10/09/2026
ප්‍රජාශක්ති දිළිඳු බව තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරය – 2026
අම්බලන්තොට උතුර සහ අම්බලන්තොට දකුණ වසම් දෙකේ විවිධ ස්වයං රැකියා සඳහා උපකරණ ලබාදීම
ප්‍රජාශක්ති වැඩසටහන යටතේ අම්බලන්තොට උතුර සහ අම්බලන්තොට දකුණ වසම් දෙකේ විවිධ ස්වයං රැකියා වැඩිදියුණු කිරීම සඳහා අවශ්‍ය උපකරණ ලබාදීමේ වැඩසටහන අද දින අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
මෙහිදී ව්‍යාපෘතිවල ප්‍රතිලාභීන් වෙත අවශ්‍ය උපකරණ අම්බලන්තොට ප්‍රාදේශිය ලේකම් කාර්‍යාලයේ ප්‍රාදේශීය ලේකම්තුමිය, අම්බලන්තොට ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමා සහ අදාළ ප්‍රජා සංවර්ධන සභාව නියෝජනය කරන මන්ත්‍රීතුමාගේ සුරතින් නිල වශයෙන් ලබාදෙන ලදී.
මෙම වැඩසටහන මඟින් ප්‍රතිලාභීන්ගේ විවිධ ස්වයං රැකියා කටයුතු වැඩිදියුණු කර, ආදායම් මාර්ග ශක්තිමත් කිරීම සහ පවුල්වල ආර්ථික තත්ත්වය නංවාලීම අපේක්ෂා කෙරේ.
ප්‍රජාශක්ති – ශක්තිමත් ප්‍රජාවක්, සවිමත් ආර්ථිකයක්!