Divisional Secretariat - Rambukkana

Divisional Secretariat - Rambukkana රඹුක්කන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිළ ‌ෆේස්බුක් ගිණුම වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු.

බු.ව 2570 වන වෙසක් පුණ්‍ය මහෝත්සවය නිමිති කරගෙන ආර්ථික දුෂ්කරතා සහිත පාසල් දූ පුතුන් වෙනුවෙන් පාසල් උපකරණ ලබා දීම සදහා ර...
01/06/2026

බු.ව 2570 වන වෙසක් පුණ්‍ය මහෝත්සවය නිමිති කරගෙන ආර්ථික දුෂ්කරතා සහිත පාසල් දූ පුතුන් වෙනුවෙන් පාසල් උපකරණ ලබා දීම සදහා රඹුක්කන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා පින්නවල, රඹුක්කන ශාසනාරක්ෂක මණ්ඩල එක්ව සංවිධානය කළ “පිණ්ඩපාත චාරිකාව” මහා සංඝරත්නයේ 75 නමකගේ සහභාගීත්වයෙන් අද දින එනම් 2026.06.01 දින පැවැත්විණි.

සතර කෝරළ මහදිසාවේ උප ප්‍රධාන සංඝනායක, දිස්ත්‍රික් ශාසනාරක්ෂක මණ්ඩලයේ ගරු සභාපති, පින්නවල ශාසනාරක්ෂක මණ්ඩලයේ ගරු සභාපති පුජ්‍ය දුනුකේවත්තේ සීලවිමල හිමිගේ ද, රඹුක්කන ශාසනාරක්ෂක මණ්ඩලයේ ගරු ලේකකාධිකාරී පුජ්‍ය කොටවැල්ලේ සුමේධ හිමියන්ගේ හා පින්නවල ශාසනාරක්ෂක මණ්ඩලයේ ගරු ලේකකාධිකාරී පූජ්‍ය ඉලුක්කොටුවේ රත්නසිරි ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් හා කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කේ.ජී.එස් නිශාන්ත මහතාගේ සහ රඹුක්කන ප්‍රාදේශීය ලේකම් නර්මදා එගොඩගෙදර මැතිණියගේ ප්‍රධානත්වයෙන් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන්ගේ, අවට රාජ්‍ය ආයතනවල නිලධාරීන්ගේ, රඹුක්කන ප්‍රදේශය අවට පාසල් දරුවන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

ශ්‍රී බුද්ධ වර්ෂ 2570 වෙනි වෙසක් පුණ්‍ය මහෝත්සවය නිමිති කොටගෙන රඹුක්කන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, රඹුක්කන සහ පින්නවල ශාස...
29/05/2026

ශ්‍රී බුද්ධ වර්ෂ 2570 වෙනි වෙසක් පුණ්‍ය මහෝත්සවය නිමිති කොටගෙන රඹුක්කන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, රඹුක්කන සහ පින්නවල ශාසනාරක්ෂක මණ්ඩලවල උපදේශකත්වය මත සංවිධානය කළ ආධ්‍යාත්මික වැඩසටහන (භාවනා උපදේශකවරුන් පුහුණු කිරීමේ) 2026 මැයි 27 වන දින ප්‍රාදේශීය ලේකම් නර්මදා එගොඩගෙදර මහත්මියගේ ප්‍රධානත්වයෙන් කාර්යාලයීය ප්‍රධාන ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

මේ දිනවල පවතින වර්ෂාපතනයත් සමග රඹුක්කන ප්‍රදේශයේ ඩෙංගු රෝගය සීග්‍රයෙන් ව්‍යාප්ත වීම හේතුවෙන් රඹුක්කන ප්‍රාදේශීය ලේකම් නර...
29/05/2026

මේ දිනවල පවතින වර්ෂාපතනයත් සමග රඹුක්කන ප්‍රදේශයේ ඩෙංගු රෝගය සීග්‍රයෙන් ව්‍යාප්ත වීම හේතුවෙන් රඹුක්කන ප්‍රාදේශීය ලේකම් නර්මදා එගොඩගෙදර මහත්මියගේ උපදෙස් පරිදි, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අවට පිරිසිදු කිරීමේ ශ්‍රාමදානයක් 2026.05.27 දින පැවැත්විණි.

මධ්‍යම අධිවේගී මාර්ගයේ 3 වන අදියරට (Section 3) අයත් රඹුක්කන සිට ගලගෙදර දක්වා කිලෝමීටර් 18.65 ක දුර ප්‍රමාණයේ (Phase II) ...
29/05/2026

මධ්‍යම අධිවේගී මාර්ගයේ 3 වන අදියරට (Section 3) අයත් රඹුක්කන සිට ගලගෙදර දක්වා කිලෝමීටර් 18.65 ක දුර ප්‍රමාණයේ (Phase II) ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීම අද දින එනම් 2026.05.29 දින ගලගෙදරදී අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

සබරගමුව පළාත් සුබසාධන, පරිවාස හා ළමාරක්ෂක ග්‍රාම සංවර්ධන සහ ග්‍රාමීය කර්මාන්ත අමාත්‍යාංශය මගින් 2026 වර්ෂයේ ප්‍රාග්ධන සැ...
29/05/2026

සබරගමුව පළාත් සුබසාධන, පරිවාස හා ළමාරක්ෂක ග්‍රාම සංවර්ධන සහ ග්‍රාමීය කර්මාන්ත අමාත්‍යාංශය මගින් 2026 වර්ෂයේ ප්‍රාග්ධන සැලැස්මේ සමාජ සේවා සංරචකයට අයත් ආපදාවන්ට ලක්වන පුද්ගලයින් සඳහා දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම යටතේ ලැබුණු ප්‍රතිපාදන හරහා 2026.05.27 දින ප්‍රාදේශීය ලේකම්තුමියගේ උපදෙස් පරිදි දිස්ත්‍රික් ආපදා සහන සේවා නිලධාරි ධම්මික කුමාරසිංහ මහතාගේ සම්පත් දායකත්වයෙන් කොට්ඨාසයේ ස්ව ශක්ති බල මණ්ඩල සාමාජිකයින්, වැඩිහිටි බල මණ්ඩල සාමාජිකයින් හා ස්වේච්ඡා සංවිධානවල සාමාජිකයින් වෙනුවෙන් ආපදා කළමනාකරණය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රධාන රැස්වීම් ශාලාවේදී සමාජ සේවා අංශයේ නිලධාරීන්ගේ සංවිධානයෙන් පැවැත්විණි.

මැයි 23 වෙනිදා යෙදී තිබුණු ජාතික තරුණ දිනයට සමගාමීව  රඹුක්කන යෞවන සමාජ ප්‍රාදේශිය සම්මේලනය විසින් සන්විධානය කළ "සුරක්ෂිත...
29/05/2026

මැයි 23 වෙනිදා යෙදී තිබුණු ජාතික තරුණ දිනයට සමගාමීව රඹුක්කන යෞවන සමාජ ප්‍රාදේශිය සම්මේලනය විසින් සන්විධානය කළ "සුරක්ෂිත ළමා ලෝකයක් නිර්මාණශිලී අනාගත පරපුරක්" යන තේමාව යටතේ 2026 මැයි 24 දින හේවාදිවෙල ශාන්ත අන්තෝනි ළමා නිවාසයේ පැවති වැඩසටහන.

මෙම වැඩසටහන රඹුක්කන ප්‍රාදේශිය ලේකම්තුමියගේ අධීක්ෂණය යටතේ කොට්ඨාස භාර තරුණ සේවා නිලධාරී හා යෞවන සමාජ තරුණ තරුණියන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

රඹුක්කන ගැලවීමේ හමුදා මූලස්ථානයේ ඉල්ලීමකට අනුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සම්බන්ධීකරණයෙන්, ඇබ්බැහි පුද්ගලයන් හදුනා ගැනීම...
29/05/2026

රඹුක්කන ගැලවීමේ හමුදා මූලස්ථානයේ ඉල්ලීමකට අනුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සම්බන්ධීකරණයෙන්, ඇබ්බැහි පුද්ගලයන් හදුනා ගැනීම, මෑත කාලීන නව මත්ද්‍රව්‍ය ප්‍රවණතාවන්, ඇබ්බැහි වූවන් සදහා වන උපදේශන ප්‍රතිකාර ක්‍රමය පිළිබඳව රඹුක්කන කොට්ඨාසයට අයත් ගැලවීමේ හමුදා මූලස්ථාන නිලධාරීන් දැනුවත් කිරීමේ හා පුහුණු කිරීමට අදාළ දෙවන වැඩසටහන 2026.05.26 දින අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ නිලධාරීන් විසින් සිදු කරන ලදී.

කොට්ඨාස දින රැස්වීම_2026.05.22_____________________________________රඹුක්කන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 2026 වර්ෂයේ මැයි ම...
26/05/2026

කොට්ඨාස දින රැස්වීම_2026.05.22
_____________________________________

රඹුක්කන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 2026 වර්ෂයේ මැයි මස කොට්ඨාස දින රැස්වීම, ප්‍රාදේශීය ලේකම් නර්මදා එගොඩගෙදර මහත්මියගේ සහ කාර්යාලයේ මාණ්ඩලික නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් 2026.05.22 දින ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ප්‍රධාන ශ්‍රවණාගාරයේදී පවත්වනු ලැබීය.

එම රැස්වීමේදී පහත කරුණු පිළිබඳව විශේෂයෙන් සාකච්ඡා කෙරිණි.

🔸මේ දිනවල පවතින වර්ෂාපතනයත් සමග ඩෙංගු රෝගීන් කොට්ඨාසය තුළින් 77 දෙනෙකු පමණ වාර්තා වී ඇති බව හා ඩෙංගු රෝගය පැතිරීම පිළිබඳව අවධානය යොමු කරන ලෙසත් ප්‍රජාව දැනුවත් කරන ලෙසත්, මැයි මස 23 දින සිට ඩෙංගු සතියක් ක්‍රියාත්මක කරන බව දැනුවත් කිරීම.
(සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය)

🔸වෙසක් සතියට සමගාමීව සිදු කිරීමට නියමිත ආරක්ෂක පියවර පිළිබඳ දැනුවත් කිරීම (රඹුක්කන පොලිසිය)

🔸වට්ටාරම රජමහා විහාරයේ වෙසක් උත්සවයට සමගාමීව සිදුකරන වැඩසටහන් පිළිබඳ දැනුවත් කිරීම. (දේවාලේගම පොලිසිය)

🔸වෙසක් පොහොයට සමගාමීව ජූනි මස 01 වන දින සිදුකිරීමට නියමිත, ස්වාමීන් වහන්සේලා 75 දෙනෙකු සම්බන්ධ කරගෙන සිදුකරන පිණ්ඩපාත චාරිකාව පිළිබඳ සාකච්ඡා කළ අතර, සියලුම දානමය සංග්‍රහයන් රඹුක්කන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අනුග්‍රහයෙන් සිදුකරන බව දැනුවත් කිරීම. (ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බෞද්ධ කටයුතු අංශය)

ඉහත කරුණු විශේෂයෙන් සාකච්ඡා කළ අතර ප්‍රාදේශීය ලේකම්තුමියගේ දැනුවත් කිරීම්වලින් අනතුරුව රැස්වීම අවසන් විය.

එළවලු හා පලතුරු විජලනය කිරීමේ පුහුණු වැඩසටහන_____________________________________දේශීය එළවලු හා පළතුරුවලට අගය එකතුකර වෙළ...
25/05/2026

එළවලු හා පලතුරු විජලනය කිරීමේ පුහුණු වැඩසටහන

_____________________________________

දේශීය එළවලු හා පළතුරුවලට අගය එකතුකර වෙළෙඳපොළට හඳුන්වා දීම හා රැකියා ජනනය කිරීම අරමුණු කරගනිමින් "එළවලු හා පලතුරු විජලනය කිරීමේ පුහුණු වැඩසටහනක් 2026.05.19 වැනි දින ‍රඹුක්කන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සම්පත් මධ්‍යස්ථානයේදී සාර්ථකව පැවැත්විණි.

රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ නිරත පුද්ගලයන් සඳහා RPL  ක්‍රමය යටතේ NVQ සහතිකපත් ලබාදීමේ දැනුවත් කිරීමේ වැඩසටහන_2026_____________...
25/05/2026

රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ නිරත පුද්ගලයන් සඳහා RPL ක්‍රමය යටතේ NVQ සහතිකපත් ලබාදීමේ දැනුවත් කිරීමේ වැඩසටහන_2026

____________________________________

රඹුක්කන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ නිරත පුද්ගලයන් සඳහා RPL ක්‍රමය යටතේ සහතිකපත් ලබාදීමේ දැනුවත් කිරීමේ වැඩසටහනක්, රඹුක්කන ප්‍රාදේශීය ලේකම් නර්මදා එගොඩගෙදර මහත්මියගේ ප්‍රධානත්වයෙන් 2026.05.15 දින කාර්යාලීය ප්‍රධාන ශ්‍රවණාගාරයේදී පැවැත්විය.

මෙම වැඩසටහන සඳහා රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ නිරත NVQ සහතිකපත් නොමැති පුද්ගලයන් හා රූපලාවන්‍ය ක්ෂේත්‍රයට කැමති පුද්ගලයන් 23 දෙනෙකු සහභාගී විය.

වැඩසටහන සඳහා සම්පත් දායකත්වය පහත පරිදි ලබා දෙන ලදී..

01. රූපලාවන්‍ය ක්ෂේත්‍රය පිලිබඳ හා එහි ප්‍රතිලාභ හඳුන්වා දීම - කේ.වී.ශෂිනි සුමුදිතා වීරරත්න මිය (රූපලාවන්‍ය උපදේශිකා,වෘත්තීය පුහුණු අධිකාරිය,බල්ලපාන)

02. RPL ක්‍රමය යටතේ NVQ සහතිකපත් ලබා ගන්නා ආකාරය පැහැදිලි කිරීම - ඉන්දික බණ්ඩාර මයා, (පරීක්ෂක,ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය,බල්ලපාන, ගලිගමුව)

03. ව්‍යවසායකු වීමේ වැදගත්කම පැහැදිලි කිරීම - ඩබ්.ටී.ටී.වර්ණකුලසූරිය මයා (ව්‍යවසාය සංවර්ධන නිලධාරී,ප්‍රාදේශීය ලේකම් කාර්යාලය,මාවනැල්ල)

04. ආකල්ප සංවර්ධනය - සමන් බණ්ඩාර මයා, (ඵලදායිතා ප්‍රවර්ධන නිලධාරී,දිස්ත්‍රික් ලේකම් කාර්යාලය,කෑගල්ල)

Address

Mawanella Road
Rambukkana
71100

Alerts

Be the first to know and let us send you an email when Divisional Secretariat - Rambukkana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share