LankaGate

Chiama Indicazioni Sito Web Contatta l'organizzazione

LankaGate We provide you with an alternative service

නාපොලි නගරයේ හදිසි අනතුරෙන් මියගිය මිගමුවේ තිලක් මහතාට මොක්සුව පතමු
24/10/2026

නාපොලි නගරයේ හදිසි අනතුරෙන් මියගිය මිගමුවේ තිලක් මහතාට මොක්සුව පතමු

📅 2026 ඔක්තෝබර් 25 වන ඉරිදා සිට ඉතාලියේ ශීත කාලයට අදාළ වේලාව (Ora Solare) ආරම්භ වෙනවා.🕒 ඒ කියන්නේ සෙනසුරාද අලුයම 3.00 වන...
23/10/2026

📅 2026 ඔක්තෝබර් 25 වන ඉරිදා සිට ඉතාලියේ ශීත කාලයට අදාළ වේලාව (Ora Solare) ආරම්භ වෙනවා.

🕒 ඒ කියන්නේ සෙනසුරාද අලුයම 3.00 වන විට ඔරලෝසුව නැවත 2.00ට සකස් වෙනවා. ඒ නිසා අපට පැයක් වැඩිපුර නිදාගන්නත් අවස්ථාව ලැබෙනවා. 😊

🇱🇰 ශ්‍රී ලංකාව සහ ඉතාලිය අතර වේලාවේ වෙනසත් වෙනස් වෙනවා!

🔹 ඔක්තෝබර් 25ට පෙර ඉතාලිය ශ්‍රී ලංකාවට වඩා පැය 3යි මිනිත්තු 30ක් පිටුපසින් සිටිනවා.

🔹 ඔක්තෝබර් 25 සිට එම වෙනස පැය 4යි මිනිත්තු 30ක් වෙනවා.

📱 ජංගම දුරකථනවල වේලාව සාමාන්‍යයෙන් ස්වයංක්‍රීයව වෙනස් වුණත්, අතින් සකස් කරන ඔරලෝසු තිබෙනවා නම් ඒවාත් පරීක්ෂා කරගන්න අමතක කරන්න එපා.
Janith Mallawa

ඉතාලි  පොලිසියේ (Polizia di Stato) සයිබර් අපරාධ විමර්ශන අංශය වන Polizia Postale මගින් ඉතාලියේ වෙසෙන සියලුම දෙනාට වැදගත් ...
20/10/2026

ඉතාලි පොලිසියේ (Polizia di Stato) සයිබර් අපරාධ විමර්ශන අංශය වන Polizia Postale මගින් ඉතාලියේ වෙසෙන සියලුම දෙනාට වැදගත් නිල නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අපගේ SPID, Postepay, බැංකු ගිණුම් (Conto Corrente), Facebook සහ WhatsApp ගිණුම් වල මුරපද (Passwords) හරියට අපේ ගෙදර යතුරු වගේම වටිනවා. මේ දිනවල ඉතාලිය තුළ විවිධ අන්තර්ජාල වංචාවන් (Scams) සහ ගිණුම් හැක් කිරීම් බහුලව සිදුවන නිසා, ඉතාලියේ වෙසෙන අපේ ශ්‍රී ලාංකිකයන් මේ පිළිබඳව දැඩි අවධානයෙන් සිටීම ඉතාම වැදගත්!

🛡️ ඔබේ දත්ත සහ මුදල් ආරක්ෂා කරගන්න මේ දේවල් ගැන අනිවාර්යයෙන් සැලකිලිමත් වන්න:

රහස්‍යභාවය: ඔබගේ මුරපද (Passwords) හෝ දුරකථනයට එන OTP අංක කිසිඳු හේතුවක් මත වෙනත් අයෙකුට (හිතවතෙකුට වුවද) ලබා නොදෙන්න.

සැක සහිත සබැඳි: තෑගි දෙන බවට හෝ බැංකු ගිණුම් Block වී ඇති බවට පවසමින් SMS හෝ WhatsApp හරහා එන සැක සහිත Links (සබැඳි) Click කිරීමෙන් වළකින්න.

ආරක්ෂාව: ඔබගේ ගිණුම් සඳහා අනුමාන කිරීමට අපහසු, ශක්තිමත් මුරපද සෑම විටම භාවිතා කරන්න.

⚠️ ඔබේ ගිණුමක් හැක් (Hack) වුවහොත් හෝ අන්තර්ජාලය හරහා වංචාවක් සිදුවුවහොත් කුමක් කළ යුතුද?
කිසිවිටෙකත් කලබල නොවන්න. මේ පිළිබඳව වහාම ඉතාලි තැපැල් පොලිසියට (Polizia Postale) අන්තර්ජාලය හරහා පැමිණිලි කළ හැකියි.

🔗 පැමිණිලි කිරීම සඳහා ඉතාලි පොලිසියේ නිල වෙබ් අඩවිය: 👉 www.commissariatodips.it

අපගේ දත්ත වල ආරක්ෂාව අපේම අතේයි! මේ වැදගත් තොරතුර ඉතාලියේ ඉන්න ඔබේ ආදරණීයන්ටත්, Share කර ඔවුන්වත් දැනුවත් කරන්න.
Janith Mallawa

🛒 Carta Dedicata a te 2026: යුරෝ 500ක මූල්‍ය ආධාරය!නොවැම්බර් 04 වැනිදා සිට ක්‍රියාත්මක වේ.ඉතාලි රජය විසින් අඩු ආදායම්ලාභ...
19/10/2026

🛒 Carta Dedicata a te 2026: යුරෝ 500ක මූල්‍ය ආධාරය!නොවැම්බර් 04 වැනිදා සිට ක්‍රියාත්මක වේ.

ඉතාලි රජය විසින් අඩු ආදායම්ලාභී පවුල් සඳහා ලබා දෙන යුරෝ 500ක "Carta Dedicata a te" (ඔබ වෙනුවෙන්ම කැප වූ කාඩ්පත) 2026 නොවැම්බර් 04 වැනිදා සිට ක්‍රියාත්මක වේ.

මුදල් ප්‍රමාණය: එක් පවුලක් සඳහා එකවර ලැබෙන යුරෝ 500ක දීමනාවකි.

භාවිතා කළ හැකි දේ: මෙම කාඩ්පත භාවිතයෙන් සුපිරි වෙළඳසැල්වලින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය, ඉන්ධන සහ ප්‍රවාහන සේවා සඳහා වියදම් කළ හැකිය.

අයදුම් කළ යුතු ආකාරය: මේ සඳහා ඔබ වෙනුවෙන්ම වෙනම අයදුම්පත් යැවීමට අවශ්‍ය නොවේ. INPS ආයතනය සහ ඔබේ නගර සභාව (Comune) හරහා ISEE අගය මත පදනම්ව සුදුසුකම් ලබන පවුල් ස්වয়ංක්‍රීයව තෝරා ගනු ලැබේ.

🎂 Bella Torta Academy හි අසිරිමත් දිනයක්! ශ්‍රී ලාංකීය දක්ෂතාවයේ අභිමානය ලොවටම!🇱🇰❤️🇮🇹Bella Torta Academy හි මේ වසරේ පාඨම...
18/10/2026

🎂 Bella Torta Academy හි අසිරිමත් දිනයක්! ශ්‍රී ලාංකීය දක්ෂතාවයේ අභිමානය ලොවටම!🇱🇰❤️🇮🇹

Bella Torta Academy හි මේ වසරේ පාඨමාලා සාර්ථකව අවසන් කළ දක්ෂ සිසු සිසුවියන් වෙනුවෙන් පැවැත්වුණු සහතිකපත් ප්‍රදානෝත්සවය සහ අලංකාර කේක් ප්‍රදර්ශනයට සහභාගී වීමට ලැබීම මට සැබවින්ම සතුටක් ගෙන දුන් අත්දැකීමක් වුණා. ❤️

විවිධ හැඩතලවලින්, වර්ණවලින් සහ අසමසම නිර්මාණශීලීත්වයෙන් හැඩවුණු කේක් නිර්මාණ දෙස බලන විට, මේ කලාව පිටුපස තිබෙන කැපවීම, ඉවසීම සහ දක්ෂතාව මැනවින් අවබෝධ කරගන්න පුළුවන් වුණා.

මෙම උළෙලේ තවත් විශේෂත්වයක් වූයේ මගේ ආදරණීය බිරිඳ විසින් උත්සවයේ නිවේදන සහ සභාව මෙහෙයවීමේ කටයුතු සිදු කිරීමයි. ඇය එම වගකීම ඉතාමත් අලංකාරවත් ලෙස ඉටු කරනු දැකීම මට පෞද්ගලිකව මහත් සතුටක් සහ ආඩම්බරයක් ගෙන දුන්නා. ❤️

🌟 Bella Torta Academy හි ගුරුතුමියගේ කැපවීම සහ දැනුම

දක්ෂ සිසු පරපුරක් බිහිවීමට නම් ඔවුන්ට නිවැරදි මඟපෙන්වීම ලබාදෙන ගුරුවරයෙකු සිටිය යුතුයි. කේක් නිර්මාණකරණය සම්බන්ධයෙන් දේශීය හා ජාත්‍යන්තර පුහුණුවීම් රැසක් සහ වෘත්තීය සුදුසුකම් ලබා ඇති Bella Torta Academy හි ගුරුතුමිය, වන නිලූ ප්‍රනාන්දු තමන් සතු දැනුම සහ අත්දැකීම් සිසු සිසුවියන් සමඟ බෙදාගනිමින් ඔවුන්ගේ අනාගතයට ශක්තිමත් පදනමක් සකස් කර දෙනවා.

👑 ජාත්‍යන්තර කේක් නිර්මාණ ක්ෂේත්‍රයේ ශ්‍රී ලාංකීය අභිමානය — ශකී පෙරේරා මහත්මිය!🇱🇰

අද උළෙලට විශේෂත්වයක් එක් කළ ප්‍රවීණ කේක් නිර්මාණ ශිල්පිනී ශකී පෙරේරා මහත්මිය ගැනත් විශේෂයෙන් සඳහන් කළ යුතුයි.

වසර 27කට අධික අත්දැකීම් සහිත ඇය, කේක් නිර්මාණකරණය සම්බන්ධ ජාත්‍යන්තර පුහුණු හා අධ්‍යාපන කටයුතුවල නියැළෙමින්, තම දැනුම නව පරපුරට ලබාදෙන දක්ෂ ශිල්පිනියක්. ජාත්‍යන්තර තරගවලදී ලබාගත් පදක්කම් සහ සම්මාන රැසක්ද ඇයගේ වෘත්තීය ගමන්මඟේ විශේෂත්වයක්.

ඇය වැනි ශ්‍රී ලාංකික කාන්තාවන් ජාත්‍යන්තර වේදිකාවල දක්ෂතා පෙන්වමින්, තමන් ලබාගත් දැනුම තවත් පිරිසකට ලබාදීම අප සැමට ආඩම්බරයක්.

❤️ විදේශයක ජීවත් වුවත් අපේ රටේ දක්ෂතාව සහ අභිමානය ලෝකයට ගෙන යන මෙවැනි පුද්ගලයන්ට අපගේ හදපිරි ගෞරවය හිමිවිය යුතුයි.

අද සහතිකපත් ලබාගත් සියලුම සිසු සිසුවියන්ටත්, Bella Torta Academy හි ගුරුතුමියටත්, ශකී පෙරේරා මහත්මියටත් ඉදිරියේදී තවත් සාර්ථකත්වයන් සහ ජයග්‍රහණ අත්කර ගැනීමට හැකි වේවායි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා!

අද ඔබ ලබාගත් සහතිකය, හෙට ඔබේ සාර්ථකත්වයේ ආරම්භය වේවා! ✍️ Janith Mallawa

කතානියා ඔන්ලයින් වාහන කුලියට දීමේ (Rent a Car) දැවැන්ත වංචාවක් හෙළිවෙයි! ඉතාලි රාජ්‍ය පොලීසියේ (Polizia di Stato) නිල නි...
17/10/2026

කතානියා ඔන්ලයින් වාහන කුලියට දීමේ (Rent a Car) දැවැන්ත වංචාවක් හෙළිවෙයි!

ඉතාලි රාජ්‍ය පොලීසියේ (Polizia di Stato) නිල නිවේදනයකට අනුව, අන්තර්ජාලය හරහා ව්‍යාජ වෙබ් අඩවියක් පවත්වාගෙන යමින් වාහන කුලියට දෙන බව පවසා මුදල් වංචා කළ පුද්ගලයින් තිදෙනෙකු කටානියා පොලීසිය විසින් හඳුනාගෙන නීතිය හමුවට පමුණුවා තිබෙනවා.

වංචාව හෙළිවූ ආකාරය: අන්තර්ජාලය හරහා වාහනයක් කුලියට ගැනීමට ගොස් මුදල් වංචාවකට හසුවූ කාන්තාවක් කටානියා ගුවන්තොටුපළේ දේශසීමා පොලිස් ඒකකයට (Polizia di Frontiera) කළ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශන ආරම්භ වී ඇත.

සැකකරුවන් කොටුවූ හැටි: වංචනිකයින් විසින් මුදල් බැර කරගැනීම සඳහා ලබා දී තිබූ බැංකු ගිණුම් අංක (IBAN) සහ ඔවුන් භාවිතා කළ දුරකථන අංක පිළිබඳව ගැඹුරින් දත්ත පරීක්ෂා කළ පොලිස් නිලධාරීන්, මෙම ජාවාරම පිටුපස සිටි පුද්ගලයින් තිදෙනාගේ අනන්‍යතාවය තහවුරු කරගෙන තිබෙනවා.

නීතිමය පියවර: සංවිධානාත්මකව මූල්‍ය වංචා සිදුකිරීමේ (Truffa in concorso) චෝදනාව යටතේ මොවුන් තිදෙනාට එරෙහිව මේ වන විට නීතිමය පියවර ගෙන ඇත.

නිවාඩු සමයේදී හෝ හදිසි ගමන් බිමන් සඳහා අන්තර්ජාලයෙන් වාහන කුලියට ගැනීමේදී (Noleggio Auto) අපේ බොහෝ දෙනෙක් ලාභදායී දීමනා (Offerte) ගැන වැඩි අවධානයක් යොමු කරනවා. එවැනි වංචනිකයින්ගෙන් ආරක්ෂා වීමට මේ කරුණු ගැන සැලකිලිමත් වන්න:

වෙබ් අඩවියේ සත්‍යතාව පරීක්ෂා කරන්න: ප්‍රසිද්ධ සහ පිළිගත් ආයතනවල නිල වෙබ් අඩවිවලටම සමානව සැකසූ ව්‍යාජ වෙබ් අඩවි (Clone sites) බහුලව පවතී. මුදල් ගෙවීමට පෙර වෙබ් ලිපිනය (URL) සහ පාරිභෝගික ප්‍රතිචාර (Reviews) හොඳින් පරීක්ෂා කරන්න.

සෘජු බැංකු තැන්පතු (Bonifico) ගැන සැලකිලිමත් වන්න: නිල වෙබ් අඩවියක ආරක්ෂිත ගෙවීම් ක්‍රමවේදයෙන් (Secure Payment Gateway) පිටත, WhatsApp හෝ දුරකථන ඇමතුම් හරහා ලබාදෙන පුද්ගලික IBAN අංකවලට හෝ PostePay කාඩ්පත්වලට මුදල් බැර කිරීමෙන් වළකින්න.

සැක සහිත නම් පැමිණිලි කරන්න: ඔබත් මෙවැනි අන්තර්ජාල මූල්‍ය වංචාවකට හසුවුවහොත්, වහාම ළඟම ඇති පොලිස් ස්ථානයට හෝ තැපැල් හා සන්නිවේදන පොලිස් ඒකකයට (Polizia Postale) පැමිණිලි කරන්න.

මෙවැනි වංචාවලට හසු නොවී ඔබේ මුදල් ආරක්ෂා කරගන්න. ඉතාලියේ සිටින අනෙකුත් ශ්‍රී ලාංකික මිතුරන්වද දැනුවත් කරන්න මෙම පණිවිඩය Share කරන්න! 🇱🇰🤝🇮🇹
Janith Mallawa

#එතෙරඅපි

ඉතාලියේ සිසිලි දූපතේ භාණ්ඩ ප්‍රවාහන ක්ෂේත්‍රයේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් අද (ඔක්තෝබර් 16) මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ වී ති...
16/10/2026

ඉතාලියේ සිසිලි දූපතේ භාණ්ඩ ප්‍රවාහන ක්ෂේත්‍රයේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් අද (ඔක්තෝබර් 16) මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ වී තිබෙනවා.

ANSA සහ Rai News TGR Sicilia වාර්තා අනුව, ඉන්ධන මිල ඉහළ යාම සහ මුහුදු ප්‍රවාහන වියදම් වැඩිවීම හේතුවෙන් මෙම විරෝධතාව ක්‍රියාත්මක වෙනවා.

🚛 වර්ජනය කොපමණ කාලයක් පවතීද?

🔹 ඔක්තෝබර් 16–20: Comitato Autotrasportatori Siciliani විසින් දින පහක ප්‍රවාහන නැවැත්වීමක් ප්‍රකාශ කර තිබෙනවා.

🔹 ඔක්තෝබර් 16–22: Confindustria Catania මීට පෙර වෙනම ප්‍රවාහන නැවැත්වීමක් නිවේදනය කර තිබුණත්, අද ANSA වාර්තාව අනුව එම ආයතනයේ ව්‍යාපාර මෙම ක්‍රියාමාර්ගයට සහභාගී වී නැහැ.

🔹 රජයෙන් විසඳුමක් නොලැබුණහොත් විරෝධතාව තවදුරටත් දිගු විය හැකි බවට වාර්තා පළ වී තිබෙනවා.

📌 වර්ජනයට ප්‍රධාන හේතු මොනවාද?

• ඩීසල් ඇතුළු ඉන්ධන මිල ඉහළ යාම.

• සිසිලිය සහ ඉතාලි ප්‍රධාන ගොඩබිම අතර මුහුදු ප්‍රවාහන වියදම් වැඩිවීම.

• Sea Modal Shift සහනාධාර සහ ඉන්ධන පිරිවැය සම්බන්ධයෙන් රජයෙන් සහන හා විසඳුම් ඉල්ලා සිටීම.

ANSA වාර්තා කළ පරිදි, කිලෝමීටර් 100,000ක් වසරකට ධාවනය කරන බර වාහනයක ඉන්ධන වියදම පෙබරවාරි මාසයට සාපේක්ෂව මාස අටකදී යුරෝ 8,000කට වැඩි ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබෙනවා.

🛒 සිසිලියේ ජීවත් වන ශ්‍රී ලාංකිකයන්ට මෙය බලපාන්නේ කෙසේද?

📍 සුපිරි වෙළඳසැල්: භාණ්ඩ ප්‍රවාහනය ප්‍රමාද වුවහොත් ඇතැම් භාණ්ඩ නැවත ගෙන්වීමේදී ප්‍රමාදයන් ඇති විය හැකියි.

📍 කැටානියා, පලර්මෝ සහ මෙසීනා: වරාය සහ ප්‍රවාහන කටයුතුවලට ඇතිවන බලපෑම් අනුව භාණ්ඩ බෙදාහැරීම් වෙනස් විය හැකියි.

📍 මාර්ග ගමනාගමනය: ලොරි රථ නවතා තැබීම සහ වෙනත් විරෝධතා නිසා ඇතැම් ස්ථානවල ප්‍රමාදයන් ඇති විය හැකියි. විශේෂයෙන් Gela අවට ගොවි විරෝධතා පිළිබඳ වාර්තා ද පළ වී තිබෙනවා.

✅ ඔබ කළ යුත්තේ කුමක්ද?

✔️ කලබල වී අත්‍යවශ්‍ය නොවන ලෙස භාණ්ඩ රැස් කිරීමෙන් වළකින්න.

✔️ ඔබට අවශ්‍ය දෛනික භාණ්ඩ සාමාන්‍ය පරිදි මිලදී ගන්න.

✔️ දිගු ගමනක් යාමට පෙර අදාළ මාර්ගයේ නවතම ගමනාගමන තත්ත්වය පරීක්ෂා කරන්න.

📌 LankaGate විශේෂ දැනුම්දීම: මෙම තත්ත්වය වෙනස් විය හැකි බැවින් නවතම තොරතුරු තහවුරු කරගෙන කටයුතු කරන්න.

ඉතාලියේ ජීවත් වන ශ්‍රී ලාංකික ඔබට වැදගත් මෙම පුවත තවත් අය දැනුවත් කිරීම සඳහා Share කරන්න.
Janith Mallawa

🇱🇰❤️🇮🇹 ඉතාලියේ අපේ මිනිස්සු දැන් යන්නේ ඊළඟ මට්ටමට!🍕 Farinè Pizzeria – Cataniaඅද දවස මට ගොඩක් විශේෂයි! ඉතාලියේ කතානියා නග...
10/10/2026

🇱🇰❤️🇮🇹 ඉතාලියේ අපේ මිනිස්සු දැන් යන්නේ ඊළඟ මට්ටමට!

🍕 Farinè Pizzeria – Catania

අද දවස මට ගොඩක් විශේෂයි! ඉතාලියේ කතානියා නගරයේ අපේ ශ්‍රී ලාංකිකයන්ගේ තවත් සාර්ථක ව්‍යාපාරික ගමනක් ගැන ඔයාලා එක්ක බෙදාගන්න ලැබීම ඇත්තටම සතුටක්. Farinè Pizzeria හි නව කළමනාකාරිත්වය යටතේ ආරම්භ කරන මේ විශේෂ අවස්ථාවට මට කරපු ආරාධනාවට එහි කණ්ඩායමට මගේ හෘදයාංගම ස්තුතිය පුද කරනවා.

💪අපේ මිනිස්සු දැන් රැකියා හොයන තැනින් එහාට ගිහින්, තමන්ගේම කියලා ව්‍යාපාර ගොඩනඟමින් ඉතාලි වෙළෙඳපොළේ ස්ථාවර වෙන්න උත්සාහ කරන විදිහ දකිද්දී ඇත්තටම මට දැනෙන්නේ ලොකු ආඩම්බරයක්. අද ඔයාලා පටන් ගන්න මේ ගමන, හෙට දවසේ තවත් ශ්‍රී ලාංකිකයෙකුගේ සිහිනයක් සැබෑ කරගන්න ලොකු ආදර්ශයක් වේවි!

❤️ Farinè Pizzeria කණ්ඩායමට මගෙන් උණුසුම් සුබ පැතුම්! ඔයාලගේ ව්‍යාපාරය දිනෙන් දින දියුණු වෙලා, සාර්ථකත්වයේ ඉහළටම යන්න ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.

🤝 ඉතාලියේ ඉන්න අපේ අයගේ ජයග්‍රහණ දැකලා සතුටු වෙන ගමන්, ඒ ගමනට පුළුවන් විදිහට ශක්තියක් වෙන එක තමයි මගේ අරමුණ. අපේ අයගේ ව්‍යාපාරවලට සහයෝගය දෙමු. එකිනෙකාට අත දෙමින් ඉස්සරහටම යමු.

අපේ මිනිසුන්ගේ සාර්ථකත්වය, අපේ හැමෝගෙම අභිමානයයි! ❤️🇱🇰🇮🇹

📍 Farinè Pizzeria
Via Duca degli Abruzzi 166A, Catania
📞 095 8361177 / 371 7725040

✍️ ජනිත් මල්ලව

මේ දිනවල ඉතාලි සමාජය හා ප්‍රධාන මාධ්‍ය ධාරාවන් (Adnkronos පුවත් සේවය ඇතුළුව) තුළ මහත් කම්පනයක් ඇති කළ, විදෙස්ගත ශ්‍රී ලා...
07/10/2026

මේ දිනවල ඉතාලි සමාජය හා ප්‍රධාන මාධ්‍ය ධාරාවන් (Adnkronos පුවත් සේවය ඇතුළුව) තුළ මහත් කම්පනයක් ඇති කළ, විදෙස්ගත ශ්‍රී ලාංකිකයෙකු සම්බන්ධ ඉතා සංවේදී පුවතක් මෙලෙස වාර්තා වී තිබුණා.

විදේශ රටවල සේවය කරන සහ ජීවත් වන අප සියලු දෙනාටම මෙයින් ගත හැකි වැදගත් පණිවිඩයක් ඇති බැවින් මේ පිළිබඳව ඔබේ අවධානය යොමු කරන්න.

⚠️ සිදුවීම කුමක්ද?
සෞදි අරාබියේ රැකියාවක නිරත වී සිටි 24 හැවිරිදි අනෝජන් සිවරාසා නම් ශ්‍රී ලාංකික තරුණයාට, ෆේස්බුක් (Facebook) හි පළ කළ එක් සටහනක් හේතුවෙන් මේ වන විට මරණ දඬුවම නියම වී තිබෙනවා.

පසුබිම් කතාව:
ශ්‍රී ලංකාවේ හින්දු වන්දනා ගමනක් අතරතුර පුද්ගලයෙකු සුනඛයෙකුට පහර දීමේ සිදුවීමක් සම්බන්ධයෙන් අන්තර්ජාලයේ ආගමික වාදයක් හටගෙන තිබුණා. මෙම වාදය දුරදිග යාමෙන්, අනෝජන් විසින් දෙමළ භාෂාවෙන් මුහම්මද් නබිතුමාට අපහාස වන අන්දමේ පණිවිඩයක් ෆේස්බුක් හි පළ කර තිබෙනවා.

ඔහු කළ වරද තේරුම් ගෙන වහාම එම සටහන මකා දමා සමාව අයදිමින් වීඩියෝවක් ද පළ කර තිබුණා. නමුත් ඒ වන විටත් යමෙකු විසින් එම සටහනේ 'Screenshot' එකක් ගෙන සෞදි බලධාරීන්ට සහ ඔහුගේ සේවායෝජකයාට යවා තිබුණි.

නෛතික තත්ත්වය:
පසුගිය ජූලි මාසයේදී ඔහුව අත්අඩංගුවට ගත් අතර, මුලින් සයිබර් අපරාධ නීතිය යටතේ වසර 5ක සිරදඬුවමක් නියම වුණා. නමුත් පසුව පැමිණිල්ල විසින් මෙය 'ෂරියා නීතිය' (Sharia law) යටතේ විභාග කරන ලෙස කළ අභියාචනයකට අනුව ඔහුට මෙලෙස මරණ දඬුවම නියම කර ඇත.

වත්මන් තත්ත්වය:
සැප්තැම්බර් 28 වැනිදායින් පසු ඔහු ගැන කිසිදු තොරතුරක් නැති බවත්, තම පුතාට සමාව දී ආපසු එවන ලෙසත් ඔහුගේ මව හඬා වැලපෙමින් ඉල්ලා සිටිනවා. ශ්‍රී ලංකා රජය මේ වන විට රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් ඔහු බේරාගැනීමට මැදිහත් වී ඇතත්, දඬුවම ක්‍රියාත්මක කරන දිනයක් මෙතෙක් ප්‍රකාශයට පත් කර නැහැ.

ඉතාලි රජයේ නීති පද්ධතිය සහ යුරෝපීය මාධ්‍ය පවා මේ පිළිබඳව අවධානය යොමු කරමින් පෙන්වා දෙන්නේ, සමාජ මාධ්‍ය භාවිතයේදී අප කොතරම් ප්‍රවේශම් විය යුතුද යන්නයි.

කෝපය පාලනය කරගන්න: ඉතාලියේ හෝ ලෝකයේ කුමන රටක සිටියත් ආගමික, ජාතික හෝ සංවේදී කරුණු සම්බන්ධයෙන් අන්තර්ජාලයේ ගැටුම් ඇතිකර ගැනීමෙන් වළකින්න.

නීතියට ගරු කරන්න: ඔබ ජීවත් වන රටේ නීතිය හා සංස්කෘතියට ගරු කරන්න. එක් තත්පරයකින් කරන වැරැද්දක් ඔබේ මුළු ජීවිතයම විනාශ කර දැමිය හැක.

සොයාබලා කටයුතු කරන්න: ඔබ අන්තර්ජාලයට මුදාහරින දේවල් මකා දැමුවත්, එහි සලකුණු (Screenshots) වෙනත් අයෙකුට ඔබව නීතියේ රැහැනට හසුකර දීමට ප්‍රමාණවත් වේ.

මෙම වැදගත් පණිවිඩය ඉතාලියේ සිටින ඔබේ මිතුරන්, පවුලේ අය සහ සියලු ශ්‍රී ලාංකිකයන් සමග Share කර දැනුවත් කරන්න. සමාජ මාධ්‍ය වගකීමෙන් භාවිතා කරමු! 🇱🇰🇮🇹
Janith Mallawa

06/10/2026

ඉතාලියේ සිට මෙහෙයවූ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමක් මාට්ටු! සීදූව ප්‍රදේශයේ සුපිරි මහල් නිවාසයකදී ත්‍රස්ත මර්දන සහ විමර්ශන කොට්ඨාසය (TID) විසින් සැකකරුවන් දෙදෙනෙකු සමඟ කෝටි 2ක පමණ වටිනා කොකේන් අත්අඩංගුවට ගනී. කෝටි ගණනක මුදල් සංසරණය වූ බැංකු ගිණුම් 25ක් පිළිබඳවත් පුළුල් විමර්ශන ඇරඹේ! 😱

Indirizzo

Catania

Notifiche

Lascia la tua email e sarai tra i primi a sapere quando LankaGate pubblica novità e promozioni. Il tuo indirizzo email non verrà utilizzato per nessun altro scopo e potrai annullare l'iscrizione in qualsiasi momento.

Contatta L'organizzazione

Invia un messaggio a LankaGate:

Scelte rapide

Condividi

Categoria