NPP - Thanamalwila / ජාතික ජන බලවේගය - තණමල්විල

NPP - Thanamalwila / ජාතික ජන බලවේගය - තණමල්විල මෙම ෆේස්බුක් පිටුව, ජාතික ජන බලවේගයේ තණමල්විල කොට්ඨාසය විසින්, මෙහෙයවන ලබන නිල ෆේස්බුක් පිටුවකි. 🧭

🔻 තණමල්විල මහජන දිනය🔻 2026 ජුනී 08 දින🔻 පෙ.ව 10:00 සිට ප.ව 02:00 දක්වා🔻 තණමල්විල මහජන සම්බන්ධීකරණය කාර්යාලයේදී..      (ස...
05/06/2026

🔻 තණමල්විල මහජන දිනය

🔻 2026 ජුනී 08 දින

🔻 පෙ.ව 10:00 සිට ප.ව 02:00 දක්වා

🔻 තණමල්විල මහජන සම්බන්ධීකරණය කාර්යාලයේදී..
(සෙත්ම රසායනාගාර ගොඩනැගිල්ල පහළ මහල)

මොණරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී,
චතුරි ගංගානි මන්ත්‍රිතුමිය හමුවී
ඔබේ ගැටලු/ යෝජනා /අදහස්
ඉදිරිපත් කරන්න...

මොණරාගල දිස්ත්‍රික් මහ රෝහල් පරිශ්‍රයේ  අලුතින් ඉදිකරන ලද පස් මහල් මාතෘ සහ ශල්‍ය වාට්ටු සංකීර්ණය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත...
04/06/2026

මොණරාගල දිස්ත්‍රික් මහ රෝහල් පරිශ්‍රයේ අලුතින් ඉදිකරන ලද පස් මහල් මාතෘ සහ ශල්‍ය වාට්ටු සංකීර්ණය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් අද(2026/06/04) දින ජනතා අයිතියට පත් කරන ලදි.

මෙම පස් මහල් මාතෘ සහ ශල්‍ය වාට්ටු සංකීර්ණය සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් රුපියල් මිලියන 1457 මුදලක් දැනට වැය කර ඇත. මෙම වාට්ටු සංකීර්ණයේ බිම් මහල සහ පළමු මහල මාතෘ වාට්ටු වලින් සමන්විත වේ. දෙවන සහ තෙවන මහල්වල කාන්තා ශල්‍ය වාට්ටු ස්ථාපිත කර ඇත.

2019 වර්ෂයේදී ඉදිකිරීම් ආරම්භකර වසර දෙක හමාරක් තුළ 2022 පෙබරවාරි මාසයේ වැඩ අවසන් කිරීමට නියමිතව තිබිණි. එහෙත් 2025 වසර ආරම්භ වන විටත් එහි ඉදිකිරීම් සිදුකොට තිබුනේ 30%ක් පමණි. වත්මන් රජය මේ සඳහා නව කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර, අලුතින් ඇස්තමේන්තු සකස් කොට ඉදිකිරීම් කටයුතු කඩිනම් කරන ලදී. 2025 ඔක්තෝබර් මාසය වනවිට පළමු මහල් දෙකේ වැඩ කටයුතු නිම කිරීමට හැකි වූ අතර 2026 මැයි මාසය වන විට අවසන් කිරීමට හැකි විය. ඒ අනුව මේ වන විට එම ගොඩනැග්ල්ලේ මාතෘ වාට්ටු සහිත මහල් දෙකක් සහ කාන්තා ශල්‍ය වාට්ටු සහිත මහල් දෙකක් රෝගී සත්කාර කටයුතු ආරම්භ කර ඇත.

මෙම අවස්ථාවට ඌව පළාත් ආණ්ඩුකාර නීතීඥ කපිල ජයසේකර, මොණරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් කුමාර, මොණරාගල ප්‍රාදේශිය සභවේ සභාපති ජානක කුරුප්පු, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (ඉංජිනේරු සේවා) සාලින්ද බණ්ඩාර, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (ඉංජිනේරු සේවා) එච්. එම්.අයි.සී හේරත්, ඌව පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය වෛද්‍ය ඩබ්ලිව්.ආර්.එම්. මහේන්ද්‍ර සෙනෙවිරත්න, මොණරාගල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සේනක හේවාමාන්න,
රෝහල් අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය ඉරේෂා පතිරගේ, යන මහත්ම මහත්මීන් ඇතුලුව, විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන්, හෙද හෙදියන් ඇතුළු ප්‍රදේශයේ රාජ්‍ය ආයතන නියෝජනය කරමින් නිලධාරින්, ප්‍රදේශයේ මහජනතාවද එක්ව සිටියහ.

මොණරාගල දිස්ත්‍රික් මහ රෝහලට පස් මහල් මාතෘ සහ ශල්‍ය වාට්ටු සංකීර්ණයක්. නවීන පහසුකම් වලින් සමන්විත ශල්‍යාගාර 4ක්.ඌව වෙල්ල...
04/06/2026

මොණරාගල දිස්ත්‍රික් මහ රෝහලට පස් මහල් මාතෘ සහ ශල්‍ය වාට්ටු සංකීර්ණයක්. නවීන පහසුකම් වලින් සමන්විත ශල්‍යාගාර 4ක්.

ඌව වෙල්ලස්ස ජනතාවට වඩාත් ගුණාත්මක සහ උසස් සෞඛ්‍ය සේවාවක් ලබා දීමේ අරමුණින් මොණරාගල දිස්ත්‍රික් මහ රෝහල් පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකරන ලද පස් මහල් මාතෘ සහ ශල්‍ය වාට්ටු සංකීර්ණය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන 04 වනදා පෙරවරුවේ ජනතා අයිතියට පත් කිරීමට නියමිතය.

මෙම පස් මහල් මාතෘ සහ ශල්‍ය වාට්ටු සංකීර්ණය සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් රුපියල් මිලියන 857කට අධික මුදලක් දැනට වැය කර ඇත. මෙම වාට්ටු සංකීර්ණයේ බිම් මහල සහ පළමු මහල මාතෘ වාට්ටු වලින් සමන්විත වේ. දෙවන සහ තෙවන මහල්වල කාන්තා ශල්‍ය වාට්ටු ස්ථාපිත කර ඇත.සිව්වන මහලේ අති නවීන වෛද්‍ය උපකරණ වලින් සමන්විත නවීන ශල්‍යාගාර හතරක් ද ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇත.

සමස්ත ව්‍යාපෘතිය සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් රුපියල් මිලියන 2900කට අධික මුදලක් වැය කිරීමට අපේක්ෂිතය.
මොණරාගල දිස්ත්‍රික්කයේ ලක්ෂ පහකට අධික ජනතාවක් ජීවත්වන අතර එම ජනතාවට ප්‍රතිකාර සේවාවන් සපයන ප්‍රධානතම රෝහල මොණරාගල දිස්ත්‍රික් මහ රෝහලයි. 1876 වර්ෂයේ දී මධ්‍යම බෙහෙත් ශාලාවක් ලෙස ආරම්භ කෙරුණු මෙම රෝහල 1990 වර්ෂයේ දී මූලික රෝහලක් ලෙස ද 2005 වර්ෂයේ දී දිස්ත්‍රික් මහ රෝහල ලෙස ද ශ්‍රේණිගත කරනු ලැබීය.

එසේ වුව ද සේවාවන් නියමිත පරිදි පවත්වා ගෙන යාම සඳහා ගොඩනැගිලි පහසුකම් ප්‍රමාණවත් නොවීම හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන ජනතාවටත් සේවා සපයනු ලබන වෛද්‍ය ඇතුළු සමස්ත සෞඛ්‍ය කාර්ය මණ්ඩලයටත් දීර්ඝ කාලයක් දැඩි දුෂ්කරතා මධ්‍යයේ කටයුතු කිරීමට සිදු ව තිබුණි.

මෙම තත්වය වාර්තා වීමෙන් අනතුරුව 2019 වර්ෂයේ දී පමණ ඉදිකිරීම් ආරම්භ කර අතරමඟ නවතා දමා තිබු මෙම ගොඩනැගිලි ව්‍යාපෘතිය ප්‍රමුඛ සහ අත්‍යාවශ්‍ය කාර්යක් ලෙස සලකා කඩිනමින් සම්පුර්ණ කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා උපදෙස් දෙනු ලැබීය. එහි ප්‍රතිඵලයක් ලෙස මෙම පස්මහල් මාතෘ සහ ශල්‍ය වාට්ටු සංකීරණය සම්පුර්ණ කර ඇති අතර නුදුරු කාලය තුළ දීම මෙම ගොඩනැගිල්ලේ සිව්වන මහලේ නවීන ශල්‍යාගාර හතර ස්ථාපිත කිරීමට ද නියමිතය.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට විදෙස් ගමන් තහනමක්...!
04/06/2026

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට විදෙස් ගමන් තහනමක්...!

"ගම් දහසක් වැඩ දහසක්" ප්‍රජා ශක්ති ජාතික වැඩසටහනේ, තණමල්විල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට මිලියන 40.76ක මුදලක් දිළිඳුකම පිට...
03/06/2026

"ගම් දහසක් වැඩ දහසක්" ප්‍රජා ශක්ති ජාතික වැඩසටහනේ, තණමල්විල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට මිලියන 40.76ක මුදලක් දිළිඳුකම පිටුදැකීම වෙනුවෙන් වෙන් කර ඇත...

2026.06.02 තණමල්විල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ආරම්භ කෙරුණු සංවර්ධන ව්‍යාපෘති...

මොණරාගල සහ හම්බන්තොට ප්‍රදේශවල අලි-මිනිස් ගැටුම අවම කිරීම සදහා අලි සංක්‍රමණ මාර්ග අභය භූමි ලෙස ප්‍රකාශයට පත්කෙරේ...
03/06/2026

මොණරාගල සහ හම්බන්තොට ප්‍රදේශවල අලි-මිනිස් ගැටුම අවම කිරීම සදහා අලි සංක්‍රමණ මාර්ග අභය භූමි ලෙස ප්‍රකාශයට පත්කෙරේ...

ගම් දහසක වැඩ දහසක් "ප්‍රජා ශක්ති" ජාතික වැඩසටහනේ සමාරම්භක උළෙලට සමගාමීව, තණමල්විල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බෝදාගම වසමේ...
02/06/2026

ගම් දහසක වැඩ දහසක් "ප්‍රජා ශක්ති" ජාතික වැඩසටහනේ සමාරම්භක උළෙලට සමගාමීව,
තණමල්විල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බෝදාගම වසමේ, මො/බෝදාගම මහා විද්‍යාලයේ ගුරු හා සිසුන් සඳහා නවීන පන්නයේ වැසිකිළි පද්ධතියක් ඉදිකිරීමේ ආරම්භයට මුල්ගල තැබීමේ අවස්ථාව...

මෙම අවස්ථාව සඳහා ගරුතර මහා සංඝරත්නය වැඩමකිරීම, මොණරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චතුරි ගංගානි මන්ත්‍රීතුමිය සහ ජාතික ජන බලවේගයේ තණමල්විල ප්‍රාදේශීය සභා මන්ත්‍රී S.P සිරිසේන මැතිතුමා සහ තණමල්විල ප්‍රාදේශීය ලේකම්තුමා, විශ්‍රාමික කලාප අධ්‍යක්ෂ එම්.ඒ රත්නසිරි මැතිතුමා සහ රාජ්‍ය නිලධාරීන්ද, බෝදාගම ග්‍රාමයේ ප්‍රාජා ශක්ති සංවිධානය නියෝජිතයන් සහ ප්‍රදේශවාසී විශාලා පිරිසකගේ සහභාගිත්වයෙන් අති සාර්ථක ලෙස ආරම්භ කරන ලදී.

"ගම් දහසක වැඩ දහසක්" ප්‍රජා ශක්ති ජාතික වැඩසටහනේ සමාරම්භක උළෙලට සමගාමීව,  තණමල්විල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට මිලියන 40....
02/06/2026

"ගම් දහසක වැඩ දහසක්" ප්‍රජා ශක්ති ජාතික වැඩසටහනේ සමාරම්භක උළෙලට සමගාමීව,
තණමල්විල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට මිලියන 40.76ක මුදලක් දිළිඳුකම පිටුදැකීම වෙනුවෙන් වෙන් කර ඇත...

තණමල්විල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කිවුල්ආර වසමේ,
ඉදිපෑලැස්ස හේන්යාය මාර්ගය බොක්කු යොදා සංවර්ධනය කිරීමට මුල්ගල තැබීමේ අවස්ථාව...

මෙම අවස්ථාව සඳහා මොණරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීතුමිය සහ ජාතික ජන බලවේගයේ තණමල්විල ප්‍රාදේශීය සභා මන්ත්‍රී S.P සිරිසේන මැතිතුමා සහ තණමල්විල ප්‍රාදේශීය ලේකම්තුමා, රාජ්‍ය නිලධාරීන්ද, කිවුලාර ග්‍රාමයේ ප්‍රාජා ශක්ති සංවිධානය නියෝජිතයන් සහ ප්‍රදේශවාසී විශාලා පිරිසකගේ සහභාගිත්වයෙන් අති සාර්ථක ලෙස ආරම්භ කරන ලදී.

"ගම් දහසක වැඩ දහසක්" ප්‍රජා ශක්ති ජාතික වැඩසටහනේ සමාරම්භක උළෙලට සමගාමීව,  තණමල්විල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට මිලියන 40....
02/06/2026

"ගම් දහසක වැඩ දහසක්" ප්‍රජා ශක්ති ජාතික වැඩසටහනේ සමාරම්භක උළෙලට සමගාමීව,
තණමල්විල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට මිලියන 40.76ක මුදලක් දිළිඳුකම පිටුදැකීම වෙනුවෙන් වෙන් කර ඇත...
තණමල්විල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ උස්ගල වසමේ කැඩුම්කඩ ආරවැව ආශ්‍රිත අමුණක් සමඟ ඇළ මාර්ගයක් සදහා මුල්ගල තැබීම...

මෙම අවස්ථාව සඳහා මොණරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චතුරි ගංගානි මන්ත්‍රීතුමිය සහ ජාතික ජන බලවේගයේ තණමල්විල ප්‍රාදේශීය සභා මන්ත්‍රී S.P සිරිසේන මැතිතුමා සහ තණමල්විල ප්‍රාදේශීය ලේකම්තුමා, රාජ්‍ය නිලධාරීන්ද, උස්ගල ග්‍රාමයේ ප්‍රාජා ශක්ති සංවිධානය නියෝජිතයන් සහ ප්‍රදේශවාසී විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් අති සාර්ථක ලෙස ආරම්භ කරන ලදී.

මොණරාගල සහ හම්බන්තොට ප්‍රදේශවල අලි-මිනිස් ගැටුම අවම කිරීම සදහා අලි සංක්‍රමණ මාර්ග අභයභූමි ලෙස ප්‍රකාශයට පත්කෙරේ...
02/06/2026

මොණරාගල සහ හම්බන්තොට ප්‍රදේශවල අලි-මිනිස් ගැටුම අවම කිරීම සදහා අලි සංක්‍රමණ මාර්ග අභයභූමි ලෙස ප්‍රකාශයට පත්කෙරේ...

Address

Thanamalwila
Thanamalwila
91300

Website

Alerts

Be the first to know and let us send you an email when NPP - Thanamalwila / ජාතික ජන බලවේගය - තණමල්විල posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share