Pasgoda Pradeshiya Sabha - Urubokka

Pasgoda Pradeshiya Sabha - Urubokka Our service - Your wellbeing

21/05/2026

🔴 2026 වෙසක් මංගල්‍යය වෙනුවෙන් ඔබ විසින් සංවිධානය කරනු ලබන දන්සැල් ඔබ ප්‍රදේශයට අදාළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ අනිවාර්යයෙන්ම ලියාපදිංචි කිරීමට කටයුතු කරන්න.

දන්සැල් පැවැත්වීමට අදාල සෞඛ්‍යමය උපදෙස් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරැන් විසින් ලබා දෙන අතර සියලු දන්සැල් සෞඛ්‍යාරක්ශිත ද යන්න පරීක්ෂා කරනු ලැබේ.

බැති සිතින් ලබා දෙන දන්සල කිසිවකුටවත් හානියක් නොවී පැවැත්වීමට නිවැරදි උපදෙස් ලබාගන්න.

සෞඛ්‍යට නුසුදුසු තත්වයෙන් පවත්වන දන්සල් පවත්වාගෙන යාමට ඉඩ ලබා නොදෙන බව කරුණාවෙන් දන්වා සිටිමු.

වැඩි දුර විස්තර සදහා ඔබ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතා අමතන්න.

🔴 දැනුවත් වීම සදහා කරුණු කිහිපයක්....

💠 දන්සැල සදහා පිරිසිදු පානීය ජලය භාවිතා කළ යුතුය. සෞඛ්‍ය ආරක්ෂිතව ජලය ගබඩා කර ගැනීම කළ යුතුය. දූෂණය වීම අවම කර ගත යුතුය

💠 අපජලය ක්‍රමානුකූලව බැහැරලීම කළ යුතුය. අපජලය එකතු වන ස්ථාන දන්සැල පවත්වා ගෙන යන කාලය තුල නිරන්තරයෙන් සෝදා පිරිසිදු කිරීම කළ යුතුය. අපවිත්‍ර ජලය මාර්ගය ඔස්සේ ගලා යාමට සැලැස්වී නොකළ යුතුය

💠 දන්සැලින් එකතුවන කසළ වර්ග කිරීමත්,එකතු කිරීමට ප්‍රමාණවත් පියන සහිත කසළ බදුන් හෝ බෑග් භාවිතා කළ යුතුය.

💠 දන්සැල පැවැත්වීමෙන් පසු පෙර තිබූ පරිදි ස්ථානය පිරිසිදු කිරීම කළ යුතුය.

💠 දන්සැල සදහා දායක වන සෑම තැනැත්තෙකුම පුද්ගලික ස්වස්ථාවය ආහාර ස්වස්ථාව සනීපාරක්ෂාව පිළිබද ඉහළ මට්ටමින් ක්‍රියා කළ යුතු අතර ආහාර විෂවීම් ඇති නොවීමට වග බලා ගත යුතුය.

💠 දන්සැල් පරිශ්‍රය තුල බුලත් විට සැපීම, දුම්පානය කිරීම බීමත්ව හැසිරීම සම්පුර්ණයෙන්ම තහනම් වේ.

💠 කිසියම් බෝවන රෝගයකින් පෙළෙන්නෙකු, චර්ම රෝගයකින් පෙළෙන්නෙකු දන්සැල් කාර්ය මණ්ඩලය සදහා සභාභාගි කරවා නොගත යුතු අතර දන්සැල් පරිශ්‍රය තුල රැදි සිටීමද නොකළ යුතුය.

🔴 බත් / කඩල දන්සැල සඳහා කොන්දේසි

1. ආහාර පිසින ස්ථානයේ ප්‍රමාණවත් තරම් ඉඩ පහසුකම් තිබිය යුතුය.

2. වැසිකිළි අසළ හා කාණු උඩ හෝ අසල ආහාර පිසීම නොකළ යුතුය.

3. ආහාර පිළියෙල කිරීමට ගන්නා සියලුම භාණ්ඩ හා උපකරණ සබන් දා හොදින් සෝදා පිරිසිදු කර භාවිතා කළ යුතුය.

4. ආහාර පරිහරණය කරන්නා හොදින් සබන්දා අත් සේදීම කළ යුතු අතර ප්‍රමාණවත් සබන් සපයා තිබිය යුතුය.

5. පිරිසිදු ඇදුම් පැලද සිටිය යුතුය. නිළ ඇදුමක් ලබාදීම වඩාත් උචිතය.

6. සෑම අවස්ථාවකදීම මැස්සන්ගෙන් ආහාර ආරක්ෂා කර ගැනීමට වසා තැබිය යුතුය.

7. කුණු කසළ විවෘතව නොතබා පියන සහිත බදුන් වල බහාලිය යුතුය. අප ජලය ක්‍රමාණුකූලව බැහැරලිය යුතුය.

8. දන්සැල්හි ආහාර පිළිගන්වන්නන් අත්වැසුම්, හිස් වැසුම්, මුඛ ආවරණ පැළද සිටිය යුතුය.

🔴 අයිස් ක්‍රීම් / කෝයි / සිසිල් බීම දන්සැල සදහා කොන්දේසි

1. අයිස් ක්‍රීම් නියමිත උෂ්ණත්වයේ ශිතකරණ වල ගබඩා කර තැබිය යුතුය.

2. ආහාර පිළිගන්වන්නන් අත්වැසුම්, හිස් වැසුම්, මුඛ ආවරණ පැළද සිටිය යුතුය.

3. කෝපි හා සිසිල් බීම සඳහා භාවිතා කරන කෝප්ප හොදින් සෝදා පිරිසිදු කළ යුතුය.

4. ප්‍රමාණවත් කසළ බදුන් තිබිය යුතුය.

#දන්සැල්

21/05/2026
ඔබගේ මහජන පැමිණිලි මෙම QR කේතය ඔස්සේ අප වෙත යොමු කළ හැකිය.You can send us your public complaints via this QR code.இந்த Q...
21/05/2026

ඔබගේ මහජන පැමිණිලි මෙම QR කේතය ඔස්සේ අප වෙත යොමු කළ හැකිය.

You can send us your public complaints via this QR code.

இந்த QR குறியீடு வழியாக உங்கள் பொதுப் புகார்களை எங்களுக்கு அனுப்பலாம்.

15/05/2026
15/05/2026
12/05/2026

📢 විශේෂ මහජන දැනුවත් කිරීමයි.

මෙනින්ජයිටිස් (Meningitis) පැතිරීම වළක්වා ගනිමු!

මෙනින්ජයිටිස් යනු මොළය සහ සුෂුම්නාව අවට ඇති ආරක්ෂිත පටල ඉදිමීමෙන් ඇතිවන බරපතල තත්ත්වයකි. මෙය වළක්වා ගැනීමටත්, ප්‍රජාව ආරක්ෂා කර ගැනීමටත් පහත උපදෙස් පිළිපදින්න.

🛡️ රෝගය වළක්වා ගැනීමට ගත යුතු පියවර:

• දෑත් පිරිසිදුව තබා ගන්න: සබන් යොදා අවම වශයෙන් තත්පර 20ක්වත් දෑත් සෝදන්න. (විශේෂයෙන් වැසිකිළි භාවිතයෙන් පසු සහ ජනාකීර්ණ ස්ථානවල ගැවසීමෙන් පසු).

• පෞද්ගලික ද්‍රව්‍ය හුවමාරු නොකරන්න: වතුර කෝප්ප, පිඟන්, දත් බුරුසු හෝ ආහාර ගන්නා උපකරණ අන් අය සමඟ හවුලේ භාවිතයෙන් වළකින්න.

• ජනාකීර්ණ ස්ථාන මඟහරින්න: අනවශ්‍ය ලෙස පොදු රැස්වීම් හෝ සෙනඟ බහුලව ගැවසෙන ස්ථානවලට යාම සීමා කරන්න. හැකි සෑම අවස්ථාවකම මුව ආවරණ පලදින්න.

• පිරිසිදු කිරීම සහ විෂබීජහරණය: දොර මිට්, ස්විච සහ සෙල්ලම් බඩු වැනි නිතර ස්පර්ශ වන මතුපිට නිවැරදිව පිරිසිදු කරන්න.

⚠️ දෙමාපියන් සහ ගුරුවරුන් සඳහා විශේෂ උපදෙස්:
• දරුවන් ගැන විමසිලිමත් වන්න: දරුවෙකුට රෝග ලක්ෂණ ඇත්නම්, සුවය ලබන තෙක් පාසල් එවීමෙන් වළක්වා නිවසේ රඳවා තබා ගන්න.

• වහාම වෛද්‍ය උපදෙස් පතන්න: තද උණ, හිසරදය, වමනය, ආලෝකය දෙස බැලීමේ අපහසුව (Photophobia) හෝ අධික නිදිමත/අලස බව ඇත්නම් ප්‍රමාද නොවී වෛද්‍යවරයෙකු වෙත යොමු වන්න.

සෞඛ්‍ය සම්පන්න සමාජයක් වෙනුවෙන් අවධානයෙන් සහ වගකීමෙන් කටයුතු කරමු.

පස්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ
පනිවුඩයකි.👍🙏

12/05/2026

මේ දිනවල පැතිර යන viral meningitis රෝගය සම්බන්ධව කොටපොල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මඟින් මාර්ගෝපදේශන මාලාවක් නිකුත් කරයි
---------

මේ දිනවල පැතිර යන viral meningitis රෝගය සම්බන්ධව සියළුම පාසල් බලධාරීන් ගුරුවරුන් දෙමාපියන් උපකාරක පන්ති ගුරුවරුන් පාසල් සිසුන් සහ පොදු මහජනතාව වෙත කොටපොල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මඟින් නිකුත් කරනු ලබන මාර්ගෝපදේශය.
👉දැනට සැක කරන පරිදි බොහෝවිට විට මෙය වෛරස් ආසාදනයකින් ඇතිවන meningitis තත්වයකි.
👉පාසල් දරුවන් (විශේෂයෙන් ප්‍රාථමික අංශ වල) අතර උණ, අධික හිසරදය, වමනය, ගෙල ප්‍රදේශයේ වේදනාව වැනි රෝග ලක්ෂණ දක්නට ලැබේ.
👉මෙම රෝගය වළක්වා ගැනීම සඳහා පාසල් කාලය තුල පහත සඳහන් නිර්දේශ ක්‍රියාත්මක කිරීමට වග බලාගන්නා ලෙස ඉල්ලා සිටිමි.
1.සෑම විටම උතුරවා නිවාගත් ජලය පානයට ගැනීම.
2.හැකි සෑම අවස්ථාවකදී ම නිවසේ දී සෞඛ්‍යරක්ෂිත ලෙස පිළියෙල කරගත් ආහාර පරිභෝජනය කිරීම.
3.මැස්සන් ඇතුලු ආහාර දූෂක ප්‍රභව වලින් ආහාර දූෂණය වීම වැළැක්වීම.
4.කෑමට පෙර හා වැසිකිළි භාවිතයෙන් පසු නිවැරදිව සබන් යොදා දෑත් සේදීම.
5.සනීපාරක්ෂක කටයුතු වලට අවශ්‍ය ජලය හා වැසිකිළි සඳහා අවශ්‍ය ජලය හා පිරිසිදුකාරක ප්‍රමාණවත්ව නිරතුරුව සැපයීම.
6.පාසල් තුළ පවතින වැසිකිළි අවම වශයෙන් දිනකට තෙවරක් වත් විෂබීජ නාශක යොදා පිරිසිදු කිරීම හා එම කටයුතු අධීක්ෂණය කිරීම.
7.ආහාර හා ජලය එකිනෙකා අතර හුවමාරුව වැළැක්වීම.
8.හැකි සෑම විටම නිවැරදිව මුව ආවරණ පැළදීම.
9.අනවශ්‍ය ඒකරාශි කිරීම් අවම කිරීම.
10.රෝග ලක්ෂණ පෙන්වන දරුවන් පාසල් එවීමෙන් වැළැක්වීම.
11.කුඩා දරුවන්ගේ මළපහ සෞබ්‍යාරක්ෂිතව බැහැර කිරීම සහ සනීපාරක්ෂිත වැසිකිළි භාවිතා කිරීම.
12.පාසැල් ළමුන් ප්‍රවාහන රථ හා වෙනත් පොදු ප්‍රවාහන වල දී සෞඛ්‍යරක්ෂිත ක්‍රම අනුගමනය කිරීම.
13.අසනීප තත්ත්ව වල දී රජයේ බටහිර වෛද්‍යවරයකුගෙන් හෝ ළගම පිහිටි රජයේ රෝහලකින් පමණක් ප්‍රතිකාර ලබා ගැනීම.
14.පුද්ගලික උපකාරක පංති පැවැත්වෙන අවස්ථා වලදී ද ඉහත මාර්ගෝපදේශ පිළිපදින්න.
👉මේ වන විට මෙම රෝග තත්ත්වය කුඩා දරුවන් අතර පමණක් පැතිර ගිය ද සියළු ම වයස් කාණ්ඩ අතර ප්‍රජාවන් සදහා මෙම නිර්දේෂ වලංගු වේ.
ඉහත සඳහන් කරුණු අනුගමනය කරමින් රෝගය වැළැක්වීම සඳහා සහය වන්න.

#මාතර

Address

Urubokka

Alerts

Be the first to know and let us send you an email when Pasgoda Pradeshiya Sabha - Urubokka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share