Divisional Secretariat- Thambuttegama

Divisional Secretariat- Thambuttegama Divisional Secretariat thambuttegama .government organisation official fb page

උතුරු මැද පළාත් සංස්කෘතික දෙපාර්තමේන්තුව හා තඹුත්තේගම ප්‍රාදේශිය ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කළ “රජරට ප්‍රතිභා” සංස්කෘත...
25/08/2026

උතුරු මැද පළාත් සංස්කෘතික දෙපාර්තමේන්තුව හා තඹුත්තේගම ප්‍රාදේශිය ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කළ “රජරට ප්‍රතිභා” සංස්කෘතික සැඳැව 2026.08.21 වන දින තඹුත්තේගම ප්‍රාදේශිය සභා ශ්‍රවනාගාර රැස්විම් ශාලාවේදි පවත්වන ලදි.
කොට්ඨාසයේ කලායතන දරුවන්ගේ කුසලතා ඔප් නැංවිම හා ඔවුන්ට වේදිකාවක් සාදාදිමේ අරමුණින් පැවැති මෙම වැඩසටහන සඳහා තඹුත්තේගම ප්‍රාදේශිය ලේකම් සුමිත් කේ. සෝමරත්න මහතා , තලාව ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රිතුමන්ලා, පළාත් සංස්කෘතික දෙපාර්තමේන්තු නිලධාරීන්, කොට්ඨාසයේ රජයේ ආයතන නියෝජනය කරමින් හා බැංකු නියෝජනය කරමින් ආරාධිත අමුත්තන්, කලායතන ඇතුළු සිසු දරු දැරියන් , ප්‍රදේශවාසීන් විශාල පිරිසක් සහභාගි විය.
එම “රජරට ප්‍රතිභා” සංස්කෘතික සැඳැවේ විශේෂ අවස්ථා

📢”අත්තම”  ජාතික පිරිසිදු කිරීමේ දිනය | ශ්‍රමදාන මාධ්‍ය වාර්තාකරණය 🧹✨අත්තම ජාතික වැඩසටහන - 427 තෙල්හිරියාව වසම තාරා වැවේ ...
10/08/2026

📢”අත්තම” ජාතික පිරිසිදු කිරීමේ දිනය | ශ්‍රමදාන මාධ්‍ය වාර්තාකරණය 🧹✨
අත්තම ජාතික වැඩසටහන - 427 තෙල්හිරියාව වසම
තාරා වැවේ ආක්‍රමණශීලි ශාක ඉවත්කර සුද්ද කිරීමේ වැඩසටහන
සංවිධානය ::: ගොවි සංවිධානය හා ප්‍රජා සංවර්ධන කමිටුව
සහභාගිත්වය ::: ප්‍රාදේශීය ලේකම්තුමා, මූලස්ථාන පොලිස් පරීක්ෂක, කොට්ඨාසභාර මන්ත්‍රීතුමා ,ග්‍රාමනිලධාරි , ප්‍රජාසවිබල ගැන්වීමේ නිලධාරි,සමුර්ධි සංවර්ධන නිලධාරි ,වසම්භාර පොලිස්නිලධාරිතුමා ,ස්වේච්ඡා සංවිධාන
*ගොවි සංවිධානය ,*මහජන ආරක්ශක කමිටුව ,*සිතමු කාන්තා ගොවි සමිතිය,*වැඩිහිටි සමිතිය,*මරනාධාර සමිති 02*යෞවන සමිතිය

📢”අත්තම”  ජාතික පිරිසිදු කිරීමේ දිනය | ශ්‍රමදාන මාධ්‍ය වාර්තාකරණය 🧹✨424 තම්මැන්නාගම අත්තම ජාතික වැඩසටහනට සමගාමීව තඹුත්තේ...
10/08/2026

📢”අත්තම” ජාතික පිරිසිදු කිරීමේ දිනය | ශ්‍රමදාන මාධ්‍ය වාර්තාකරණය 🧹✨
424 තම්මැන්නාගම අත්තම ජාතික වැඩසටහනට සමගාමීව තඹුත්තේගම නගරයේ ව්‍යාපාරිකයින් දැනුවත් කිරීම

📢”අත්තම”  ජාතික පිරිසිදු කිරීමේ දිනය | ශ්‍රමදාන මාධ්‍ය වාර්තාකරණය 🧹✨"අත්තම" ජාතික වැඩසටහනට සමගාමිව ඉකිරිවැව ජල ෆිල්ටරය අ...
10/08/2026

📢”අත්තම” ජාතික පිරිසිදු කිරීමේ දිනය | ශ්‍රමදාන මාධ්‍ය වාර්තාකරණය 🧹✨
"අත්තම" ජාතික වැඩසටහනට සමගාමිව ඉකිරිවැව ජල ෆිල්ටරය අවට භූමිය පිරිසිදු කිරිම.
419 - ඉකිරිවැව
සංවිධානය - ප්‍රජා සංවර්ධන සභාව
සහභාගි වු පිරිස - 27
මේ සදහා ප්‍රාදේශිය සභා මන්ත්‍රී තුමා‍, ප්‍රජා සවිබල ගැන්විමේ නිලධාරි තුමිය, සමෘද්ධි සංවර්ධන නිලධාරි තුමා, කෘෂි කර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර නිලධාරි තුමා, සංවර්ධන සභාවේ නියෝජිතයින් ඇතුළු ප්‍රජාව සහභාගී විය.
දිනය - 2026.08.08

තඹුත්තේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කුඩාගම ධීවර ප්‍රජාවගේ මත්ස්‍ය හිඟයට ප්‍රායෝගික මැදිහත්කරණයක්........ජාතික සමාජ සංවර...
05/08/2026

තඹුත්තේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කුඩාගම ධීවර ප්‍රජාවගේ මත්ස්‍ය හිඟයට ප්‍රායෝගික මැදිහත්කරණයක්........

ජාතික සමාජ සංවර්ධන ආයතනයේ සමාජ වැඩ උපාධි අපේක්ෂක ඊ.එම්.ඊ.ජී.සී.එල්.ඒකනායක ශිෂ්‍යයාගේ මැදිහත්වීම තුළින් තඹුත්තේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කුඩාගම ධීවර ප්‍රජාවගේ මත්ස්‍ය හිඟයට ප්‍රායෝගික මැදිහත්කරණයක් සිදුකොට තිබේ. ඒ අනුව, ඇසිත්තන් ඇඟිල්ලන් කිරීමේ පාවෙන මධ්‍යස්ථානයක් ඉකුත් 23 දින (2026.07.23) රාජාංගනය ජලාශය තුළ ඉදිකොට ඊට ඇසිත්තන් 50,000ක පැටවුන් ප්‍රමාණයක් මුදා හරින ලදී. මේ සඳහා ජාතික ජල ජීවී හා වගා සංරක්‍ෂණ අධිකාරියේ අනුරාධපුර දිස්ත්‍රීක් කාර්යාලය මගින් තාක්ෂණික සහාය, පුහුණුව සහ ද්‍රව්‍යමය ආධාර පරිත්‍යාග කරන ලදී. මත්ස්‍ය පැටවුන් මිල දී ගැනීම සඳහා විදේශගත දානපතියන් කීපදෙනෙකු අනුග්‍රහය දක්වා තිබේ. තඹුත්තේගම ප්‍රාදේශීය ලේකම්තුමා ඇතුළු නිලධාරීන්ගේ පූර්ණ අධීක්ෂණය සහ මඟ පෙන්වීම යටතේ මෙම ව්‍යාපෘතිය සාර්ථකව අවසන් කර තිබේ. එම අවස්ථාව සඳහා තඹුත්තේගම ප්‍රාදේශීය ලේකම්තුමා හා එම නිලධාරීන්, ජාතික ජල ජීවී හා වගා සංරක්ෂණ අධිකාරියේ අනුරාධපුර දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂතුමා, ප්‍රාදේශීය සභා මන්ත්‍රීන් සහ ප්‍රදේශවාසීන් රැසක් සම්බන්ධ විය. එම ව්‍යාපෘතියේම දිගුවක් ලෙස, 2026.07.30 දින එම ධීවර ප්‍රජාවගේ දුවා දරුවන්ගේ අධ්‍යාපන අවශ්‍යතාව වෙනුවෙන් කුඩාගම විද්‍යාලය සඳහා පුස්තකාල කබඩ් සහ පොත් 175ක ප්‍රමාණයක් පරිත්‍යාග කර තිබේ. ඒ සදහා පූර්ණ අනුග්‍රහය දක්වා ඇත්තේ Help School Foundation ආයතනය මගිනි. ඒ අනුව, මෙම වැඩ සටහන කුඩාගම ධීවර ප්‍රජාව හා ඔවුන්ගේ දරුවන්ගේ අභිවෘද්ධිය උදෙසා සිදු කරන ලද උතුම් මානූෂීය ක්‍රියාවක් වශයෙන් පෙන්වා දිය හැකිය.

ඇසළ පුන් පෝය නිමිත්තෙන් සව් කැඳ දන්සලක්........තඹුත්තේගම ප්‍රාදේශිය ලේකම්තුමාගේ සංකල්පයකට අනුව ඇසළ පුන් පෝය දිනය නිමිත්ත...
05/08/2026

ඇසළ පුන් පෝය නිමිත්තෙන් සව් කැඳ දන්සලක්........
තඹුත්තේගම ප්‍රාදේශිය ලේකම්තුමාගේ සංකල්පයකට අනුව ඇසළ පුන් පෝය දිනය නිමිත්තෙන්, 2026.07.30 දින තඹුත්තේගම ප්‍රාදේශිය සභා පරිශ්‍රයේදී සව් කැඳ දන්සලක් පවත්වන ලදී.
දානය යනු බෞද්ධ සංස්කෘතියේ උතුම් පින්කමකි. එය බෙදාහදා ගැනීම, කරුණාව, මෛත්‍රිය සහ සමාජීය බැඳීම් ශක්තිමත් කරන ශ්‍රේෂ්ඨ මානව ගුණාංගයන්ගේ ප්‍රකාශනයකි. එම උතුම් සම්ප්‍රදාය අගයමින්, මහජනතාවට පෝෂණයෙන් සපිරි දේශීය පානයක් වන සව් කැඳ පිරිනැමීමට මෙම දන්සල සංවිධානය කෙරිණි.
මෙම පුණ්‍යකර්මය සාර්ථක කර ගැනීම සඳහා දායක වූ සියලු නිලධාරීන්ට, සහ සහයෝගය දැක්වූ සියලු දෙනාට හෘදයාංගම ස්තුතිය පිරිනමමු.

"දානයෙන් සිත් පහන් වෙයි... බෙදාගැනීමෙන් සමාජය සවිමත් වෙයි."

“දන් දීමට පෙරාතුව ම දානය සම්බන්ධයෙන් සතුටු සිත් ඇත්තේ ය. දෙන කල්හි ද සිත පහදවා ගන්නේ ය. දීමෙන් පසු ද සතුටු සිත් ඇත්තේ වන්නේ ය. මේ කරුණු තුන දානයේ සම්පත්තිය වන්නේ ය.

31/07/2026
සුපිළිපන් ඩිජිටල් රාජ්‍ය සේවයක් උදෙසා....................
28/07/2026

සුපිළිපන් ඩිජිටල් රාජ්‍ය සේවයක් උදෙසා....................

සුපිළිපන්න රාජ්‍ය සේවයක් සඳහා “ සුපිළිපන් සංස්කෘතියක්, ක්ලීන් ශ්‍රී ලංකාවක් ”උදෙසා වන ජාතික සුපිළිපන් සතිය 2026 ජූලි 27 ...
27/07/2026

සුපිළිපන්න රාජ්‍ය සේවයක් සඳහා “ සුපිළිපන් සංස්කෘතියක්, ක්ලීන් ශ්‍රී ලංකාවක් ”උදෙසා වන ජාතික සුපිළිපන් සතිය 2026 ජූලි 27 සිට 31 දක්වා ක්‍රියාත්මක වේ. ඒ අනුව එහි ජාතික වැඩසටහනේ සමාරම්භයට සමගාමීව තඹුත්තේගම ප්‍රාදේශිය ලේකම් කාර්යාලීය සමාරම්භක වැඩසටහන ප්‍රාදේශිය ලේකම් සුමිත් කේ. සෝමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ ප්‍රාදේශිය ලේකම් කාර්යාලීය පරිශ්‍රයේ දී පැවැත්විණ.

- එහි විශේෂ අවස්ථා -

Address

Thambuttegama
Tambuttegama
50240

Alerts

Be the first to know and let us send you an email when Divisional Secretariat- Thambuttegama posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Divisional Secretariat- Thambuttegama:

Shortcuts

Share