Nava Janatha Vyaparaya

Nava Janatha Vyaparaya උපාධානයෙන් අල්ලාගෙන සිටි පාට,පක්ෂ, මතවාද, වර්ගවාද, වලින් තොරවූ සබුද්ධික ජන සමූහයක එකතුවක්

නව ජනතා ව්‍යාපාරය !.....................................
නුඹ උපන් අසිරිමත් දේශය මේ මොහොතේ විලි වැදී අසරණව ඉකිබිඳියි.! පසුගිය දශක හත අටක් තිස්සේ කෙමෙන් බිඳවැටෙමින් පැවති මෙරට ජනජීවිතය හදිසියේ බියකරු කඩාවැටීමකට ලක්වී තිබේ.!! මින් පෙර කිසිදා නොවූ විරූ දැවැන්ත අර්බූදයකට මුහුණ දී ඇති වත්මන් ලංකාව සුවපත් කරනු වස් - මේ මොහොතේ සක්‍රීය සියළු දේශපාලන පක්ෂ හා කණ්ඩායම් - නින්දාවට පත්ව, කුසගින්නෙන් හා වේදන

ාවෙන් පෙළෙමින් සිටින මෙරට පොදු ජනතාවගෙන් සියල්ලට පෙර - ඔවුන් හට ඉදිරියේ පැවැත්වෙන කිසියම් මැතිවරණයකදී රාජ්‍ය බලය ලබාදෙන ලෙස ඉල්ලා සිටී!!
නමුත් 'නව ජනතා ව්‍යාපාරය' කිසිවිටෙකත් බිඳවැටුනු ලංකාව සුවපත් කරනු වස් ඉදිරිපත් කරනු ලබන වැඩපිළිවෙළෙහි දී රාජ්‍ය බලය පූර්ව කොන්දේසියක් ලෙස ඉදිරිපත් නොකරයි.! එයට ප්‍රතිපක්ෂව එය අතුරු කොන්දේසියක් පමණක් බවට අවධාරණය කරයි.! මෙරට ජනජීවිතය යථාවත් කොට ලංකාවේ විභූතිමත් උත්තර සමාජයක් ගොඩනගා ගැනීම වෙනුවෙන් විධිමත්ව විමසා බලා වහ වහා ක්‍රියාවට නැගිය යුතු කෙටිකාලීන , අතරමැදි කාලීන හා දිගුකාලීන වශයෙන් වන දැවැන්ත වැඩ කොටස ඉටුකිරීමේ වගකීම පැවරී ඇත්තේ මෙරට සමස්ථ පොදු ජනතාව වෙත බවත් - මේ මොහොතේ සක්‍රීයව පවත්නා කිසිදු දේශපාලන පක්ෂයක් මගින් එය ඉටුකරගත නොහැකි බවත් 'නව ජනතා ව්‍යාපාරය' නැවත නැවතත් අවධාරණය කරයි .!
කෙටිකාලීන වැඩ යනු - පවත්නා ව්‍යසනකාරී ප්‍රජාපීඩක සමාජ ක්‍රමය තුල පොදු ජනතාව විසින් දිනාගත යුතු දේ වන අතර අතරමැදි කාලීන වැඩ යනු පවත්නා ව්‍යසනකාරී ප්‍රජාපීඩක සමාජ ක්‍රමය ජනහිතකාමී උසස් සමාජ ක්‍රමයක් දක්වා වෙනස්කර ගැනීම වෙනුවෙන් ඉටුකළ යුතු ක්‍රියාවන් වේ.! ලංකාවේ ජනජීවිතය තිරසාර අයුරින් ප්‍රීතිමත් හා සාමකාමී තලයකට ඔසවා තැබීම වෙනුවෙන් පියවරෙන් පියවර ක්‍රියාවට නැගිය යුතු ; ආර්ථික - අධ්‍යාපන - සංස්කෘතික - සෞඛ්‍යය - කෘෂිකාර්මික හා දේශපාලන ප්‍රතිසංස්කරණ සමූහය දිගු කාලීන වැඩ ලෙස අර්ථවත් කෙරේ.!! මේ සියළු දේ එකක් පසුපස එකක් වශයෙන් නොව, සියල්ල මේ මොහොතේ දී එකවැර ඇරඹිය හැකි බවත් - එය එසේ කළයුතු බවත් - ලංකාව සුවපත් කිරීමේ මග මෙය පමණක් බවත් - 'නව ජනතා ව්‍යාපාරය' මෙරට පොදු ජනතාව වෙත ඉමහත් වගකීමෙන් අවධාරණය කර සිටී.!!! 'ඉහතින් දක්වන ලද දෑ පිළිබඳව යම් නොපැහැදිලි ස්වභාවයක් වෙතොත්, ඒ පැහැදිලි කරගැනීමද - යම් සාපේක්ෂ බවක් වෙතොත්, ඒ අවම කරගැනීමද - උදෙසා පෙර සඳහන් සත්පුරුෂයින් ගේ දායකත්වය සැකසීම මේ සමූහයේ අභිප්‍රායයි

https://www.youtube.com/watch?v=MuPIpj9XVeo
02/01/2025

https://www.youtube.com/watch?v=MuPIpj9XVeo

වසර 76 කට පසු ඇති වූ පාලන වෙනස සැබෑ ජනතා බලයක් ලෙස ගොඩ නැගීමේ ජනතා පෙළ ගැස්ම.

දීර්ඝ වුවත් සැවොම කියවිය යුතු ලිපියකි. අපගේ මාතෘ භූමිය විභූතිමත් රාජ්‍යයක් කරමු.අපගේ ශ්‍රී ලංකාව නම් වූ උතුම් මාතෘ භූමිය...
17/12/2024

දීර්ඝ වුවත් සැවොම කියවිය යුතු ලිපියකි.

අපගේ මාතෘ භූමිය විභූතිමත් රාජ්‍යයක් කරමු.

අපගේ ශ්‍රී ලංකාව නම් වූ උතුම් මාතෘ භූමිය වස 443 ක කාලයක් විවිධ වූ ජාතීන්ගේ යටත් විජිතයක් බවට පත්ව තිබී 1948 සුද්දා විසින් අප අතහැර දැමීමෙන් ලද නිදහස ලෙස පොදුවේ හැදින්වෙන ඩොමීනියන් තත්වය ලබා ගැනීමෙන් අනතුරුව, ස්වදේශිකයන් විසින් ලංකාවේ රාජ්‍ය කළමනාකරණය අරඹන මොහොතේදී මහා භාණ්ඩාගාරය සතුව අතිරික්ත රන් පවුම් ශේෂයක් සමග විධිමත් අපනයන වැවිලි ආයෝජන පෙළකට ද, ඉාත දියුණු යටිතල පහසුකම් සහ සේවා පද්ධතීන් සමූහයකට ද හිමිකම් කී සාමකාමී රටක් වූ නුමුදු - අදුර දර්ශී අඥාන, අවස්ථාවාදී හා අමන කළමනාකරණය හේතුවෙන් දශක කිහිපයක් තුල - ලෝකයේ අනිකුත් බොහෝ රටවලට සාපේක්ෂව දුගී, අසමත්, සාහසික හා බංකොලොත් රාජ්‍ය්‍යක් බවට බිදි වැටෙනු ශ්‍රී ලාංකිකයන් වන සිංහල, ද්‍රවිඩ, මුස්ලිම් යන අප සියළු දෙනාටම සක සුදක් සේ දැක බලා ගැනීමට හැකි විය.

එකී නිදහස ලබා ගෙන වසර 76 ක් ඉක්මවා ගොස් ස්වදේශික පාලකයන් 1948, 1972 සහ 1978 වශයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා 03 ක් හරහා රාජ්‍ය බලය ක්‍රියාත්මක කරමින් රටට ගැලපෙන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් (මූලික අයිතියක්) සම්පාදනය කර ගන්නවා යයි ජනතාව හමුවේ ප්‍රතිඥා දෙමින්, මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා 03 ක් යටතේ මෙන්ම, ඒ සෑම අවස්ථාවකදීම පාලකයන් ක්‍රියා කරනු ලැබුවේ ඔවුන්ගේ වරදාන, වරප්‍රසාද රැක ගනිමින්, ඔවුන්ගේ පංතිය සුරක්ෂිත කිරීමට කටයුතු කර ගැනීමක් සදහා වූ මාර්ගයක් මිස ජනතා සුභ සෙත පිණිස වන මාර්ගයක නොවන බව මේ වන විට රට පත්ව ඇති තත්වය මත ජනතාව සක් සුදක් සේ පැහැදිලි කරගෙන ඇත.

ඒ අනුව, රටේ ජනතාව නව වෙනසක් අපේක්ෂාවෙන් පසුවන මොහොතක - අප නව ජනතා ව්‍යාපාරය- ලෙස මේ ක්‍රමය වෙනස් කිරීමට නම්, එය කළ හැක්කේ මේ රටේ පොදු ජනතාව කෙරෙහි අති මහත් දයානුකම්පාවෙන් යුතු දැන උගත් අත්දැකීම් බහුල සුධීමතුන් හෙවත් අවංක හෘද සාක්ෂියකින් යුතු සත් පුරුෂයන් සමූහයකගේ එකතුවකින් පමණක් බව වටහා දෙමින්, මේ රටේ පරමාධිපත්‍ය විසින් ඉල්ලා සිටින ක්‍රම වෙනස සදහා පදනමක් සකස් කර පුළුල් බහුජන ව්‍යාපාරයක් ලෙස ක්‍රියාත්මක වෙමින් පවතින රජයට සාධනීය බලපෑම් කරමින්, මේ රටේ කිසිදු විපක්ෂයක් මේ දක්වා නොකෙරූ විපක්ෂයේ කාර්ය භාරය ව්‍යවස්ථාදායකයෙන් එළියේ සිට කිරීමට පියවර ගෙන ඇත.
ඒ අනුව අප බිද වැටුනු රට යථාවත් කර ලංකාවේ විභූතිමත් උත්තර සමාජයක් සාදනු වස් වෙනත් පක්ෂ කණ්ඩායම් මෙන් රාජ්‍ය බලය ඉල්ලමින් ජනතාව අතරට එනවා වෙනුවට අපේ මුළු ශක්තියම යොදමින් රාජ්‍ය බලය නොමැතිව ගොඩ නැගිය හැකි කෙටි කාලීන, මධ්‍ය කාලීන දිගු කාලීන ලෙස වැඩ සටහනක් නිර්මාණය තුලින් රාජ්‍ය බලයට ආදර්ශය ගත හැකි, මහජන විශ්වාසය තහවුරු කරන වැඩ සටහනක් හරහා ක්‍රියාත්මක වෙමින් ජනගත වීමට පියවර ගෙන ඇත.

එබැවින්, නව ජනතා ව්‍යාපාරය වත්මන් අර්බුදය සදහා ඉදිරිපත් කරනුයේ විවිධ මති මතාන්තර හා වාදයන් වල සිට පැරණි න්‍යායාත්මක ක්‍රම මත සිට අනෙකුන් ඉදිරිපත් කරන න්‍යායන් වෙනුවට, ලංකාවේ පොදු ජනතාවගේ ඓතිහාසික කාර්යභාරය පිළිබද විද්‍යාත්මක සහ ප්‍රඥාවන්ත න්‍යාය යයි. අප විසින් මේ න්‍යායය ඉදිරිපත් කරනුයේ ඉතිහාසයේ කිසිදා නොවූ විරූ දැවැන්ත විනාශයක් ශ්‍රී ලාංකිය ප්‍රජාවට අත්කර දුන්, කිසිදු විධිමත් ප්‍රාග්ධන ආයෝජනයක නොයෙදෙමින්- ලංකාවේ වත්මන් අධිපති පංතිය ලෙස සංවිධානය වී සිටින සාපරාධී හා කොල්ලකාරී නින්දිත ධනපති පංතියේ සහාසික ක්‍රියාකාරිත්වය පාලනය කොට- දුර්වල කොට- අහෝසි කිරීම සදහාය.
නව ජනතා ව්‍යාපාරය ලංකවේ ප්‍රශ්ණයේ ගැඹුර, දිග පළල මනාව අවබෝධ කොටගෙන ඇත්තෙමු. බංකොලොත් ලංකාව මේ මොහොතේ එකම ජාවාරමක් බව - එකම මංකොල්ලයක් බව අපි දනිමු. ඉතා ඉහළ ව්‍යාපාරිකයාගේ සිට අඹු දරු රැක්මේලා දුක් විදින, කුසගින්නේ පෙලෙන කරපිංචා හෝ සාරවිට වෙළෙදන්දා දක්වාත්, ඉතුරු සල්ලි නොදී සිටින බස් රථයේ කොන්දොස්තර - ත්‍රී රෝදයේ රියදුරු දක්වා - හැකියාවක් ඇති හැම විටම පාරිභෝගිකයාට වංචා කරන සමාජයක් බිහි වී ඇති බව අපි දනිමු. සියළු මූල්‍ය හා සේවා ආයතන හැකි හැම විටම පාහේ පොදු ජනතාව මංකොල්ල කන බව අපි දනිමු. නිදහස් අධ්‍යාපනයේ නිසරු උගතුන් - හැකි සෑම විටම තම සිවිල් බලය යොදවා මහජන මුදලින් ලබා ගත හැකි නින්දිත වරදාන වෙනුවෙන් විළි ලැජ්ජාවකින් තොරව දිවි නොතකා සටන් වදින හැටි අපි දකිමු. හොරකම ඉක්මවා ගිය දැවැන්ත නාස්තියක් මෙරට රාජ්‍ය අංශය තුල සිදු වෙමින් පවතින බව අපි දනිමු. දේශපාලන බලය මේ සියළු සාපරාධී කටයුතු උන්ගේ බලය තහවුරු කර ගැනීම සදහා කොන්දේසි විරහිතව ආවරණයක් ලබාදෙන බව අපි දනිමු. ඒ නිසා ලංකාවට ජනහිතකාමී මැතිවරණ ක්‍රමයක් තුලින් තම ගෞරවණීය නියෝජතිකු තෝරා ගනු ලැබිය හැකි දේශපාන සහ මැතිවරණ ප්‍රතිසංස්කරණ ද - මුළු මහත් ලාංකීය ජන සමාජය උඩුයටිකුරු කිරීමේ සමත් දැවැන්ත ආකල්පමය පිපුරුමක් සිදු කිරීමේ විභවයෙන් යුත් අධ්‍යාපන හා සංස්කෘතික ප්‍රතිසංස්කරණ සමූහයක් ද - තාක්ෂණික විගණනය හදුන්වාදීමෙන් විගණනයට සෘජු අධිකරණ බලය ලබාදීමේ ක්‍රම වේදයක් ද - විධායකය, ව්‍යවස්ථාදායකය, අධිකරණය ඇතුළු සෑම පුරවැසියෙකුටම රටේ උත්තර නීතියට යටත් වන නීති පද්ධතියක් ද - ක්‍රියාත්මක කරන තෙක් කරනු ලබන කිසිදු ආර්ථික - සමාජීය - ප්‍රතිසංස්කරණයක් තිරසාර නොවන බවත් - මෙරට පොදු ජනතාවට ඉන් නිසි ඵල ලද නොහැකි බවත් අපි තරයේ ප්‍රකාශ කරනු කැමැත්තෙමු.

ඉතින් අපි අපේ රටේ පොදු ජනතාවට කියනු කැමැත්තෙමු - සිරිතක්, පුරුද්දක්, ගැති භාවයක්, වහල් භාවයක්, දීනකමක්, ලෙස ඡන්දය පාවිච්චි කල තාලයට තිත තියමු. අපි ගැන නැතත් අවම වශයෙන් අපේ රට ගැන - දරුවන් ගැන - දරුවන්ගෙ අනාගතය ගැන - සිතා මේ රට වෙනස් මගකට ගන්න පුරෝගාමී මෙහෙවරට එකතු වෙමු - වෙනස් මගක් ගෙන වෙනස් රටක් හදමු - ලෝකයටම අපි වෙනසක් පෙන්වමු.

11/10/2024

හොරු සුද්ද කරන් විපක්ෂයක් නොව - ජනතාවට යහපත ගෙනෙන විපක්ෂයක් හදමු.
අළුතේන පටන් ගන්න. හොදම කෙනා තෝරා පාර්ලිමේන්තු යවමු.

25/09/2024

ඔබ ජනහිතකාමී ජනතා සේවයකට කැමති ද ?
පාර්ලි‍මේන්තුවට ‍හොද මිනිසුන්ගේ අඩුව පුරවන්න වහාම එකතු වන්න.
071 565 4124

25/09/2024

දැන් 225 හරි මිනිසුන්ගෙන් පිරවීම අවශ්‍යයි.
පක්ෂ වලින් තොරවූ සැබෑම ජනතාවදී රජයක් බිහිකරන්න අමතන්න වහාම
071 565 4124

19/09/2024

ප්‍රවෘත්තියක්
ශ්‍රී ලංකාව බංකොලොත් බාවයෙන් මිදෙයි.
ඡන්දය දින වන විට ලංකාව සංවර්ධිත රටක් වන්නටත් බැරි නැහැ.

නිවැරදි මාවත අවබෝධ කරගත් සාමාජිකයන්ට අපේ ප්‍රණාමය. ආදරණීයයන් 100 ක් සහෝදරත්වයෙන් අපව අත්වැල් බැදගන්නා ලදි. අපි මෙම සමූහය...
12/09/2024

නිවැරදි මාවත අවබෝධ කරගත් සාමාජිකයන්ට අපේ ප්‍රණාමය. ආදරණීයයන් 100 ක් සහෝදරත්වයෙන් අපව අත්වැල් බැදගන්නා ලදි. අපි මෙම සමූහය 100 දක්වා වැඩිකර ගැනීමට සහයෝගයෙන් එක්වන ලෙසට අපි ගෞරවාන්විතව ඉල්ලමි. එය දිනක මේ රටේ මානව ප්‍රේමය සහිත, විශ්වාසනීය රාජ්‍යයක් ගොඩ නැගීම සදහා ඔබ ලබාදුන් උතුම් කාර්යයක් බවට ඔබට ඔබට උදම් අනන්නට හැකි වේවි.
සියල්ලටම ජයවේවා!

Address

178/5, Spring Field, Gannoruwa
Peradeniya
20400

Website

Alerts

Be the first to know and let us send you an email when Nava Janatha Vyaparaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category