Warakapola - වරකාපොල

Warakapola - වරකාපොල Official Page for Warakapola
This page will act as a social hub for the localities in the town. It is a famous as a Birth land of King 1st Parakkramabahu.

Historical Importance In Warakapola Division

Dadigama is the main historical place in the Warakapola division. Huge statue was built by covering birth place of King. Length of this statue was 120 cubit. & diameter was 804 feet. Square ft of top of the statue was 26000. Museum in Dadigama was constructed in 1952 to deposit antique which was found out from Sueethigara chathiya . This museum is bein

g developed as a place which is exhibited historical antique in Kegalle. Other historical places :

Lenagala Rajamahaviharaya. Mampitiya Rajamaha Viharaya

Manikkadawara Tampita Viharaya

Manikkadawara Portuguese fortress

Historical Dorawaka

Historical Dorawaka

20/07/2021

Fatty liver කියන රෝගය අද ඉතා සුලභ රෝගයක් වෙලා. 1980 දශකයේ පලමු වතාවට සොයා ගත් මේ රෝගය ඇමරිකාවේ 25%කට තියෙනවා. එංගලන්තයේ 2007 සිට 2013 දක්වා 10 ගුණයකින් රෝගීන් සංඛ්‍යාව වැඩි වෙලා. දෙගුණයකින් අක්මා බද්ධ කිරීම් වැඩිවෙලා. ලංකාවෙත් හුග දෙනෙක්ට මේ රෝගය තියෙනවා. කොහොමද මේ රෝගය එක පාරටම මේ තරම් ව්‍යාප්ත වන්නේ ???

Fatty liver disease කියන්නේ අක්ක්මාවේ අධික ලෙස මේදය තැම්පත් වීම .මෙය grade 1,2,3,4 ලෙස බෙදා තියෙනවා. grade 1 හිදී ඔබගේ බඩ පෙදෙස ඉදිරියට නෙරා ඒම, SGOT /PT අගයන් ඉහළ යාම, ක්ලාන්ත ගතිය, රුධිර ගත කොලෙස්ටෙරෝල් මට්ටම ඉහළ යාම වැනි ලක්ෂණ පෙන්නුම් කරනවා. මෙම රෝග ලක්ෂණ ක්‍රමයෙන් වැඩි වී අවසානයේ grade 4 වන විට අක්මාවේ සෛල විනාශ වී සිරෝසිස් හෙවත් අක්මා පිලිකා තත්ත්වය දක්වා වර්ධනය වෙනවා. එවිට ලිවර් ට්‍රාන්ස්ප්ලාන්ට්/අක්මාව බද්ධ කිරීම සිදු කල යුතුයි. එය කෝටි ගණනක් වියදම් වන ශල්‍යකර්මයක්.

අක්මාවේ මේදය තැම්පත් වන්නේ කෙසේද? "ඇල්කොහොලික්" ෆැටි ලිවර් ඩිසීස් හැදෙන්නේ මද්‍යසාරය පානය කිරීමෙන්. "නන් ඇල්කොහොලික්" ෆැටි ලිවර් ඇතිවන්නෙ අධික ලෙස සීනි හා පිශ්ඨය ආහාරයට ගැනීමෙන්. 2019 සිදු කරන ලද ෆැටී ලිවර් ඇති තරුණ පිරිමි ලමයි යොදාගෙන සිදු කරන ලද පරීක්ෂණයකින් මෙය තහවුරු කරගෙන තියෙනවා. ඉන් කොටසකට සාමාන්‍ය ආහාරය සහ ඉතුරු කොටසකට කාබෝහයිඩ්‍රේට් අඩු ආහාර ලබා දී තියෙනවා. ඉන් කාබෝහයිඩ්‍රේට් අඩු ආහාර ගත් ලමයින්ගේ අක්මාවේ මේදය අඩුවීමක් පෙන්නුම් කල අතර සාමාන්‍ය පරිදි ආහාර ගත් ලමයින්ගේ වෙනසක් සිදුවී නොමැත.

තවත් පරීක්ෂණයක් 2021 සිදුකර ඇති අතර එහිදී කාණ්ඩ තුනක් වෙන්කරගෙන ඉන් පලමු කාණ්ඩයට සාමාන්‍ය ආහාරද, දෙවන කාණ්ඩයට කඩින්කඩ නිරාහාරයද තෙවන කාණ්ඩයට කාබෝහයිඩ්‍රේට් අඩු ආහාර ද නිර්දේශ කර තියෙනවා. ඉන් දෙවන හා තෙවන කාණ්ඩ වල ෆැටි ලිවර් තත්ත්වය සීඝ්‍රයෙන් පහවගොස් තියෙනවා.

ඉන්සුලින් ලබා දී ෆැටි ලිවර් වැඩිවෙන ආකාරය තවත් පරීක්ෂණයක් මගින් සොයාබලා තියෙනවා. ඉන්සුලින් ගන්නා ප්‍රමාණය වැඩි වීමත් සමග අක්මාවේ මේදය තැන්පත්වීම සීඝ්‍රයෙන් වැඩිවෙන බව ඔවුන් නිරීක්ෂණය කර තිබෙනවා. non alcoholic fatty liver disease හැදෙන්නේ අප ගන්නා ආහාර වල ඇති glucose හා fructose වලින්.

ෆෘක්ටෝස් මගින් ශක්තිය නිපදවීම සිදු කරන්න පුළුවන් එකම අවයවය අක්මාව පමණයි. අප ආහාරයට ගන්නා fructose අක්මාවේදී trygliceride (මේදය) බවට පත් වී අක්මාවේ තැම්පත් වී අක්මාව ඉදිමී ප්‍රමාණයෙන් විශාල වේ. ග්ලූකෝස් ෆෘක්ටෝස් මෙන් නොව ශරීරයේ විවිධ ස්ථාන වල ශක්තිය නිපදවීම සදුදා යොදාගනී. නමුත් වැඩිපුර කාබෝහයිඩ්‍රේට් ආහාරයට ගැනීමෙන් ඒවා ඉන්සියුලින් හෝර්මෝනය ආධාරයෙන් මේදය බවට පත්වීම සිදුකොට අක්මාවේ හා අනෙකුත් පටකවල තැම්පත් වීම සිදුවේ.මෙසේ අක්මාව මගින් සීනි මේදය බවට පත් කිරීම de novo lipogenesis (අලුත් මේදය නිෂ්පාදනය)නම් වේ. රාත්‍රි ආහාරයෙන් 5% මේදය අක්මාවේ තැම්පත් වන අතර රුධිර ගත මේද අම්ල මගින් හා de novo lipogenesis ක්‍රියාවලිය මගින් ඉතුරු මේදය අක්මාවේ තැම්පත් වීම සිදුවෙනවා.

ඔබට ෆැටි ලිවර් තියෙනවා නම් කලයුත්තේ කුමක්දැයි ඔබට දැන් වැටහෙනවා ඇති. පිශ්ඨය සහිත ආහාර, පලතුරු වර්ග සීමා කිරීම හා "intermittent fasting" කඩින්කඩ නිරාහාරව සිටීම මගින් ඔබට ඉතා කෙටි කාලයක් තුල මෙම රෝගයෙන් මිදීමට හැකිය.

-Dr. දනුක දිසානායක-

උපුටා ගැනීමකි ©️

21/06/2021
15/05/2021
25/03/2021
18/03/2021

අරගලයකට සූදානම් වන්න...❤️👏

Warakpola - Kegalle
07/03/2021

Warakpola - Kegalle

🥲🥲

17/02/2021

Address

Warakapola

Telephone

011123456

Website

Alerts

Be the first to know and let us send you an email when Warakapola - වරකාපොල posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share