ආදරණීය නාමල්

ආදරණීය නාමල් තාරුණ්‍යයේ හෙට දවස වෙනුවෙන්...

29/05/2026
22/05/2026


#ආදරණීයනාමල්

නාමල්ගෙන් හැරෙන තැපෑලෙන් උත්තරරජය විසින් කළ යුතුව ඇත්තේ , දේශපාලන නාට්‍ය සහ මාධ්‍ය සිරස්තල කෙරෙහි අවධානය යොමු කරනු වෙනුව...
20/05/2026

නාමල්ගෙන් හැරෙන තැපෑලෙන් උත්තර

රජය විසින් කළ යුතුව ඇත්තේ , දේශපාලන නාට්‍ය සහ මාධ්‍ය සිරස්තල කෙරෙහි අවධානය යොමු කරනු වෙනුවට, අප රටේ ජනතාව වෙනුවෙන් අර්ථවත් ප්‍රතිඵල අත්කර දීම සඳහා සිය අවධානය යොමු කිරීම බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සටහනක් තබමින් ප්‍රකාශ කර සිටියි.ඔහු මේ සටහන තබා ඇත්තේ පිල්ලෙයාන් මහතාව බැලීමට ගියා යැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන් බවට මාධ්‍ය මගින් දැනගත් පසු එයට පිළිතුරු දෙමිනි.ඔහුගේ X පණිවිඩය පහත පරිදි වේ.

2018/19 කාලසීමාවේදී ටී. එම්.වී.පී. (TMVP) පක්ෂයේ නායක සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් බන්ධනාගාරගතව සිටි සමයේ මා ඔහුව බැලීමට ගිය බව රහසක් නොවේ. ඇත්ත වශයෙන්ම, මාගේ එම පැමිණීම් පිළිබඳ බන්ධනාගාර වාර්තා අවශ්‍ය ඕනෑම අවස්ථාවක ලබාගත හැකිව පවතී. එම වකවානුව වන විට, ඔහු 2015 ජනාධිපතිවරණයට මෙන්ම 2018 පළාත් පාලන මැතිවරණයටද තරඟ කරමින් අපගේ සන්ධානයේ පාර්ශවකරුවකුව සිටියේය.

දැනගන්නට ලැබී ඇති පරිදි, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කිරීම සඳහා ප්‍රංශය දක්වාම ගමන් කොට ඇත. පැහැදිලිවම මෙමඟින් රජයේ ප්‍රමුඛතාවයන් පිළිබඳව බරපතල ගැටළු මතු කරවයි. නිලධාරීන් මෙතරම් විශාල දුරක් ගමන් කළේ මා පිල්ලෙයාන් හමුවීමට ගිය බව තහවුරු කර ගැනීමට පමණක් නම්, එය පැහැදිලිවම මහජන මුදල් නාස්ති කිරීමකි.

මා දන්නා තරමින්, මේ වන විට පිල්ලෙයාන්ව රැඳවුම් භාරයේ තබාගෙන සිටින්නේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධයෙන් නොවේ. එසේ නම්, රජය මේ ආකාරයේ මාධ්‍ය සංදර්ශන පවත්වමින් සැබවින්ම ඒත්තු ගැන්වීමට උත්සාහ කරන්නේ කා හටද?

ජාතික ජන බලවේගය (NPP) විසින්ද විවිධ අවස්ථාවලදී පාස්කු ප්‍රහාරය පිළිබඳව විවිධ කතාන්දර සමාජගත කර ඇත. රජය දැන් මෙම ඛේදවාචකය දේශපාලන ප්‍රතිවාදීන් ඉලක්ක කර ගැනීම සඳහා යොදා ගැනීමට උත්සාහ කරන්නේ නම්, තවමත් සැබෑ පිළිතුරු සහ සාධාරණය අපේක්ෂාවෙන් සිටින වින්දිතයින්ට මෙන්ම ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට කරනු ලබන දැඩි අසාධාරණයක් ලෙස එය සැලකිය හැක.

ඕනෑම සාධාරණ පරීක්ෂණයකට මුහුණ දීමට අප සැමවිටම සූදානම්ව සිටින අතර, පවතින ඕනෑම සැකයක් විවෘතව සහ විනිවිදභාවයකින් යුතුව නිරාකරණය කර ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අපගේ උපරිම සහයෝගය ලබා දෙන්නෙමු. රජය විසින් කළ යුතුව ඇත්තේ , දේශපාලන නාට්‍ය සහ මාධ්‍ය සිරස්තල කෙරෙහි අවධානය යොමු කරනු වෙනුවට, අප රටේ ජනතාව වෙනුවෙන් අර්ථවත් ප්‍රතිඵල අත්කර දීම සඳහා සිය අවධානය යොමු කිරීමයි.

- නාමල් රාජපක්ෂ -


#ආදරණීයනාමල්

  #ආදරණීයනාමල්
18/05/2026


#ආදරණීයනාමල්

  #ආදරණීයනාමල්
18/05/2026


#ආදරණීයනාමල්

14/05/2026


#ආදරණීයනාමල්

Address

Wadduwa

Website

Alerts

Be the first to know and let us send you an email when ආදරණීය නාමල් posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share