Victoria සෙට් එක

Victoria සෙට් එක Sri Lankan Community in Victoria, BC Canada

ඉතින් ටික කාලෙකට පස්සේ නිවාඩුවක් හම්බවෙච්ච වේලාවේ ලංකාවේ ඉන්න HR Field එකට ආස වගේම, High Studies වලින් කැනඩාවට එන්න බලන්...
02/08/2023

ඉතින් ටික කාලෙකට පස්සේ නිවාඩුවක් හම්බවෙච්ච වේලාවේ ලංකාවේ ඉන්න HR Field එකට ආස වගේම, High Studies වලින් කැනඩාවට එන්න බලන් ඉන්න, අපේ කොල්ලා කෙල්ලන්ට වැදගත් වෙන පොස්ට් එකක් දාන්න හිතුනේ..

කෙලින්ම කාරණාවට බැස්සොත් මම මේ කියන්න යන්නේ Camosun College එකේ තියෙන Post Degree Diploma( PDD) in Human Resources Management and Leadership කියන Program එක ගැනයි..🎓🎓

මේ HR program එක ගැන කාතා කොලොත්, මේ Program එක 2 years program එකක් ඒ නිසා PGWP එක ගැන දේපාරක් හිතන්න දෙයක් නෑ මොකද College එක (DLI) Certified නිසා, මේ Program එකේ courses ගැන කතා කලොත් courses 15 වගේ තියෙනවා එකෙන් Courses 14 ක් (Mandatory) වගේම 1 Course එකක් අපිට select කරගන්න පුලුවන් මම ඒ courses ටික පහලින් දාන්නම්..

👉

All of:( Mandatory)👇

ACCT 161 - Financial Management Credits: 3
BUS 150 - Introduction to Management Credits: 3
BUS 210 - HR Management Foundations Credits: 3

BUS 220 - Organizational Behaviour Credits: 3
BUS 310 - Strategic Compensation Credits: 3
BUS 311 - Employment Law Credits: 3

BUS 312 - Human Resource Development Credits: 3
BUS 313 - Employee and Labour Relations Credits: 3
BUS 315 - Workplace Health & Safety, Wellness Credits: 3

BUS 318 - Recruitment, Selection & Retention Credits: 3
BUS 325 - Human Resources Management Systems Credits: 3
BUS 330 - Advanced Communications Credits: 3

BUS 421 - Strategic HR Management Credits: 3
BUS 480 - Advanced Business Strategy Credits: 3

One of (Optional) 👇

BUS 314 - Cross-Cultural Leadership Credits: 3
BUS 322 - Leading Organizational Change Credits: 3
BUS 440 - Current Trends in HR Management Credits: 3
BUS 450 - International Management Credits: 3
BUS 485 - Applied Leadership Perspectives Credits: 3
PADM 260 - Multi-Party Decisions in Government Credits: 3

Optional Program Credential Designation: Internship All of ( Mandatory) 👇

BUS 102 - Internship Work Experience 1 Credit: 6
CDEV WPS - Workplace Preparation Skills Credits: 0

මේ program එක අපේ ලංකාවේ තියන Chartered Institute of Personnel Management (CIPM) එකේ Professional Qualification in HRM (PQHRM) කියන program එක හා සමාන Program එකක්, වෙනසකට කියලා තියෙන්නේ මේහේ තියෙන Programs සේරම Canadian Business Environment එකට customized කරලා තියෙන එක විතරයි,තව දුරටත් කිව්වොත් Labor Relationship, Recruitment and Selection, Training and Development කියන Basic HR Concept ටික සම්පුර්ණයෙන්ම Based වෙලා තියෙන්නේ අදාල province එකේ තියෙන Rules, Regulations and Procedures එක්ක. ඒ නිසා තමා Canadian Education System එක අනිත් රටවල් එක්ක බලද්දීත් Strong වගේම Solid විදිහට තියෙන්නේ.. අපේ ලංකාවේ HR කියලා අපි ඇත්තටම ඉගෙන ගන්නේ බොහොදුරට Armstrong ගේ Textbook එකේ තියෙන Concepts විතරයී.. නැතුව අපේ ලංකාවේ HR field එකට Customized කරපු courses හොයාගන්න හරි අමාරුයි..

අනිත් අතින්, මේ HR program එකට CoOp එකක් වගේම Internship එකකුත් තියනවා, ඒත් ඒකනම් Optional. ඔයාට කැමතිනම් Canadian HR field එකේ solid Experience එකක් ගන්න මේ Opportunity එක ඔයාට ගොඩක් වටිනවා, ඒ වගේම internship එකට යන්න කලින් College එකේ වෙනම Coop කියලා program එකක් තියෙනවා, ඒක Internship කරන අයට Mandatory Requirement එකක්, මොකද ඒ Course එකේදි ඔයාට CV එකක් Cover letter එකක් හදන විදිහ, Job interview එකකට Face කරන විදිහ වගේ ගොඩාක් professional වගේම soft skills හදාගන්න විදිහ එහෙම Practically කියලා දෙනවා.. ඒ නිසා මේ Option එක ඔයාට Gold Opportunity එකක්, ඒත් සමහරක් Students ලා මේකෙන් ප්‍රයෝජන ගන්නේ නෑ මොකද ඉක්මනින් Course එක ඉවර කරලා PGWP එකට Apply කරන්න ඔනා නිසා..

මේ program එක පටන් ගන්නේ Summer නැත්තම් Fall term එකේදී, මුලින්ම පටන් ගද්දී නම් ඔයාට 1st Term එකට Maximum කරන්න පුළුවන් වෙන්නේ Course 3 වගේ: Introduction to Management, HRM foundation and Organizational Behavior කියන Courses 3 තමා, ඊට අමතරව ඔයාට තව course එකක් කරන්න ඔනේනම් එක college එකට request කරන්න ඔනේ..ඒත් බොහොදුරට term එකට Course 3 කරන එක ගොඩාක් ලේසි fulltime Job එකක් කරන නිසා.. සමහර Course තියෙනවා ඒවා සම්පුර්ණයෙන්ම වගේ online course ඒ නිසා ඔයා Term එකකට Course Select කරගද්දී ඔයාට Flexible විදිහට ඔයාගේ time එක manage වෙන විදිහට Online වගේම In-class Courses තොරගන්න පුලුවන්, ඒ නිදහස ඔයාට සම්පුර්ණයෙන්ම තියෙනවා.. ඇත්තටම මේ program එක අනිත් program එක්ක සංසන්දනය කරද්දී ගොඩාක් ලේසී.. සමහර Course වල Exam එකක්වත් නෑ, තියෙන්නේ Weekly Assignment විතරයි, උදාහරණයකට කිව්වොත් Advanced Communication (330) කියන Course එක ගත්තොත් ඒකේ කිසිම Exam එකක් නෑ Weekly Assignments ටිකක් විතරයි තියෙන්නේ.. ඒ නිසා course select කරගද්දී අනිවාර්යයෙන්ම මේ හෑමදේගැනම බලන්න ඔනි.

Camosun College එකේ තියෙන HR Programs වලට Summer Break එකක් තියෙනවා ඒත් මේ Break එක scheduled break එකක්, ඒ කියන්නේ ඔයාට Full time studies ( 3 Courses) කරන ගමන් Full Time Work කරන්නත් පුලුවන්, ඒත් මේ option එක ගොඩාක් Canadian Institutions වල නෑ.. ඉතින් මේ Option එකත් ඔයාට ලැබෙන තවත් එක Gold Opportunity එකක්. ඔයා හරියටම Course ටික plan කරගත්තොත් ඔයාට term එකකට Course 3 ගානේ කලොත් ඔයාට මේ PDD HR program එක Terms 5 කින් කරලා ඉවර කරලා PGWP එකට ඉක්මනින් Apply කරන්න පුලුවන්.

Tuition and fees: Effective from September 1, 2022, to August 31, 2023 👇

Business Administration, Post Degree Diploma - Human Resource Management & Leadership Option: $23,310 (international)
Business Administration, Post Degree Diploma - Human Resource Management & Leadership Option, Internship designation: $24,910 (international)

මෙම වැඩසටහන මානව සම්පත් පිළිබඳ වරලත් වෘත්තිකයෙකු Canada (CPHR) තනතුරු හැදෑරීමට අවශ්‍ය ප්‍රධාන නිපුණතා බහුතරයක් ඇතුළත්, මේ program එකට College එකේ තියෙන IELTS requirement එක Overall 6.5, each band 6 කියන normal language requirement එක තමා..ඒ නිසා ඒ වැඩෙත් මහන්සි වෙලා ගොඩ දාගෙන කැනඩාවට එන්න අපේ කොල්ලෝ කෙල්ලෝ සෙට් එකට ශක්තිය ලෑබේවා කියලා වික්ටොරියා අපි හදවතින් ප්‍රාර්ථනා කරනවා..

එහෙනම් ආයෙත් ලගදිම මේ වගේම post එකකින් අපි හම්බවෙමු..💪✌

ජය වේවා...😍😇

01/24/2023

A big thank you to everyone for helping us achieve this milestone. Keep up the love and support. 🎗️

We are blessed to hit this 💪

👣
සෙට් එක ❤
😍

ලංකාවේ ගොඩාක් අය ඉල්ලපු   එකක් !. කියවලම බලන්න 👍"The University of Victoria (UVic)" 🧑‍🎓The University of Victoria (UVic)...
01/23/2023

ලංකාවේ ගොඩාක් අය ඉල්ලපු එකක් !. කියවලම බලන්න 👍

"The University of Victoria (UVic)" 🧑‍🎓

The University of Victoria (UVic) is one of Canada’s leading research-intensive universities located in Victoria, on the British Columbia coast, Canada.

: UVic is proud to be recognized in the 2022 Times Higher Education Impact Rankings for innovative and impactful research, and for campus operations that are ecologically and socially responsible. Consistently, the top university in North America for international research collaboration. The university received degree-granting status in 1963. UVic is in the top five colleges and universities around the world in advancing and living up to the commitments of three UN SDG areas, as rated by the 2022 Times Higher Education Impact Rankings:

 2nd for SDG 13: Climate action
 5th for SDG 14: Life below water
 2nd for SDG 15: Life on land

, Divisions, and Services:🧑‍💻

10 faculties, 2 divisions, and several other offices and services are available to assist students.

:🧑‍🔧

 Business - https://www.uvic.ca/gustavson/index.php
 Education - https://www.uvic.ca/education/index.php
 Engineering and Computer Science - https://www.uvic.ca/ecs/index.php
 Fine Arts - https://www.uvic.ca/finearts/index.php
 Human and Social Development - https://www.uvic.ca/hsd/index.php
 Humanities - https://www.uvic.ca//humanities/index.php
 Law - https://www.uvic.ca/law/index.php
 Science - https://www.uvic.ca/science/index.php
 Social Sciences - https://www.uvic.ca/socialsciences/index.php
 Graduate Studies - https://www.uvic.ca/graduatestudies/index.php

🧑‍✈‍

 Medical Sciences - https://www.uvic.ca/medsci/index.php
 Continuing Studies - https://continuingstudies.uvic.ca/

👣

 Awards and financial aid - https://www.uvic.ca/registrar/safa/index.php
 Learning and teaching support - https://www.uvic.ca/learningandteaching/
 Learning Commons - https://www.uvic.ca/library/locations/home/learning/
 Co-operative education - https://www.uvic.ca/coop/coopandcareer/index.php
 Office of the Registrar - https://www.uvic.ca/registrar/index.php
 Academic advising for undergraduate students - https://www.uvic.ca/students/undergraduate/academic-advising/index.php
 Program advising for graduate students - https://www.uvic.ca/students/graduate/program-advising/index.php
 Centre for Accessible Learning - https://www.uvic.ca/accessible-learning/index.php
 International Center for Students - https://www.uvic.ca/international/
 Resident Services - https://www.uvic.ca/residence/
 Office of Student Life - https://www.uvic.ca/services/studentlife/
 Student wellness Center - https://www.uvic.ca/student-wellness/
 Centre for Athletics, Recreation and Special Abilities (CARSA) - https://vikesrec.ca/facilities

Services👐

• Book Store - https://www.uvicbookstore.ca/
• Child Care Services - https://www.uvic.ca/services/childcare/
• ONE Card office - The UVic photo ID card is called a ONECard - https://www.uvic.ca/onecard/
(It is the student’s official UVic student identification and campus debit card.)
• Printing Services - https://www.uvic.ca/print/
• University Food Services - https://www.uvic.ca/services/food/
• UVic Computer Store- https://www.uvicbookstore.ca/tech/

Before and after arriving at UVic, students must contact their specific faculties and some of the aforementioned campus services. All UVic students are required to have comprehensive insurance coverage for the entire duration of their studies in Canada. Initially, emergency medical coverage (guard. me) will be there in the first term of your studies until you get the British Columbia Medical Service Plan (MSP). All the information can be obtained through UVic Center for International Students, and I have mentioned the link below if anyone would like to refer. https://www.uvic.ca/international/inbound-students/living-canada/health-insurance/index.php

According to my knowledge and experience as an international student at UVic and as a staff member at UVic, students should keep in touch with the Office of the Registrar in particular if they are undergraduate students, the International Center for Students if they are immigrants studying at UVic, and the Student Wellness Center because this is the most convenient location for students to obtain health services when compared to most other walk-in clinics at Victoria or other hospital emergency care units.

The main UVic website is where prospective students can get information on admissions and other relevant topics. The information is incredibly simple to navigate because it provides step-by-step instructions for UVic's application process. Students will receive a Netlink ID as soon as they enrol at UVic. Students must use this to sign in to most of the university's online services, including the online learning platform "Brightspace." In most campus facilities, especially when using food services, we can use our student ID card (ONEcard) as a debit card. Additionally, students can use this as their bus pass. If you are an international student interested in enrolling at UVic and obtaining the UVic residence service as your housing solution, please submit an application to residence services soon after you get the offer letter and the Netlink ID. This applies if you would also like to enrol your child in the UVic childcare center because these services are incredibly competitive and will take at least one to two years to qualify.

It is the responsibility of the student to research every service that UVic offers. Once you begin your academic life in a country like Canada, which primarily focuses on the practical side of things, including studies, you will need sensibility, commitment and hard work.

Links: 🚶

• New and existing students can navigate more information through the University of Victoria website below.
https://www.uvic.ca/
• You may find the organizational chart for the UVic administration here, which provides a quick overview of the organization's divisions.
https://www.uvic.ca/faculty-staff/_assets/docs/uvic-org-chart.pdf
• On campus, there is a lot to discover. You may find a campus map for UVic using the link below.
https://www.uvic.ca/search/maps-buildings/index.php

All the Best 😍

Written by
Rashmi Munasinghe
Master of Education in Leadership Studies (Project Based) – 2nd year
Administrative Coordinator – Learning Assistance Program (Center for Accessible Learning) – UVic
https://onlineacademiccommunity.uvic.ca/lap/

01/22/2023

කට්ටියට වැදගත් වෙයි.☺️

එකමත් එක දවසක කතාවක් ...ටික කාලෙකට පස්සේ පොඩි    පොස්ට් එකක් දාන්න හිතුනේ, අපේ රටේ තියෙන Situation එකත් එක්ක, අපේ ගොඩක් ...
01/14/2023

එකමත් එක දවසක කතාවක් ...

ටික කාලෙකට පස්සේ පොඩි පොස්ට් එකක් දාන්න හිතුනේ, අපේ රටේ තියෙන Situation එකත් එක්ක, අපේ ගොඩක් කොල්ලො කෙල්ලන්ගේ කැනඩාවට එන හිනේ, හිනයක් නොවෙන්නමයි. ඉතින් කොහෙන් පටන් අරන් කොහෙන් ඉවර කරන්නද කියලා හිතාගන්න බෑ. මේ පොස්ට් එකට වචන ගලපන්න හිතුවේ අපි ගැන කියන්න නෙවෙයි.. අපිට පුලුවන්නම් ඔයාටත් පුලුවන් කියලා පෙන්නන්නයි මේ පොස්ට් එකට වචන ගලපන්න හිතුවේ.

2021 එකේ කැනඩාවට ආවේ හින ගොඩක් හිතේ තියාගෙන, ඒත් එකම හිනේ උනේ ඉගෙනගන්න එකම විතරයි, PR එකවත් Citizenship එකවත් නෙවෙයි, කොටින්ම කිව්වොත් ඉගෙන ගන්න එකම ජිවිතේ කොටසක් වේලා තිබ්බේ.. හැබැයි දැන් ඒ ලෙඩේ හොදටම සනිපයි. 😁

ඉතින් මම මෙහෙම පටන්ගන්නම්, කැන්ඩාවේ Education System එක අපේ ලංකාවේ Education System එකට වඩා හාත්පසින්ම වෙනස් එකක්. මොකද අපේ රටේ education එක based වේලා තියෙන්නේ කටපාඩම් කරලා ගොඩයන්න පුලුවන් තැනක, Practical Utilization එක එහෙම නැත්තම් අපි ඉගෙන ගන්න දේවල් Practically Apply කරන්නේ කොහොමද කියන එක අපේ රටේ හරි අඩුයි. ඒත් කැනඩාවේ තියෙන System එක ගත්තොත් එක තනිකරම Based වෙලා තියෙන්නේ Practical Application එක්ක. උදාහරණයක් කිව්වොත් Exam එකට Assignment එකට එන ප්‍රශ්න වලින් 90% වගේ තියෙන්නේ Case studies එහෙම නැත්තම් Theory Application කියන එක. එතකොට මෙහේ Education System එකේ වැඩ දාන ඔනේමනම් අපේ ගියර් එකා පාටාස් ගාලා මාරැ කරන්න ඔනේ නැත්තම් වැඩේ අමාරුයි. ඉතින් කොහොම කොහොම හරි කට්ට කාලා මටත් ඔය කියන ගියර් එක මෙහෙට ඇවිලා මාස දෙක තුනකින් මාරු කරන්න හිතුනේ.. කරපු පලවෙනි Assignment එකට 45% එද්දී... නැත්තම් මෙහේ system එකේ Survive වෙන්න ටිකක් ආමාරුයි. මම Studies ගැන කතා කලොත්. Term එක පටන් ගත්ත ගමන් මම කරන්නේ අදාල Subjects වල Course Outline එක අරගෙන වෙනම TimeTable එකක් හදනවා Exam, Assignment, Quizzes Submit කරන්න තියෙන Deadlines එක්කම එක ඉතින් සුපුරුදු පරිදි room එකේ උදේ නැගිටිද්ද, රැට නිදාගනිද්දි පේන තැනක Set කරගත්තහම ලොවේත් Deadlines මිස් වෙන්නෙම නෑ.. කෙලින්ම Proactive Actions වෙලට යන්න පුලුවන්..ඊට පස්සේ Assignment එකක් Exam එකක් ඉවර කරන වාරයක් වාරක් ගානේ ඒක Highlight කරන්න ඒකන් එන ගැම්ම ලොවේත් නැතිවෙන්නේ නෑ.. මෙහේ ගොඩාක් Subjects වල Course Content එක Based වෙලා තියෙන්නේ Assignment නැත්තම් Weekly Quizzes වලින්.. ඒ නිසා Exam තියෙන්නේ කලාතුරකිනි වගේ. එකත් University එක College එක අනුව වෙනස් වෙනවා... ඒ නිසා ඔයා Proactive උනොත් ඔයාගේ Focus එක තියාගන්න හරී ලේසී. මට Free වෙලාවක් තිබ්බහම මම කරන්නේ Subjects වලට related Case studies ටිකක් හොයාගෙන, එවට උත්තර ලියල University එකේ Subject එකට අදාල Instructor ට යවන එක, මෙහේ Instructors ලා ගොඩක් කැමති student කෙනෙක් Extra effort දානවට, ඒ වගේම පට්ටම සප් එකක් දෙනවා ඒ වගේ Extra effort එකක් දාන අයට, ඊට පස්සේ මම කරන්නේ, Instructor මට දෙන Feedback එක හොදට කියවලා Analyze කෙරන එක එතකොට මට දැනගන්න පුලුවන් මගේ අඩුපාඩු මොනදා වෙගේම මම ඒවා හදාගන්නේ කොහොමද කියලා. ඔය අස්සේන් ඔයා මොලේ හොදට පාවිච්චි කලොත් ඔයාගේ Instructor ගේ Favour එකත් ඔයාට Note කරගන්න පුලුවන්.

ඉතින් ඉහත කී කරුණු සලකා බලන විට.. International Student කෙනෙක්ට කැනඩාවේ GPA එක 8.0 Maintain කරනවා කියන එක හිතන තරම් ලේසි වැඩක් නෙවෙයි මොකද මෙහෙ ගොඩක් university, College වල A එකක් ගන්න ලකුනු 85ක් ගන්නම ඔනේ.. ඒ වගේම ඒ GPA එක පිටිපස්සේ ගොඩාක් හැංගිච්ච දේවල් වෙගේම ලොකු කැපකිරීම් තියෙනවා.. අපි හැමොම දන්නවා කැනඩාවේ International Student කෙනෙක්ට බොහොදුරට කරන්න පුලුවන් Part Time job කට්ටක් විතරයි, එකත් සතියට පැය 20 - 40 එකත් පට්ටම ලේසි එවත් නෙවෙයි පැය 8 එක දිගට හිටගෙන, production line වල, ගැහෙන සිතලේ වැඩ කරන්න ඔනේ. ඊට පස්සේ ගෙදර ඇවිලා කොන්දට සිද්දාලෙප ගාගෙන ඇදට වැටනවා විතරයි මතක, ටික වෙලාවකින් ඈහැරෙද්දි, රැට කන්න උයන්නත් ඔනා නේද කියලා මතක් වෙද්දී සද බැබලේනවා.. අනේ දෙයියනේ අම්මවත් උන්නනම් පොල් සම්බොලයක් හරී බත් එක්ක කන්න රහට උයලා දෙනවානේ... කියලා මතක් වෙද්දී මේ සේරම දමලා ගහලා ලංකාවට දුවලා යන්න හිතේන වාර අනන්න‍යි අප්‍රමානයී.. ඒත් ඒ හැමදේම කාගෙන ඉන්න පුරුදු වෙනවා ආනගතය ගැන හිතද්දී.. ඒ නිසා බතක් පරිප්පුවක් අටොගෙන බඩගින්න නිවා ගන්නවා.. එකත් කොහොමහරි ගේමක් ගහලා ආයේ නිදාගන්න ඇදට එද්දී මතක් වෙන්නේ හෙට Assignment එකක් Submit කරන්න තියෙනවා නේදා සන්තානම් මැනියනේ කියලා.. ඉතින් ඔය ගැම්මටම එකත් කොහොමහරී කරලා දාලා Submit කරලම නිදගද්දී පාන්දර 4 - 5. ආයේ ඉතින් උදේ පාන්දර 7 වගේ නැගිටලා පාන් කැල්ලක් කාලා එක්කෝ වැඩට නැත්තම් සුපුරුදු පරිදි Lectures වලට යනවා... ඉතින් මේ කැරකෙන ලොකේ අපිත් කැරකෙන්න ඔනේ හරී විදිහට නැත්තම් වැඩේ අමාරුයි. තව එකි මේකි නොකී දේවල් ගොඩයී.. එත් Student කෙනෙක් විදිහට Canada එන ගොඩාක් අය මේ Process එකේ යන්න ඔනේ කාටවත් මේකට පිටින් ගිහිල්ලා Survive වෙන්න හරී අමාරුයි.. බිල්ලේක් මවනවා නෙවෙයී මේක තමා ඇත්ත අපී හැමොම මුන දෙන්න ඔනේ.. මේ හෑමදේටමත් වඩා ඔයාට හොද Target එකක්, Commitment එකක් වගේම කට්ට කාගෙන මම මේ දේ කොහොමහරී කරනවා කියන ගැම්ම තියෙනවනම ඔයාව දේයියන්ටවත් නැවත්තන්න බෑ.. ඔව් ඔයා තමයි පොර ඔයා තමයි ඔයාගෙම දේයියා.. ඔව් ඔයාට විතරයි ඔයාගේ දෛවය වෙනස් කරන්න පුලුවන් වෙන කාටවත් නෙවෙයී.. ඔව් ඔයාටම විතරයි මේ හැමදේම කරන්න පුලුවන්..

මට අදටත් මතකයී මම 8 වසර වගේ ඉද්දී Maths වලට ලකුණු 15 ගත්ත වේලාවලුත් තිබ්බා, ගොඩාක් අය ලැජ්ජා කරද්දිත් ඒ දේවල් උපේක්ෂාවෙන් බලන් උන්නා.. කොහොම හරී ඒ දේවල් එක්ක OL වලට Maths, English වලට C දේකක අරගෙන යන්තම් ගොඩ දාගෙන AL වලට ARTs කරලා A,A,B අරගෙන, මේලො ඉන්ගිරිසියක් බැරුව කට්ටකාලා English හදාගෙන කොතලාවල Defense University එකට ගිහින් එකෙනුත් අන්තිමේ Batch Top වේලා, මැරිලා මැරිලා සියදිවි හානිකරගන්න ඔන්න මෙන්න තියෙද්දී කොහොමහරි 1st Attempt එකෙන්ම IELTS වලට 6.5 අරගෙන, ඔය අස්සේ විසත් 2 පාරක් Reject වෙලා, කොහොමහරි පන තියෙද්දී කැනඩාවට ඇවිලා, ඒ System එකේම ගිහිල්ලා, අන්තිමේදී Best Academic Performance වෙලට Honour Roll වෙලට Select වෙන්න මට පුලුවන් උනානම්, ඔයාට නතින් සනා... මේ ඔයාට තියෙන එකම වගේම අන්තිම අවස්ථාව කියලා හිතන්න.. ඔයාව නවත්තන්න කාටවත් බැරිවෙන්න.. දවසක් එයි මුලු ලොකේටම පෙන්න ඔයා දිලිසෙන, හරියට ෆිනික්ස් කුරැල්ලේක් අලු ගසලා තටු සලලා පියාබනවා වගේ.. ඉතින් මේ ඔයාගේ වාරයයී කැනඩාවට ඇවිලා ෆිනික්ස් කුරැල්ලේක් වගේ පියාබන්න...

ටිකක් අමාරු කාලයක් තමා මේ යන්නේ, ඒත් ඔයාගේ හින වලට පියාබන්න අමතක කරන්න එපා. අල්ලන් ඉන්න.. ඔයාට පුලුවන් ඔව් ඔයාට විතරමයි පුලුවන් 😋

Keep Going Until The End 💪✌️

ඔන්න ඉතින් දෙයියනේ... කියලා කැනඩාවට ඇවිල්ලා හරියටම මාස ගානකට පස්සේ, වික්ටොරියා හතර වටේම ඇවිදලා හාල්,පොල් වගේම අනිත් අඩුම...
01/12/2023

ඔන්න ඉතින් දෙයියනේ... කියලා කැනඩාවට ඇවිල්ලා හරියටම මාස ගානකට පස්සේ, වික්ටොරියා හතර වටේම ඇවිදලා හාල්,පොල් වගේම අනිත් අඩුම කුඩුම ටික බොහොම අමාරුවෙන් හොයාගෙන පරිස්සමට රසම රස කිරිබත් ටිකක් හැදුවා..

කිරිබත් කටක් කන්න තියෙන අමාරුව දැනගන්න මෙහෙට ඇවිල්ලම බලන්න ඔනේ..විශේෂයෙන්ම වික්ටොරියා BC වල ඉන්නවනම් ඒ අමාරුව හොදටම තේරෙනවා.. මොකද වික්ටොරියාවල ලංකාවේ බඩු ගන්න තියෙන්නේ ඉන්දියන් කඩවලින්ම වෙන නිසා..ඉන්දියන් කඩ කිව්වට හැම කඩේකම අපේ ටෙස්ට් එකට බඩු නෑ.

ඒත් Bulk Barn, grocery store Victoria Walmart Victoria shops වලින් තමා අපේ ටෙස්ට් එකට සෙට් වෙන බඩු ගන්න වෙන්නේ. ඒ අතරින් Bulk Barn තමා ලංකාවේ අපිට සුපිරියටම සෙට් වෙන්නේ මොකද එකේ තුන පහේ ඉදන් එකි මෙකි නොකි හැම කුළු බඩුවක්ම තියෙනවා. ඒ නිසා ඔනා කරන කුළු බඩු සේරම එකම තැනකින් ගන්න පුලුවන්.

ආපු මුලදිනම් අපිට එක කඩයක් වත් හොයාගන්න බැරිඋනා. පස්සේ ඉතින් ඉන්දියන් යාලුවන්ගෙන් අහලා දැනගෙන Google Map දාගෙන ඇවිදාල ඇවිදල තමා සමහර Shops හොයාගත්තේ.. ඉතින් ඉස්සරහට වික්ටොරියා එන්න ඉන්න කට්ටිය ඉන්නවනම් මේ පොස්ට් එක වැදගත් වෙයි.

ඉස්සරහට තව වැදගත් පොස්ට් කිහිපයක් තියෙනවා වික්ටොරියා ගැන. ඒ ටිකත් ඉක්මනින් දාන්නම්...

එහෙනම් කිරිබත් ටික කාලා එම්නම්.. හොම්දේ.. පරිස්සමෙන් ඉන්න හොම්දේ .. 😍

💪
#කිරිබත් 🍚🥥

#තනිකඩකොල්ලෝ 🙋

V I C T O R I A    I S L A N D  -  B C     එන අයට ගොඩක් වැදගත් වෙයි කියලා හිතලා තමා මේ පොස්ට් එක දාන්න හිතුවේ..14 Days Q...
01/11/2023

V I C T O R I A I S L A N D - B C

එන අයට ගොඩක් වැදගත් වෙයි කියලා හිතලා තමා මේ පොස්ට් එක දාන්න හිතුවේ..

14 Days Quarantine ඉවර කරලා අපි කෙලින්ම ආවේ Victoria Island එකට, Island එකක් නිසා Ship එහෙක තමා එන්න වෙන්නේ. British Columbia වල Tsawwassen Harbor එකෙ ඉදන් Victoria, Swartz Bay Harbor එකට ships තියෙනවා per person CAD 15 වගේ වෙන්නේ එතෙන්ට ඇවිල්ලම Payment එක කරන්න පුලුවන්, මේ ටිකේ කොවිඩ් නිසා සේරම payments කෙරන්නේ Visa/Master Cards වලින්ම තමා. ඒ නිසා ලංකාවේ ඉදන්ම එද්දි Visa Card එකට සැලකිය යුතු ගානක් දාගෙන එන එක තමා හොදම Option එක. අතෙත් කියක් හරි තියාගන්න එක හොදයි හදිස්සියකට Payment එකක් කරද්දි. සල්ලි කියද්දි මතක් උනේ.. ඒ නිසා අනිවාර්යයෙන්ම 14 Days Quarantine ඉවර වෙලා Vancouver වල තියෙනවා Western Unions ඒ තැන් වලින් සල්ලී මාරු කරගන්න. පුලුවන් මතක් කරලා එද්දි USD $ අරන් එන්න මොකද මේ ටිකේ CAD ලංකාවෙන් ගන්න අමාරැ නිසා.

Victoria Island වලට බැස්ස ගමන් Taxi Services ඔන තරම් තියෙනවා ඉතින් taxi යක් අරන් සපාන් එකේ එන්න තියෙන්නේ. ඔයලා යන Location එක අනුව ගාන වෙනස් වෙනවා. ඒ payment එකත් visa Card එකෙන් කරන්න පුලුවන්නම් හොදයි. ඊට පස්සේ කරන්න තියෙන පලවෙනිම වැඩේ තමා BUS Pass එකක් ගන්න එක මොකද මුල් සතියේ Documents වැඩ කරගන්න පොඩි රවුමක් Island එකේ දාන්න වෙනවා ලොවෙත්. 7 Eleven කියලා Shops තියෙනවා ඒවලින් buss pass එක ගන්න පුලුවන්. එතනදි මතක තියාගන්න ඔනේ දවසකට ටිකට් එකක් වගේ ගන්න බෑ. ඒ නිසා සතියකට (දවස් 5) කට එකපාරටම ටිකට්ස් ගන්න වෙනවා වෙනම පැක් එකක් වගේ ටිකට්ස් දෙන්නේ. ඒ පැක් එකේ ටිකට්ස් 10 තියෙනවා. අනිත් මතක තියාගන්න ඔන දේ තමා එක ටිකට් එකක් use කරන්න පුලුවන් එක පාරකට යන්න විතරයි. ඒ නිසා කොහෙහරි ගිහින් ආයේ එන්න තව ටිකට් එකක් Use කරන්න ඔනේ. ඒ කියන්නේ ටිකට් දෙකක් දවසකට use කරන්න ඔනේ යන්නයි එන්නයි. එත් තව option එකක් තියෙනවා. ඒ තමා එක පාර ටිකට්ස් දෙකම Driver ලොක්කට පෙන්නලා මුලු දවසකටම ඇති වෙන්න එක ටිකට් එකක් ගන්න එක. එකෙන් මුලු දවසම ඔනම BUS එහෙක ඔනා දිහාවක යන්න පුලුවන් ඒ One Day ටිකට් එක අපි ලගම තියාගන්න පුලුවන් Bus එකට නගිද්දි ඒ Ticket එක Driver ලොක්කට පෙන්නලා නගින්න තියෙන්නේ, මතක් කරලා බහිද්දි Driver ලොක්කට "THANK YOU" කියන්න අමතක කරන්න එපා. කියන්න පුරුදු නෑ වගේනම් අතවනලා හරි යන්න පුරුදු වෙනකම්.

ඊලගට Mobile SIM එකක් ගන්න එක තමා වැදගත්කම වැඩේ. Prepaid SIM එකක් ගන්න එක තමා හොදම Option එක මොකද prepaid SIM එකක් ගද්දි වෙන කිසිම Documents එකක් බලන්නේ නෑ. Chatr SIM එක තමා හොදම Option එක වැඩ ටික කරගන්න. SIM එකක් CAD 10ක් වෙනවා ඒත් අපි Package එක වෙනම ගන්න ඔනේ Normal Package එක CAD 25 වෙනවා එකට මාසෙකට ඔන කරන Facilities සේරම තියෙනවා. ඒ නිසා SIM එකේ වැඩෙට CAD 35 - 40 වගේ යනවා TAX එකත් එක්ක. Victoria වල Downtown වල ඔන තරම් Shops තියෙනවා Google කරලා ඔනම තැනක් හොයාගන්න පුලුවන්.

ඊටපස්සේ, කරන්න ඔනේ SIN - Social Insurance Number එක ගන්න එක. මේ ටිකේ කොවිඩ් නිසා අපි කෙලින්ම Appointment එකක් දාලා තමා යන්න ඔනේ Google කරහම Online Application එකක් එනවා. එක Fill කරන්න ඔනේ නමයි, Phn Number එකයි Address එකයි තියෙන්නේ. පස්සේ දවස් දෙකකින් අපිට Call එකක් දිලා Appointment එකට දිනයක් එයාලා අපේ E-Mail එකට එවනවා. Appointment එක Confirm උනාට පස්සේ කෙලින්ම Service Canada Center එකට යන්න, එකත් තියෙන්නේ Downtown වල මතක් කරලා නෙවෙයි අනිවාර්යයෙන්ම Study or Work Permit එක අරන් යන්න අමතක කරන්න එපා. එතෙන්ට ගියාට පස්සේ එයලා පැය 1/2 ඇතුලත් වැඩේ කරලා දෙනවා. අංක 9 ක කොඩ් එකක් ඔයාට දෙනවා එක පරිස්සමෙන් තියාගන්න. ඊට පස්සේ කරන්න ඔනේ BANK Account එකක් OPEN කෙරන එක CIBC තමා Student ඉන්න අයට හොද. Service Canada එක ඉස්සරහම තියෙනවා CIBC එක, එකට ගිහින් Bank Account එකක් open කරන්න ආවේ කිව්වහම එයාලා සේරම details දෙනවා කිසිම payment එකක් නැතුව Account එක Open කෙරන්න පුලුවන්. DEBIT card එක ඒ වේලේම ගන්න පුලුවන්, CREDIT එක 📪 post එකේ සති 3 ඇතුලත එවනවා. Student Banking Process එක ගැන වෙනම POST එකෙකින් Explain කරලා කියන්නම්. ඊට පස්සේ අන්තිමේදී කරන්න ඔනේ දේ තමා BC ID එක ගන්න එක. එකට යන්න ඔනේ BC Driving License Center එකට, ඒක තියෙන්නෙත් Downtown වලම තමා CIBC Bank එක ලගමයි එකත් තියෙන්නේ. එකට යනවනම් සතියෙ දවස් වල 10.30 A.M කලින් යන්න ඔනේ එතකොට Appointment එකක් දාන්න ඔනේ නෑ. විනාඩි 15 කින් වැඩේ කරගන්න පුලුවන් එකට CAD 35 යනවා Documents ටික Fill කරලා දුන්නහම Photo එකත් ගහලම වැඩේ කරගන්න පුලුවන්. BC ID එකත් 📪 Post එකේ එවනවා ඒත් එක්කම Temporary BC ID letter එකක් දෙනවා.

ඔය ටික තමා Victoria Island වලට බැස්ස ගමන් කරන්න තියෙන්නේ. සේරම හරියට Plan කරලා කලොත්, හරියටම සතියකින් සේරම වැඩ ටික කරගන්න පුලුවන්. මෙහෙ කිසිම වැඩක් කරගන්න බය වෙන්න දෙයක් නෑ. දන්නේ නැති දෙයක් ඔනම කෙනෙක්ගෙන් අහල දැනගන්න පුලුවන්, කිසිම අව්ලක් නෑ.

(1) Strong CV එකක් හදන විදිහයි Jobs හොයාගන්න විදිහයි කියන්නම්.

වැරැද්දක් අඩුපාඩුවක් තියෙනවනම් කියන්න.

ඒත් එකක් අමතක කරන්න එපා. කැනඩා ඇවිල්ලා කොහෙ ගියත්, මොනා කලත් ඔනම කෙනෙක්ට කට පුරා හිනාවෙලා "THANK YOU" කියන්න අමතක කරන්න එපා, මුලදි පොඩ්ඩක් අමාරුවෙයි. ඒත් ඉක්මනින් එකට හුරුවෙයි... ✌

එහෙනම් කොල්ලෝ අපි ගියා...

ආහ්.. තව දෙයක්, කැනඩාවට ආවේ කොහෙන්ද කියලා අමතක කරන්න නම් එපා...

KEEP GOING UNTIL THE END. 😍✌

මේ ටිකේ ගොඩාක් අපේ කොල්ලෝ කෙල්ලෝ Student Visa Apply කරන නිසයි මේ පොස්ට් එක දාන්න හිතුනේ.. මම මේ කියන්න යන්නේ මම ඉගෙන ගන්...
01/11/2023

මේ ටිකේ ගොඩාක් අපේ කොල්ලෝ කෙල්ලෝ Student Visa Apply කරන නිසයි මේ පොස්ට් එක දාන්න හිතුනේ..

මම මේ කියන්න යන්නේ මම ඉගෙන ගන්න ආව Victoria Island BC වල තියෙන ලස්සනම, හොද Quality Standard එකක් තියෙන College එකක් ගැන. ඒ තමා Camosun College එක. මේකේ Branches දෙකක් තියෙනවා Interurban සහ Lansdown කියලා.. Head office එක තියෙන්නේ Lansdown වල. ඒ උනාට Interurban වල තමා ගොඩාක් Academic පැත්ත තියෙන්නේ.. Camosun college එක Designated Learning Institution (DLI: O19361235542) එකක් ඒ නිසා Post Graduate Work Permit (PGWP) එක ගැනවත් Institution එක ගැනවත් ආයේ දෙපාරක් හිතන්න දෙයක් නෑ..

Camosun college එකේ තියෙන Programs & Course ගත්තොත් International Students ලට වෙනම Programs & Courses තියෙනවා.. ඒවත් මුලික වශයෙන් කොටස් 4 කට වෙන් කරන්න පුලුවන්:

1 Certificate Course
2 Advanced Certificate Course
3 Bachelor's Degree
4 Post Graduate/Degree Diploma (PDD)

මේ 4 න් මම වැඩිපුරම Focus කරන්න කැමති Bachelors Degree සහ Post Degree Diploma මොකද අපේ අයට Student Visa Apply කරද්දී ගොඩාක්ම වැදගත් මේ Program 2 නිසාත් මේ Programs දෙකම PGWP Eligible Programs නිසා. ලංකාවේ Bachelors කරපු අයට PDD Programs වලට Apply කරන එක තමා හොදම option එක, මොකද PDD program එකක Duration එක 2 years වගේම Cost එකත් අඩුයි.. ගොඩක් PDD programs (HR, Accounting, Tourism, General Management) වලට තියෙන්නේ Subjects 15 ක් වගේ තමා ඒ නිසා term එකකට Subjects 3 ගානේ Terms 5 කින් වගේ Program එක ඉවර කරන්න පුලුවන්.

Summer Break එක PDD programs වලට Allocate කරලා තියෙන නිසා.. Summer එකේ Full Time Work කරන්නත් පුලුවන්. ඒ වගේම College එකේ Scheduled Break කියලා option එකක් තියෙනවා, ඒ කියන්නේ Fulltime Studies (3 Subjects) කරන ගමන් Fulltime work කරන්නත් පුලුවන්. මේ option එක ගොඩාක් College/ Universities වල නෑ..

පහල තියෙන්නේ මේ Programs වල සේරම විස්තර, මම අදාල programs වලට link එකක් Attached කරලා තියෙන්නේ ඒ නිසා තවත් විස්තර ඒ link එකට ගිහින් බලන්න පුලුවන්,

& HUMANITIES (UNDERGRAD.)

Comics & Graphic Novels, Certificate1 year $16,326

Digital Communication, Certificate 1 year $18,176

Digital Production, Writing and Design, Certificate 8 months - 1 year $18,176

Economics, Associate of Arts Degree2 years $34,502

English, Associate of Arts Degree2 years $34,502

General Arts, Associate of Arts Degree2 years $34,502

Pre-Social Work, Associate of Arts Degree2 years $34,502

Psychology, Associate of Arts Degree2 years $34,502

Arts and Science Studies, Diploma2 years $34,502

Criminal Justice, Diploma2 years $34,502

Music Performance, Diploma2 years $37,652

Visual Arts, Diploma2 years $32,652

(UNDERGRAD.)

Bus.Admin., Certificate1 year $16,326

Bus.Admin., Diploma - Accounting2 years $34,502

Bus.Admin., Diploma - Finance2 years $34,502

Bus.Admin., Diploma - General Management2 years $34,502

Bus.Admin., Diploma - Marketing2 years $34,502

Hospitality Management, Diploma2 years $34,502

Bus.Admin., Bachelor's Degree - Accounting4 years $67,154

Bus.Admin., Bachelor's Degree - Human Resource Management & Leadership4 years $67,154

Bus.Admin., Bachelor's Degree - Marketing4 years $67,154

SCIENCES (UNDERGRAD.)

Certified Dental Assistant, Certificate 10 months Practicums (mandatory) $21,016

Certified Medical Laboratory Assistant, Certificate10 months Practicum (mandatory) $21,356

Health Care Assistant, Certificate1 year Practicum$13,306

Dental Hygiene, Diploma 1+2 years $76,618
Practical Nursing, Diploma 2 years practicums (mandatory)$39,472

SERVICES (UNDERGRAD.)

Community, Family and Child Studies, Diploma2 years Practicums (mandatory)$32,652

Early Learning and Care, Diploma2 years Practicums (mandatory) $32,652

SCIENCES (UNDERGRAD.)

Applied Chemistry and Biotechnology, Diploma2 years $39,192

Biology, Associate of Science Degree2 years $34,502

General Science, Associate of Science Degree2 years $34,502

& EXERCISE (UNDERGRAD.)

Kinesiology, Diploma 2 years $34,502

Kinesiology, Bachelor's degree 4 years $67,154

Sport Management, Diploma 2 years $34,502

Sport Management, Bachelor's Degree 4 years $67,154

Athletic & Exercise Therapy, Bachelor's Degree 4 years $65,304

Massage Therapy, Diploma 2 years Clinical placements$83,792

& ENGINEERING (UNDERGRAD.)

Civil Engineering Technology, Diploma 2 years$34,502

Cybersecurity & Networking Technology, Diploma2 years $38,280

Electrical Engineering Technology - Marine & Industrial, Diploma 2.5-3 years $42,618

Electronics & Computer Engineering Technology - Renewable Energy, Diploma 2.5-3 years $41,698

Information and Computer Systems Technologist, Diploma 2 years $40,302

Interactive Media Developer Technologist, Diploma2 years $41,222

Mechanical Engineering Technology, Diploma2-3 years $41,698

-DEGREE

Applied Tourism & Hospitality Management, Post Degree Diploma 1.5-2 years $26,482

Bus.Admin., Post Degree Diploma - Accounting1.5-2 years $26,196-28,952

Bus.Admin., Post Degree Diploma - General Management1-1.5 $26,196-28,952

Bus.Admin., Post Degree Diploma - Marketing1-1.5 years $22,866-25,622

Bus.Admin., Post Degree Diploma - Human Resource Management & Leadership 1-1.5 years 26,196-28,952

Sport Management, Post Degree Diploma 2 years $34,502

අනිත් අතට, Camosun college එකේ Students ලට ගැලපෙන Quality Academic Atmosphere එකක් තියෙන්නේ.. විශේෂයෙන්ම International Students ලා ගැන වැඩි සැලකිල්ලක් දක්වනවා. College එකේ තියෙන Academic Structure ගොඩාක් Flexible වගේම Canadian Business Culture එකට customized කරලා තියෙන්නේ ඒ වගේම අනිත් College එක්ක Compare කරල බලද්දී Exams, Assignments එහෙම ටිකක් ලේසි. ඒත් ඒ හැමදේම තිරණය වෙන්නේ ඔයාගේ Commitment එක මත.. ඔයා හොදට කැපවෙලා වැඩ ටික කොලොත් A+ 90% ගන්නවා කියන එක Nothing. Instructions ලා ගොඩක් මහන්සි වෙනවා වගේම personally support කරනවා ලමයින්ගේ Academic Skills development කරන්න..

මම පහලින් දාන්නම් Camosun college එකේ Academic Grading Schedule එක, ඒකෙන් ඔයාලට Idea එකක් ගන්න පුලුවන් Academic grading එක ගැන..

Percentage Grade Grade Point Equivalency

90-100 A+ 9
85-89 A 8
80-84 A- 7
77-79 B+ 6
73-76 B 5
70-72 B- 4
65-69 C+ 3
60-64 C 2
50-59 D 1
0-49 F 0

International Students ලට College එකේ ගොඩාක් Facilities වගේම services තියෙනවා ඒ ටිකත් මම පහලින් දාන්නම්.

Camosun College Student Society:
Camosun Library:
Counselling Services for International Students:
International Students Services:

ඒ වගේම International Student Advisory එකෙන් තමා International Students ලගේ ප්‍රශ්න, ගැටලු, Immigration ගැටලු සේරම වගේ විසදන්නේ.. College එකේ Administration, Admission වගේ දේවල් සහ ඔනම දෙයක් මේයාලගෙන දැනගන්න පුලුවන්.

මම දන්න විදිහට College එකේ IELTS Requirement එක Mandatory Requirement එකක් වෙනවා Admission වලදිනම්.. ඒ නිසා පොඩ්ඩක් ඒ ගැන අවදානයක් දෙන්න..
ඉතින් අන්තිමේදී කියන්න තියෙන්නේ, දැනට ලංකාවේ 4 දෙනෙක් තමා Camosun college එකට ඇවිල්ලා තියෙන්නේ.. මොකද Victoria Island එකේ Living Cost එක පොඩ්ඩක් වැඩි නිසා.. ඒත් Academic වලට Recommend කරන්න පුලුවන් හොදම College එකක්..

ඉතින් අපි බලන් ඉන්නවා ඉස්සරහට අපේ ලංකාවේ කොල්ලෝ, කෙල්ලෝ නැන්දලා මාමලා Camosun college එකට එනකම් වගේම ඇවිල්ලා ගොඩ යනකම්....

මොනා උනත් මේකට ආපු එකෙක්නම ආපහු ලංකාවට ගියේනම් නෑ පුතා...

Address

Victoria, BC
V0S, V8N-V8Z, V9A-V9E

Website

Alerts

Be the first to know and let us send you an email when Victoria සෙට් එක posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category