LankaGate

LankaGate We provide you with an alternative service

රුමේනියාවේ ඉඳන් ඉතාලියට පනින්න හදන අපේ අයට, ජීවිතේම ගොඩදාගන්න පුළුවන් රත්තරන් උපදෙසක්! මෑත කාලයේ රුමේනියාවට නීත්‍යානුකූල...
06/09/2026

රුමේනියාවේ ඉඳන් ඉතාලියට පනින්න හදන අපේ අයට, ජීවිතේම ගොඩදාගන්න පුළුවන් රත්තරන් උපදෙසක්!

මෑත කාලයේ රුමේනියාවට නීත්‍යානුකූලව රැකියාවට ගිහින්, ටික කාලෙකින් කැලෑ පාරවල් වලින් ඉතාලියට පනින එක ලොකු රැල්ලක් වෙලා. හැබැයි මේ ගන්න වැරදි තීරණය නිසා ඔබේ මුළු අනාගතයම අඳුරු වෙන්න පුළුවන් කියලා ඔබ දන්නවාද?

ඉතාලියේ වර්තමාන නීතිමය තත්ත්වය (ඇත්තම තත්ත්වය):

වත්මන් ඉතාලි රජයේ දැඩි සංක්‍රමණික නීති වලට අනුව (Decreto Flussi සහ නව නීතිමය සංශෝධන), නීතිවිරෝධීව රටට ඇතුළු වන පුද්ගලයෙකුට නීත්‍යානුකූල වීසා බලපත්‍රයක් (Permesso di Soggiorno) සාදා ගැනීම අද වන විට සිහිනයක්. ලියකියවිලි නොමැතිව ඉතාලියේ නිසි රැකියාවක් සොයාගැනීම, නිවසක් කුලියට ගැනීම තබා සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමවත් දැන් ඉතාමත් දුෂ්කරයි.

මොළෙන් වැඩකරලා යුරෝපයේම රජවෙන්න හොඳම පාර:
ඔබ දන්නවාද? රුමේනියාව කියන්නේ ලෝකයේ 11 වෙනි බලවත්ම පාස්පෝට් එක හිමි, දැන් ෂෙන්ගන් (Schengen) කලාපයටත් අයිති රටක්! ඇමරිකානු පාස්පෝට් එකත් පසුකරගෙන ඉදිරියට යන්න තරම් මේ වෙද්දී රුමේනියාව බලවත්.

අවුරුදු 5 න් PR එක: රුමේනියාවේ නීත්‍යානුකූලව වසර 5 ක් රැකියාව කළොත් ඔබට ස්ථිර පදිංචිය (Long-term Residence) ලබාගන්න පුළුවන්.

අවුරුදු 8 න් Passport එක: වසර 8 කට පසු රුමේනියානු පුරවැසිභාවය (Citizenship) අයදුම් කරන්න පුළුවන්.

යුරෝපීය පුරවැසියෙක් විදිහට ඉතාලියට එන්න!
කැලෑ පාරෙන් ඇවිත් අවුරුදු ගාණක් ඉතාලියේ හැංගිලා, අඩු පඩියට වැඩ කරලා දුක් විඳිනවාට වඩා, තවත් ටික කාලයක් ඉවසලා රුමේනියානු පාස්පෝට් එක ගත්තොත්... ඔබට නීත්‍යානුකූල යුරෝපීය පුරවැසියෙක් (EU Citizen) විදිහට ඉතාලියට එන්න පුළුවන්!

ඉතාලි ජාතිකයෙකුට තියෙන සියලුම අයිතිවාසිකම්, හොඳම රැකියා අවස්ථා සහ නිදහස කිසිම බියක් නැතුව භුක්ති විඳින්න එදාට ඔබට පුළුවන්.

කෙටි පාරවල් හොයලා අමාරුවේ වැටෙන්න එපා. රැලිවලට දුවන්නේ නැතිව මොලෙන් වැඩක් කරගන්න.

රුමේනියාවේ ඉන්න ඔබේ යහළුවන්ට, නෑදෑයින්ට මේ පණිවිඩය Share කරලා ඔවුන්ගේ අනාගතය බේරාගන්න උදව් වෙන්න.

04/09/2026
📍 පදෝවා (Padova) දුම්රිය ස්ථානයේ පිහියක් සන්නද්ව "අල්ලාහු අක්බර්" ලෙස කෑ ගසමින් සිටි 27 හැවිරිදි තරුණයාපුද්ගලයෙක් පොලිස්...
04/09/2026

📍 පදෝවා (Padova) දුම්රිය ස්ථානයේ පිහියක් සන්නද්ව "අල්ලාහු අක්බර්" ලෙස කෑ ගසමින් සිටි 27 හැවිරිදි තරුණයාපුද්ගලයෙක් පොලිස් අත්අඩංගුවට

වයස අවුරුදු 27ක ගැම්බියානු (Gambia) ජාතික තරුණයෙකු සෙන්ටිමීටර 15ක තලයක් සහිත විශාල මුළුතැන්ගෙයි පිහියක් අතැතිව “අල්ලාහු අක්බර්” (Allah akbar) යැයි කෑගසමින් පදෝවා දුම්රිය ස්ථාන පරිශ්‍රයේ කලබලකාරී ලෙස හැසිරෙමින් සිටියදී ඉතාලි පොලිසිය විසින් සාර්ථකව අත්අඩංගුවට ගෙන තිබේ.

වෙනත් විදේශිකයෙකු විසින් ලබා දුන් ක්ෂණික ඔත්තුවක් මත වහාම ක්‍රියාත්මක වූ පදෝවා පොලිසියේ විශේෂ පළමු ප්‍රතිචාර මෙහෙයුම් ඒකකය (Uopi) සහ දුම්රිය ස්ථාන ආරක්ෂක නිලධාරීන් මෙම මෙහෙයුම දියත් කර ඇත.

මහජනතාවට විය හැකි විශාල අනතුරක් වළක්වා ගැනීම සඳහා, පිහිය බිම දමා යටත් වන ලෙස පොලිසිය මෙම තරුණයාට අණ කර ඇත.

නමුත් ඔහු පොලිස් නිලධාරීන්ට දැඩි ලෙස විරුද්ධ වී ඇති අතර, එහිදී ඇතිවූ ගැටුමෙන් එක් පොලිස් නිලධාරියෙකුට තුවාල ද සිදුවී තිබේ.

පසුව පොලිස් පරීක්ෂණ (Questura) හරහා මොහු සම්බන්ධයෙන් බරපතල තොරතුරු රැසක් අනාවරණය වී ඇත:

මොහු 2016 වසරේ මාර්තු මාසයේදී බාලවයස්කරුවෙකු ලෙස ඉතාලියේ Pozzallo (Ragusa) හරහා රටට ඇතුළු වූවෙකි.

මොහුට එරෙහිව මත්ද්‍රව්‍ය ජාවාරම්, කප්පම් ගැනීම සඳහා පුද්ගලයන් පැහැර ගැනීම, නීතිවිරෝධී ලෙස ඉඩම් සහ ගොඩනැගිලි ආක්‍රමණය කිරීම සහ ලිංගික අතවර කිරීමට තැත් කිරීම යන බරපතල අපරාධ වාර්තා රැසක් ඇත.

ඔහුට එල්ල වී ඇති චෝදනා:

1. රජයේ නිලධාරියෙකුට රාජකාරියට බාධා කිරීම සහ තුවාල සිදු කිරීම.
2. නීතිවිරෝධී ලෙස ආයුධ සහ පහර දීමට හැකි උපකරණ ළඟ තබා ගැනීම.
3. පොලිසියට ව්‍යාජ තොරතුරු ලබා දීම.

පදෝවා හි පොලිස් ප්‍රධානී (Questore) Marco Odorisio මහතාගේ ඍජු නියෝග මත, මොහු සම්බන්ධයෙන් විශේෂ විමර්ශන අංශය (Digos) විසින් වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර ඇත. තවද, මෙම පුද්ගලයාව ඉතාලියෙන් වහාම පිටුවහල් කිරීම සඳහා ආගමන විගමන කාර්යාලය හරහා CPR (Centro di permanenza per il rimpatrio) එනම්, රටින් පිටුවහල් කරන තෙක් රඳවා තබා ගන්නා මධ්‍යස්ථානයකට යොමු කිරීමට පියවර ගෙන තිබේ.

සැලකිලිමත් වන්න:
දුම්රිය ස්ථාන (Stazione) සහ ජනාකීර්ණ පොදු ස්ථාන වල ගැවසෙන විට සෑම විටම අවට සිදුවන දේවල් පිළිබඳව අවධානයෙන් සිටින්න.

ක්ෂණිකව දැනුම් දෙන්න:
යම් සැකකටයුතු පුද්ගලයෙකු හෝ ආයුධ සන්නද්ධ අයෙකු දුටුවහොත්, වහාම ආරක්ෂක නිලධාරියෙකුට හෝ 112(හදිසි පොලිස් සේවාව) අමතා දැනුම් දෙන්න. ඉහත සිදුවීමේදීද වෙනත් විදේශිකයෙකු දුන් ඔත්තුවක් නිසා ජීවිත ගණනාවක් බේරී ඇත.

නීතියට ගරු කරන්න:
ඉතාලි පොලිසිය සහ ආරක්ෂක අංශ මෙවැනි අවස්ථාවලදී මහජන ආරක්ෂාව වෙනුවෙන් දැඩි තීරණ ගන්නා බැවින්, ඔවුන්ගේ රාජකාරියට සැමවිටම සහාය වන්න.

ඉතාලියේ කතානියා (Catania) නගරයේ ශ්‍රී ලාංකිකයන්ට විශේෂයෙන් ඉලක්ක කරගත් රත්තරන් සොරකම් ගැන බරපතල අනතුරු ඇඟවීමක්!මෑත කාලයේ...
03/09/2026

ඉතාලියේ කතානියා (Catania) නගරයේ ශ්‍රී ලාංකිකයන්ට විශේෂයෙන් ඉලක්ක කරගත් රත්තරන් සොරකම් ගැන බරපතල අනතුරු ඇඟවීමක්!

මෑත කාලයේදී ඉතාලියේ කතානියා නගරය සහ අවට ප්‍රදේශවල සොරකම් හා කොල්ලකෑම් සම්බන්ධ සිදුවීම් පිළිබඳ වැඩි අවධානයක් යොමු වී තිබේ. විශේෂයෙන්ම ශ්‍රී ලාංකිකයන් සතුව තිබෙන රන් ආභරණ සහ මුදල් අපරාධකරුවන්ගේ ඉලක්ක විය හැකි බැවින් සියලු දෙනාම වැඩි සැලකිල්ලෙන් කටයුතු කිරීම ඉතා වැදගත්ය.

🇱🇰 ශ්‍රී ලාංකිකයන් පළඳින රන් ආභරණ බොහෝ විට ඉහළ වටිනාකමකින් යුක්ත විය හැකි බැවින්, ප්‍රසිද්ධ ස්ථානවල විශාල රන් මාල, වළලු සහ වෙනත් වටිනා ආභරණ පැළඳීමේදී විශේෂ අවධානයක් යොමු කරන්න.

⚠️ මෑතකදී වාර්තා වූ අවාසනාවන්ත සිදුවීමක්

ශ්‍රී ලාංකිකයෙකු ගමන් කරමින් සිටියදී සැකකටයුතු පුද්ගලයන් කිහිපදෙනෙකු ඔහුගේ මෝටර් රථය පසුපසින් පැමිණ ඇති බව සඳහන් වේ. පසුව මෝටර් රථය මිලදී ගැනීමට අවශ්‍ය බව පවසමින් ඔහුව නවතා, ඔහු සතුව තිබූ රන් මාලය සහ මුදල් පසුම්බිය ලබා ගැනීමට උත්සාහ කර ඇති බව වාර්තා වේ.

එහිදී ඇති වූ ගැටුමක් අතරතුර ශ්‍රී ලාංකිකයා තුවාල ලබා රෝහල්ගත කිරීමට සිදු වූ බව දැනගන්නට ලැබේ.

මෙවැනි සිදුවීම්වලින් ආරක්ෂා වීමට ඔබට කළ හැකි දේවල්:

🔸 විශාල වටිනාකමක් ඇති රන් ආභරණ ප්‍රසිද්ධ ස්ථානවල ප්‍රදර්ශනය වන ආකාරයෙන් පැළඳීමෙන් හැකි තරම් වළකින්න.

🔸 රාත්‍රී කාලයේ හුදකලා ස්ථානවල තනිව ගමන් කිරීමේදී වැඩි සැලකිල්ලක් දක්වන්න.

🔸 ඔබගේ මෝටර් රථය මිලදී ගැනීමට හෝ පරීක්ෂා කිරීමට අවශ්‍ය බව පවසමින් නාඳුනන පුද්ගලයන් හමුවීමට සිදුවුවහොත්, තනිවම හුදකලා ස්ථානයකට නොයන්න.

🔸 නාඳුනන පුද්ගලයෙකු ඔබගේ වාහනය පසුපසින් දිගු වේලාවක් පැමිණෙන බව සැකයක් ඇතිවුවහොත්, ආරක්ෂිත සහ ජනතාව සිටින ස්ථානයකට යන්න.

🔸 ඔබ සතුව විශාල මුදල් ප්‍රමාණයක් තිබෙන බව අනවශ්‍ය පුද්ගලයන්ට දැනගැනීමට ඉඩ නොදෙන්න.

🔸 සමාජ මාධ්‍යවල ඔබ සතුව තිබෙන වටිනා රන් භාණ්ඩ, මුදල් හෝ වෙනත් වටිනා දේවල් ප්‍රසිද්ධියේ පෙන්වීමෙන් වළකින්න.

🔸 හදිසි අනතුරක් හෝ අපරාධයක් සිදුවුවහොත්, තමන්ගේ ජීවිත ආරක්ෂාවට මුල් තැන දෙන්න සහ හැකි ඉක්මනින් පොලිසියට දැනුම් දෙන්න.

📢 අපි සියලු දෙනාම අවධානයෙන් සිටිමු.

ඔබගේ රන් භාණ්ඩ, මුදල් සහ අනෙකුත් වටිනා දේවල් සම්බන්ධයෙන් වැඩි ආරක්ෂාවක් අනුගමනය කරන්න. ඔබ ආරක්ෂිත නම් ඔබගේ පවුලත් ආරක්ෂිතයි.

🤝 මෙම පණිවිඩය කතානියා සහ අවට ප්‍රදේශවල වෙසෙන අනෙකුත් ශ්‍රී ලාංකිකයන්ටත් Share කර දැනුවත් කරන්න.

⚠️ අවධානයෙන් සිටිමු • ආරක්ෂා වෙමු • එකිනෙකා දැනුවත් කරමු 🇱🇰🇮🇹

Janith Mallawa

29/08/2026

ඔබේ දරුවාගේ කරාතේ ගමනට සාර්ථක ආරම්භයක් ලබා දෙන්න අප සූදානම්. මෙවර අලුත් පාසල් වාරයත් සමඟ IBD Karate හා එක්වන දරුවන්ට විශේෂ වාසි රැසක්!

🎉 සුවිශේෂී දීමනාව:
සැප්තැම්බර් මාසය ඇතුළත සම්බන්ධ වන සියලුම නවක සිසුන් සඳහා ලියාපදිංචි ගාස්තුව (Registration Fee) සම්පූර්ණයෙන්ම නොමිලේ!

📍 Catania ශාඛාව:
සැප්තැම්බර් මුල සිට නවක සිසුන් බඳවා ගැනීම් ආරම්භ වේ.

📍 Messina සඳහා විශේෂයි - නවතම කරාතේ පන්තිය!

ආරම්භය: සැප්තැම්බර් දෙවන සතියේ සිට.

විශේෂත්වය: ඉතාලියේ මෙසීනා ලාංකික කතෝලික සංඝයේ ප්‍රධාන අධ්‍යාත්මික පියතුමන් වන ලංකා දේශප්‍රිය පියතුමාගේ පූර්ණ අධීක්ෂණය සහ ආශීර්වාදය සහිතව පැවැත්වේ. මීට පෙර අත්දැකීම් නොමැති ඕනෑම වයසක කෙනෙකුට මුල සිටම එක්විය හැක.

📢 Messina දෙමාපියන් සඳහා විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහන:

දිනය: සැප්තැම්බර් 6 (එළඹෙන ඉරිදා)

ස්ථානය: Sant’Elia දේවස්ථානයේදී

වේලාව: දිව්‍ය පූජාවෙන් අනතුරුව
(පන්ති පැවැත්වෙන වේලාවන්, නොමිලේ ලියාපදිංචි වීමේ අවස්ථාව සහ තවත් බොහෝ තොරතුරු මෙහිදී දැනගත හැක).

දරුවන්ට නැවුම් ආරම්භයක් ලබා දෙන්න අදම IBD Karate සමඟින් එක්වන්න!
වැඩි විස්තර සඳහා වීඩියෝව නරඹන්න. 👇

📞 විමසීම් 324 089 9737

29/08/2026

ඔබගේ මිතුරෙකු හෝ පවුලේ සාමාජිකයෙකුගේ WhatsApp ගිණුමෙන් හදිසියේ මුදල් ඉල්ලා පණිවිඩයක් ලැබුණාද?

⚠️ වහාම මුදල් යවන්න එපා!මෙය සයිබර් වංචාවක් (Scam) විය හැකියි.

📲 මෙම වංචාව සිදුවන්නේ කෙසේද?

වංචාකරුවන් පුද්ගලයෙකුගේ WhatsApp ගිණුමට අනවසරයෙන් ප්‍රවේශ වී, එම ගිණුම භාවිතා කරමින් මිතුරන් සහ පවුලේ සාමාජිකයන්ට හදිසි අවශ්‍යතාවයක් ඇති බව පවසා මුදල් ඉල්ලා පණිවිඩ යැවිය හැකියි.

🛑 සැක සහිත පණිවිඩයක් ලැබුණොත් කළ යුතු දේ

✅ වහාම මුදල් යවන්න එපා.
✅ අදාළ පුද්ගලයාට සාමාන්‍ය දුරකථන ඇමතුමකින් කතා කර සත්‍යතාව තහවුරු කරගන්න.
✅ අවශ්‍ය නම් වෙනත් විශ්වාසදායක ක්‍රමයකින් ඔවුන් සමඟ සම්බන්ධ වන්න.
⚠️ ඔබගේ WhatsApp ගිණුම අනවසරයෙන් භාවිතා වී ඇති බව සැක නම්

1️⃣ වහාම ඔබගේ මිතුරන් සහ පවුලේ අයව දැනුවත් කරන්න
2️⃣ ඔබගේ WhatsApp ගිණුම නැවත ආරක්ෂිතව ප්‍රවේශ කරගැනීමට නිල WhatsApp උපදෙස් අනුගමනය කරන්න

3️⃣ කිසිම අවස්ථාවක ඔබට ලැබෙන Verification Code හෝ PIN වෙනත් පුද්ගලයෙකුට ලබා නොදෙන්න.

🛡️ ඔබගේ WhatsApp ගිණුම ආරක්ෂා කරගන්න

🔹 දුරකථනය සහ Apps නිතර Update කරන්න.🔹 සැක සහිත Links හෝ පණිවිඩ විවෘත කිරීමෙන් වළකින්න.🔹 Two-Step Verification ක්‍රියාත්මක කරන්න.🔹 ඔබගේ Verification Code කිසිවෙකු සමඟ බෙදා නොගන්න.

⚖️ සයිබර් වංචාවක් පිළිබඳ තොරතුරු හෝ පැමිණිලි සඳහා:

Commissariato di P.S. Online – Polizia Postale

🇱🇰🤝🇮🇹අපේ ශ්‍රී ලාංකික ප්‍රජාව සයිබර් වංචාවලින් ආරක්ෂා කරගැනීමට මෙම පණිවිඩය ඔබගේ මිතුරන් සහ පවුලේ අය සමඟ Share කරන්න!

🇮🇹 ඉතාලියේ Carta Soggiorno හෝ පුරවැසිභාවය ලබාගැනීමට බලාපොරොත්තු වෙනවාද? 🇮🇹ඔබගේ සිහිනය සැබෑ කරගැනීමට අනිවාර්ය වන A2 සහ B1...
26/08/2026

🇮🇹 ඉතාලියේ Carta Soggiorno හෝ පුරවැසිභාවය ලබාගැනීමට බලාපොරොත්තු වෙනවාද? 🇮🇹
ඔබගේ සිහිනය සැබෑ කරගැනීමට අනිවාර්ය වන A2 සහ B1 ඉතාලි භාෂා විභාගයන් සඳහා දැන්ම සූදානම් වෙන්න! 100% ක සාර්ථකත්වයක් සමඟින් විභාගය ඉතා පහසුවෙන් ජයගැනීමට අපි ඔබට උපකාර කරමු

📅 විභාග දිනය: 2026 නොවැම්බර් 21
📍 පවත්වන නගර (Città):

* Catania
* Palermo
* Messina
* Siracusa
* Caltagirone
* Taormina

ආසන සීමිත බැවින් අදම ඔබගේ ආසනය වෙන්කරවා ගන්න! 🏃‍♂️💨
📞 වැඩි විස්තර සහ ලියාපදිංචිය සඳහා දැන්ම අමතන්න:
SAMAN RANDENIYA
📱 352 025 0303 | 351 662 0125

🏢 අපගේ ලිපිනය:
Via Giuseppe Verdi 183, Catania (Angolo Piazza Bovio)
✨ Ceylon Point

ඉතාලි පුරවැසිභාවය ලැබුණාට පස්සේ ලංකාවේ තමන්ගේ නමට තියෙන ඉඩමට මොකද වෙන්නේ? ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් බොහෝ දෙනෙකුට නිත...
25/08/2026

ඉතාලි පුරවැසිභාවය ලැබුණාට පස්සේ ලංකාවේ තමන්ගේ නමට තියෙන ඉඩමට මොකද වෙන්නේ?

ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් බොහෝ දෙනෙකුට නිතරම මතු වන ප්‍රශ්නයක් තමයි මේ.

කෙටි පිළිතුර: ඉතාලි පුරවැසිභාවය ලබාගත්තා කියලා ලංකාවේ ඔබේ නමට දැනටමත් තිබෙන ඉඩම හෝ දේපළ ස්වයංක්‍රීයව නැති වෙන්නේ නැහැ.

ඔබට අදාළ ශ්‍රී ලංකා නීති අනුව එම දේපළ සම්බන්ධයෙන් හිමිකම් තබාගැනීමට සහ, නීතිමය කොන්දේසි සපුරා ඇත්නම්, එය විකිණීමටත් සම්පූර්ණ හැකියාව තිබෙනවා.

🇮🇹 ඉතාලියේ සිට ලංකාවේ දේපළක් හිමිව තිබෙනවා නම්...

මෙහිදී වැදගත්ම කරුණක් තිබෙනවා. ඔබ ඉතාලියේ Tax Resident (බදු නේවාසිකයෙකු) නම්, ලංකාවේ තිබෙන ඉඩමක් හෝ නිවසක් වැනි විදේශීය දේපළ සම්බන්ධයෙන් ඉතාලියේ බදු නීති අදාළ විය හැකියි.

ඒ අනුව:
🔹 Quadro RW (විදේශීය වත්කම් ප්‍රකාශ කිරීම)
🔹 IVIE බද්ද
වැනි නීති ඔබගේ තත්ත්වය අනුව අදාළ වෙන්න පුළුවන්.

ඒ කියන්නේ, ලංකාවේ දේපළ තිබීම එක පැත්තක් වන අතර, ඒ දේපළ සම්බන්ධයෙන් ඉතාලියේ බදු නීති අදාළ වීම තවත් පැත්තක්. ඉතාලි පුරවැසිභාවය තිබීම පමණක් නොව, ඔබගේ Tax Residence එක සහ දේපළේ ස්වභාවය වැනි කරුණුත් මෙහිදී බලපානවා.

ඉඩම විකුණලා මුදල් ඉතාලියට ගෙනාවොත්?

දේපළ විකිණීමෙන් ලැබුණු මුදල් නීත්‍යානුකූලව ඉතාලියට මාරු කරන විට ශ්‍රී ලංකාවේ විදේශ විනිමය හා බැංකු නීති මෙන්ම, ඉතාලියේ බැංකු සහ Antiriciclaggio (මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ) නීති අදාළ වෙනවා.

ඒ නිසා මේ ලියකියවිලි නිසි ලෙස තබාගැනීම අනිවාර්යයි:

📜 ඉඩමේ ඔප්පුව
📄 විකිණීමේ ගිවිසුම් හා ලියකියවිලි
🏦 බැංකු ගනුදෙනු පිළිබඳ සාක්ෂි
📑 උරුමයෙන් ලැබුණේ නම් ඒ සම්බන්ධ ලියකියවිලි

ලංකාවට නොගොස් ඉඩම විකුණන්න පුළුවන්ද?

ඔව්! බොහෝ අවස්ථාවලදී Power of Attorney (ඇටෝර්නි බලපත්‍රයක්) මගින් ලංකාවේ සිටින ඔබේ විශ්වාසදායක පුද්ගලයෙකුට හෝ නීතිඥයෙකුට අදාළ කටයුතු කිරීමට බලය ලබාදිය හැකියි. නමුත් ඒ සඳහා අවශ්‍ය ලියකියවිලි ඉතාලියේදී නිවැරදිව සහතික කිරීම් (Legalization/Apostille) සිදුකළ යුතුයි.

⚠️ විශේෂයෙන් මතක තබාගන්න:

දේපළ තබාගැනීම, විකිණීම, මුදල් ඉතාලියට ගෙන ඒම සහ ඉතාලියේ බදු ප්‍රකාශ කිරීම යන කරුණු සඳහා වෙන වෙනම නීති අදාළ වේ.

ඒ නිසා ඉඩමක් විකිණීමට හෝ විශාල මුදලක් ඉතාලියට ගෙන ඒමට පෙර:

🇱🇰 ශ්‍රී ලංකාවේ දේපළ නීතිඥයෙකුගෙන් සහ
🇮🇹 ඉතාලියේ Commercialista කෙනෙකුගෙන්
ඔබගේ පුද්ගලික තත්ත්වය අනුව නිවැරදි උපදෙස් ලබාගැනීම වඩාත් ආරක්ෂිතයි.

මෙය සාමාන්‍ය දැනුවත් කිරීමක් පමණි. පුද්ගලික නීතිමය හෝ බදු උපදෙසක් නොවේ.

කාන්තාවන් සඳහාආරක්ෂිත නවාතැන් පහසුකම්​කතානියා නගරයේ පහත පහසුකම් සහිතමෙට්‍රෝ, තබක්කි, තැපැල් කන්තෝරු,සුපරි මාර්කට්, පනිෆි...
25/08/2026

කාන්තාවන් සඳහා
ආරක්ෂිත නවාතැන් පහසුකම්

​කතානියා නගරයේ පහත පහසුකම් සහිත
මෙට්‍රෝ, තබක්කි, තැපැල් කන්තෝරු,
සුපරි මාර්කට්, පනිෆිෂියෝ සහ
ශ්‍රී ලාංකික සිල්ලර වෙළඳසැල්
සමීපයේ නවාතැන් පහසුකම් ඇත
​පදිංචි වන අවශ්‍ය අයට
රෙසිඩන්ට් ලබාදීමේ හැකියාවද ඇත

​වැඩි විස්තර සඳහා 392 792 8499

🌿 අපි විනෝද වෙමු… පරිසරයත් ආදරයෙන් රැකගමු! 🇮🇹🇱🇰පසුගිය දින කිහිපයේ අපේ අය විනෝද වීමට ගිය මෙසිනා හි Gaggi ප්‍රදේශයේ සුන්දර...
24/08/2026

🌿 අපි විනෝද වෙමු… පරිසරයත් ආදරයෙන් රැකගමු! 🇮🇹🇱🇰

පසුගිය දින කිහිපයේ අපේ අය විනෝද වීමට ගිය මෙසිනා හි Gaggi ප්‍රදේශයේ සුන්දර ස්ථානයක, කුණු කසළ දමා ගොස් ඇති ආකාරය දැකගන්න ලැබුණා. අපි ඉතාලියේ ලස්සන තැන්වලට යන්නේ සතියේ මහන්සිය නිවාගෙන නිදහසේ කාලය ගත කරන්නයි. ඒ නිසා අපි යන තැන අපිම විනාශ කරන්නේ නැතුව ආදරයෙන් රැකගැනීම අපේම යුතුකමක් නේද? 🌳❤️

නවතම ඉතාලි නීති සංශෝධන (Decreto Legge 137/2023) අනුව, පරිසරයට කුණු කසළ බැහැර කිරීම දැන් සාමාන්‍ය වරදක් නොවෙයි; එය දඬුවම් ලැබිය හැකි අපරාධමය වරදක් (Reato Penale) බවට පත් කර තිබෙනවා.

⚠️ මේ සඳහා යූරෝ 1,000 සිට 10,000 දක්වා වූ ඉතා විශාල දඩ මුදලක් නියම විය හැකි බව ඉතාලි රජය නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.

අපේ අයගේ අතින් වෙන පුංචි අත්වැරැද්දක් නිසා මේ වගේ විශාල දඩ මුදලක් ගෙවන්න වෙනවට හෝ නීතිමය ප්‍රශ්නවලට මුහුණ දෙනවට අපි කැමති නැහැ. ඒ නිසා අපි හොඳ සිතින් මේ දේවල් පුරුද්දක් කරගමු:

🗑️ අපි අරගෙන යන කුණු කසළ නිල කසළ බඳුනකට දමමු, නැත්නම් ආපහු ගෙදරටම ගෙන එමු.

🚯 තැන තැන කුණු දැමීමෙන් සම්පූර්ණයෙන්ම වළකින්න.

🌿 අපි ගිය තැන, අපි යන විට තිබුණාටත් වඩා පිරිසිදුව තබන්න

👨‍👩‍👧‍👦 ඊළඟ රස්නෙ කාලෙටත් අපිට මෙවැනි ලස්සන ස්ථානවලට එන්නත්, අපෙන් පසුව එන අයට මේ සුන්දරත්වය විඳින්නත් ඉඩ දෙමු.

අපේ මාතෘභූමියේ නමත්, අපේ අභිමානයත් රැකගෙන, මේ ලස්සන රටේ නිදහසේ සතුටු වෙමු.

අපි විනෝද වෙමු…
අපේ සුන්දර මතකයන් ගෙදර අරන් යමු…
කුණු ටිකත් අපිත් එක්කම ආපහු ගෙන එමු! ❤️🇱🇰🇮🇹

“අපි ගිය තැන අපේ නිසා නොවෙයි… අපෙන් පස්සෙත් තවත් අයට තියෙන්න ඕන නිසා රැකගමු.” 🌿

#පරිසරයරකිමු #කුණුනොදමමු

Indirizzo

Catania

Notifiche

Lasciando la tua email puoi essere il primo a sapere quando LankaGate pubblica notizie e promozioni. Il tuo indirizzo email non verrà utilizzato per nessun altro scopo e potrai annullare l'iscrizione in qualsiasi momento.

Contatta L'organizzazione

Invia un messaggio a LankaGate:

Scelte rapide

Condividi