06/09/2026
රුමේනියාවේ ඉඳන් ඉතාලියට පනින්න හදන අපේ අයට, ජීවිතේම ගොඩදාගන්න පුළුවන් රත්තරන් උපදෙසක්!
මෑත කාලයේ රුමේනියාවට නීත්‍යානුකූලව රැකියාවට ගිහින්, ටික කාලෙකින් කැලෑ පාරවල් වලින් ඉතාලියට පනින එක ලොකු රැල්ලක් වෙලා. හැබැයි මේ ගන්න වැරදි තීරණය නිසා ඔබේ මුළු අනාගතයම අඳුරු වෙන්න පුළුවන් කියලා ඔබ දන්නවාද?
ඉතාලියේ වර්තමාන නීතිමය තත්ත්වය (ඇත්තම තත්ත්වය):
වත්මන් ඉතාලි රජයේ දැඩි සංක්‍රමණික නීති වලට අනුව (Decreto Flussi සහ නව නීතිමය සංශෝධන), නීතිවිරෝධීව රටට ඇතුළු වන පුද්ගලයෙකුට නීත්‍යානුකූල වීසා බලපත්‍රයක් (Permesso di Soggiorno) සාදා ගැනීම අද වන විට සිහිනයක්. ලියකියවිලි නොමැතිව ඉතාලියේ නිසි රැකියාවක් සොයාගැනීම, නිවසක් කුලියට ගැනීම තබා සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමවත් දැන් ඉතාමත් දුෂ්කරයි.
මොළෙන් වැඩකරලා යුරෝපයේම රජවෙන්න හොඳම පාර:
ඔබ දන්නවාද? රුමේනියාව කියන්නේ ලෝකයේ 11 වෙනි බලවත්ම පාස්පෝට් එක හිමි, දැන් ෂෙන්ගන් (Schengen) කලාපයටත් අයිති රටක්! ඇමරිකානු පාස්පෝට් එකත් පසුකරගෙන ඉදිරියට යන්න තරම් මේ වෙද්දී රුමේනියාව බලවත්.
අවුරුදු 5 න් PR එක: රුමේනියාවේ නීත්‍යානුකූලව වසර 5 ක් රැකියාව කළොත් ඔබට ස්ථිර පදිංචිය (Long-term Residence) ලබාගන්න පුළුවන්.
අවුරුදු 8 න් Passport එක: වසර 8 කට පසු රුමේනියානු පුරවැසිභාවය (Citizenship) අයදුම් කරන්න පුළුවන්.
යුරෝපීය පුරවැසියෙක් විදිහට ඉතාලියට එන්න!
කැලෑ පාරෙන් ඇවිත් අවුරුදු ගාණක් ඉතාලියේ හැංගිලා, අඩු පඩියට වැඩ කරලා දුක් විඳිනවාට වඩා, තවත් ටික කාලයක් ඉවසලා රුමේනියානු පාස්පෝට් එක ගත්තොත්... ඔබට නීත්‍යානුකූල යුරෝපීය පුරවැසියෙක් (EU Citizen) විදිහට ඉතාලියට එන්න පුළුවන්!
ඉතාලි ජාතිකයෙකුට තියෙන සියලුම අයිතිවාසිකම්, හොඳම රැකියා අවස්ථා සහ නිදහස කිසිම බියක් නැතුව භුක්ති විඳින්න එදාට ඔබට පුළුවන්.
කෙටි පාරවල් හොයලා අමාරුවේ වැටෙන්න එපා. රැලිවලට දුවන්නේ නැතිව මොලෙන් වැඩක් කරගන්න.
රුමේනියාවේ ඉන්න ඔබේ යහළුවන්ට, නෑදෑයින්ට මේ පණිවිඩය Share කරලා ඔවුන්ගේ අනාගතය බේරාගන්න උදව් වෙන්න.