20/04/2026
බරවකුඹුක, සමනලගම පදිංචි එස්.ජේ. ප්‍රසන්න මහතා ඇතුළු පවුලේ සැම විසින් එස්.ජේ. ප්‍රේමදාස පියාණන් මියගොස් වසරක් පිරීම නිමිත්තෙන් හා එච්.ඒ. දයානන්ද පියාණන් සිහිපත් කොට පිං අනුමොදන් කරනු පිණිස අපගේ සේවාලාභීන් උදෙසා අතුරුපස සහිත දහවල දානය පිරිනමන ලදි. (2026.04.20)
මෙහිදී මහා සංඝරත්නය වැඩව කරවා මියගිය ඥාතීන් සිහිපත් කොට පැන්වඩා පිං අනුමෝදනා ධර්‍ම දේශනාවක්ද පැවැවිණි.