Divisional Secretariat Thanamalwila

Divisional Secretariat Thanamalwila ආයුබෝවන්.!! Welcome..!!
வணக்கம்..!!
🙏🙏
මේ තණමල්විල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිල Facebook පිටුවයි

බු.ව. 2570 සම්බුදු තෙමඟුල සමරමින් වෙසක් සතියේ සදහම් චාරිකා.... පින්ඩපාත වැඩසටහන 2026.05.27 දින පැවැති අතර එහිදී එකතු වු ...
01/06/2026

බු.ව. 2570 සම්බුදු තෙමඟුල සමරමින් වෙසක් සතියේ සදහම් චාරිකා.... පින්ඩපාත වැඩසටහන 2026.05.27 දින පැවැති අතර එහිදී එකතු වු වියලි ආහාර ඇතුළු භාණ්ඩ ප්‍රදේශයේ සරණක් ඇවැසි ජනතාව වෙත ඔවුන්ගේ නිවාසවලටම ගොස් ලබාදිම 2026.05.29 පෙරවරුවේ සිදු කරන ලදි .

බු.ව. 2570 සම්බුදු තෙමඟුල සමරමින් වෙසක් සතියේ "සදහම් චාරිකා" පිණ්ඩපාත වැඩසටහන 2026.05.27 දින තණමල්විල තණමල් විහාරයේ සිට ...
01/06/2026

බු.ව. 2570 සම්බුදු තෙමඟුල සමරමින් වෙසක් සතියේ "සදහම් චාරිකා" පිණ්ඩපාත වැඩසටහන 2026.05.27 දින තණමල්විල තණමල් විහාරයේ සිට නගරය හරහා අලුත්ගොඩ ශ්‍රී සම්බෝධි විහාරය දක්වා ගමන් කළ අතර එහිදී සියලුම සංඝරත්නය ඇතුළු සියලුම දෙනාට තණමල්විල රෝහලෙන් ගිලන්පස සංග්‍රහයක් ලබා දෙන ලදි.නොපිසූ වියළි සලාක හා වෙනත් ද්‍රව්‍ය පූජා කරන ලද අතර සියළු ද්‍රව්‍ය ප්‍රදේශයේ දිළිදු පවුල් වෙත බෙදා දීම සිදුකිරීමට නියමිතව ඇත.

පිණ්ඩපාත වැඩසටහන සංවිධානය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය , තණමල්විල ශාසනාරක්ෂක මණ්ඩලය , පොලීසිය , රෝහල , ප්‍රාදේශීය සභාව සමගින් විද්‍යා ලෝක මුලික පිරිවෙන හා නගරයේ සියලු රාජ්‍ය හා පෞද්ගලික ආයතන , එක්සත් වෙළඳ සංගමය , ත්‍රිරෝද රථ සංගමය එක්ව සිදුකරන ලදි.

සම්බුදු තෙමගුල බැතියෙන් සිහිපත් කරමින් තණමල්විල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය ආයතන හා ස්වේච්ඡා සංවිධා...
01/06/2026

සම්බුදු තෙමගුල බැතියෙන් සිහිපත් කරමින් තණමල්විල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය ආයතන හා ස්වේච්ඡා සංවිධාන එක්ව සංවිධානය කරනු ලැබූ අමි දම් සර වෙසක් බැති ලී සරණිය 2026.05.27 දින තණමල්විල බස් නැවතුම්පල පරිශ්‍රයේදී සාර්ථකව පැවැත්විණි.

01/06/2026
මතින් නිදහස් සෞඛ්‍යමත් ප්‍රජාවක් වැඩසටහන යටතේ වෛද්‍ය  නිර්දේශයෙන් තොරව ඖෂධ අනිසි භාවිතය වැළැක්වීම සඳහා තණමල්විල නගරයේ ඔස...
01/06/2026

මතින් නිදහස් සෞඛ්‍යමත් ප්‍රජාවක් වැඩසටහන යටතේ වෛද්‍ය නිර්දේශයෙන් තොරව ඖෂධ අනිසි භාවිතය වැළැක්වීම සඳහා තණමල්විල නගරයේ ඔසුසැල් හිමියන් හා සේවක සේවිකාවන් දැනුවත් කිරීමේ ජංගම වැඩසටහන 2026.05.13 දින සිදු කරන ලදී.

ප්‍රාදේශීය ළමා සභා වැඩසටහනට අදාලව දරුවන්ගේ ධාරිතා සංවර්ධනය , නිපුණතා  සංවර්ධනය , අන්තරායක ඖෂධ භාවිතයෙන් වැලකීම යන තේමාවන...
01/06/2026

ප්‍රාදේශීය ළමා සභා වැඩසටහනට අදාලව දරුවන්ගේ ධාරිතා සංවර්ධනය , නිපුණතා සංවර්ධනය , අන්තරායක ඖෂධ භාවිතයෙන් වැලකීම යන තේමාවන් මුල්කර කරගත් වැඩසටහනක් සහකාර ප්‍රාදේශීය ලේකම්තුමියගේ මූලිකත්වයෙන් සහ NITA ආයතනයේ ප්‍රසන්න මහතා , ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිපුණතා සංවර්ධන නිලධාරීතුමිය සහ මත්ද්‍රව්‍ය නිවාරණ නිලධාරීතුමියගේ සම්පත් දායකත්වයෙන් 2026.05.08 දින තණමල්විල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පවත්වන ලදී.

සිසු නිපුණතා ඇගයීම් වැඩසටහන් - 2024 සමස්ථ ප්‍රතිඵල වලින් ජයග්‍රහණය කළ වලව ශ්‍රී විද්‍යානන්ද දහම් පාසල ඇගයීම
16/05/2026

සිසු නිපුණතා ඇගයීම් වැඩසටහන් - 2024

සමස්ථ ප්‍රතිඵල වලින් ජයග්‍රහණය කළ වලව ශ්‍රී විද්‍යානන්ද දහම් පාසල ඇගයීම

ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩල රැස්වීම 2024.12.02ගෞරවණිය සභාපති, ලේකම් හාමුදුරුවන් වහන්සේලා ප්‍රමුඛ ප්‍රදේශයේ විහාරස්ථාන...
16/05/2026

ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩල රැස්වීම 2024.12.02

ගෞරවණිය සභාපති, ලේකම් හාමුදුරුවන් වහන්සේලා ප්‍රමුඛ ප්‍රදේශයේ විහාරස්ථානවල ගෞරවණිය මහා සංඝරත්නයේ වැඩම වීමෙන්, ප්‍රාදේශිය ලේකම්තුමන් ඇතුළු නිලධාරීන් හා දහම් පාසල් ආචාර්යවරුන්ගේ සහභාගීත්වයෙන් පවත්වන්නට යෙදුණි.

කොට්ඨාශයේ බෞද්ධ පුනරැදය හා දහම් පාසල් සංවර්ධනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම නව දහම් පාසල සඳහා අනුමැති ලබා දීම මෙන්න විශේෂයෙන්ම ''වෙල්ලස්සේ විරැවන් සැමරීම'' මැයින් පවත්වන්නට යෙදුණු චිත්‍ර තරඟයෙන් ප්‍රාදේශිය මට්ටමේ මෙන්ම දිස්ත්‍රීක් මට්ටමේ ජයග්‍රහණය කළ දුවා දරැවන් ඇගයීම සිදු විය.

සහය දුන් සැමට ස්තුතියි.........

Address

Divisional Secretariat
Tanamalwila

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15

Telephone

+94472234038

Alerts

Be the first to know and let us send you an email when Divisional Secretariat Thanamalwila posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Divisional Secretariat Thanamalwila:

Share