Stay Safe Online Sri Lanka

Stay Safe Online Sri Lanka සයිබර් අපරාධයන් හා හිංසනයන්ගෙන් වැළකීමට සඳහා සහාය වීම පිණිස මෙම පිටුව නිර්මාණය වේ.

15/10/2021
DIGITAL TEENS: Girls' Special ඩිජිටල් නව යෞවනය වැඩසටහනජාත්‍යන්තර බාලදක්ෂිකා දිනය නමිත්තෙන් කොළඹ බාලදක්ෂිකාවන් වෙනුවෙන් ප...
05/10/2021

DIGITAL TEENS: Girls' Special ඩිජිටල් නව යෞවනය වැඩසටහන
ජාත්‍යන්තර බාලදක්ෂිකා දිනය නමිත්තෙන් කොළඹ බාලදක්ෂිකාවන් වෙනුවෙන් පවත්වන ලද සයිබර් හිංසනයන්ගෙන් වැළකීම හා ස්ත්‍රී-පුරුෂ සමාජභාවීය අසමානතාව පිළිබබඳ මාර්ගගත වැඩසටහන.

සයිබර් අවකාශය හරියට පිහියක වගේ. පිහියෙන් එළවළු කපනවාද ? නැතිනම් බෙල්ල කපනවාද? යන්න තීරණය කරන්නේ එය ඇතැති පුද්ගලයා. සයිබර් අවකාශය සහ සමාජ මාධ්‍ය අපිට අත්‍යවශ්‍යයි. එය නිවැරදිව භාවිත කිරීම අප සතුයි.

බාලද්ක්ෂිකාවනි ඔබ ඔබේ පරපුරේ නායිකාවන්. රටක් වෙනස් කළ හැකි ශක්තියක්. එය ඔබේ පාසලේ මෙන්ම සමාජයේ යහපත උදෙසා හැකි සිය උපරිමයෙන් කැපවන්න.

29/08/2021

Phishing - අන්තර්ජාලයේ මාළු බෑම
ඔබට ආදරයෙන් තෑගි, වාහන, හෝ මුදල් දෙන මුවාවෙන් ඔබගේ තොරතුරු ලබා ගෙන ඔබ සතු වටිනා තොරතුරු සහ මුදල් මංකොල්ලකෑමේ දැවැන්ත අපරාධමය ව්‍යාපාරයන් බහුලව සයිබර් අවකාශයේ සිදු වේ. ඒ පිළිබඳ ඔබ දැනුවත් විය යුතුමයි. මන්ද ඔබ ඔවුන්ගේ ඇමට අසුවීමට ඉඩ කඩ බොහෝ ඇති බැවින්.

18/08/2021

සයිබර් අවකාශය තුළ සිය නිරුවත ප්‍රදර්ශනය වන ඡායාරූප හා වීඩියෝපට හුවමාරුව බරපතල ලිංගික හිංසනයන් අපරාධයන් රැසක් නිර්මාණය කර තිබෙනවා. විශේෂයෙන් පාසල් ළමුන් මීට ගොදුරුවීම ඛේදනීය කාරණාවක්. කිසිම අවස්ථාවක ඔබගේ නිරුවත් හෝ ශරීරයේ අඩ නිරුවත් ඡායාරූප අන්තර්ඡාලය ඔස්සේ සිය පෙම්වතාගේ සිට කිසිඳු අයෙක් සමඟ හුවමාරු නොකරන්න. සයිබර් අවකාශය කිසිවිටෙක පෞද්ගලික තැනත් නොවේ.

11/08/2021

විදේශීය මිතුරන් ලෙස පෙනී සිට ත්‍යාග එන මුවාවෙන් මුදල් වංචා කරන කණ්ඩායම් පිළිබඳ වාර්තාවේ. ඔවුන්ගේ වින්දිතයින් වූ පිරිස් විසින් ලබා දුන් තෙරතුරු මෙහි වේ...

විදේශීය මිතුරු මිතුරියන් ලෙස ෆේස්බුක් හරහා සම්බන්ධ වී පසුව මාස කිහිපයක් කතා බහ කොට විශ්වාසය දිනා ගෙන පසුව ත්‍යාගයක් එවන මුවාවෙන් මුදල් වංචා කරන කණ්ඩායමක් මේ වන විට සමාජමාධ්‍යයන්හි සැරිසරයි. මොවුනගෙන් වින්දිතයින්වූ පිරිස් අප වෙත අනාවරණය කළ කරුණු අනුව ඔබ වෙත මෙම පණිවිඩය ගෙන එනු ලබයි. කිසිවිටෙකත් ඔබ නොහඳාුනන පුද්ගලයින්ගෙන් එන මිතුරු ඉල්ලීමක් පිළිනොගන්න. යම් සැකකටයුතු පුද්ගලයෙක් වේ නම් ඒ පිළිබඳ පොලීසිය දැනුවත් කරන්න.

සයිබර් අවකාශයේ ආරක්‍ෂාව සපයා ගැනීම අපගේ වගකීමකි.

Address

World University Friends (WUF)
Peradeniya
20400

Website

Alerts

Be the first to know and let us send you an email when Stay Safe Online Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category