Weligama Urban Council - වැලිගම නගර සභාව

Weligama Urban Council - වැලිගම නගර සභාව සයුරු තලයේ මහිමයෙන් දිදුලන සංචාරක පුරවරය...

02/06/2026
වැලිගම නගර සභාව මඟින් සංවිධානය කරන වෙසක් කලාපයේ තුන්වන දිනය ඉතා විචිත්‍රවත් අයුරින් සාර්ථකව පැවැත්වුණි. 🌕✨මෙම විශේෂ අවස්...
02/06/2026

වැලිගම නගර සභාව මඟින් සංවිධානය කරන වෙසක් කලාපයේ තුන්වන දිනය ඉතා විචිත්‍රවත් අයුරින් සාර්ථකව පැවැත්වුණි. 🌕✨

මෙම විශේෂ අවස්ථාවට බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය ගරු අර්කම් ඉල්යාස් මහතා, බුද්ධශාසන නියෝජ්‍ය අමාත්‍යතුමා ඇතුළු ආරාධිත අමුත්තන් රැසක් සහභාගී වූහ. එමෙන්ම නගර සභා සභාපති ගරු මොහොමඩ් අෆ්රාස් මහතා, උප සභාපති ගරු අරවින්ද සනත් කුමාර මහතා සහ ගරු මන්ත්‍රී මණ්ඩලය,වැලිගම ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති චින්තක මහතා⁣ සහභාගීත්වයෙන් මෙම උත්සවය වඩාත් ගෞරවනීය විය.Ceat ආයතනයේ නිලධාරීන්ගේ සහභාගිත්වයද කැපී පෙනුනි.

දර්ශනීය වෙසක් තොරණ, ආලෝකවත් සැනකෙළි භූමිය සහ විවිධ ආකර්ෂණීය අංග මගින් කලාපය ජනතාවගෙන් පිරී ගොස් තිබුණි. රාජ්‍ය ආයතන, පාසල් සහ දහම් පාසල් සිසු දරුවන්ගේ භක්ති ගී ගායනයන් තුළින් සැවොමගේ හෘදයන් සන්සුන් කරමින් ආධ්‍යාත්මික වාතාවරණයක් නිර්මාණය විය. 🎶🙏

මෙවන් සුවිශේෂී වෙසක් කලාපයක් මඟින් බුදු දහමේ මූලික අගයන් ජනහද තුළ නැවත සජීවී කරමින් සමාජයට ආලෝකයක් වෙමින් පවතින බව පැහැදිලි විය. 🪔✨

දෙවන දිනයත් අති උත්කර්ෂවත් අයුරින් සාර්ථක කරමින්, වැලිගම නගර සභාව මඟින් සංවිධානය කරන වෙසක් කලාපය ජනතා උද්යෝගයෙන් පිරී පැ...
01/06/2026

දෙවන දිනයත් අති උත්කර්ෂවත් අයුරින් සාර්ථක කරමින්, වැලිගම නගර සභාව මඟින් සංවිධානය කරන වෙසක් කලාපය ජනතා උද්යෝගයෙන් පිරී පැවැත්වුණි.

එහි පැවැත්වූ බත් දන්සල, සොබාදහමත් ආලෝකයෙන් වර්ණවත් වූ වෙසක් තොරණ සහ සැනකෙළි භූමිය, දිවයිනේ නන්දිසියන්ගෙන් පැමිණි බැතිමතුන්ගෙන් පිරී, සුවිශේෂී ආත්මික හා සමාජීය අත්දැකීමක් සලසා දුන්නාය.

මෙම උත්සවය සභාපතිතුමා, උප සභාපතිතුමා, ගරු මන්ත්‍රී මණ්ඩලය සහ ආරාධිත අමුත්තන්ගේ සභාගීත්වයෙන් අති ගරුත්වයෙන් හා ශෝභාවෙන් පැවැත්විය.

පින්බර වෙසක් ආලෝකයෙන් හදවත් පුරවමින්, එකමුතුවේ අගය නැවතත් මතක් කළ මෙම අවස්ථාව සියලු දෙනාගේ මතකයේ දිගු කාලයක් රැ⁣ඳේවා🌕✨

වැලිගම වෙසක් කලාපයේ පළමු දිනය සාර්ථකව... 🌕✨වැලිගම නගර සභාව මඟින් සංවිධානය කරන ලද වෙසක් කලාපයේ පළමු දිනය ඉතා උත්කර්ෂවත් අ...
31/05/2026

වැලිගම වෙසක් කලාපයේ පළමු දිනය සාර්ථකව... 🌕✨
වැලිගම නගර සභාව මඟින් සංවිධානය කරන ලද වෙසක් කලාපයේ පළමු දිනය ඉතා උත්කර්ෂවත් අයුරින් සාර්ථකව පැවැත්විණි.
මහා සංඝරත්නයේ පූජනීය ආශිර්වාද මධ්‍යයේ, ආරාධිත අමුත්තන්ගේ සහභාගීත්වයෙන්, නගර සභා සභාපතිතුමා, උප සභාපතිතුමා සහ මන්ත්‍රී මණ්ඩලයේ ප්‍රධානත්වයෙන් මෙම වෙසක් කලාපය විවෘත කිරීම සිදු කරන ලදී.
එමෙන්ම, දන්සැලද විශාල ජනතාවකගේ සහභාගීත්වයෙන් සාර්ථකව පවත්වා, බොහෝ දෙනාට පින් රැස් කර ගන්නා සුන්දර අවස්ථාවක් බවට පත්විය.
මෙම වෙසක් උත්සවය ආලෝකයෙන්, භක්තියෙන් සහ සතුටෙන් පිරුණු අමතක නොවන මොහොතක් විය. 🌼🙏

රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව වැලිගම නගරය පුරා පැතිරෙන පින්බර ආලෝකයෙන් සුන්දර වූ මොහොතක්… 🌕✨වැලිගම නගර සභාව මඟින් සංවිධාන...
26/05/2026

රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව වැලිගම නගරය පුරා පැතිරෙන පින්බර ආලෝකයෙන් සුන්දර වූ මොහොතක්… 🌕✨

වැලිගම නගර සභාව මඟින් සංවිධානය කරන වෙසක් කලාපයේ සෑම කටයුත්තක්ම ක්‍රමවත් ලෙස ඉදිරියට ගෙන යමින්, ගරු සභාපති මොහොමඩ් අෆ්රාස් මහතාගේ නායකත්වය යටතේ, උපසභාපති අරින්ද සනත් කුමාර මහතා සහ ගරු මන්ත්‍රී මණ්ඩලයේ පූර්ණ අධීක්ෂණය යටතේ සාර්ථකව සිදු වෙමින් පවතී.

වෙසක් තොරණ ඉදිකිරීම් වලින් ආරම්භ වී, නගර මාර්ග ආලෝකමත් කිරීම, දන්සැල් සඳහා භූමිය සකස් කිරීම හා පිරිසිදු කිරීම, නගරය සමස්තයක් ලෙස පිරිසිදු කර සුන්දර කර ගැනීම දක්වා සියලුම කටයුතු මහත් කැපවීමකින් සිදු කරනු ලබයි.

එමෙන්ම, කුඩා ළමුන්ගේ සිත් සතුටු කරවීම සඳහා විශේෂ විනෝද කලාපයක්ද සංවිධානය කරමින්, සියලු වයස් කාණ්ඩ සඳහාම ආශිර්වාදයෙන් පිරි, සතුටින් පිරි වෙසක් අත්දැකීමක් ලබා දීමට කටයුතු කර ඇත.

🌼 මේ වෙසක් සමයේ, බුදු සරණින් සිත් පහන් වී, සමාජය එකමුතු කරමින් පින්බර අත්දැකීමක් සෑමදෙනාටම ලබා දීමට වැලිගම නගර සභාව කැපවී සිටී. 🌼

වෙසක් තෙමගුලේ ආලෝකයෙන් වර්ණවත් වූ සුන්දර මොහොතක් 🌕ලෝතුරා සම්මා සම්බුදුරජානන් වහන්සේගේ වෙසක් තෙමගුල වර්ණවත් ලෙස සිහිපත් ක...
21/05/2026

වෙසක් තෙමගුලේ ආලෝකයෙන් වර්ණවත් වූ සුන්දර මොහොතක් 🌕
ලෝතුරා සම්මා සම්බුදුරජානන් වහන්සේගේ වෙසක් තෙමගුල වර්ණවත් ලෙස සිහිපත් කිරීමේ අරමුණින්, වැලිගම නගර සභාව විසින් සංවිධානය කරන ලද වෙසක් කලාපයේ ප්‍රධාන අංගයක් වූ වෙසක් තොරණ සමාරම්භක කප්සිටුවීමේ මංගල්‍යය අද දින අතිශය ගෞරවයෙන් පවත්වන ලදී.
මෙම උත්සවයට ගරු සභාපති මොහොමඩ් අෆ්රාස් මහතා, උප සභාපති ගරු අරින්ද සනත් කුමාර මහතා, ගරු මන්ත්‍රී මණ්ඩලය සහ මෙහි අනුග්‍රාහක ආයතනය වන Camso ආයතනයේ නිළධාරීන් සහභාගී වූහ.
මහා සංඝරත්නයේ ආශීර්වාද මධ්‍යයේ, සියළුදෙනාගේ සුරතින් කප්සිටුවීමේ මෙම උත්සවය සාර්ථකව සංවිධානය විය.
🙏 මේ උතුම් අවස්ථාව, වෙසක් සිරියෙන් පිරි නගරයක් නිර්මාණය කිරීමේ ආරම්භයකි.

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ වැලිගම නගරයේ ජලය එක්රැස්වීම් හේතුවෙන් ජනතාවගේ දෛනික ජීවිතයට ඇතිවිය හැකි බාධා අවම කිරීම...
14/05/2026

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ වැලිගම නගරයේ ජලය එක්රැස්වීම් හේතුවෙන් ජනතාවගේ දෛනික ජීවිතයට ඇතිවිය හැකි බාධා අවම කිරීම අරමුණින්, නගරයේ කාණු පද්ධති පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.

ඒ සමඟම, ජලය නිසි පරිදි ගලා බැස මුහුදට එක්වීම පහසු කිරීම සඳහා මෝය කට හෑරීමේ කටයුතු ද සිදු කරන ලදී.

මෙම කටයුතු සියල්ල වැලිගම නගරාධිපති මොහොමඩ් අෆ්රාස් මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ සාර්ථකව ක්‍රියාත්මක විය.

Address

වැලිගම නගර සභාව, වැලිගම
Weligama
81700

Alerts

Be the first to know and let us send you an email when Weligama Urban Council - වැලිගම නගර සභාව posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Weligama Urban Council - වැලිගම නගර සභාව:

Share