයුතු අමාත්‍යාංශයේ අභිනව ලේකම් වශයෙන් පත...
09/01/2026

උතුරු මැද පළාත් ඉඩම්, වාරිමාර්ග මාර්ග සංවර්ධන, ග්‍රාම සංවර්ධන, නිවාස හා කාන්තා කටයුතු අමාත්‍යාංශයේ අභිනව ලේකම් වශයෙන් පත්එ වූ එස්. ගුණපාලන් මහතා 2026.01.06 දින සිට රාජකාරී ආරම්භ කරනු ලැබීය.
අමාත්‍යාංශ විෂය පථයට අනුව උතුරු මැද පළාතේ සංවර්ධනය වෙනුවෙන් තම උපරිම දායකත්වය ලබා දීමට හැකි වේවායී සුභාශිංශන එක්කරන්නෙමු... 💐💐💐

වසර 34 ට අධික අභිමානවත් රාජ්‍ය සේවයකින් පසු පළාත් ඉඩම්, වාරිමාර්ග මාර්ග සංවර්ධන, ග්‍රාම සංවර්ධන, නිවාස හා කාන්තා කටයුතු ...
09/01/2026

වසර 34 ට අධික අභිමානවත් රාජ්‍ය සේවයකින් පසු පළාත් ඉඩම්, වාරිමාර්ග මාර්ග සංවර්ධන, ග්‍රාම සංවර්ධන, නිවාස හා කාන්තා කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ධූරය හෙබවූ එච්.පී.පී.ඒ. හේවාපතිරණ මෙනවිය 2026.01.04 දින සිට විශ්‍රාමගනු ලැබීය.
පොත් තබන්නා තනතුරෙන් රාජ්‍ය සේවයට පැමිණි මෙතුමිය තම උත්සහය, කැපවීම හා දක්ෂතාවය මත කෙටි කාලයක දී පරිපාලන සේවයට එක්වී විධායක නිලධාරිනියක ලෙස දිවයින පුරා රාජ්‍ය ආයතන රාශියක තම රාජකාරි ඉතා අවංකව, වගකීමෙන්, විනිවිදභාවයෙන් යුක්තව ඉටු කරනු ලැබූ දක්ෂ නිලධාරීනියක් විය.
“කැපවීමෙන් හා ගෞරවයෙන් රාජ්‍ය සේවයට දායක වූ ඔබට, විශ්‍රාම ජීවිතය සුවයත් සැනසීමත් පිරි නව ආරම්භයක් වේවා.” 💐💐💐

Address

Anuradhapura

Alerts

Be the first to know and let us send you an email when Ministry of local Government - North Central Province posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Ministry of local Government - North Central Province:

Share