අති දක්ෂ ගුරුවරයෙකු, අධ්‍යාපනඥයෙකු, ලේඛකයෙකු ,කවියකු , නවකතාකරුවෙකු ,ඉතිහාසඥයෙකු, සමාජ සේවකයකු ආදී වූ නේක දක්ෂතා වලින් හෙබි ඔහු මිතුරන් හට ආදරණීය "ජමු ' විය.
දාහත්වෙනි වියෙන් පේරාදෙණිය සරසවියට පිවිසි ඔහු සිය ප්‍රථම උපාධිය සූවිසි වියේදි ලබා ගැනීමට දක්ෂ විය . භද්‍ර යෞවනයේ දී ගුරුවරයකු ලෙස පළමු පත්වීම ලැබ තෝලංගමුව මධ්‍ය මහා විද්‍යාලයට පිවිසි ඔහු ඉන්පසුව මාවනැල්ල මයුරපාද විද්‍යාලයටත් ඉනික්බිති ත
මා අකුරු කළ දැදිගම පැරකුම්බා මහා විද්‍යාලයටත් ගුරුවරයෙකු ලෙස තම සේවය ලබා දුන්නෙය.
කෙටි කලක් තුළ පශ්චාත් උපාධි තුනක් ලබා ගන්නා ඔහු විදුහල්පති ශ්‍රේණියේ පළමු පන්තියේ සුදුසුකම් සහිතව දැදිගම මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති ලෙස දශකයකට අධික කාලයක් අසරණ සිසුදරුවන්ගේ ජීවන ගමන සාර්ථක කරලීමට මං පෙත් විවර කළේය .
ඉනික්බිති අධ්‍යාපන පරිපාලන සේවයට ඇතුළුවි 90 දශකයේ මුල භාගයේ පින්නවල මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති ලෙස ද සේවය කරන ලදී . ඒ ලද පන්නරය සමගින් කෑගල්ල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ලෙස ඉතා කාර්යක්ෂමව තනතුරේ කාර්යභාරයන් ඉෂ්ට කළ ඔව් වසර 39 ක දීර්ඝ රාජ සේවයෙන් 2003 වසරේ විශ්‍රාම ගත්නාලදී.
රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගෙන තම ජීවිතයේ අවසාන දශක එකහමාර ලේඛන කටයුතු සඳහා යොදවන ජ.මූ, ද්විභාෂාවෙන් ම ප්‍රවීණතාව ලබා පුළුල් පරාසයක විවිධ ක්ෂේත්‍ර යටතේ ලියූ පොත් රාශියකි . ඒ අතර නවකතා කෙටිකතා, පද්‍ය සංග්‍රහ, ඉතිහාස පොත්, පර්යේෂණ ග්‍රන්ථ, පරිවර්තන, හා ළමා පොත් වශයෙන් කෘතීන් හතළිස් අටක් පමන ලියා පළ කර ඇත .
ඔහුගේ ප්‍රථම නවකතාව වූයේ 1960 දශකයේ පළ වූ "නියං සමයක හඬන අහසක් " කෘතියයි .
එදා මෙදා තුර රචිත ග්‍රන්ථ ප්‍රමාණය පනහකට ආසන්නය .ඔහු විසින් රචිත ' දැදිගම - පුරාණය " ග්‍රන්ථය උසස් පර්යේෂණ කෘතියක් ලෙස නම් කළ හැකිය .
නවකතා එකොළහක් ඉතිහාස කෘති විසිදෙකක් පර්යේෂණ කෘති දෙකක් පරිවර්තන හතක් ඔහු විසින් නිර්මාණය කර තිබේ .
ඔහු විසින් ලංකා ඉතිහාසයේ මහා රජවරුන් 25 දෙනෙකුට අදාළ තොරතුරු කෘති 25 ක් ඇතුළත් කර ඇත .
එම තොරතුරු ලංකා ඉතිහාසයේ සිදු කළ උසස් අධ්‍යනයක් අධ්‍යයනයක් ලෙස අනාගත පාඨක අවධානයට ලක් වනු නොඅනුමානය .
2017 අවසාන භාගයේ එළිදැක්වූ " රජුන් කියන කතා -පොළොන්නරු යුගය " ඔහු විසින් පළ කරන ලද අවසාන කෘතිය වුවත් තව අත්පිටපත් තිස් නමයක් පමණ මුද්‍රණය සඳහා පෙළගස්වා තිබුනි. "දෝනකතරිනා - කමලාසන දේවිය " අත්පිටපත මුද්‍රණ කටයුතු ආරම්භ කරන ලෙස මුද්‍රණ කරුට උපදෙස් දුන්නේ රෝහල්ගත වන්නට පිටත්වන මොහොතේය.
ජ මු ප්‍රේමරත්න මහතා සොඳුරු මිනිස් ගුණයෙන් පිරිපුන් ඉතා ආදර්ශවත් ජීවිතයක් ගත කළ මහත්මයකු බව ඔහු ඇසුරු කළ කවුරුත් හොදින් දනිති . අවංකකම, කැපවීම, නිහතමානී බව, පමණක් නොව මෛත්‍රිය, කරුණාව මුදිතාව, උපේක්ෂාව සතර බ්‍රහ්ම විහරණය ද ඔහු වෙත නොඅඩුව පැවති බව නොරහසකි .
කිසිදා සමාජ අසාධාරණය නොඉවසූ ඔහු අගතිගාමීව කටයුතු නොකළේය .මුදු මොළොක් ගති ගුණයෙන් සැදුනත්, අවශ්‍ය වූ හැමවිට නිර්භීතව දැඩි තීරණ ගත් එඩිතර නායකයකු බව ඔහු ක්‍රියාවෙන් ඔප්පු කර ඇත .
ලද සැම විට හැකි සැමට තම උපරිමයෙන් පිහිටවීම ඔහුගේ කැමැත්ත විය . ඔහුගේ විසින් සමාජයට කරන ලද අමිල සේවය ඉදිරියටත් වනු දැකීම ඔහුගේ අවසාන පැතුම විය .ඒ අනුව යමින් ඔහු විසින් රචිත මුද්‍රණද්වාරයෙන් පිට නොවූ අනිකුත් අත් පිටපත් ඉදිරියේදී සමාජගත කිරීමට ජමු ප්‍රෙමරත්ත පදනම අපේක්ෂාවෙන් සිටින්නෙමු.
තවද සිප්සතර හදාරන්නට අවැසි එහෙත් ආර්ථික දුෂ්කරතා ඇති දරුවන්ට ජීවිතාලෝකය ලබාගැනීම සඳහා පිළිසරණක් වීමට ජ මු පේමරත්න පදනම බලාපොරොත්තුවෙන් සිටි .
මේ මොහොත වන විටත් ශ්‍රී ලාංකීය දරුවන් කීප දෙනකු හට අධ්‍යාපන ශිෂත්ව ලබාදීමට අප පදනමට හැකි වී ඇති බව සතුටින් දන්වනු කැමැත්තෙමු .