සත්කාරය

සත්කාරය නැති බැරි අපේම අහිංසක මිනිසුන් වෙනුව?

තෝරාගත් දුප්පත් පවුල් 25ක ළමුන් වෙනුවෙන් අවශ්‍ය පාසල් සපත්තු සහ පොත් බෑග් ලබා දීම 2021/01/21දින මැණික් රජමහවිහාරයේදී සත්...
24/01/2022

තෝරාගත් දුප්පත් පවුල් 25ක ළමුන් වෙනුවෙන් අවශ්‍ය පාසල් සපත්තු සහ පොත් බෑග් ලබා දීම 2021/01/21දින මැණික් රජමහවිහාරයේදී සත්කාරය සමාජ සුභ සාධන පදනමේ අපේ ප්‍රධාන දායකත්වයෙන් පැවැත්විය.මේ සඳහා නන් අයුරින් දායකත්වය සැපයූ සියලු දෙනාටත් ස්තූති වන්ත වෙමු

#සත්කාරය_ඔබ_වෙනුවෙන්

සත්කාරය සමාජ සුභසාධන පදනම විසින් සංවිධානය කරනු ලැබූ ලේ දන්දීමේ වැඩසටහන අද දින ඉතාමත් සාර්ථකව පැවැත්විනි. ජීවිත විශාල ගණන...
26/09/2021

සත්කාරය සමාජ සුභසාධන පදනම විසින් සංවිධානය කරනු ලැබූ ලේ දන්දීමේ වැඩසටහන අද දින ඉතාමත් සාර්ථකව පැවැත්විනි.
ජීවිත විශාල ගණනක් බේරාගැනීමට අවශ්‍ය 117 දෙනෙකුගේ රුධිරය අදදින ලේ බැංකුව වෙත පරිත්‍යාග කිරීමට හැකීවීම ඉතාමත් සතුටට කරුණක් විය.මෙම වැඩසටහන ඉතාමත් සාර්ථකව පැවත්වීමට අවශ්‍ය අනුශාසකත්වය හා සිරිමංගලාරාම විහාරස්ථානය අපහට ලබාදුන් අපගේ මාගම මහානාම ස්වාමීන්ද්‍රයන් වහන්සේට අපගේ නමස්කාර පූර්වක ස්තූතිය පුදකරන අතර, මේ වැඩසටහන වෙනුවෙන් අපගේ ඉල්ලීම පිළිගෙන පැමිණ උදෑසන සිට විශාල කැපකිරීමක් සිදු කළ හම්බන්තොට රෝහල් කාර්‍යමණ්ඩලයටත්,රුධිරය ලබාදී මෙම පුන්‍ය කටයුත්ත වෙනුවෙන් විශාලම මෙහෙවර කල සියලු රුධිර පරිත්‍යාගශීලීන්ටත්, මෙම වැඩ සටහනට පැමිණෙන රුධිර පරිත්‍යාගශීලීන්ට බෙදාදීම සඳහා අපහට අඹ පැළ විශාල සංබ්‍යාවක් ලබා දුන් ගරු රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මැතිතුමාටත් කජු පැළ විශාල සංබ්‍යාවක් අපට ලබා දුන් කජු සංස්ථාවේ සභාපතිනී Saranga Rathnayake මැතිණියටත් එය මෙම වැඩසටහන සාර්ථක කරගැනීම සඳහා දායකත්වය සැපයූ සියලු දෙනාටත් ,සත්කාරය සමාජ සුභසාධන පදනමේ සියලුම සාමාජිකයින්ටත් ගෞරවපූරක ස්තුතිය පුදකරමු

#සත්කාරය

 #සත්කාරය_සමාජ_සුභසාධන_පදනමේ #තවත්_එක්_සමාජ_මෙහෙවරක් #පින්_කැමති_ඔබත්_ඔබේ_මිතුරු #මිතුරියන්_සමඟින්_මෙම_මස26 #ඉරිදා_උදෑසන...
10/09/2021

#සත්කාරය_සමාජ_සුභසාධන_පදනමේ
#තවත්_එක්_සමාජ_මෙහෙවරක්
#පින්_කැමති_ඔබත්_ඔබේ_මිතුරු
#මිතුරියන්_සමඟින්_මෙම_මස26
#ඉරිදා_උදෑසන9සිට_සවස3දක්වා
#අකුරුගොඩ_සිරිමංගලාරාම
#විහාරස්ථානයට_පැමිණ
#මෙම_මගඟු_සමාජ_මෙහෙවරට
#දායකවන්න
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

තිස්සමහාරාම මූලික රෝහලේ අභිනවයෙන් ඉදිවූ කොරෝනා වාට්ටුව සඳහා අඩුපාඩුවක්ව පැවති ශීතකරණ,රෝදපුටු,පාදයෙන් ක්‍රියාකරන අත්සෝදන ...
30/06/2021

තිස්සමහාරාම මූලික රෝහලේ අභිනවයෙන් ඉදිවූ කොරෝනා වාට්ටුව සඳහා අඩුපාඩුවක්ව පැවති ශීතකරණ,රෝදපුටු,පාදයෙන් ක්‍රියාකරන අත්සෝදන උපකරණ හා උෂ්ණත්වය මනින උපකරණ අපගේ සත්කාරය සමාජ සුභ සාධන පදනම මගින් සියලු තිස්සමහාරාම ජනතාවයේ යහපත උදෙසා 2021/06/29 දින වෛද්‍ය වසන්ත විජේවීර මහතා හට තිස්සමහාරාම රෝහල් පරිශ්‍රය තුළදී නිළ වශයෙන් භාරදීම සිදුකරන ලදී

#සත්කාරය_සමාජ_සුභසාධන_පදනමේ
#තවත්_එක්_සමාජ_සත්කාරයකි

 #සත්කාරය
03/06/2021

#සත්කාරය

සත්කාරය සමාජ සුභ සාධන පදනමේ අපි ජපන් තිස්ස සංසදයේ මූල්‍ය අනුග්‍රහයෙන් කොවිඩ් හේතුවෙන් අසරණවී සිටින දුප්පත් පවුල්100ක් වෙ...
03/06/2021

සත්කාරය සමාජ සුභ සාධන පදනමේ අපි ජපන් තිස්ස සංසදයේ මූල්‍ය අනුග්‍රහයෙන් කොවිඩ් හේතුවෙන් අසරණවී සිටින දුප්පත් පවුල්100ක් වෙනුවෙන් වියලි ආහාර මලු 100ක් අද දිනය පුරා බෙදා හරින අතර, මෙම මහගු කර්තව්‍යය සඳහා මූල්‍ය ආධාර ලබාදුන් ජපන් තිස්ස සංසදයටද පුරා දින 2ක් පුරා මේ වෙනුවෙන් වෙහෙස මහන්සි වී කටයුතු කල අපගේ සත්කාරය සාමාජිකයන්ටද බෙහෙවින් ස්තූතිවන්ත වෙමි

#සත්කාරය_සරණක්_අවැසි_අපේම
#දුප්පත්_ජනතාව_වෙනුවෙන්

සත්කාරය සමාජ සුභසාධන පදනමට කල ඉල්ලීමකට අනුව පොල්ගහවැලෑන ප්‍රදේශයේ වකුගඩු රෝගී තත්වයක් හා අධික දියවැඩියා තත්වය හේතුවෙන් ග...
01/05/2021

සත්කාරය සමාජ සුභසාධන පදනමට කල ඉල්ලීමකට අනුව පොල්ගහවැලෑන ප්‍රදේශයේ වකුගඩු රෝගී තත්වයක් හා අධික දියවැඩියා තත්වය හේතුවෙන් ගිලන්ව ඇවිදීමට අපහසුව සිටින සුමිත් වසන්ත නම් රැකියාවක් කරගැනීමට පවා අපහසු දුප්පත් සහෝදරයෙක්ට අවශ්‍ය රෝද පුටුවක් ලබා දීම සත්කාරය සමාජ සුභසාධන පදනමේ ගරු සභාපති කැලුම් ප්‍රියංකර මැතිතුමා හා ගරු ලේකම් සුදේශ් සංජීව මැතිතුමාගේ උපදෙස් පරිදි අද දින සිදුකරන ලදී.

මෙම රෝද පුටුව ලබාගැනීමට ධන පරිත්‍යාගය සිදුකල තිස්සමහාරාම ප්‍රදේශයේ දුප්පත් මිනිසුන්ට කවදත් අතහිත ලබාදෙන #ජෝන් මහතා සහ #ශාලිකා මැතිනියද මෙම කටයුත්ත සම්බන්ධීකරණය කරන ලද හෂාන් විජේරාම සහෝදරයාට බෙහෙවින් ස්තූතිවන්ත වන අතර ගිලන්ව සිටින සහෝදරයාට ඉක්මන් සුවයද සත්කාරය සමාජ සුභසාධන පදනමේ අපි ප්‍රාර්ථනා කරමු

#සත්කාරය_සරණක්_අවැසි_ඔබට
#පිහිටක්_වන්නට_ඉදිරියටත්
#අපි_සූදානම්

අපගේ සත්කාරය සමාජ සුභ සාධන පදනමේ ගරු ලේකම් සුදේශ් සංජීව සහෝදරයාට සුභම සුභ උපන්දිනක් වේවා
31/03/2021

අපගේ සත්කාරය සමාජ සුභ සාධන පදනමේ ගරු ලේකම් සුදේශ් සංජීව සහෝදරයාට සුභම සුභ උපන්දිනක් වේවා

14/03/2021

සත්කාරය" සමාජ සුභසාධන පදනමේ අපි තුන්වන වරටත් අඛණ්ඩව තිස්සමහාරාම ගඟසිරිපුර ප්‍රදේශයේ නිවස සාදා වසර 10ක් පමණ ගොස් ඇතත් දිළිඳු භාවය නිසා නිවසට විදුලිය ලබාගැනීමට නොහැකිව සිටි දුප්පත් පවුලකට පෙබරවාරි මාසයේ නවම් පොහොය දින විදුලිය ලබාදුන් බව ඉතාමත් සතුටින් දන්වා සිටිමු

අපගේ සත්කාරය පවුලේ සාමාජික නීල් සහෝදරයාගේ අභාවය හේතුවෙන් නිළවශයෙන් එම නිවසට පොහොය දිනයේ පැමිණීමට නොහැකිවීම නිසා අද දින අප එම නිවසටගොස් එම සහෝදරයන් සමඟ කතා බහ කර ඉදිරියටත් හැකි අයුරින් අප ඔවුන්ගේ නිවසේ ඉදිරිවැඩ කටයුතු නිමකර ගැනීමටද සහයෝගය ලබාදීමට එකඟවිය.

මින් ඉදිරියටත් මෙවැනි සමාජ සුභසාධන කටයුතු සිදුකිරීම සත්කාරය සමාජ සුභ සාධන පදනම සූදානම්

#සත්කාරය_සමාජ_සුභ_සාධන_පදනම
#සරණක්_අවැසි_අපේමජනතාව_වෙනුවෙන්

"සත්කාරය" සමාජ සුභසාධන පදනමේ අපි තුන්වන වරටත් අඛණ්ඩව තිස්සමහාරාම ගඟසිරිපුර ප්‍රදේශයේ නිවස සාදා වසර 10ක් පමණ ගොස් ඇතත් දි...
14/03/2021

"සත්කාරය" සමාජ සුභසාධන පදනමේ අපි තුන්වන වරටත් අඛණ්ඩව තිස්සමහාරාම ගඟසිරිපුර ප්‍රදේශයේ නිවස සාදා වසර 10ක් පමණ ගොස් ඇතත් දිළිඳු භාවය නිසා නිවසට විදුලිය ලබාගැනීමට නොහැකිව සිටි දුප්පත් පවුලකට පෙබරවාරි මාසයේ නවම් පොහොය දින විදුලිය ලබාදුන් බව ඉතාමත් සතුටින් දන්වා සිටිමු

අපගේ සත්කාරය පවුලේ සාමාජික නීල් සහෝදරයාගේ අභාවය හේතුවෙන් නිළවශයෙන් එම නිවසට පොහොය දිනයේ පැමිණීමට නොහැකිවීම නිසා අද දින අප එම නිවසටගොස් එම සහෝදරයන් සමඟ කතා බහ කර ඉදිරියටත් හැකි අයුරින් අප ඔවුන්ගේ නිවසේ ඉදිරිවැඩ කටයුතු නිමකර ගැනීමටද සහයෝගය ලබාදීමට එකඟවිය.

මින් ඉදිරියටත් මෙවැනි සමාජ සුභසාධන කටයුතු සිදුකිරීම සත්කාරය සමාජ සුභ සාධන පදනම සූදානම්

#සත්කාරය_සමාජ_සුභ_සාධන_පදනම
#සරණක්_අවැසි_අපේම
#ජනතාව_වෙනුවෙන්

යන්නට බොහෝ දුර තියෙන්නට ඇති,හීන කොතෙකුත් හිතේ පොදි බඳින්නට ඇති,මෙතරම් ඉක්මනින් ඔබ යායුතුබව ඔබවත් නොසිතන්නට ඇති,ඉතින් සොය...
25/02/2021

යන්නට බොහෝ දුර තියෙන්නට ඇති,
හීන කොතෙකුත් හිතේ පොදි බඳින්නට ඇති,
මෙතරම් ඉක්මනින් ඔබ යායුතුබව ඔබවත් නොසිතන්නට ඇති,
ඉතින් සොයුර බුදුන්ටවත් වෙනස් කල නොහැකි වූ දෛවය අප කෙසේ වෙනස් කරම්ද,

#සත්කාරය_අපගේ_සාමාජික_නීල්_සොයුර
ා_මහා_නිවන්සුව_ලැබේවා

"සත්කාරය සමාජ සුභ සාධන පදනමේ" අපි වීරවිල තිස්සපුර වසමේ මූල්‍යමය අපහසුතාව නිසා දීර්ඝ කාලයක් තිස්සේ නිවසට විදුලිය ලබා ගැනී...
28/01/2021

"සත්කාරය සමාජ සුභ සාධන පදනමේ" අපි වීරවිල තිස්සපුර වසමේ මූල්‍යමය අපහසුතාව නිසා දීර්ඝ කාලයක් තිස්සේ නිවසට විදුලිය ලබා ගැනීමට අපහොසත්ව සිටි අහිංසක දිළිඳු පවුලකට නව විදුලි සම්බන්ධතාව ලබාදීම 2021 වර්ෂයේ මුල්ම පොහෝ දිනය වන අද දින එනම් උතුම් දුරුතු පොහෝ දින සිදුකරන ලදී
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
(සෑම මසකම පොහොය දිනයේදී මෙවන් උතුම් පින්කම් කිරීම සත්කාරය අපි ඉදිරියටත් සූදානම්)

Address

Tissamaharama
Tissamaharama

Telephone

+94715207545

Website

Alerts

Be the first to know and let us send you an email when සත්කාරය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category