13/08/2026
කයිය විතරමයි .
අනුරට අපි රට දුන්නා . අනුර රටට මොනවද කලේ?
අනුර ජනාධිපති වෙලා මාස 20 ක් විතර ගෙවිලා
එයා සෞඛ්‍ය ක්ෂේත්‍රයට කරල තියෙන වැඩ මෙච්චරයි.
පව් නේද කයිය විතරයි හලෝ
2048 අවුරුද්දෙ
අපේ රට ලෝක බලවතෙක් වෙන්න තිබුණු චෑන්ස් එක නැතිකරලා
ආණ්ඩුව උදුරගෙන
මුන්දැ කරල තියෙන සිල්ලර වැඩ ටික ඕං....
1 පහුගිය සතියේ , මිලියන 1950 ක වියදමින් ,
CT ස්කෑන් යන්ත්‍ර 11 ක්. පහුගිය අවුරුදු 70 ටම ගෙනත් තිබිලා තියෙන්නෙ 5.
2 මිලියන 501 ක වියදමින් නව්‍යකරනය කරන ලද
ජීව විද්‍යා ඉංජිනේරු සේවා මධ්‍යස්තානයක් ජනතා අයිතියට
3 මිලියන 92 ක වියදමින් පේරාදෙනිය රෝහලේ
හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ,
ප්‍රධාන වෛද්‍ය රසායනාගාරය නව්‍යකරණය කිරීම
4 රු.මිලියන 857 ක වියදමින් මොනරාගල රෝහලේ
පස්මහල් මාතෘ සහ ශල්‍ය වාට්ටු සංකීර්ණය ජනතා අයිතියට.
5 මිලියන 64.5 ක වියදමින් රත්නපුර රෝහලට
ළමා දැඩිසත්කාර ඒකකයක්.
6 දිවයින පුරා ආරෝග්‍යා සුවස්තා මධ්‍යස්තාන 1000 ක් සෑදීමේ
වැඩ සටහන ඇරබීම , සහ කිහිපයක වැඩ දැනටමත් අරබා තිබීම..
7 හෙද පුරප්පාඩු දැඩිව පැවති සෞඛ්‍ය කේෂ්ත්‍රයේ
හෙදියන් 13600 ක් බදවාගැනීමෙ වැඩ සටහන ආරම්භ කර්මින්
මේ වනවිට , හෙදියන් මේ වසර අවසන් වන විට
ඉන් 7500 කට ආසන්න ප්‍රමාණයක් බදවා ගෙන අවසන් කිරීම.
8 ජාතික රෝහලේ මිලියන 99 ක් වැය කොට ,
ස්නායු රොග විද්‍යා ආයතනය නවීකරණය කර ජනතා අයිතියට භාර දීම
9 පියවුරු පිළිකා හදුනාගැනීම සදහා යොදාගන්නා
මිලියන 765ක් වටිනා මැනෝග්‍රැෆි යන්ත්‍ර 05 ක්
මෙරට රෝහල් පද්ධතියට.
10 කාන්තාවන්ගේ ගැබ්ගෙල පිළිකා ප්‍රතිකාර සේවා සදහා
මිලියන 114 ක වියදමින් COLPOSCOPY යන්ත්‍ර 18 ක්
මෙරට රෝහල් පද්ධතියට එක් කිරීම
11 මෙතෙක් කලක් මෙරට රෝහල් පද්දතියටම තිබුනෙ
යන්ත්‍ර 10ක පමන ප්‍රමාණය කිසිසේත් ප්‍රමානවත් නොවූ බැවින් ,
මිලියන 3103 ක වියදමින් හෘද කැතීටකරණ යන්ත්‍ර
තවත් 16 ක් මෙරට රෝහල් පද්ධතියට එක්කිරීම
12 ආයුර්වේද , යුනානි , සිද්ධ උපාධිධාරීවරු 402 ක් බදවා ගැනීම
13. සුව සැරිය මූලස්ථානය කුලී පදනමට ගත් ස්ථානවල
ක්‍රියාත්මක වෙමින් තිබුන අතර ,
එයට ස්ථිර රජයට අයත් ප්‍රයොජනයට නොගත් බංගලාවක් ලබාදීම
14 සුවසැරිය කාර්‍යමණ්ඩලයට කොළඹ වෛද්‍යපීඨය හරහා
ඩිප්ලෝමා පාඨමාලවක් ලබාදීමට පියවර ගැනීම
15 මහියංගනය මූලික රෝහල
තෘතීක මට්ටමෙ රෝහලක් බවට පත් කිරීමට සැලසුම් දියත් කිරීම
16 බදුල්ල මූලික රෝහලට වකුගඩු ප්‍රතිකාර ඒකක
කඩිනමින් ඉදිකිරීම සදහා කොන්ත්‍රාත් පිරිනැමීම.
17 මිලියන 600 ක වියදමින් මුලතිව් දිස්ත්‍රික් මහා රෝහලේ
සිව් මහල් වෛද්‍ය වාට්ටු සංකීර්ණය ඉදිකිරීමට කටයුතු ඇරබීම
18 නව රජයේ ඔසු සල් 05 ක් 2025 වන විට ඇරබීම සහ
2026 දී තවත් ඔසුසල් ඇතිකිරීමට සැලසුම් කිරීම
19 2025 දී මෙතෙක් නිෂ්පාදන නොකල ඖෂධ වර්ග 05 ක්
ඖෂධ නිෂ්පාදන සංස්ථාව හරහා වෙළඳ පොළට නිකුත් කිරීම
20 මිලියන 1688ක ඉතිහාසයෙ ඉහලම ආදායම
2025 දී ලබාගැනීමට
ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්තාව මෙහෙයවීමට හැකිවීම
21 ඖෂධ නිෂ්පාදන සංස්ථාව ඉතිහාසයෙ ඉහලම නිෂ්පාදන ප්‍රමානය
2025 දී වාර්ථා කරමින්
කරල් සහ පෙති මිලියන 3625 ක් නිෂ්පාදනය කිරීම.
22 2026 වර්ෂයට අදාලව සෞඛ්‍ය කේෂ්ත්‍රය සදහා
අය වැයෙන් බිලියන 654 ක් වෙන් කිරීම.
24 මෙරට ප්‍රථම උප ප්‍රජනන වෛද්‍ය ඒකකය
කරාපිටිය ජර්මන් ශ්‍රීලංකා මිත්‍ර රෝහලේ ඇතිකරමින් ,
දරුවන් නොමැති එහෙත් දරුවන් අපේක්ෂා කරන මව් වරුන්ට
අවශ්‍ය ප්‍රතිකාර ඇරබීමට කටයුතු කිරීම.
25 අපේක්ෂා රෝහලත් , මහනුවර ජාතික රෝහල ත් මූලික කරගෙන
මෙරට මුල් වරට ඇටමිඳුලු බද්ධ කිරීමේ සැත්කම්
ආරම්භ කිරීමට සැලසුම් කිරීම.
26 ලියුකේමියා , තැලිසීමියා , රුධිර පිලිකා සදහා වූ
ප්‍රතිකාර සදහා යොදාගන්නා , මිලියන 50 ක් වටිනා
නවීන කොම්ටෙක් මල්ටිප්‍රොසිඩියුරල් යන්ත්‍ර 02 ක් රෝහල් පද්ධතියට.
28 වකුගඩු වල ගල් ඉවත්කිරීම සදහා
ජාතික මට්ටමේ යොමුකිරීමෙ මධ්‍යස්ථානයක්
රාගම රෝහල තුල ඇතිකිරීමට කටයුතු ඇරඹීම
29 අනුරාධපුර රෝහල මෙරට 04 වන ජාතික රෝහල බවට පත්කිරීමට
බිලියන 20 ක් වෙන් කිරීම.
30 රුධිර පරීක්ෂණ 200 ක් පමන කල හැකි ,
මිලියන 10 ක වටිනාකමින් යුත් , අතිනවීන ,
රුධිර විද්‍යා විශ්ලේෂණ යන්ත්‍රයක් මහනුවර ජාතික රෝහලට.
31 මෙරට රෝහල් වල නවතා ඇති මහා පරිමාන ව්‍යාපෘති 25 ක්
නැවත ඇරබීමට
2025 දී බිලියන් 16 ක් වෙන්කිරීම
2026 දී බිලියන 19 ක් වෙන්කර අදාල කටයුතු සිදුකිරීම .
2027 දී බිලියන 38 ක් වෙන් කිරීමට සැලසුම් කර තිබීම.
32 හම්බන්තොට මහා රෝහලට
රුධිර කාන්දු පෙරණ ඒකකයක් ලබාදීම ජනතා අයිතියට පත්කිරීම සහ
මේ වනවිට එහි ඇති යන්ත්‍ර 03 , ඉදිරියෙදී 15 ක් දක්වා
වැඩිකිරීමට සැලසුම් කිරීම.
33 මෙරට හෘද සැත්කම් පොරොත්තු ලෙඛණයෙ රෝගීන්
අවම කිරීම වෙනුවෙන් මිලියන 1200 ක වියදමින්
කැත් රසායනාගාර 04ක් රෝහල් පද්ධතියට එක්කිරීම ඇරබීම
34 මිලියන 250 ක වියදමින් ඉදිකර.
වීදියගොඩ ආයුර්වේද රෝහලේ සිව්මහල් ගොඩනැගිල්ල