Divisional Secretariat Akuressa

Divisional Secretariat Akuressa අපේ දැක්ම

සාමාජීය හා ආර්ථික වශයෙන් තෘප්තිමත් ප්‍රජාවක් වෙසෙන ඉතා විශිෂ්ට තත්ත්වයට අකුරැස්ස කොට්ඨාසය පත්කිරීම .

01/06/2026
රාජ්‍ය වෙසක් බැති ගී සරණිය==================================අකුරැස්ස,අතුරලිය ශාසනාරක්ෂක බල මණ්ඩල,අකුරැස්ස අතුරලිය ප්‍රාද...
01/06/2026

රාජ්‍ය වෙසක් බැති ගී සරණිය

==================================

අකුරැස්ස,අතුරලිය ශාසනාරක්ෂක බල මණ්ඩල,අකුරැස්ස අතුරලිය ප්‍රාදේශීය සභාව,අකුරැස්ස අතුරලිය ප්‍රාදේශීය ලේකම් කාර්යාල,අකුරැස්ස කාලාප අධ්‍යාපන කාර්යාලය, අකුරැස්ස,බංගම පොලිස් ස්ථාන, එක්ව සංවිධානය කරන ලද වෙසක් බැති ගී සරණිය වැඩසටහන ඉතා සාර්ථකව අවසන් කරන ලදි.

මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා සහයෝගය ලබා දුන් සියලු දෙනාටත් අපගේ ගෞරවණිය ස්තුතිය .....

පින්බර වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය වෙනුවෙන් සැරසුන අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරී මහත්ම මහත්මීන්.....
29/05/2026

පින්බර වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය වෙනුවෙන් සැරසුන අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරී මහත්ම මහත්මීන්.....

29/05/2026
29/05/2026

'සුරකිමු ලංකා' බලශක්ති සුරක්ෂිතතා ජාතික මෙහෙයුම ක්‍රියාවට නැංවීම🎯

බලශක්ති සැපයුම පොසිල ඉන්ධන මත සැලකිය යුතු ලෙස රඳා පැවතීම, අනපේක්ෂිත වියළි කාලගුණික තත්ත්ව, භූ දේශපාලනික අස්ථාවර තත්ත්වයන් මත වරින්වර ඉන්ධන සැපයුම අඩාල වීම, ජාත්‍යන්තර වෙළෙඳපොළෙහි ඉන්ධන මිල උච්ඡාවචනය වීම ආදී හේතූන් මත මෙරට බලශක්ති සුරක්ෂිතතාව අභියෝගයට ලක්ව තිබේ. එකී සියලු සාධක මත ඉහළ යන ඉන්ධන ආනයන වියදම ජාතික ආර්ථිකය මත ඇති කරන අතිරේක පීඩනය, විදුලි පාරිභෝගිකයින්ගේ අක්‍රමවත් විදුලි පරිභෝජන රටාව හේතුවෙන් තවදුරටත් තීව්‍ර වන බව හඳුනා ගෙන ඇත. එබැවින්, එම තත්ත්වය නිසි ලෙස කළමනාකරණය කිරීම පිණිස වැඩි පුර්නර්ජනනීය බලශක්ති ජනනයක් ඇති කාලපරාසවලට විදුලි පරිභෝජනය හැකිතාක් යොමු කිරීම සඳහා හා බලශක්ති පරිභෝජන කාර්යක්ෂම්‍යාව ඉහළ නැංවීම සඳහා මහජනතාවගේ චර්යාත්මක වෙනස්වීම් ද අත්‍යවශ්‍ය බව හඳුනා ගෙන තිබේ. ⚡🏢

එකී අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා 'සුරකිමු ලංකා ' බල ශක්ති සුරක්ෂිතතා ජාතික මෙහෙයුම නමින් ඒකාබද්ධ වැඩසටහනක් ජනාධිපති කාර්යාලය, බලශක්ති අමාත්‍යාංශය, ශ්‍රී ලංකා සුනිත්‍ය බල ශක්ති අධිකාරිය, ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය ප්‍රමුඛ කොටගත් සියලු රාජ්‍ය ආයතන, රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිතමණ්ඩල, පෞද්ගලික අංශය හා මහජනතාව සමඟ එක්ව ක්‍රියාත්මක කිරීම පිණිස බලශක්ති අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමතකරන ලදී.🏛️✅

#සුරකිමුලංකා

අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ තොරතුරු තාක්ෂණ සහකාර වශයෙන් සේවය කර ස්ථාන මාරු ලැබ ගිය තොරතුරු තාක්ෂණ සහකාර නිලධාරි ...
29/05/2026

අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ තොරතුරු තාක්ෂණ සහකාර වශයෙන් සේවය කර ස්ථාන මාරු ලැබ ගිය තොරතුරු තාක්ෂණ සහකාර නිලධාරි ජලිත ජිනදිසි මහතාට අපගේ උණුසුම් සුභ පැතුම්.....

මෙම කාර්යාලය වෙනුවෙන් කල සේවයට ඔබට බෙහෙවින් ස්තුතියි .....

පාසල් දරුවන් හැඩකල අකුරැස්ස නගරය...===================================අකුරැස්ස කලාපයේ ආදරණිය දුවේ,පුතේ ඔයාලා ආදරෙන්, මහන...
26/05/2026

පාසල් දරුවන් හැඩකල අකුරැස්ස නගරය...

===================================

අකුරැස්ස කලාපයේ ආදරණිය දුවේ,පුතේ ඔයාලා ආදරෙන්, මහන්සියෙන්,උනන්දුවෙන් නිර්මාණය කරපු ලස්සනම ලස්සන වෙසක් කුඩු වලින් අද ඉදන් අකුරැස්ස නගරය වෙසක් සිරියෙන් පිරි යනවා.

ඉතින් අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ සහ අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මාමලා, නැන්දලා එකතු වෙලා ඔයාලයේ නිර්මාණ අද ප්‍රදර්ශණයට එක් කලා. ඔයාලා හැමෝටම ගොඩක්ම ස්තුතියි.....❤️

ඒ වගේම අකුරැස්ස කලාප කාර්යාලයේ කලාප අධ්‍යක්ෂතුමිය ඇතුළු සියලු කාර්යය මණ්ඩලයටත් සියලුම පාසල් වල විදුහල්පතිතුමන්,තුමියන්ලා ඇතුළු ගුරු භවතුන්ටත්,දරුවන්ගේ දෙමාපියන්ටත් ගොඩක් ස්තුතියි....

(අකුරැස්ස ප්‍රාදේශීය ලේකම්තුමිය ප්‍රධාන කාර්යය මණ්ඩලය)

Address

Udara Mawatha
Akuressa

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15

Telephone

+94412283238

Alerts

Be the first to know and let us send you an email when Divisional Secretariat Akuressa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Divisional Secretariat Akuressa:

Share