17/02/2025
ඉතාලිය තුල ඩබ්ලින් ක්‍රියාවලිය වෙන්නෙ කොහොමද?
ඔයා ඉතාලියට වෙනත් යුරෝපා රටකින් ඇවිත් සරණාගත ඉල්ලද්දි කුස්තුරා එකෙන් පසුව මුලින්ම ඔයාගේ සරණාගත අයදුම්පත යොමු කරන්නේ unita di dublino කියන ආයතනයට. මේ ඒකකය ඉතාලියේ අභ්‍යන්තර කටයුතු පිලිබද අමාත්‍යාංශය යටතේ පවතින "සිවිල් නිදහස සහ ආගමන පිලිබද දෙපාර්තමේන්තුව" යටතේ ක්රීයාත්මක වෙනවා.
සරණාගතභාවය පතා ඉදිරිපත් කරන අයදුම ලියාපදිංචි කිරීමෙන් පසුව උපරිම මාස 3 ක් ඇතුලත ඩබ්ලින් ඉල්ලීම ඉදිරිපත් කරන්න ඕනි. ඒ කියන්නේ unita di dublino එක ඔබ යුරෝපයේ මුලින් විසු රටක සරණාගතභාවය අයදුම්කල යුතු බවට තීරණය කලොත් ඔබේ සරණාගත ඉල්ලිම සම්බන්ධයෙන් මාරු කිරිමේ ඉල්ලීමක් අදාල රටට ඉදිරිපත් කරන්න ඕනි මාස තුනක් ඇතුලත.
මුලින් පැමිණි රට කියලා නිර්වචනය වෙන්නෙ ඔබේ ගමන් බලපත්‍රයේ වීසා සදහන් හෝ තාවකාලික විසිමේ බලපත්‍ර ඇති (උදා:රැමේනියාවේ TRC) හෝ සරණාගත අයදුම්කර ඇති හෝ Eurodac පද්ධතියේ ඇගිලි සලකුණු තබා ඇති ඩබ්ලින් නිතියට අයත් රටයි. (රටවල් 28 අතුරින්). මෙතනදි, ඔබ මුලින් විසු යුරෝපා රටේ සරණාගත අයදුම්කර නැති වුවත්, ඒ බව තහවුරු කරගැනීම unita di dublino එකෙ වගකීමක්. ඒ වගේම වෙනත් යුරෝපා රටක ඔබේ සරණාගත අයදුම්පත් තිබේද යන්නත් සොයා බලනවා. එයට සහය වෙන්නෙ Eurodac පද්ධතියේ ඇති තොරතුරුයි.
ඉතාලියේ Unita di dublino එක, ඔබ මුලින් පැමිණි
හෝ වෙනත් යුරෝපා රටක් ඔබේ සරණාගත අයදුම සම්බන්ධයෙන් වගකිව යුතු බව තීරණය කලොත්, අදාල රටට ඔබව මාරු කිරිමේ ඉල්ලිමක් නිකුත් කරනවා. එම රටෙන් අදාල ඉල්ලීමට එකඟ වුණොත් මාස 6 ක් තුල ඔබව එම රටට භාරදිම සිදුකරන්න ඕනි. එවැනි අවස්ථාවක නීතිඥයෙකු මගින් ඔයාට ඇපැලක් ඉදිරිපත් කරන්න පුලුවන්. නමුත් එම අභියාචනයට අදාලව අධිකරණයේ අවසන් තීරණය unita di dublino තිරණයට සමාන වුනොත් එම තින්දුවෙන් මාස 6 ක් ඉක්මයාමට පෙර ඔබව අදාල රටට මාරු කරන්න ඕනි.
එමෙන්ම මාරු කිරිමේ ඉල්ලීමක් අනිත් රටෙන් ප්‍රතික්ෂේප කරොත් ඔබේ සරණාගත අයැදුම ඉතාලියේදි සලකා බලන ලෙස unita di dublino එක කුස්තුරා එකට උපදෙස් දෙනවා.
ඒ වගේම මේකෙ තියෙන අවාසි සහගත අවස්ථාව තමයි,
unita di dublino මගින්, ඔබ කලින් සිටි රටට කරන මාරුකිරිමේ ඉල්ලීමකට නියමිත කාලය තුල ප්‍රතිචාර නොදැක්වුවොත්, එම මාරුකිරිමේ ඉල්ලිම පිලිගත්තා සේ සලකා ඔබගේ මාරුවීම ක්රීයාත්මක කරනවා.
තවද, මාරු කිරිමේ නියෝගයකදී ඉතාලි රජය නියමිත කාලසිමාව තුල ඔබ කලින් සිටින රටට මාරු කිරිම නොකලොත් මාරු කිරීම අවලංගු වෙන අතර, ඔබේ සරණාගත ඉල්ලිම ඉතාලිය තුල සලකා බැලිය යුතුයි.
ඉතින් මේ වගේ මාරු කිරිමක් හිමිවුනොත් අපිට පුලුවන් දක්ෂ නීතිඥවරයෙකුගෙ සහය ලබාගෙන එම මාරුකිරිමට එරෙහිව දින 30 ඉක්ම යාමට පෙර අභියාචනයක් දමන්න. ඒ වගේම එහෙම මාරු කිරිමක් ලැබෙන්නෙ ඉතාමත් කලාතුරකින් අවාසනාවන්ත අවස්ථාවක තමයි.
ඩබ්ලින් නීතියට යටත් සරණාගත අයදුම්කරුවන්ට කුස්තුරා ආයතනය මගින් තාවකාලික විසිමේ බලපත්‍රයක් ලබා දෙනවා. ඒ වගේම ඔබ ඉතාලියේ ඩබ්ලින් ක්‍රියා පටිපාටිය යටතේ සරණාගත අයදුම්කරුවෙකු වී තාවකාලික විසිමේ බලපත්‍රයක් සහිතව සිටීනම්, ඔබට දින 60 කට පසු ඉතාලියේ වැඩ කිරීමට, සරණාගත මධ්‍යස්ථානයක රැඳී සිටීමට සහ බැංකු සේවා, සෞඛ්‍ය සේවා, නීති සහාය, භාෂා පන්ති වැනි සේවාවන් ලබා ගන්න පුලුවන්.
©️Refugee Info Italy - Sinhala
#2025 #සරණාගත