25/06/2026
හොරොව්පොතාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කාන්තා සමිති සාමාජිකාවන් සදහා ආදායම් උත්පාදන මාර්ග සදහා පෙළඹවීමේ පුහුණු වැඩසටහනක් 2026.06.18 - 2026.06.19 දෙදින ප්‍රාදේශීය ලේකම් කාර්යාලිය ශ්‍රවණාගාරයේ දි පැවැත්විය.ශ්‍රි ලංකා කාන්තා කාර්යාංශය හා ප්‍රාදේශිය ලේකම් කාර්යාලය මගින් වැඩසාහන සංවිධානය කරනු ලැබු අතර උත්පාදන මාර්ග හදුනා ගැනීම. තෝරාගැනීම , ව්‍යාපාර සැළැස්ම සැකසීම ,ගනුදෙනු සටහන් කරන ආකාරය හා කාන්තා කාර්යාංශ ණය වැඩසටහන් ඇතුළු මාතෘකා යටතේ කාන්තාවන් පුහුණු කරනු ලැබීය. මෙහි සමිපත් දායකත්වය කුඩාව්‍යාපාර සංවර්ධන නිලධාරි පි.පි.කේ.පියසේන,කුඩාව්‍යාපාර සංවර්ධන නිලධා වින්දික උපුල්විල,වනිතා සංවර්ධන නිලධාරි එච්.ආර්.කේ. මැණිකේ යන නිලධාරින් විසින් දෙනු ලැබීය.