08/09/2020
හද එළිය
=========
තුන්වන කොටසට:-https://www.facebook.com/109003364042389/posts/169384234670968
___________________________________
සිව්වන දිගහැරුම 04
(අවසන් කොටස)
අපරාධකරු සහ අවතාර බැල්ම
___________________________________
දවසක් ඒවී මිනිස්සූ අපේ කථාව කියවාවී...මට විශ්වාසයි,
මිනිස්සු කවදාවත් අපේ කථාව උච්චාරණය කරන්න මහන්සි වෙන්නෙ නැති වේවී...මිනිස්සූ අපේ කථාව මනසින් කියවාවී.මං හිතනවා....
කුතුහලයක් භීතියක් තිබුණත් මා ඈ අසලය. මට වෙනින් කිසිවක් අවැසි නැත. ඒ හොඳටෝම ප්‍රමාණවත් ය. මමද ඇය ගාවින් හාන්සි විය. අපි දෙදෙනාම රූස්ස ගස්වල මුදුන් අතරින් පෙනෙන අහස දිහා බලාන නිහඬව මදවේලාවක් උන්නේය. ඇයත් මමත් අහසේ වළාකුළු අතර තනි විය...මට කියන්න ගොඩක් දේවල් තිබුනත් කිසිම දෙයක් මගේ මුවින් පිට නොවුනී...එයාටත් මට කියන්න ගොඩක් දේවල් තියෙන්න ඇති.
මම ඇගේ දෙසට හැරුනි. ඇය තවමත් අහසේ වළාකුළු අතර සැරිසරනවා...හුළඟට රූස්ස ගස්වල මුදුන් හෙල වෙන විට නටුවෙන් ගිලිහුන කොල අප වටා රැස් විය.
මගේ අතැගිලි වලින් මම ඇගේ සීතල මුහුණේ කම්මුල් වල රටා ඇන්දාය.
මොහොතක් එලෙසම ගත වෙන්නට විය.
වරින් වර කැලය මැදින් ගලා ආ සුළං දහරාව ෂූ.............. ශබ්දය නඟමින් කඳු පංතිය හරහා ගලා ආවාය. මම නිසොල්මනේ එම ශබ්දයට සවන් දුන්නේය.
හඬක් ඇසේ....හුළඟත් එක්ක හඬක් ඇසේ....කුතුහලයක් ඇති වුනු මම ඒ ශබ්දයට අවධානය යොමු කළේය.
ටික වේලාවකට පසු,
කිසිම ශබ්දයක් නැත...හුළඟත් එක්ක එහෙම ශබ්ද ඇහෙන්න පුළුවනි. එදා ෆයිනස් අත්තක් කඩන් වැටිලා පණකඩාගෙන දුවපු විදිය මට මතක් විය. නැවතත් හුළඟත් සමඟ මුසු වූ හඬක් ඇසේ. මම ඒ හඬට අවධානයෙන් කන් දුනී.
නැවත මගේ හඳවත වේගයෙන් ගැහෙන්න විය. උගුර සම්පූර්ණයෙන්ම වේලුනි. ඒ ගෑනූ කෙනෙක් හිනා වෙන හඬක්. ඔව් ඒ හිනා වෙන හඬක්. මම තිගැස්සුනි. මම ගල් පිළිමයක් සේ ඉඳ ආයේ ආයේත් ඊට සවන් දුනී.
ෆයිනස් කඳු මුදුනෙන් ඇහෙන ගෑනු කෙනෙක් හිනාවෙන සද්දයක්.
මම පරිස්සමට වටපිට බලා නැවත ඇගේ මූණ දිහා බැලුවා. ඇය නිසලව සිටී. ඒත් මට විශ්වාසයි. මට එහෙම ඇහුනා...මම වටපිට කවුරුන් හෝ ඇද්දයි කියා පරිස්සමෙන් බැලීය. කිසිම හැලහොල්මනක් නැත. ගල් පොත්ත මත ඉඳගත් මම කඳු මුදුන දිහා හොදින් බැලීය. මට පේන කොටසේ කිසිවෙක් නැත.
මම හිටගෙන ආයෙත් හුළං හමන සද්දයට සවන් දුන්නාය. එවර නම් කිසිවෙක්ගේ හඬක් ඇහෙන්නට නැත. ඒත් ටික වේලාවක් යන තුරු හිටගෙන වටපිටාව ගැන හොර බැල්මක් දාගෙන ඉන්නට මට සිදු විය.
නැවතත් කිසිම සද්දයක් නැති නිසා මං ගල්තලාවේ වාඩි විය. මම අහස දිහා බලාගෙන උන්නේය. සන්ද්‍යාව වන තුරුම මම අහස දිහා බලාගෙන උන්නේය. ඇයත් මා හා එකතුව අහස දිහා බලාගෙන වුන්නේය. සන්ධ්‍යාව එළඹීමට කොච්චර වෙලා ගියාද මම එහෙම්ම කොච්චර වෙලා ඉදියද මට නොදැනුනි. රූස්ස ගස් පිරුණු ඝන කැලෑවට අඳුර කෙමෙන් කෙමෙන් වැටෙන විට ඇත්තේ මහ මූසල ගුප්ත බවකි. අඳුර වැඩි වෙනවාත් සමඟම සතුන්ගේ කෑ ගැසීම්ද වැඩි විය. ආලෝකයේ වටිනාකම තේරෙන්න නම් අඳුරක් තිබිය යුතුමය. කැලෑව ඉක්මනින්ම අඳුරු වේ.
රූස්ස ගස් සුළඟට පැද්දෙන විට නැවතත් සිනා හඬක් මතු විය. ඒක මාව දැඩි නොසන්සුන් තත්වයකට ඇඳ දැමීමට සමත් විය. හිරිකඩු පිපී බයානක ලෙස මගේ මුහුණේ ඉරියව් ද වෙනස් විය...කඳු මුදුනෙන් ඇහෙන මේ සද්දය මට ප්‍රේහෙලිකාවකි.
මම කන්ද උඩට නැඟ බැලීමට තීරණය කලාය. ඇයව එලෙසම තබා මම ෆයිනස් කන්දේ කඳු බෑවුමේ හති දමමින් නැවතත් තරණය කරන්න විය.
කඳු මුදුනට ගොඩ වුනු මම එහි වට පිටාව හොදින් බැලීය. කිසිම හැළ හොල්මනක් නැත...ඉර තවමත් හැන්දෑ අහසේය.
මම වටපිට පරිස්සමෙන් බැලීය..
එදා ජයසේකරත් මාත් ඉඳගෙන උන් තැනට මම ගියේය. එතනින් මඳක් උඩට වන්නට ඇත්තේ ලඳු කැලෑවකි. එය මානා වලින් පිරී ඇත. මම මානා කැලෑව දිහාවට ඇවිද ගියේය. එහි හිඩැසක් නොමැති තරමටම උසට හැදුනු තණකොළ ගස් ය.
නමුත් මම පුදුම විය. මම වටපිට වඩාත් උනන්දුවෙන් බලන්නට විය. ඒ පොළවේ පස් ඇය මිටි කරගෙන තිබූ පස්මය. ඒවා කළු පැහැතිය. ඒවා කොම්පෝස්ට් වැනි පස් වර්ගයකි. ඒත් ෆයිනස් කැලය පුරාම ඇත්තේ "රෙඩ් යෙලෝ පොඩ්සොලික්"කියන පස් ජාතියයි. එහෙනම් එයාගේ අතට මේ කළු පාටට හුරු පස් ගියේ කොහොමද?
කැලෑව අස්සේ යමක් ඇත. මට මෙපිටින් දකින්නට පුළුවන් විය. තණකොළ පදුරු අස්සෙන් හෙමින් බඩ ගෑ මම එයට ලං විය.
ඒ බයිසිකල් හෙල්මට්ටුවකි. වෙන කිසිවෙක්ගෙත් නෙමේ ඊයේ සිට මට හොයා ගන්න බැරිවුනු මගේ හෙල්මට්ටුවයි. හදවත වේගවත් විය. මා ගොළු විය. මගේ උගුර නැවතත් වේළුනී.
ගොතගසා අකුරු උච්චාරණය කරගන්න බැරිව ම්.ම්.ම්. මගේ හෙ..ල්මට් එ..ක..!
ඒක කොහොමද මෙතනට ආවේ...?
මම ද මිනීමරුවා....?
මගේ ඇස් වලින් කඳුළු පනින්නට විය. කකුල් වේගයෙන් ගැහෙන්නට විය. මට සියදිවි නසා ගැනීමට හිතුනි.
නෑ නෑ වෙන්න බෑ...මම නෙමේ. මං කරේ නෑ මං කරන්නේ කොහොමද මට පිස්සු ද?
මම නැවත කැලෑව අතරින් බැලීය. කැලෑව මැදට වන්නට වීසි කර තිබූ කුඩා හෑන්ඩ් බෑග් එකකි.
මම එයද අහුලා ගත්තෙමි. කළබලයෙන් මෙන් එය අනිත් පැත්ත ගසා එහි ඇති සෑම දෙයක්ම හාරා අවුස්සා බැලුවෙමි.
නම නර්මදා ලියනගේ.
පදිංචිය මුලතිව් වලය. ජාතිය සිංහලය. ඒ විස්තරය තිබුනේ ඇගේ ජාතික හැදුනුම්පතේය.
ඒ හැර ඒ බෑගය තුල මහනුවර බැංකු පාඨමාලාවකට අදාල කොළ වගයක් විය. සියල්ල හොදින් බැලූ මම සියල්ල තැනින් තැන විසිකර දමා බිම හිඳ වැලපෙන්නට විය. මම වැලපුනේ බයට ද නැත්තම් දුකට ද යන්න මටම තේරුණේ නැත. මට බිම පෙරලි පෙරලි කෑ ගසා අඬන්නට හිතුනි.
මම නැගිට්ටෙමි. තණකොල යාය තුල ඇති වෙනත් දෑ බැලුවෙමි. එහි එක් තැනක තණකොළ නැත. පස් ඇවිස්සී ඇත. මම එයට මදක් කිට්ටු කර බැලුවෙමි. එතන කිසියම් මිනිසෙක් හරි සතෙක් හරි හාරලා...
මම එතන හාරන්නට විය. අඳුර වැටෙන මේ මොහොතේ මගේ අත් දෙකෙන්ම පොළව පහුරු ගා හාරන්නට විය.
මම හෑරීම නතර කලේ මගේ හුස්මත් එක්කමය. මට හුස්ම ගන්න බෑ මගේ හුස්ම හිර වෙනවා. මගේ මුහුණෙන් දාඩිය වගුරු බේරෙනවා. මගේ ඇස් වලින් කඳුළු පිටවෙයි. තවත් ඇස් පිය නොවීය. ඒ දැකපු දෙයින් මම මේ ලෝකේ මිනිහෙක්ට දරාගන්න අමාරුම තත්වයට වැටුනී. ඒ නර්මදාගේ සිරුරය. ඔව් ඒ වෙන මොකෙක්වත් නෙමේ එතන වළදාලා තියෙන්නේ නර්මදාගේ මළසිරුරයි. මට කියා ගන්න වචන නැත. එතකොට මා ගාව මෙච්චර වෙලා ඉඳියේ කවුද? එයා කවුද ඒ? එයා කවුද...?
මම නැගිට්ටේය. පහල ඈ සිටිනා තැනට වේගයෙන් දුවගෙන ආවේය. කඳු පල්ලම බහින විට මම ලිස්සා ඇඳ වැටුනෙමි. එයින් මගේ කලිසමේ කකුළත් ඉරී එයින් ලේ ගලන්නට විය. ඒත් මං නැවතුනේ නැත. මම ගල් පර්වතය උඩට නැග්ගෙමි. එතන කවුරුත්ම නෑ මම අධික කළබලයට පත් විය. මට හුස්ම නොවැටෙන ගානටය. මට දැන් වාරු නැත. ගල් තලාව මත මා ඈට දුන් කැලෑ මල මැලවී ඇත. එය පමණක්මයි එහි ඇත්තේ. මම බියට පත්විය. මම කාත් කවුරුත් නොමැති කැලෑවක් මැද තනි වෙලාය. මම කෑ ගැහුවත් එය ඇහෙන මිනිහෙක්ද ලඟ පාතක නැත. මට දැනුනේ මම මේ ලෝකේ අසරණම මිනිස් ප්‍රාණියා ලෙසටය. මට දරාගැනීමට නොහැකි තරම් බයක් ඇති විය. එය මට පිස්සු වැටෙන තරම්ය. මම නැගිට මට පෙනෙන විදියට වැටි වැටී අදුරේම දිව්වෙමි.
මම කොළපාට දැන්වීම් පුවරුව අසලට ලඟාවිය. ඒත් මට හති අරින්නට බැරිය. මට හුස්මක්වත් ගන්නට බැරි තරම්ය. මම පාර දිගේම පහලට දීවේය.
අවසානයේදී මම ආරක්ෂක මුර කුටියට ලඟා විය. ඈත තියාම මට දකින්නට පුළුවන් උනේ එහි ඇති විදුලි ආලෝකය නිසාය.
මම කෑගහගෙන එය ඇතුලට රිංගුවේය. ආරක්ෂක නිළධාරියා මාව වැටෙන්න නොදී අල්ලා ගත්තාය.
ඔහු මාව කබල් පුටුවේ වාඩි කරවීය. මා වාඩි කරන විටම මගේ අත වැදී ඔහුගේ බටර් පෙට්ටියක් බිම වැටුනි. එහි තිබී හැට්ටකටු, පිත්තල පැහැ යතුරු හා වෙනත් කුඩා යකඩ කැබලි විසිරී ගියේය. ඔහු ඒ සියල්ලම පොදිය පිටින් ගෙන නැවත පෙට්ටියට දැමීය. අනතුරුව මා දෙස බැලීය.
මේ වෙනදා සිටින මුරකරු නොවේ. මොහු මැදිවයසේ පසුවන වෙනත් අයෙකි. ඔහුගේ එක් කකුලක කොරයකි. ඒ නිසා ඔහු ඇවිදින විට එක් කකුළකට වැඩි බරක් දෙයි.
"මොකද වුනේ පුතා?"
ඔහු මගෙන් ඇසීය
තවමත් කිසිම වචනයක් කථා නොකල මම හති අරමින් දාඩිය පිසිමින් බලාගත්තු අත බලාන උන්නාය.
නැවතත් ඔහු මොකද වුනේ යනුවෙන් ඇසීය.
ටිකක් කල්පනා කල
"මම හයික් එකක් ගියා. ඊට පස්සේ අතරමං වුනා පහලට එද්දී බය වුනා."
කියා කීවේය.
"මේ කැලෑවේ රෑ බෝවෙලා මොන කඳු නැගිලිද බොරු වැඩනේ...අන්තිමට මොනා හරි කරගත්‍තාම අපි වඟකියන්න ඕනෑ."
ඔහු මට දොස් පැවරීය. නමුත් ඔහු විශ්ව විද්‍යාලයේ හෝ වෙනත් කිසිම බලධාරියෙක් මේ ගැන දැනුවත් කලේ නැත. විනාඩි කාලක් විතර එහි උන් මම ඔහුට යනවා යැයි කියා නොන්ඩි ගසමින්ම පහලට ආවේය. බයිසිකලේ ස්ටාර්ට් කරගත් මම උඩ පේරාදෙණිය කඩමන්ඩිය හා ගල් පාලම පහු කරමින් අධික වේගයෙන් පිස්සෙක් මෙන් ධාවනය කලේය. මට හැමතැනකම පෙනෙන්නේ ඇගේ රූපයමයි. මට බයිසිකලේවත් හරියට පැදගන්න බැරිය. ඒත් අමාරුවෙන් හෝ මම හොස්ටල් එකට පැමිණියේය.
මගේ කලිසම ඉරී ඇත. කකුලෙන් ලේ ගලයි. මම සීයට සීයක් පිස්සෙක් මෙනි. මම කාමරයට යන විට එහි වුන්නේ රයිසන් ය.
"අඩෝ මොකද වුනේ උබට කවුරු හරි ගැහුවද වැටුනද යමං බෙහෙත් ගන්න."
ඌ මාව දැක්ක ගමන් ඇගට ගොඩ වී කියාගෙන කියාගෙන ගියේය.
මම කිසිවක් කථා කලේ නැත. මම කාමරයේ ලෑලී පුටුවක ඉදගත්තාය.
"මොකද බං වුනේ?"
රයිසන් විමසීය.
"මම බයිසිකලෙන් වැටුනා බං ඒකයි."
"අඩේ..උබට අමාරුද? ඉදපං බෙහෙත් දාමූ"
යැයි කියමින් ඔහු මගේ කකුල ඇල්ලීය.
"ආ..ආආඌඌඌ මම කෑ ගැසීය.
"ඕනේ නෑ මම මූණ ටිකක් හෝදන් එන්නම් ආවාම දාමූ."
"හා තුවාලේ එහෙම හෝදන් වරෙන්.
ඒක නෙමේ රයිසන් මගේ හෙල්මට් එක තිබුනද කාමරේ?"
"නෑ බං ඒක මං දවස් තුන හතරකින් වගේ දැක්කෙ නෑ. මොකෝ ඒක නැති වෙලාද?
"මං හිතන්නෙ එහෙමයි."
මම හොස්ටල් එකේ නාන කාමරය පිහිටි ශාලාවට ආවාය. එහි මූණ බලන කණ්නාඩියෙන් මම මම දිහාම බලාන උන්නාය.
මම සීතල වතුරින් මුහුණ සේදුවාය. ඊට පසුව නැවතත් කන්නාඩියෙන් මා දිහාම බලාන කල්පනා කරන්නට විය.
"ඒ මමද ඒක වෙන්න පුළුවන්ද?"
"නෑ නෑ කොහොමත්ම වෙන්න බෑ."
ඒත් මගේ බෙහෙත් ඉවරයි. රයිසන් පවා ඊයේ ඒක මතක් කරා.
මට තියෙන්නේ තාවකාලිකව කුඩා සිද්ධීන් අමතක වන රෝගයකි. මම බෙහෙත් ගන්නේ එයටය. නමුත් එය තාමත් මූලික අවධියේ ඇති බව ඩොක්ටර්ස්ලා පැවසීය.
මම එයාව දැනන් හිටියා නම් මේ වුන මුලු සිද්ධියම මට අමතක වුනා නම් ඒක මූලික අවධියේ දෙයක් වෙන්න බෑ. මට හිරේ යනවට වඩා කවද හරි අංගොඩ යන්න වේ කියා සිතුනි.
ඊටත් වඩා මං හිරවුන ප්‍රශ්නයක් විය. නර්මදාව වලදාලා නම් මා එක්ක හිටියේ කවුද..? ඒකත් මං දැකපු පිස්සුවක් ද?නැත්තම් හොල්මනක්ද?
මම කන්නාඩිය දෙස බලාන මඳක් කල්පනා කරන්නට විය. එදා මම අක්බාර් පාලමට ගිය දවසේ පාලමට යන්න කලින් වුනු කිසිවක් මට මතක නැත. මම ඒ ගැන මතක් කරන්න උත්සහ කරත් මගේ මතකයට ආවේද නැත. මම සිද්ධි එකිනෙකට පෙලගස්වන්නට උත්සහ කලෙමි.
දෙයක් මට එකවරම සිහියට ආවේය.
මම කාමරයට දිව්වේය.
"රයිසන්, රයිසන් උබට මතකද උබලා ගැටඹේ පංසලට ගිය දවසේ මම උඹලා එක්ක ආපු නැති හේතුව?"
"හේතුවක් නම් උඹ කීවේ නෑ. ඒත් උඹ කීව්වා උඹ උඩ පේරාදෙණියට යනවා කියලා."
මම වහාම ක්ෂණිකව ආපසු හැරුනෙමි. නැවත බයිසිකලේ ස්ටාර්ට් කරගත් මම එහි නැගී හන්තාන මුර කුටිය අසලට ගියාය.
"අහ් ආයෙත් ආවද...?"
මම බයිසිකලෙන් බහින විටම ඔහු ඇසීය.
"උඹ වල් පරයා...."
මම උගේ මූණට පැන උපරිම වැර යොදා පහර දෙන්නට විය. ඔහු බිම ඇඳ වැටුනී. ඇඟ උඩට නැගගත් මම තවත් තදින් පහර දෙන්නට විය. මුරකරු මගේ බඩට පා පහර එල්ල කලේය. එයින් මම දුර්වල විය. ඌ මගේ ඇඟ මත නැගී මගේ මූණට දිගටම පහර එල්ල කලේය. මම වැලමිටෙන් ඇණ ඔහුව පෙරලා ගත්තෙමි. අනතුරුව ලේ වැගිරෙන තුරු ඔහුගේ මූණට පහර එල්ල කලේය.
"තෝ තෝ තමයි ඒකිව මැරුවේ...
මම ඇස් දෙකටම දැක්කා මම උසාවියේදී සාක්ෂි දෙනවා තොට විරුද්ධව. "
මුරකරු ලේ වැගිරෙමින් හති දමමින් කීවේය.
"මම නෙමේ යකෝ තෝයි මගේ කෙල්ලව දූෂණය කරලා මැරුවේ තෝ...
මට දැන් සේරම මතකයි. "
කියමින් මම ඔහුගේ මූණට පහර කීපයක් එල්ල කලේය.
මුරකරු මා පෙරළුවාය. අනතුරුව වාරු නැතිව නැගිට ගත් ඔහු මගේ මූණට පා පහර එල්ල කලේය. ඒ සපත්තු පහරට මට සිහි විසඥා විය.
මම අවධි විය. මම වැටුනු තැනමයි එහෙත් මුරකරු නැත. ඔහු පැන ගොස් ය. මම අමාරුවෙන් මගේ බයිසිකලේට ගොඩ විය.
අනතුරුව මගේ දුරකථනය අතට ගෙන ඇමතුමක් ගත්තාය.
දුරකථනය නාද වුවද එයින් ප්‍රතිචාරයක් නොවීය. මම නැවත උත්සහ කලේය.
"හෙලෝ.."
"හෙලෝ කියපං
ජයසේකර උඹ ගෙදරද?"
"ඔව් හෙට කොළඹ යන්න බඩු ලෑස්ති කරනවා..."
"ලෑස්ති වෙලා ඉඳපං මම එනවා හදීසියක්."
ජයසේකරට ප්‍රශ්න ඇසීමට වාරයක් නොදුන් මා ඇමතුම විසන්ධි කොට අධික වේගයෙන් ඔහුගේ නිවසට ධාවනය කලාය.
"ටෝච් එක ගනින් ඉක්මනට.
මොකද්ද මොකද්ද වුනේ...?
"යනගමන් කියන්නම්."
විදුලි පංදමක්ද රැගෙන බයිසිකලේට ජයසේකර ගොඩවනවාත් සමඟ මා වේගයෙන් ධාවනය කලේය.
අතරමඟදී මා ඔහුට සිදුවූ දේ කෙටියෙන් කීවාය. ඔහු කිසිවක් නොකියා අසාගෙන සිටියාය.
"උඹ කියන්නේ ඒ උඹේ කෙල්ල කියලද?"
"ඔව්.
එදා අපි හම්බුනා. එයා මැරුන දවසේ."
"උඹට කෙල්ලෙක් ඉදියා කියලා මම දන්නෙ නෑනේ...?"
"මට නර්මදා හම්බුනේ පුදුම විදියට. අපි දැනට දෙපාරයි හම්බෙලත් තිබුනේ.
අපි මුලින්ම හම්බෙලත් සති තුනක් වගේ. නුවර රිසර්ච් එකකට යනකොට තමා මට එයාව දැනගන්න ලැබුනේ. ඉතිං තවම ලොකුවට ඒ සම්බන්ධය තිබුන් නැති නිසා මං කාටවත්ම කියන්න ගියෙත් නෑ.
අපිට නිදහසේ කථා කරන්න ඕනෑ වුනා ඉතිං අපි එදා හම්බුනා. අපි උදේ හම්බුනේ එයාව දවල්ට ගමේ යන්න බස් එකට දාන්න කීවා. එයා දවල් ගෙදර යනවා කියලා. කොහොමත් එයා ගමට යනකොට රෑ වෙනවා කිව්වා.
ඉතිං නර්මදායි මායි එදා උදේම්ම ගියේ හන්තාන පාරේ,අපි මුරකුටිය පහු කරන් ගියේ නෑ අපි දෙන්න මුර කුටියට පහලින් පාර අයිනේ කැලේ ගාවින් බයිසිකලේ නවත්වාගෙන හිටියේ...ඒත් එක්කම එයාට කෝල් එකක් ආවා. එයා ඒක එක පාරටම කට් කරා. ආයෙත් ඒ නම්බර් එකෙන්ම කෝල් එකක් ආවා.
මම කිව්වා අන්සර් කරන්න කියලා. ඒත් එයා පැකිළුනා.
ඊට පස්සේ මම ෆෝන් එක බැලුවා. ආයෙත් කෝල් එක ආපු නිසා මම ආන්සර් කරන්න හැදුවා. එතකොට එයා ගොඩක් බය වෙලා කිව්වා ඒ එයාගේ ගමේ කොල්ලගෙන් plz ආන්සර් කරන්න එපා කියලා. මට ඒ වෙලාවේ ගොඩක් තරහා ගියා. මට දරාගන්න බැරුව ගියා. මාව රැවැට්ටුවා කියලා හැගීමක් මට ආවේ. මම නර්මදාව තල්ලූ කරා. ඒත් ඒ එයාට හානියක් කරන අදහසින් නෙමේ. එයා වැටුනා. මට එච්චරයි මතක..."
බයිසිකලේ හන්තාන පාරට හරවනවාත් සමඟම තෙල් අහවර වී නැවතුනි. අප දෙදෙනාටම පයිං යන්න සිදු විය.
අප දෙදෙනාට හන්තාන පාර දිගේ පයින්ම ගාටන්නට විය. අද අමාවක දවසකි. හඳ එළියත් නැති නිසා පරිසරය ගොඩක් අඳුරුය.
"උඹට විස්වාසද උඹ නර්මදාව මැරුවේ නෑ කියලා...?
"ඔව් මට විස්වාසයි...මට ඒක තහවුරු කර ගන්න තමා ඕනි දැන්."
මෙතන තමා අපි දෙන්නා නැවතිලා ඉදියේ මුරකුටියට මඳක් පහලින් තැනක ජයසේකරව නවත්වා ගත් මම පාරේ අයිනක් පෙන්වීය.
අප ඒ වටපිටාව හොදින් බැලීය. අපට නර්මදාගේ සෙරප්පුව හමුවිය. එය රැගත් අප මුරකුටිය අසලට පැමිණියාය. එහි තිබූ මුරකරුගේ බටර් පෙට්ටිය අතට ගත් මම නැවත ජයසේකර සමඟ කන්ද මුදුනට ගියාය.
"හරි මුරකාරයා ඒකිව මරලා දූෂණය කරලා කැලෑවේ තැනක හැංගුවා කියපංකෝ අපි කොහොමද එතනටම ගියේ. අනික උඹ කොහොමද දැන ගත්තේ පාර...?"
ජයසේකරගේ ප්‍රශ්නයට මට පිළිතුරු නැති විය.
"ඒක මටත් හිතාගන්න බෑ. ඒත් උඹත් දැක්කනේ එයාගේ මළසිරුර අර පඳුර අස්සෙ තියෙනවා...?"
"ඔව් මාත් දැක්කා. මටත් හිතාගන්න බැරි කොහොමද එයාව වළදාලා තිබ්බනම් අපි දැක්කෙ කොහොමද කියලා මට මතක් වෙනකොටත් බය හිතෙනවා.
මොකක් හරි ගුප්ත දෙයක් තියෙනවා වගේ..."
අඳුර මැදින් ජයසේකරගේ වචන ඇහෙන විට මට දරාගැනීමට නොහැකි චකිතයක් ඇති විය. අප දෙදෙනා කළුවරේම බාධක අතරින් කන්ද තරණය කලාය. අනතුරුව ඈ උන් තැනට ලං වුනාට.ජයසේකරත් මමත් විදුලි පංදම මාරුවෙන් මාරුවට අල්ලමින් ඇයගේ මිනී වල හැරූවාය. අනතුරුව ඇයව ගොඩ ගත්තාය. අප දෙදෙනාම පන්දම් එළියෙන් ඇයව හොදට නිරීක්ෂණය කරන්නට විය.
"හරි ජයසේකර මට විශ්වාසයි මේ මිනීමැරුම කරලා තියෙන්නේ මුරකාරයා කියලා."
"කොහොමද කියන්නේ?"
"බලන්න අතේ ඇගිලි පස් නියපොතු අස්සට තදින්ම කා වැදිලා. හරියට පොළව තදින් හූරලා වගේ. පස් තදින්ම නියපොතු අස්සට ගිහින්."
"හැබෑවයි"
"අනික බලන්න දත් මිටි කාගෙන ඉන්නෙ. ඒ කියන්නේ මම තල්ලූ කරපු වෙලේ නර්මදා වැටිලා සිහිවිසඥා වෙලා තියෙනවා. ඒත් එයාට පණ තිබිලා තියෙනවා.
එයා වැටුන වෙලේ මෙහෙම දැගලුවා වෙන්න බෑ."
නර්මදාගේ අත නිරීක්ෂණය කල අපිට තද දම් පැහැ රෙදි කැබැල්ලක් හමු විය. මෙය මුරකරුගේ ඇඳුමට වඩාත්ම ගැලපෙන බව අප දෙදෙනාටම වැටහුනි.
"ඒත් කොහොමද උඹ මේක කරේ මුරකාරයාමයි කියලා දැනගත්තේ?"
ජයසේකර ඇසීය.
මම ජයසේකර සමඟ ගියේ මම කැලෑ මල කඩා ගත් පඳුර ළඟටය. එහි ඇති අඩිපාරවල් ඔහුට පෙන්වීය.
"ජයසේකර අපිට යන්න පුළුවන් නිගමන දෙකක් තියෙනවා. මං දන්නවා කථාව තවමත් හරිම අපැහැදිලී කියලා. ඒ වගේම මට පිළිගන්න සිද්ධ වෙනවා. මට මානසික රෝගයක් තියෙන එකවර විශාල සිද්ධි අමතක වෙන කෙනෙක් කියලා.
ඒත් අපි කථාව පැත්තට හැරුනොත්
වෙන්න පුලුවන් දේවල් තමයි,
මම නර්මදාව මැරුවා
ඊට පස්සේ මුරකාරයා එයාව දූෂණය කරලා හැංගුවා. නැත්තම් මමම මරලා මමම දූෂණය කරලා හැංගුවා.
දෙක තමයි ඇය ඇඳ වැටුනාම සිහිය නැති වුනා මමත් මානසික පීඩනයෙන් ඉඳපු නිසා අවසිහියට ලක් වුනා. ඒ අතරේ මුරකාරයා ඒකෙන් ප්‍රයෝජන ගත්තා.
දැන් අපි පළමුවෙනි කාරණා දෙක දිහා බැලුවාම ජීව විද්‍යාත්මක සාක්ෂී අනුව ඒකේ පළවෙනි කාරනාව නිශ්ප්‍රභා කරන්න පුලුවන්. නර්මදා දත් මිටි කන්නත් එක අතකින් ඇදුමෙන් කෑල්ලක් ඉරාගන්නත් අනිත් අතින් පස් හූරන්නත් පුලුවන් නම් ඈට සිහිය තිබිලා තියෙනවා. නැත්තම් දූෂකයා ඈව දූෂණය කරනකොට සිහිය ඇවිත් තියෙනවා. එතකොට අනිවාර්‍යෙන්ම බයට පත්වුනු මුරකාරයා නර්මදාව මරලා තියෙනවා. ඒ වගේම නර්මදාගේ කරාඹුවක් මුරකාරයා ලඟ තිබුන එක ප්‍රබල සාක්ෂියක්."
කියමින් මම මුරකරුගේ කුටියෙන් ගත් බටර් පෙට්ටිය ඇරියේය. එහි ඇති කරාඹුව නර්මදාගේ කරාඹුවට අතිශය සමානය. මගේ අතින් බටර් පෙට්ටිය බිම වැටුනාම පිත්තල යතුරු අස්සෙ මම කරාඹුව දැක්කත් ඒ වෙලේ මට ගානක් ගියේ නෑ. හොස්ටල් එකට ගිහින් මූණ හෝදනකොට තමයි මට කල්පනා වුනේ. එතකොට අපිට දෙවෙනි නිගමනය පිළිගන්න පුලුවන්. අනික මළසිරුරක් ඒ කොර ගහන මුරකාරයාට වුනත් මෙච්චර දුරක් උස්සන් එන්න බෑ. කොහොම කරා කියලද හිතන්නේ...? මම අධික මානසික පීඩනයට ලක්වුනාම මට තියෙන ලෙඩෙත් එක්කම මගේ මානසික මට්ටම ව්‍යාකූල වුනා. ඒක මගේ මතකය නැති වෙන්නත් මගේ ලෙඩේ උත්සන්න වෙන්නත් හේතුවක් වෙන්න ඇති. මගේ මානසික අවසිහිය ප්‍රයෝජනයට ගත්ත මුරකාරයා මාව නර්මදාව කැලයට උත්සන් යන්න වාසියට ගන්න ඇති කියලා උපකල්පනය කරන්න පුලුවන්. මම මානසිකව ව්‍යාකූලව හිටියත් මගේ මනසේ ඒ පාර සටහන් වෙලා තියෙන්න ඇති. ඒක වෙන්න ඇති එදා මම අපි යන්න ඕන පාර තෝරගෙන උඹවත් ඒ පාරෙම එක්කන් ගියේ. ඒක එක්තරා අහඹුවක් විදියට සලකන්න බෑ.."
"ඒකත් හරි කියමුකෝ. කොහොමද එතකොට මේ මුරකාරයාම ඕක කරා කියලා දැන ගත්තේ...?ඔතන මුරකාරයෝ ගොඩක් ඉන්නවා නේද?"
ඒක අපිට තේරුම් ගන්න පුළුවන් මේ අඩි පාරවල් වලින් හොදට බලපං යැයි කියමින් මම විදුලි පංදම ඊට ඇල්ලීය.
එක අඩියක් පළල් ය. එය ගැඹුරින් කා වැදී නැත. අනෙක් අඩිය පළල් නැත ඒත් ගැඹුරින් කා වැදී ඇත.
"මමත් මුලින්ම හිතුවේ ඕක මිනිස්සු දෙන්නෙක්ගෙ අඩි පාරවල් කියලා. ඒත් එහෙම නෑ. අර මුරකාරයාගේ කකුළේ කොරයක් තියෙනවා. ඒ නිසා මිනිහා දාන්නේ ජාති දෙකක සපත්තු. ඒ නිසා මිනිහා ගැන සැකයක් මට ඇති වුනා. මිනිහා කවදා හරි මේ සිද්ධිය එලිවුනොත් කියලා මගේ හෙල්මට් එක මෙතනට ගෙනත් දාලා තියෙනවා. ඒ මාව වරදකාරයා කරන්න. මට මතකය නෑ කියලා මිනිහා තේරුම් ගන්න ඇති. සමහර විට මම පිස්සෙක් වගේ හැසිරෙන්න ඇති. නර්මදා බිම වැටිල සිහිවිසඥා වුනාම මම තේරුම් ගන්න ඇත්තේ ඇය මැරුනා මම ඇයව මැරුවා කියලා. ඒ නිසා මම ඒ වගේ තත්වයකට පත් වෙන්න ඇති."
රයිසන් කීවා වගේම මම එදා ගිහින් තිබ්බේ උඩ පේරාදෙණියට. ඒක මට සිද්ධිය මතක් වෙන්න එක හේතුවක් වුනා.
දැන් මට ඔක්කොම පැහැදිලී ජයසේකර කීවාය.
"ඒත් මට තවමත් අපහැදිලිම දේ තමා අපි එදා දැක්ක මළසිරුර..."
"අපි ඒ ගැන පහලට ගිහින් කථා කරමුද?"
මම යෝජනා කලේය.
"හා. ඒක හොදයි."
ජයසේකරද එය අනුමත කලේය.
අප දෙදෙනා කන්දෙන් බැස පහලට ආවාය. අනතුරුව බයිසිකලේ තල්ලු කරමින් උඩපේරාදෙණියට ආවාය.
උඩ පේරාදෙණියේ සිට පේරාදෙණිය නගරයට ඇත්තේ පල්ලමකි. ඒ නිසා අපිට බයිසිකලේ නිව්ටල් යෑමට හැකි විය.
"ඒත් ඇයි ඒ කෙල්ල නැති වෙලා අදත් එක්ක දවස් 4ක් ඇයි තාම පොලීසිය හෙව්වේ නැත්තේ...?
ජයසේකර ඇසීය.
"මේ යුද්දෙ කාලේ. අනික ඒ කෙල්ල ඉදියේ ගෙදර යන්න. එයා බෝඩිමෙන් එන්න ඇත්තේ ගෙදර යනවා කියාගෙන වෙන්න ඇති. ඒ නිසා පොලීසිය පරීක්ෂණ කරනවා ඇත්තේ එයා ගියා කියලා හිතාගෙන අනික මුලතිව් වල යුද්දේ. ඒ නිසා ඕනෑම දෙයක් වෙන්න පුළුවන්. නර්මදාව අතුරුදහන් වූවන්ගේ ලිස්ට් එකට වැටේවී. පොලීසිය කවදාවත් නොහිතාවී එයා හන්තානේ මිහිදන් වෙලා ඉන්නවා කියලා."
"එදා අපි දැක්ක මළසිරුර"
ඒතන තමා මේ කථාවේ මටත් හිතාගන්නම බැරි තැන. මොකක් නමුත් මොකක්ම හරි අදෘශ්‍යමාන දෙයක් අපිට මේක විසඳගන්න උදව් කරා.
ජයසේකරට මම මුහුණ දුන් අදෘශ්‍යමාන සිද්ධි අඩු කර කීමට මම වඟ බලාගත්තේය. මන්ද එය මටත් පැහැදිලි නොවන නිසාය. කුමක් නමුත් මට උදව් කරා. මං හිතනවා ඒ ඇය.
අප පේරාදෙණිය ටවුමට එනවිට ටවුමේ පාලම ලඟ මිනිසුන් පිරී ඇත. අප ගනම් නොගත්තත් මඳක් ඒ දෙස බැලීය. ඒ මුරකරුය. පාර පුරාම ලේ විලක් මැඳ මැරී සිටී. මමත් ජයසේකරත් ලඟට ගොස් බැලුවාය. පොලීසියද පැමිණ සිටියේය.
"මෙයා කළබලෙන් වගේ පාරේ යන බස් එකක එල්ලෙන්න හැදුවා. එක පාරටම ඇඳගෙන වැටුනා. පස්සෙ ටයර් එකම ඇඟ උඩින් ගියා."
එතැන සිද්ධිය ඇසින් දුටුවෙක් කීහ.
අපට අල්ලා දීමට දැන් අපරාධකරුවෙකු නැත. අපරාධකරුවාද මිය ගොස් ඇත. පේරාදෙණිය සෙඩ් එකෙන් බයිසිකලේට තෙල් ගහගත් අපි උදෑසන වෙන තුරුම එහි සිටියේය. අනතුරුව අපි නැවතත් හන්තාන කන්දේ ඈ සිටි තැනට ගියාය.
ඇය මගේ පෙම්වතියයි. ඇයව මට මළසිරුරක් වුනත් මේ තරම්ම දැනෙන්න ඇත්තේ ඇයිද කියා මට තේරුම් ගන්නට පුළුවන. මම දිය කඩිත්ත ලඟට ගිය වෙලේ මම ඇයට මිලට ගත් ගවුම මට හමු විය. එය අතට ගත් මම එය රැගෙන පැමිණියාය. ජයසේකර හා මමත් ෆයිනස් කැලෑවට උඩින් වලක් කැපුවාය. අනතුරුව ඇගෙ ජරාජීර්ණ වූ ඇදුම් ඉවත ලා මම ඒ ගවුම ඈට ඇන්ද විය. ජයසේකර මම ඇදුම අන්දන තුරු අනෙක් පැත්ත බලාන උන්නේය. මම ඇගේ නළල මත හාඳුවක් තබා සමාව ඉල්ලීය. පසුව ඇයව මම ඔසවාගෙන ගොස් ඇය මිහිදන් කීරීමට අප කැපූ වලේ තැබුවාය.
වට පිට මඳක් බැලූ මම තණකොල ගොල්ලකින් කඩාගෙන ආ කැලෑ මලක් ඇගේ අත්ලෙහි තැබුවාය.
"මගේ හන්තාන කුමරිය මට සමාවදෙන්න."
කියා මම වැළපුනි.
මාත් සමඟ දුක බෙදාගත් ජයසේකර ඇගේ දේහය මත පස් දැමීය. අනතුරුව අපට දිය හැකි උපරිම අවසන් ගෞරවය ඇයට ලබාදුනී. ඈගේ හෑන් බෑග් එක සොයාගත් තණකොල යාය මත වලක් හාරා ඇගේ භාණ්ඩ හා ලේඛන වලදැමීය. නමුත් මම ඇගේ හැදුනුම්පත ලඟ තියාගත්තේය. ඒ කවද හරි ඇගේ මව පියා දැනුවත් කරනවාය යන සිතුවිල්ලෙනි.
ඒ තණකොල ගොන්න අස්සේ තිබී මට තවත් දෙයක් හමුවිය. ඒ ඇගේ දුරකථනයයි. එය කුඩු කර ඇත. මට දැන් ඔක්කොම මතකයි. නර්මදා එදා කොල්ලගෙන් කෝල් එකක් ආවම මම කිසිදෙයක් හෙව්වේ බැලුවේ නෑ. මම ඔයාගේ නම්බරයත් මැසේජුත් ඩිලීට් කරා. ඊට පස්සේ ඔයාව තල්ලූකරා..
"මට සමාවෙන්න..."
සියල්ල වළදමා නැගිට ගත් ජයසේකර හා මම මඳක් ඒ පරිසරයේ නිහඬතාවය භුක්ති වින්දේය.
"මේ ගහකොළට කථා කරන්න පුළුවන් නම් අපිට මොනවා නම් කියාවිද?"
ජයසේකර ඇසීය.
"විදින්න...ඒත් රැදෙන්න එපා..ඉක්මනටම යන්න කියාවී.."
මම කීවෙමි.
නිමි!
___________________________________
මෙතෙක් දවසක් අප සමඟ රැදී සිටි සියලුම දෙනාට බොහොමත්ම ස්තූතියී මෙවැනි කථා රසවිදින්න දිගටම අපත් සමඟ රැදෙන්න...❤️
පුංචි ඉල්ලීමක්:-
කථාව කියවූ ඔබ ඔබේ අදහස් ඇත්නම් එය දක්වා අනිත් අයටත් කියවන්න ශෙයා කරන් යන්න❤️😊
පළමු කොටසට:-https://m.facebook.com/story.php?story_fbid=168709611405097&id=109003364042389
දෙවැනි කොටසට:-https://m.facebook.com/story.php?story_fbid=168936188049106&id=109003364042389
___________________________________