MOH Office Weligepola

MOH Office Weligepola It manages disease surveillance, controls outbreaks, runs immunization programs, ensures

The Medical Officer of Health (MOH) Office is the local public health authority, led by a physician, focused on protecting and promoting the health of the community.

අපේ ලොකු මිස්......නුඹට සුවබර විශ්‍රාම දිවියක්........
13/08/2026

අපේ ලොකු මිස්......නුඹට සුවබර විශ්‍රාම දිවියක්........

17/06/2026

වැලිගෙපොල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශය තුළ පොසොන් පොහොය නිමිති කරගෙන පැවැත්වීම සඳහා බලාපොරොත්තු වන දන්සැල් සෞඛ්‍ය ආරක්ෂිතව පැවැත්වීම සඳහා අවශ්‍ය උපදෙස් හා එම දන්සැල් සංවිධායකයන් විසින් පිළිපැදිය යුතු කරුණු පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් 2026 ජූනි මස 23 වන දින පෙරවරු 9.30ට වැලිගෙපොල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත .

එදිනට දන්සැල් ලියාපදිංචි කිරීම ද සිදුවන අතර සංවිධානය කරනු ලබන එක් එක් දන්සැල් වලින් එක් දන්සැල් සංවිධායක මහතකු හෝ මහත්මියක් එම දැනුවත් කිරීමේ වැඩසටහන සඳහා සහභාගීවන්න.

17/06/2026
20/05/2026

වැලිගෙපොල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශය තුළ වෙසක් පොහොය නිමිති කරගෙන පැවැත්වීම සඳහා බලාපොරොත්තු වන දන්සැල් සෞඛ්‍ය ආරක්ෂිතව පැවැත්වීම සඳහා අවශ්‍ය උපදෙස් හා එම දන්සැල් සංවිධායකයන් විසින් පිළිපැදිය යුතු කරුණු පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් 2026 මැයි මස 25 වන දින පෙරවරු 9.30ට වැලිගෙපොල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත . එදිනට දන්සැල් ලියාපදිංචි කිරීම ද සිදුවන අතර සංවිධානය කරනු ලබන එක් එක් දන්සැල් වලින් එක් දන්සැල් සංවිධායක මහතකු හෝ මහත්මියක් එම දැනුවත් කිරීමේ වැඩසටහන සඳහා සහභාගීවන්න.

2026 වෙසක් මංගල්‍යය වෙනුවෙන් ඔබ විසින් සංවිධානය කරනු ලබන දන්සැල් ඔබ ප්‍රදේශයට අදාළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ අනිවා...
17/05/2026

2026 වෙසක් මංගල්‍යය වෙනුවෙන් ඔබ විසින් සංවිධානය කරනු ලබන දන්සැල් ඔබ ප්‍රදේශයට අදාළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ අනිවාර්යයෙන්ම ලියාපදිංචි කිරීමට කටයුතු කරන්න.

දන්සැල් පැවැත්වීමට අදාල සෞඛ්‍යමය උපදෙස් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරැන් විසින් ලබා දෙන අතර සියලු දන්සැල් සෞඛ්‍යාරක්ශිත ද යන්න පරීක්ෂා කරනු ලැබේ.

බැති සිතින් ලබා දෙන දන්සල කිසිවකුටවත් හානියක් නොවී පැවැත්වීමට නිවැරදි උපදෙස් ලබාගන්න.

සෞඛ්‍යට නුසුදුසු තත්වයෙන් පවත්වන දන්සල් පවත්වාගෙන යාමට ඉඩ ලබා නොදෙන බව කරුණාවෙන් දන්වා සිටිමු.

වැඩි දුර විස්තර සදහා ඔබ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතා අමතන්න.

🔴 දැනුවත් වීම සදහා කරුණු කිහිපයක්....

💠 දන්සැල සදහා පිරිසිදු පානීය ජලය භාවිතා කළ යුතුය. සෞඛ්‍ය ආරක්ෂිතව ජලය ගබඩා කර ගැනීම කළ යුතුය. දූෂණය වීම අවම කර ගත යුතුය

💠 අපජලය ක්‍රමානුකූලව බැහැරලීම කළ යුතුය. අපජලය එකතු වන ස්ථාන දන්සැල පවත්වා ගෙන යන කාලය තුල නිරන්තරයෙන් සෝදා පිරිසිදු කිරීම කළ යුතුය. අපවිත්‍ර ජලය මාර්ගය ඔස්සේ ගලා යාමට සැලැස්වී නොකළ යුතුය

💠 දන්සැලින් එකතුවන කසළ වර්ග කිරීමත්,එකතු කිරීමට ප්‍රමාණවත් පියන සහිත කසළ බදුන් හෝ බෑග් භාවිතා කළ යුතුය.

💠 දන්සැල පැවැත්වීමෙන් පසු පෙර තිබූ පරිදි ස්ථානය පිරිසිදු කිරීම කළ යුතුය.

💠 දන්සැල සදහා දායක වන සෑම තැනැත්තෙකුම පුද්ගලික ස්වස්ථාවය ආහාර ස්වස්ථාව සනීපාරක්ෂාව පිළිබද ඉහළ මට්ටමින් ක්‍රියා කළ යුතු අතර ආහාර විෂවීම් ඇති නොවීමට වග බලා ගත යුතුය.

💠 දන්සැල් පරිශ්‍රය තුල බුලත් විට සැපීම, දුම්පානය කිරීම බීමත්ව හැසිරීම සම්පුර්ණයෙන්ම තහනම් වේ.

💠 කිසියම් බෝවන රෝගයකින් පෙළෙන්නෙකු, චර්ම රෝගයකින් පෙළෙන්නෙකු දන්සැල් කාර්ය මණ්ඩලය සදහා සභාභාගි කරවා නොගත යුතු අතර දන්සැල් පරිශ්‍රය තුල රැදි සිටීමද නොකළ යුතුය.

🔴 බත් / කඩල දන්සැල සඳහා කොන්දේසි

1. ආහාර පිසින ස්ථානයේ ප්‍රමාණවත් තරම් ඉඩ පහසුකම් තිබිය යුතුය.

2. වැසිකිළි අසළ හා කාණු උඩ හෝ අසල ආහාර පිසීම නොකළ යුතුය.

3. ආහාර පිළියෙල කිරීමට ගන්නා සියලුම භාණ්ඩ හා උපකරණ සබන් දා හොදින් සෝදා පිරිසිදු කර භාවිතා කළ යුතුය.

4. ආහාර පරිහරණය කරන්නා හොදින් සබන්දා අත් සේදීම කළ යුතු අතර ප්‍රමාණවත් සබන් සපයා තිබිය යුතුය.

5. පිරිසිදු ඇදුම් පැලද සිටිය යුතුය. නිළ ඇදුමක් ලබාදීම වඩාත් උචිතය.

6. සෑම අවස්ථාවකදීම මැස්සන්ගෙන් ආහාර ආරක්ෂා කර ගැනීමට වසා තැබිය යුතුය.

7. කුණු කසළ විවෘතව නොතබා පියන සහිත බදුන් වල බහාලිය යුතුය. අප ජලය ක්‍රමාණුකූලව බැහැරලිය යුතුය.

8. දන්සැල්හි ආහාර පිළිගන්වන්නන් අත්වැසුම්, හිස් වැසුම්, මුඛ ආවරණ පැළද සිටිය යුතුය.

🔴 අයිස් ක්‍රීම් / කෝයි / සිසිල් බීම දන්සැල සදහා කොන්දේසි

1. අයිස් ක්‍රීම් නියමිත උෂ්ණත්වයේ ශිතකරණ වල ගබඩා කර තැබිය යුතුය.

2. ආහාර පිළිගන්වන්නන් අත්වැසුම්, හිස් වැසුම්, මුඛ ආවරණ පැළද සිටිය යුතුය.

3. කෝපි හා සිසිල් බීම සඳහා භාවිතා කරන කෝප්ප හොදින් සෝදා පිරිසිදු කළ යුතුය.

4. ප්‍රමාණවත් කසළ බදුන් තිබිය යුතුය.

MOH weligepola ආදරෙයි අපේ ලොකු මිස් ඇතුළු මිස්ලා හැමෝටම.......
06/05/2026

MOH weligepola
ආදරෙයි අපේ ලොකු මිස් ඇතුළු මිස්ලා හැමෝටම.......

අපේ පුංචි සුව සේවා අවුරුදු උදානය......
26/04/2026

අපේ පුංචි සුව සේවා අවුරුදු උදානය......

අපේ පුංචි සුව සේවා අවුරුදු උදානය-2026.04.23
26/04/2026

අපේ පුංචි සුව සේවා අවුරුදු උදානය-2026.04.23

වැලිගෙපොල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයේ හදගිරිය පවුල් සෞඛ්‍ය සේවා නිලධාරි ක්ෂේත්‍රයේ මව්වරුන් හා දුවාදරුවන් වෙනුවෙන් 2...
23/02/2026

වැලිගෙපොල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයේ හදගිරිය පවුල් සෞඛ්‍ය සේවා නිලධාරි ක්ෂේත්‍රයේ මව්වරුන් හා දුවාදරුවන් වෙනුවෙන් 2026.02.23 වන දින සිදුකරන ලද පොෂණ වැඩසටහන........

2026.02.19 වන දින සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලීය නිලධාරීන් විසින් ඩෙංගු රෝග ව්‍යාප්තිය වැලක්වීමට සිදු කරන ලද  ධූමායන වැ...
20/02/2026

2026.02.19 වන දින සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලීය නිලධාරීන් විසින් ඩෙංගු රෝග ව්‍යාප්තිය වැලක්වීමට සිදු කරන ලද ධූමායන වැඩසටහන්........සහය දුන් සැමට තුති.....

Address

MOH Office, Balangoda
Weligepola

Opening Hours

Monday 07:30 - 16:30
Tuesday 07:30 - 16:30
Wednesday 07:30 - 16:30
Thursday 07:30 - 16:30
Friday 07:30 - 16:30
Saturday 07:30 - 13:00

Website

Alerts

Be the first to know and let us send you an email when MOH Office Weligepola posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category