Israel Api

Israel Api ඊශ්‍රායල් වල තොරතුරු බෙදා ගැනීම

Harsh*th 🇱🇰 steers Sri Lanka W to Women's Asia Cup Semi-Finals 🏆
06/09/2026

Harsh*th 🇱🇰 steers Sri Lanka W to Women's Asia Cup Semi-Finals 🏆

🇱🇰 HISTORY FOR SRI LANKA! 🔥Rumesh Tharanga Pathirage wins the Diamond League Final with a throw of 89.04m! 🥇💎The Sri Lan...
05/09/2026

🇱🇰 HISTORY FOR SRI LANKA! 🔥

Rumesh Tharanga Pathirage wins the Diamond League Final with a throw of 89.04m! 🥇💎

The Sri Lankan javelin star finished ahead of Poland’s Dawid Wegner (87.47m) and Trinidad and Tobago’s Keshorn Walcott (83.99m).

A massive moment for Sri Lankan athletics! 🇱🇰👏

Rumesh leading with another gigantic throw of 89.04m End of three attempts
05/09/2026

Rumesh leading with another gigantic throw of 89.04m
End of three attempts

අද ශ්‍රී ලංකා ඉතිහාසය අලුතෙන්ම ලියන්න නියමිත දවසක්. අද ශ්‍රී ලංකා ඉතිහාසයම වෙනස් වෙන්නට නියමිත දවසක්. ඒ තනි මනුස්සයෙක්ගේ...
05/09/2026

අද ශ්‍රී ලංකා ඉතිහාසය අලුතෙන්ම ලියන්න නියමිත දවසක්. අද ශ්‍රී ලංකා ඉතිහාසයම වෙනස් වෙන්නට නියමිත දවසක්. ඒ තනි මනුස්සයෙක්ගේ අතින්. තනි ක්‍රීඩකයෙක්ගේ අතින්. ඔහු නමින් රුමේෂ් තරංග පතිරගේ.

ශ්‍රී ලංකා ඉතිහාසයේ අතිශය පළමු වතාවට ඩයමන්ඩ් ලීග් මළල ක්‍රීඩා අවසන් මහා තරගයකට සිංහ ධජයෙන් ක්‍රීඩකයෙක් එකතු වෙනවා.

හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් අවසන් මහා තරගය නියෝජනය කරන රුමේෂ් තරංග ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රියේ, ඒ කියන්නේ හෙට පාන්දර 12.10 ට තරග වදින්නට නියමිත වෙලා ඉන්නවා.

මේ තරගයට රුමේෂ් එන්නේ ෆේවරිට් විදිහට. ඒ කියන්නේ තරගය ජයග්‍රහණය කරන්න වැඩිම ඉඩකඩක් තියෙන ක්‍රීඩකයා විදිහට. එහෙම කියන්නේ ඇයි?

2026 අවුරුද්දේ පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් ලෝකයේ රුමේෂ් තරංගට සම වෙන්න කිසිම ක්‍රීඩකයෙක්ට හැකියාවක් ලැබුණේ නෑ. රුමේෂ් මේ වර්ෂය පුරාවටම හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් හිටියේ අනිත් ක්‍රීඩකයන්ට වඩා ගව් ගානක් ඉදිරියෙන්.

92.62 ක දැවැන්ත විසි කිරීමක් පවා වාර්තා කරපු ඔහු ලෝක හෙල්ල විසි කිරීමේ ශ්‍රේණිගත කිරීම් වල අංක 1 ක්‍රීඩකයා විදිහට වැජඹෙනවා. ඔහු තමයි අද රාත්‍රියේ තරගය ජයග්‍රහණය කරන්න ඉදිරියෙන්ම ඉන්නේ.

ඊළඟට රුමේෂ්ට මේ තරගයේදී තර්ජනයක් වෙන්නේ කවුද?

පළමු වැන්නා තමයි ග්‍රෙනේඩාව නියෝජනය කරන ඇන්ඩර්සන් පීටර්ස්. 28 හැවිරිදි පීටර්ස් කියන්නේ හෙල්ල විසි කිරීමේ ඉසව්වේ සෑහෙන ජාත්‍යන්තර අත්දැකීම් තියෙන ක්‍රීඩකයෙක්.

ලෝක ශූරතා රන් පදක්කම් 2 ක්, ඔලිම්පික් ලෝකඩ පදක්කමක් වගේම 2024 ඩයමන්ඩ් ලීග් ශූරයා වෙන්න සමත් වුණෙත් ඇන්ඩර්සන් පීටර්ස්. ඔහු නිමාවුණ පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළලේත් රුමේෂ්ට දෙවනි වෙමින් රිදී පදක්කම ජයග්‍රහණය කළා.

ඇන්ඩර්සන් පීටර්ස් මෙතන පෞද්ගලික හොඳම දක්ෂතා වලින් රුමේෂ්ට වඩා ඉදිරියෙන් ඉන්නේ. ඔහු මීටර් 93.07 ක දුරක් තමන්ගේ හොඳම දුර විදිහට සටහන් කරන්න සමත් වෙලා තියෙනවා. හැබැයි 2026 අවුරුද්දේ නම් ඇන්ඩර්සන් පීටර්ස් වාර්තා කරපු ඉහළම දක්ෂතාවය මීටර් 86.93 යි.

ඊළඟට අමරිකා එක්සත් ජනපදයේ කර්ටිස් තොම්ප්සන්. ඔහු නිමා වුණ 2025 ලෝක ශූරතාවයේ ලෝකඩ පදක්කම්ලාභියා.

ඔහු 2026 වර්ෂයේදී හොඳම දක්ෂතාවය විදිහට මීටර් 87.59 ක දුරක් සටහන් කළා. රුමේෂ්ගේ 92.62 ට පස්සේ මේ තරගයට සහභාගී වන ක්‍රීඩකයන්ගෙන් 2026 අවුරුද්දේ දෙවනියට වැඩිම දුරක් සටහන් කරලා තියෙන්නේ කර්ටිස් තොම්සන්.

මේ දෙන්නා තමයි මෑත කාලීනව ඉන්න රිද්මයත් එක්ක රුමේෂ්ට හොඳම අභියෝගයක් එල්ල කරන්න පුළුවන් දෙන්නා.

ඇන්ඩර්සන් පීටර්ස් සහ රුමේෂ් තරංගට අමතරව තමන්ගේ ක්‍රීඩා ජීවිතයේ මීටර් 90 සීමාව පහු කරපු අය විදිහට මෙතන ට්‍රිනිඩෑඩ් සහ ටොබෑගෝ නියෝජනය කරන කෙශෝන් වෝල්කොට් සහ කෙන්යාවේ ජුලියස් යෝගෝ නම් කරන්න පුළුවන්.

හැබැයි මේ දෙන්නම මෑත කාලීන රිද්මය ගත්තොත් රුමේෂ්ට වඩා සෑහෙන පිටිපස්සෙන් ඉන්නේ.

ඇත්තම කතාව කියනවා නම් අද අවසන් මහා තරගයේ ක්‍රීඩක ලැයිස්තුවට වඩා අඩියක් නෙමෙයි අඩි 3 ක් 4 ක් ම ඉදිරියෙන් රුමේෂ් තරංග ඉන්නවා. ඔහුට මේ ජයග්‍රහණය ලබා ගන්න ලියලා තියෙන දවසක්.

සාමාන්‍යයෙන් මම ලියද්දී යථාර්තයත් එක්ක ලියන්නේ. දිනන්න අවස්ථාවක් නැත්නම් ඒක එහෙමයි කියලා ලියනවා. හැබැයි අද රුමේෂ් තරංග ඉන්නේ විශාල පරතරයක් සහිතව, මේ වසරේ කරන්න පුළුවන් හැමදේම කරලා.

අද රාත්‍රියේ ඩයමන්ඩ් ලීගයේ දියමන්තිය වෙන්න ඔබට හැකි වෙන්න කියලා සමස්ථ ශ්‍රී ලංකාව වෙනුවෙන්ම රුමේෂ් තරංගට ඊශ්‍රායල් ශ්‍රී ලංකා අපි ප්‍රාර්ථනා කරනවා. රුමේෂ් අද දිනලම එමු.

හදවතේ සිදුරු දෙකකුත් තියාගෙන, වල් අලි ගහන මහ මූකලන් මැදින් කිලෝමීටර් ගණන් පයින් ගිහින් මුළු ලංකාවෙන්ම පළමුවැනියා වෙච්ච අ...
04/09/2026

හදවතේ සිදුරු දෙකකුත් තියාගෙන, වල් අලි ගහන මහ මූකලන් මැදින් කිලෝමීටර් ගණන් පයින් ගිහින් මුළු ලංකාවෙන්ම පළමුවැනියා වෙච්ච අම්මා නැති මේ පුංචි වීරයාගේ කතාව ඇස්වලට කඳුළු උනන තරම්! ❤️🥺💪💪♥️♥️

මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් වීමත් සමඟ මුළු රටේම අවධානය ‘ඇහැටුවැව’ නාමය වෙත යොමු විය. දිවයින පුරා සිසුන් 289,867 දෙනෙකු අතුරින් කඩඉම් ලකුණ පසුකළ සිසුන් 56,000 අතරින් ලකුණු 193ක් ලබාගනිමින් දිවයිනේ ඉහළම ලකුණු හිමිකර ගැනීමට සමත් වූයේ ගල්ගමුව අධ්‍යාපන කොට්ඨාසයට අයත් ඇහැටුවැව ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ ධනෝජ් තීක්ෂණ වීරසේකර පුතුය.

ධනෝජ් ජීවත් වන්නේ පාසලේ සිට කිලෝමීටර් 7-8ක් පමණ ඈතින් පිහිටි ‘මහමේරුව’ නම් දුෂ්කර ගම්මානයේය. නිවසේ සිට පාසලට යන එන මාර්ගය නිරන්තරයෙන් වල් අලි සැරිසරන ඝන කැලෑවකි. පාන්දරින්ම මඟ රැක සිටින වන අලි බාධක හේතුවෙන් බොහෝ දිනවල ඔහුට පාසල් යාමට සිදුවූයේ පමාවීය.

ධනෝජ් පෙරපාසල් යන වියේදීම ඔහුගේ මව මෙලොවින් සමුගත් අතර, එතැන් පටන් මවකගේද සෙනෙහස ලබාදෙමින් දරුවා රැකබලා ගත්තේ පියා සහ වැඩිමහල් සොහොයුරිය විසිනි. ඇයද මීට පෙර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 188ක් ලබාගෙන කුරුණෑගල ප්‍රධාන පාසලක අධ්‍යාපනය ලබන්නීය.

කිසිදු අමතර උපකාරක පන්තියකට සහභාගී නොවූ ධනෝජ්, පාසලෙන් දුන් අධ්‍යාපනය උපරිමයෙන් ග්‍රහණය කරගත්තේය. ඔහුගේ පියා වන ඩබ්.බී.එම්. සිසිර කුමාර මහතා ප්‍රාදේශීය සභාවේ මාර්ග කම්කරුවෙකු ලෙස වසර හතක් සේවය කළද රැකියාව ස්ථීර නොවූ තැන ඉන් ඉවත් වී, වන්නිහත්පත්තුවේ කටුක මහපොළොව සමඟ පොරබදමින් හේන් ගොවිතැන් කළ අයෙකි.

නය වී කුඹුරු කරමින්, දරු දෙදෙනාට අමතරව සිය වියපත් දෙමව්පියන්ද රැකබලා ගන්නා සිසිර කුමාර මහතාට හේනේදීත්, රෑ පැල් රකිද්දීත්, වගාව වනසන මොනරුන් එළවද්දීත් ළඟින්ම සිටි සෙවණැල්ල වූයේ කුඩා ධනෝජ්ය. ශිෂ්‍යත්ව ප්‍රතිඵල ලැබුණු මොහොතේද ඔවුන් සිටියේ හේනේ මෑ වගාව රකිමිනි.

ශාරීරිකවද දැඩි අභියෝගයකට මුහුණ දෙන ධනෝජ්, හදවතේ සිදුරු දෙකක් පැවතීම හේතුවෙන් කුරුණෑගල ‘හද සුව මැදුර’ වෙතින් දිගින් දිගටම ප්‍රතිකාර ලබාගන්නා දරුවෙකි. පියා දිනක් පැවසූ "ලොකු ලකුණක් ගත්තොත් ටී.වී. එකේ පත්තරවල නම යාවි" යන වචන කිහිපය දැඩි අධිෂ්ඨානයක් කරගත් ධනෝජ්ගේ අනාගත සිහිනය ඉංජිනේරුවරයෙකු වීමයි.

මෙම ජයග්‍රහණය පිටුපස පාසලේ කැපවීමද සුවිශේෂී විය. වන අලි උවදුර නිසා දරුවා ප්‍රමාද වී පැමිණෙන විට මඟහැරුණු පාඩම් කියා දෙමින්, සති අන්තයේද ඉගැන්වීම් කරමින් සිය නිවුන් පුතුන් දෙදෙනා සමඟම ධනෝජ්වද රැකබලා ගත්තේ ඔහුගේ පන්තිභාර ගුරු මෑණියන් වූ ඩබ්.ඒ. ආශා කුමුදුනී මහත්මිය විසිනි.

පාසල භාරගන්නා විට විවිධ බාධක, විරෝධතා සහ විමර්ශන දහයකට අධික ප්‍රමාණයකට මුහුණ දෙමින් පාසල භෞතිකව හා අධ්‍යාපනිකව ගොඩනැඟූ විදුහල්පති ඩී.එම්. වසන්ත දසනායක මහතා ප්‍රමුඛ ආචාර්ය මණ්ඩලයේ කැපවීම මත මෙවර විභාගයට පෙනී සිටි සිසුන් 117 දෙනාගෙන් 58 දෙනෙකුම විභාගය සමත්ව ඇත.

මෙම ඓතිහාසික ජයග්‍රහණය වෙනුවෙන් පසුගිය 3 වනදා මහව අධ්‍යාපන කලාපයේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ මොහොමඩ් අලි ජින්නා සහ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ (සංවර්ධන) ආර්.ඒ.එච්.එස්. බණ්ඩාර යන මහත්වරුන් පාසලට පැමිණ සුබපැතුම් එක් කළහ. වසර පහක් පුරා 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග කාර්ය දර්ශක වාර්තාවට අනුව දිවයිනේ ඉදිරියෙන්ම සිටින මහව අධ්‍යාපන කලාපයේ නාමය තවදුරටත් ඉහළට ඔසවා තැබීමට මේ පුංචි දරුවාට හැකි විය.

දුප්පත්කම, අසනීප බව සහ අම්මාගේ වියෝව හමුවේ නොසැලී මුළු රටක්ම ජයගත් මෙවන් දරුවන් රටකට මහඟු සම්පතකි! 🌸🙏

Verified Source: අරුණ පුවත්පත

සැබෑ අධිෂ්ඨානය සහ නිවැරදි කැපවීම හමුවේ ආර්ථික දුෂ්කරතා හෝ ජීවිතයේ බාධක කිසිවිටෙකත් ජයග්‍රහණයට බාධාවක් විය නොහැකි බව මුළු රටටම පසක් කළ පාඩමකි.

ධනෝජ් පුතුගේ මෙම විශිෂ්ට ජයග්‍රහණය සහ ආදර්ශමත් ජීවිතය ගැන ඔබට මොකද හිතෙන්නේ?

02/09/2026
📢 සුහද හමුවේ සියලු විස්තර 🇱🇰🇮🇱🍽️ Restaurant ක්ෂේත්‍රයේ අපේම අයගේ සුහද හමුව 🤝❤️📅 දිනය: සැප්තැම්බර් 12⏰ වේලාව: පස්වරු 1.00...
30/08/2026

📢 සුහද හමුවේ සියලු විස්තර 🇱🇰🇮🇱

🍽️ Restaurant ක්ෂේත්‍රයේ අපේම අයගේ සුහද හමුව 🤝❤️

📅 දිනය: සැප්තැම්බර් 12
⏰ වේලාව: පස්වරු 1.00 සිට රාත්‍රී 11.00 දක්වා 🕐➡️🌙

📍 ස්ථානය:
👉 Google Maps Location එක මෙතැනින් බලන්න 📌
https://maps.app.goo.gl/Pvmogd8z4SfnL2gy9?g_st=awb

🚗 පැමිණෙන සියලු දෙනාට පහසුවෙන් ස්ථානය සොයාගැනීමට Google Maps Location එක ලබා දී ඇත.

🇱🇰🇮🇱 ඊශ්‍රායලයේ Restaurant ක්ෂේත්‍රයේ අපේම ශ්‍රී ලාංකිකයන් එකට එකතු වන සුන්දර දවසක්! ❤️

🤝 හමුවෙමු • 🎶 විනෝද වෙමු • ❤️ යාළුකම් වැඩි කරගමු!

Address

Netanya
1210000

Website

Alerts

Be the first to know and let us send you an email when Israel Api posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category