දූවිලි අංශූ

දූවිලි අංශූ Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from දූවිලි අංශූ, Peradeniya.

හද එළිය=========තුන්වන කොටසට:-https://www.facebook.com/109003364042389/posts/169384234670968____________________________...
08/09/2020

හද එළිය
=========

තුන්වන කොටසට:-https://www.facebook.com/109003364042389/posts/169384234670968
___________________________________

සිව්වන දිගහැරුම 04
(අවසන් කොටස)
අපරාධකරු සහ අවතාර බැල්ම
___________________________________

දවසක් ඒවී මිනිස්සූ අපේ කථාව කියවාවී...මට විශ්වාසයි,
මිනිස්සු කවදාවත් අපේ කථාව උච්චාරණය කරන්න මහන්සි වෙන්නෙ නැති වේවී...මිනිස්සූ අපේ කථාව මනසින් කියවාවී.මං හිතනවා....

කුතුහලයක් භීතියක් තිබුණත් මා ඈ අසලය. මට වෙනින් කිසිවක් අවැසි නැත. ඒ හොඳටෝම ප්‍රමාණවත්‍ ය. මමද ඇය ගාවින් හාන්සි විය. අපි දෙදෙනාම රූස්ස ගස්වල මුදුන් අතරින් පෙනෙන අහස දිහා බලාන නිහඬව මදවේලාවක් උන්නේය. ඇයත් මමත් අහසේ වළාකුළු අතර තනි විය...මට කියන්න ගොඩක් දේවල් තිබුනත් කිසිම දෙයක් මගේ මුවින් පිට නොවුනී...එයාටත් මට කියන්න ගොඩක් දේවල් තියෙන්න ඇති.

මම ඇගේ දෙසට හැරුනි. ඇය තවමත් අහසේ වළාකුළු අතර සැරිසරනවා...හුළඟට රූස්ස ගස්වල මුදුන් හෙල වෙන විට නටුවෙන් ගිලිහුන කොල අප වටා රැස් විය.
මගේ අතැගිලි වලින් මම ඇගේ සීතල මුහුණේ කම්මුල් වල රටා ඇන්දාය.
මොහොතක් එලෙසම ගත වෙන්නට විය.
වරින් වර කැලය මැදින් ගලා ආ සුළං දහරාව ෂූ.............. ශබ්දය නඟමින් කඳු පංතිය හරහා ගලා ආවාය. මම නිසොල්මනේ එම ශබ්දයට සවන් දුන්නේය.

හඬක් ඇසේ....හුළඟත් එක්ක හඬක් ඇසේ....කුතුහලයක් ඇති වුනු මම ඒ ශබ්දයට අවධානය යොමු කළේය.
ටික වේලාවකට පසු,
කිසිම ශබ්දයක් නැත...හුළඟත් එක්ක එහෙම ශබ්ද ඇහෙන්න පුළුවනි. එදා ෆයිනස් අත්තක් කඩන් වැටිලා පණකඩාගෙන දුවපු විදිය මට මතක් විය. නැවතත් හුළඟත් සමඟ මුසු වූ හඬක් ඇසේ. මම ඒ හඬට අවධානයෙන් කන් දුනී.

නැවත මගේ හඳවත වේගයෙන් ගැහෙන්න විය. උගුර සම්පූර්ණයෙන්ම වේලුනි. ඒ ගෑනූ කෙනෙක් හිනා වෙන හඬක්. ඔව් ඒ හිනා වෙන හඬක්. මම තිගැස්සුනි. මම ගල් පිළිමයක් සේ ඉඳ ආයේ ආයේත් ඊට සවන් දුනී.
ෆයිනස් කඳු මුදුනෙන් ඇහෙන ගෑනු කෙනෙක් හිනාවෙන සද්දයක්.

මම පරිස්සමට වටපිට බලා නැවත ඇගේ මූණ දිහා බැලුවා. ඇය නිසලව සිටී. ඒත් මට විශ්වාසයි. මට එහෙම ඇහුනා...මම වටපිට කවුරුන් හෝ ඇද්දයි කියා පරිස්සමෙන් බැලීය. කිසිම හැලහොල්මනක් නැත. ගල් පොත්ත මත ඉඳගත් මම කඳු මුදුන දිහා හොදින් බැලීය. මට පේන කොටසේ කිසිවෙක් නැත.

මම හිටගෙන ආයෙත් හුළං හමන සද්දයට සවන් දුන්නාය. එවර නම් කිසිවෙක්ගේ හඬක් ඇහෙන්නට නැත. ඒත් ටික වේලාවක් යන තුරු හිටගෙන වටපිටාව ගැන හොර බැල්මක් දාගෙන ඉන්නට මට සිදු විය.
නැවතත් කිසිම සද්දයක් නැති නිසා මං ගල්තලාවේ වාඩි විය. මම අහස දිහා බලාගෙන උන්නේය. සන්ද්‍යාව වන තුරුම මම අහස දිහා බලාගෙන උන්නේය. ඇයත් මා හා එකතුව අහස දිහා බලාගෙන වුන්නේය. සන්ධ්‍යාව එළඹීමට කොච්චර වෙලා ගියාද මම එහෙම්ම කොච්චර වෙලා ඉදියද මට නොදැනුනි. රූස්ස ගස් පිරුණු ඝන කැලෑවට අඳුර කෙමෙන් කෙමෙන් වැටෙන විට ඇත්තේ මහ මූසල ගුප්ත බවකි. අඳුර වැඩි වෙනවාත් සමඟම සතුන්ගේ කෑ ගැසීම්ද වැඩි විය. ආලෝකයේ වටිනාකම තේරෙන්න නම් අඳුරක් තිබිය යුතුමය. කැලෑව ඉක්මනින්ම අඳුරු වේ.

රූස්ස ගස් සුළඟට පැද්දෙන විට නැවතත් සිනා හඬක් මතු විය. ඒක මාව දැඩි නොසන්සුන් තත්වයකට ඇඳ දැමීමට සමත් විය. හිරිකඩු පිපී බයානක ලෙස මගේ මුහුණේ ඉරියව් ද වෙනස් විය...කඳු මුදුනෙන් ඇහෙන මේ සද්දය මට ප්‍රේහෙලිකාවකි.
මම කන්ද උඩට නැඟ බැලීමට තීරණය කලාය. ඇයව එලෙසම තබා මම ෆයිනස් කන්දේ කඳු බෑවුමේ හති දමමින් නැවතත් තරණය කරන්න විය.
කඳු මුදුනට ගොඩ වුනු මම එහි වට පිටාව හොදින් බැලීය. කිසිම හැළ හොල්මනක් නැත...ඉර තවමත් හැන්දෑ අහසේය.
මම වටපිට පරිස්සමෙන් බැලීය..
එදා ජයසේකරත් මාත් ඉඳගෙන උන් තැනට මම ගියේය. එතනින් මඳක් උඩට වන්නට ඇත්තේ ලඳු කැලෑවකි. එය මානා වලින් පිරී ඇත. මම මානා කැලෑව දිහාවට ඇවිද ගියේය. එහි හිඩැසක් නොමැති තරමටම උසට හැදුනු තණකොළ ගස්‍ ය.

නමුත් මම පුදුම විය. මම වටපිට වඩාත් උනන්දුවෙන් බලන්නට විය. ඒ පොළවේ පස් ඇය මිටි කරගෙන තිබූ පස්මය. ඒවා කළු පැහැතිය. ඒවා කොම්පෝස්ට් වැනි පස් වර්ගයකි. ඒත් ෆයිනස් කැලය පුරාම ඇත්තේ "රෙඩ් යෙලෝ පොඩ්සොලික්"කියන පස් ජාතියයි. එහෙනම් එයාගේ අතට මේ කළු පාටට හුරු පස් ගියේ කොහොමද?
කැලෑව අස්සේ යමක් ඇත. මට මෙපිටින් දකින්නට පුළුවන් විය. තණකොළ පදුරු අස්සෙන් හෙමින් බඩ ගෑ මම එයට ලං විය.
ඒ බයිසිකල් හෙල්මට්ටුවකි. වෙන කිසිවෙක්ගෙත් නෙමේ ඊයේ සිට මට හොයා ගන්න බැරිවුනු මගේ හෙල්මට්ටුවයි. හදවත වේගවත් විය. මා ගොළු විය. මගේ උගුර නැවතත් වේළුනී.
ගොතගසා අකුරු උච්චාරණය කරගන්න බැරිව ම්.ම්.ම්. මගේ හෙ..ල්මට් එ..ක..!
ඒක කොහොමද මෙතනට ආවේ...?
මම ද මිනීමරුවා....?

මගේ ඇස් වලින් කඳුළු පනින්නට විය. කකුල් වේගයෙන් ගැහෙන්නට විය. මට සියදිවි නසා ගැනීමට හිතුනි.
නෑ නෑ වෙන්න බෑ...මම නෙමේ. මං කරේ නෑ මං කරන්නේ කොහොමද මට පිස්සු ද?
මම නැවත කැලෑව අතරින් බැලීය. කැලෑව මැදට වන්නට වීසි කර තිබූ කුඩා හෑන්ඩ් බෑග් එකකි.
මම එයද අහුලා ගත්තෙමි. කළබලයෙන් මෙන් එය අනිත් පැත්ත ගසා එහි ඇති සෑම දෙයක්ම හාරා අවුස්සා බැලුවෙමි.
නම නර්මදා ලියනගේ.
පදිංචිය මුලතිව් වලය. ජාතිය සිංහලය. ඒ විස්තරය තිබුනේ ඇගේ ජාතික හැදුනුම්පතේය.
ඒ හැර ඒ බෑගය තුල මහනුවර බැංකු පාඨමාලාවකට අදාල කොළ වගයක් විය. සියල්ල හොදින් බැලූ මම සියල්ල තැනින් තැන විසිකර දමා බිම හිඳ වැලපෙන්නට විය. මම වැලපුනේ බයට ද නැත්තම් දුකට ද යන්න මටම තේරුණේ නැත. මට බිම පෙරලි පෙරලි කෑ ගසා අඬන්නට හිතුනි.

මම නැගිට්ටෙමි. තණකොල යාය තුල ඇති වෙනත් දෑ බැලුවෙමි. එහි එක් තැනක තණකොළ නැත. පස් ඇවිස්සී ඇත. මම එයට මදක් කිට්ටු කර බැලුවෙමි. එතන කිසියම් මිනිසෙක් හරි සතෙක් හරි හාරලා...
මම එතන හාරන්නට විය. අඳුර වැටෙන මේ මොහොතේ මගේ අත් දෙකෙන්ම පොළව පහුරු ගා හාරන්නට විය.
මම හෑරීම නතර කලේ මගේ හුස්මත් එක්කමය. මට හුස්ම ගන්න බෑ මගේ හුස්ම හිර වෙනවා. මගේ මුහුණෙන් දාඩිය වගුරු බේරෙනවා. මගේ ඇස් වලින් කඳුළු පිටවෙයි. තවත් ඇස් පිය නොවීය. ඒ දැකපු දෙයින් මම මේ ලෝකේ මිනිහෙක්ට දරාගන්න අමාරුම තත්වයට වැටුනී. ඒ නර්මදාගේ සිරුරය. ඔව් ඒ වෙන මොකෙක්වත් නෙමේ එතන වළදාලා තියෙන්නේ නර්මදාගේ මළසිරුරයි. මට කියා ගන්න වචන නැත. එතකොට මා ගාව මෙච්චර වෙලා ඉඳියේ කවුද? එයා කවුද ඒ? එයා කවුද...?
මම නැගිට්ටේය. පහල ඈ සිටිනා තැනට වේගයෙන් දුවගෙන ආවේය. කඳු පල්ලම බහින විට මම ලිස්සා ඇඳ වැටුනෙමි. එයින් මගේ කලිසමේ කකුළත් ඉරී එයින් ලේ ගලන්නට විය. ඒත් මං නැවතුනේ නැත. මම ගල් පර්වතය උඩට නැග්ගෙමි. එතන කවුරුත්ම නෑ මම අධික කළබලයට පත් විය. මට හුස්ම නොවැටෙන ගානටය. මට දැන් වාරු නැත. ගල් තලාව මත මා ඈට දුන් කැලෑ මල මැලවී ඇත. එය පමණක්මයි එහි ඇත්තේ. මම බියට පත්විය. මම කාත් කවුරුත් නොමැති කැලෑවක් මැද තනි වෙලාය. මම කෑ ගැහුවත් එය ඇහෙන මිනිහෙක්ද ලඟ පාතක නැත. මට දැනුනේ මම මේ ලෝකේ අසරණම මිනිස් ප්‍රාණියා ලෙසටය. මට දරාගැනීමට නොහැකි තරම් බයක් ඇති විය. එය මට පිස්සු වැටෙන තරම්ය. මම නැගිට මට පෙනෙන විදියට වැටි වැටී අදුරේම දිව්වෙමි.

මම කොළපාට දැන්වීම් පුවරුව අසලට ලඟාවිය. ඒත් මට හති අරින්නට බැරිය. මට හුස්මක්වත් ගන්නට බැරි තරම්ය. මම පාර දිගේම පහලට දීවේය.

අවසානයේදී මම ආරක්ෂක මුර කුටියට ලඟා විය. ඈත තියාම මට දකින්නට පුළුවන් උනේ එහි ඇති විදුලි ආලෝකය නිසාය.

මම කෑගහගෙන එය ඇතුලට රිංගුවේය. ආරක්ෂක නිළධාරියා මාව වැටෙන්න නොදී අල්ලා ගත්තාය.
ඔහු මාව කබල් පුටුවේ වාඩි කරවීය. මා වාඩි කරන විටම මගේ අත වැදී ඔහුගේ බටර් පෙට්ටියක් බිම වැටුනි. එහි තිබී හැට්ටකටු, පිත්තල පැහැ යතුරු හා වෙනත් කුඩා යකඩ කැබලි විසිරී ගියේය. ඔහු ඒ සියල්ලම පොදිය පිටින් ගෙන නැවත පෙට්ටියට දැමීය. අනතුරුව මා දෙස බැලීය.
මේ වෙනදා සිටින මුරකරු නොවේ. මොහු මැදිවයසේ පසුවන වෙනත් අයෙකි. ඔහුගේ එක් කකුලක කොරයකි. ඒ නිසා ඔහු ඇවිදින විට එක් කකුළකට වැඩි බරක් දෙයි.

"මොකද වුනේ පුතා?"

ඔහු මගෙන් ඇසීය

තවමත් කිසිම වචනයක් කථා නොකල මම හති අරමින් දාඩිය පිසිමින් බලාගත්තු අත බලාන උන්නාය.
නැවතත් ඔහු මොකද වුනේ යනුවෙන් ඇසීය.
ටිකක් කල්පනා කල

"මම හයික් එකක් ගියා. ඊට පස්සේ අතරමං වුනා පහලට එද්දී බය වුනා."

කියා කීවේය.

"මේ කැලෑවේ රෑ බෝවෙලා මොන කඳු නැගිලිද බොරු වැඩනේ...අන්තිමට මොනා හරි කරගත්‍තාම අපි වඟකියන්න ඕනෑ."

ඔහු මට දොස් පැවරීය. නමුත් ඔහු විශ්ව විද්‍යාලයේ හෝ වෙනත් කිසිම බලධාරියෙක් මේ ගැන දැනුවත් කලේ නැත. විනාඩි කාලක් විතර එහි උන් මම ඔහුට යනවා යැයි කියා නොන්ඩි ගසමින්ම පහලට ආවේය. බයිසිකලේ ස්ටාර්ට් කරගත් මම උඩ පේරාදෙණිය කඩමන්ඩිය හා ගල් පාලම පහු කරමින් අධික වේගයෙන් පිස්සෙක් මෙන් ධාවනය කලේය. මට හැමතැනකම පෙනෙන්නේ ඇගේ රූපයමයි. මට බයිසිකලේවත් හරියට පැදගන්න බැරිය. ඒත් අමාරුවෙන් හෝ මම හොස්ටල් එකට පැමිණියේය.

මගේ කලිසම ඉරී ඇත. කකුලෙන් ලේ ගලයි. මම සීයට සීයක් පිස්සෙක් මෙනි. මම කාමරයට යන විට එහි වුන්නේ රයිසන්‍ ය.

"අඩෝ මොකද වුනේ උබට කවුරු හරි ගැහුවද වැටුනද යමං බෙහෙත් ගන්න."

ඌ මාව දැක්ක ගමන් ඇගට ගොඩ වී කියාගෙන කියාගෙන ගියේය.
මම කිසිවක් කථා කලේ නැත. මම කාමරයේ ලෑලී පුටුවක ඉදගත්තාය.

"මොකද බං වුනේ?"

රයිසන් විමසීය.

"මම බයිසිකලෙන් වැටුනා බං ඒකයි."

"අඩේ..උබට අමාරුද? ඉදපං බෙහෙත් දාමූ"

යැයි කියමින් ඔහු මගේ කකුල ඇල්ලීය.

"ආ..ආආඌඌඌ මම කෑ ගැසීය.

"ඕනේ නෑ මම මූණ ටිකක් හෝදන් එන්නම් ආවාම දාමූ."

"හා තුවාලේ එහෙම හෝදන් වරෙන්.
ඒක නෙමේ රයිසන් මගේ හෙල්මට් එක තිබුනද කාමරේ?"

"නෑ බං ඒක මං දවස් තුන හතරකින් වගේ දැක්කෙ නෑ. මොකෝ ඒක නැති වෙලාද?

"මං හිතන්නෙ එහෙමයි."

මම හොස්ටල් එකේ නාන කාමරය පිහිටි ශාලාවට ආවාය. එහි මූණ බලන කණ්නාඩියෙන් මම මම දිහාම බලාන උන්නාය.
මම සීතල වතුරින් මුහුණ සේදුවාය. ඊට පසුව නැවතත් කන්නාඩියෙන් මා දිහාම බලාන කල්පනා කරන්නට විය.

"ඒ මමද ඒක වෙන්න පුළුවන්ද?"

"නෑ නෑ කොහොමත්ම වෙන්න බෑ."

ඒත් මගේ බෙහෙත් ඉවරයි. රයිසන් පවා ඊයේ ඒක මතක් කරා.
මට තියෙන්නේ තාවකාලිකව කුඩා සිද්ධීන් අමතක වන රෝගයකි. මම බෙහෙත් ගන්නේ එයටය. නමුත් එය තාමත් මූලික අවධියේ ඇති බව ඩොක්ටර්ස්ලා පැවසීය.
මම එයාව දැනන් හිටියා නම් මේ වුන මුලු සිද්ධියම මට අමතක වුනා නම් ඒක මූලික අවධියේ දෙයක් වෙන්න බෑ. මට හිරේ යනවට වඩා කවද හරි අංගොඩ යන්න වේ කියා සිතුනි.
ඊටත් වඩා මං හිරවුන ප්‍රශ්නයක් විය. නර්මදාව වලදාලා නම් මා එක්ක හිටියේ කවුද..? ඒකත් මං දැකපු පිස්සුවක් ද?නැත්තම් හොල්මනක්ද?
මම කන්නාඩිය දෙස බලාන මඳක් කල්පනා කරන්නට විය. එදා මම අක්බාර් පාලමට ගිය දවසේ පාලමට යන්න කලින් වුනු කිසිවක් මට මතක නැත. මම ඒ ගැන මතක් කරන්න උත්සහ කරත් මගේ මතකයට ආවේද නැත. මම සිද්ධි එකිනෙකට පෙලගස්වන්නට උත්සහ කලෙමි.
දෙයක් මට එකවරම සිහියට ආවේය.
මම කාමරයට දිව්වේය.

"රයිසන්, රයිසන් උබට මතකද උබලා ගැටඹේ පංසලට ගිය දවසේ මම උඹලා එක්ක ආපු නැති හේතුව?"

"හේතුවක් නම් උඹ කීවේ නෑ. ඒත් උඹ කීව්වා උඹ උඩ පේරාදෙණියට යනවා කියලා."

මම වහාම ක්ෂණිකව ආපසු හැරුනෙමි. නැවත බයිසිකලේ ස්ටාර්ට් කරගත් මම එහි නැගී හන්තාන මුර කුටිය අසලට ගියාය.
"අහ් ආයෙත් ආවද...?"

මම බයිසිකලෙන් බහින විටම ඔහු ඇසීය.

"උඹ වල් පරයා...."

මම උගේ මූණට පැන උපරිම වැර යොදා පහර දෙන්නට විය. ඔහු බිම ඇඳ වැටුනී. ඇඟ උඩට නැගගත් මම තවත් තදින් පහර දෙන්නට විය. මුරකරු මගේ බඩට පා පහර එල්ල කලේය. එයින් මම දුර්වල විය. ඌ මගේ ඇඟ මත නැගී මගේ මූණට දිගටම පහර එල්ල කලේය. මම වැලමිටෙන් ඇණ ඔහුව පෙරලා ගත්තෙමි. අනතුරුව ලේ වැගිරෙන තුරු ඔහුගේ මූණට පහර එල්ල කලේය.

"තෝ තෝ තමයි ඒකිව මැරුවේ...
මම ඇස් දෙකටම දැක්කා මම උසාවියේදී සාක්ෂි දෙනවා තොට විරුද්ධව. "

මුරකරු ලේ වැගිරෙමින් හති දමමින් කීවේය.

"මම නෙමේ යකෝ තෝයි මගේ කෙල්ලව දූෂණය කරලා මැරුවේ තෝ...
මට දැන් සේරම මතකයි. "

කියමින් මම ඔහුගේ මූණට පහර කීපයක් එල්ල කලේය.
මුරකරු මා පෙරළුවාය. අනතුරුව වාරු නැතිව නැගිට ගත් ඔහු මගේ මූණට පා පහර එල්ල කලේය. ඒ සපත්තු පහරට මට සිහි විසඥා විය.

මම අවධි විය. මම වැටුනු තැනමයි එහෙත් මුරකරු නැත. ඔහු පැන ගොස්‍ ය. මම අමාරුවෙන් මගේ බයිසිකලේට ගොඩ විය.
අනතුරුව මගේ දුරකථනය අතට ගෙන ඇමතුමක් ගත්තාය.
දුරකථනය නාද වුවද එයින් ප්‍රතිචාරයක් නොවීය. මම නැවත උත්සහ කලේය.

"හෙලෝ.."

"හෙලෝ කියපං
ජයසේකර උඹ ගෙදරද?"

"ඔව් හෙට කොළඹ යන්න බඩු ලෑස්ති කරනවා..."

"ලෑස්ති වෙලා ඉඳපං මම එනවා හදීසියක්."

ජයසේකරට ප්‍රශ්න ඇසීමට වාරයක් නොදුන් මා ඇමතුම විසන්ධි කොට අධික වේගයෙන් ඔහුගේ නිවසට ධාවනය කලාය.

"ටෝච් එක ගනින් ඉක්මනට.
මොකද්ද මොකද්ද වුනේ...?

"යනගමන් කියන්නම්."

විදුලි පංදමක්ද රැගෙන බයිසිකලේට ජයසේකර ගොඩවනවාත් සමඟ මා වේගයෙන් ධාවනය කලේය.

අතරමඟදී මා ඔහුට සිදුවූ දේ කෙටියෙන් කීවාය. ඔහු කිසිවක් නොකියා අසාගෙන සිටියාය.

"උඹ කියන්නේ ඒ උඹේ කෙල්ල කියලද?"

"ඔව්.
එදා අපි හම්බුනා. එයා මැරුන දවසේ."

"උඹට කෙල්ලෙක් ඉදියා කියලා මම දන්නෙ නෑනේ...?"

"මට නර්මදා හම්බුනේ පුදුම විදියට. අපි දැනට දෙපාරයි හම්බෙලත් තිබුනේ.
අපි මුලින්ම හම්බෙලත් සති තුනක් වගේ. නුවර රිසර්ච් එකකට යනකොට තමා මට එයාව දැනගන්න ලැබුනේ. ඉතිං තවම ලොකුවට ඒ සම්බන්ධය තිබුන් නැති නිසා මං කාටවත්ම කියන්න ගියෙත් නෑ.
අපිට නිදහසේ කථා කරන්න ඕනෑ වුනා ඉතිං අපි එදා හම්බුනා. අපි උදේ හම්බුනේ එයාව දවල්ට ගමේ යන්න බස් එකට දාන්න කීවා. එයා දවල් ගෙදර යනවා කියලා. කොහොමත් එයා ගමට යනකොට රෑ වෙනවා කිව්වා.
ඉතිං නර්මදායි මායි එදා උදේම්ම ගියේ හන්තාන පාරේ,අපි මුරකුටිය පහු කරන් ගියේ නෑ අපි දෙන්න මුර කුටියට පහලින් පාර අයිනේ කැලේ ගාවින් බයිසිකලේ නවත්වාගෙන හිටියේ...ඒත් එක්කම එයාට කෝල් එකක් ආවා. එයා ඒක එක පාරටම කට් කරා. ආයෙත් ඒ නම්බර් එකෙන්ම කෝල් එකක් ආවා.
මම කිව්වා අන්සර් කරන්න කියලා. ඒත් එයා පැකිළුනා.
ඊට පස්සේ මම ෆෝන් එක බැලුවා. ආයෙත් කෝල් එක ආපු නිසා මම ආන්සර් කරන්න හැදුවා. එතකොට එයා ගොඩක් බය වෙලා කිව්වා ඒ එයාගේ ගමේ කොල්ලගෙන් plz ආන්සර් කරන්න එපා කියලා. මට ඒ වෙලාවේ ගොඩක් තරහා ගියා. මට දරාගන්න බැරුව ගියා. මාව රැවැට්ටුවා කියලා හැගීමක් මට ආවේ. මම නර්මදාව තල්ලූ කරා. ඒත් ඒ එයාට හානියක් කරන අදහසින් නෙමේ. එයා වැටුනා. මට එච්චරයි මතක..."

බයිසිකලේ හන්තාන පාරට හරවනවාත් සමඟම තෙල් අහවර වී නැවතුනි. අප දෙදෙනාටම පයිං යන්න සිදු විය.
අප දෙදෙනාට හන්තාන පාර දිගේ පයින්ම ගාටන්නට විය. අද අමාවක දවසකි. හඳ එළියත් නැති නිසා පරිසරය ගොඩක් අඳුරුය.

"උඹට විස්වාසද උඹ නර්මදාව මැරුවේ නෑ කියලා...?

"ඔව් මට විස්වාසයි...මට ඒක තහවුරු කර ගන්න තමා ඕනි දැන්."

මෙතන තමා අපි දෙන්නා නැවතිලා ඉදියේ මුරකුටියට මඳක් පහලින් තැනක ජයසේකරව නවත්වා ගත් මම පාරේ අයිනක් පෙන්වීය.
අප ඒ වටපිටාව හොදින් බැලීය. අපට නර්මදාගේ සෙරප්පුව හමුවිය. එය රැගත් අප මුරකුටිය අසලට පැමිණියාය. එහි තිබූ මුරකරුගේ බටර් පෙට්ටිය අතට ගත් මම නැවත ජයසේකර සමඟ කන්ද මුදුනට ගියාය.

"හරි මුරකාරයා ඒකිව මරලා දූෂණය කරලා කැලෑවේ තැනක හැංගුවා කියපංකෝ අපි කොහොමද එතනටම ගියේ. අනික උඹ කොහොමද දැන ගත්තේ පාර...?"

ජයසේකරගේ ප්‍රශ්නයට මට පිළිතුරු නැති විය.
"ඒක මටත් හිතාගන්න බෑ. ඒත් උඹත් දැක්කනේ එයාගේ මළසිරුර අර පඳුර අස්සෙ තියෙනවා...?"

"ඔව් මාත් දැක්කා. මටත් හිතාගන්න බැරි කොහොමද එයාව වළදාලා තිබ්බනම් අපි දැක්කෙ කොහොමද කියලා මට මතක් වෙනකොටත් බය හිතෙනවා.
මොකක් හරි ගුප්ත දෙයක් තියෙනවා වගේ..."

අඳුර මැදින් ජයසේකරගේ වචන ඇහෙන විට මට දරාගැනීමට නොහැකි චකිතයක් ඇති විය. අප දෙදෙනා කළුවරේම බාධක අතරින් කන්ද තරණය කලාය. අනතුරුව ඈ උන් තැනට ලං වුනාට.ජයසේකරත් මමත් විදුලි පංදම මාරුවෙන් මාරුවට අල්ලමින් ඇයගේ මිනී වල හැරූවාය. අනතුරුව ඇයව ගොඩ ගත්තාය. අප දෙදෙනාම පන්දම් එළියෙන් ඇයව හොදට නිරීක්ෂණය කරන්නට විය.

"හරි ජයසේකර මට විශ්වාසයි මේ මිනීමැරුම කරලා තියෙන්නේ මුරකාරයා කියලා."

"කොහොමද කියන්නේ?"

"බලන්න අතේ ඇගිලි පස් නියපොතු අස්සට තදින්ම කා වැදිලා. හරියට පොළව තදින් හූරලා වගේ. පස් තදින්ම නියපොතු අස්සට ගිහින්."

"හැබෑවයි"

"අනික බලන්න දත් මිටි කාගෙන ඉන්නෙ. ඒ කියන්නේ මම තල්ලූ කරපු වෙලේ නර්මදා වැටිලා සිහිවිසඥා වෙලා තියෙනවා. ඒත් එයාට පණ තිබිලා තියෙනවා.
එයා වැටුන වෙලේ මෙහෙම දැගලුවා වෙන්න බෑ."

නර්මදාගේ අත නිරීක්ෂණය කල අපිට තද දම් පැහැ රෙදි කැබැල්ලක් හමු විය. මෙය මුරකරුගේ ඇඳුමට වඩාත්ම ගැලපෙන බව අප දෙදෙනාටම වැටහුනි.

"ඒත් කොහොමද උඹ මේක කරේ මුරකාරයාමයි කියලා දැනගත්තේ?"
ජයසේකර ඇසීය.

මම ජයසේකර සමඟ ගියේ මම කැලෑ මල කඩා ගත් පඳුර ළඟටය. එහි ඇති අඩිපාරවල් ඔහුට පෙන්වීය.

"ජයසේකර අපිට යන්න පුළුවන් නිගමන දෙකක් තියෙනවා. මං දන්නවා කථාව තවමත් හරිම අපැහැදිලී කියලා. ඒ වගේම මට පිළිගන්න සිද්ධ වෙනවා. මට මානසික රෝගයක් තියෙන එකවර විශාල සිද්ධි අමතක වෙන කෙනෙක් කියලා.
ඒත් අපි කථාව පැත්තට හැරුනොත්
වෙන්න පුලුවන් දේවල් තමයි,
මම නර්මදාව මැරුවා
ඊට පස්සේ මුරකාරයා එයාව දූෂණය කරලා හැංගුවා. නැත්තම් මමම මරලා මමම දූෂණය කරලා හැංගුවා.
දෙක තමයි ඇය ඇඳ වැටුනාම සිහිය නැති වුනා මමත් මානසික පීඩනයෙන් ඉඳපු නිසා අවසිහියට ලක් වුනා. ඒ අතරේ මුරකාරයා ඒකෙන් ප්‍රයෝජන ගත්තා.
දැන් අපි පළමුවෙනි කාරණා දෙක දිහා බැලුවාම ජීව විද්‍යාත්මක සාක්ෂී අනුව ඒකේ පළවෙනි කාරනාව නිශ්ප්‍රභා කරන්න පුලුවන්. නර්මදා දත් මිටි කන්නත් එක අතකින් ඇදුමෙන් කෑල්ලක් ඉරාගන්නත් අනිත් අතින් පස් හූරන්නත් පුලුවන් නම් ඈට සිහිය තිබිලා තියෙනවා. නැත්තම් දූෂකයා ඈව දූෂණය කරනකොට සිහිය ඇවිත් තියෙනවා. එතකොට අනිවාර්‍යෙන්ම බයට පත්වුනු මුරකාරයා නර්මදාව මරලා තියෙනවා. ඒ වගේම නර්මදාගේ කරාඹුවක් මුරකාරයා ලඟ තිබුන එක ප්‍රබල සාක්ෂියක්."

කියමින් මම මුරකරුගේ කුටියෙන් ගත් බටර් පෙට්ටිය ඇරියේය. එහි ඇති කරාඹුව නර්මදාගේ කරාඹුවට අතිශය සමානය. මගේ අතින් බටර් පෙට්ටිය බිම වැටුනාම පිත්තල යතුරු අස්සෙ මම කරාඹුව දැක්කත් ඒ වෙලේ මට ගානක් ගියේ නෑ. හොස්ටල් එකට ගිහින් මූණ හෝදනකොට තමයි මට කල්පනා වුනේ. එතකොට අපිට දෙවෙනි නිගමනය පිළිගන්න පුලුවන්. අනික මළසිරුරක් ඒ කොර ගහන මුරකාරයාට වුනත් මෙච්චර දුරක් උස්සන් එන්න බෑ. කොහොම කරා කියලද හිතන්නේ...? මම අධික මානසික පීඩනයට ලක්වුනාම මට තියෙන ලෙඩෙත් එක්කම මගේ මානසික මට්ටම ව්‍යාකූල වුනා. ඒක මගේ මතකය නැති වෙන්නත් මගේ ලෙඩේ උත්සන්න වෙන්නත් හේතුවක් වෙන්න ඇති. මගේ මානසික අවසිහිය ප්‍රයෝජනයට ගත්ත මුරකාරයා මාව නර්මදාව කැලයට උත්සන් යන්න වාසියට ගන්න ඇති කියලා උපකල්පනය කරන්න පුලුවන්. මම මානසිකව ව්‍යාකූලව හිටියත් මගේ මනසේ ඒ පාර සටහන් වෙලා තියෙන්න ඇති. ඒක වෙන්න ඇති එදා මම අපි යන්න ඕන පාර තෝරගෙන උඹවත් ඒ පාරෙම එක්කන් ගියේ. ඒක එක්තරා අහඹුවක් විදියට සලකන්න බෑ.."

"ඒකත් හරි කියමුකෝ. කොහොමද එතකොට මේ මුරකාරයාම ඕක කරා කියලා දැන ගත්තේ...?ඔතන මුරකාරයෝ ගොඩක් ඉන්නවා නේද?"

ඒක අපිට තේරුම් ගන්න පුළුවන් මේ අඩි පාරවල් වලින් හොදට බලපං යැයි කියමින් මම විදුලි පංදම ඊට ඇල්ලීය.
එක අඩියක් පළල් ය. එය ගැඹුරින් කා වැදී නැත. අනෙක් අඩිය පළල් නැත ඒත් ගැඹුරින් කා වැදී ඇත.

"මමත් මුලින්ම හිතුවේ ඕක මිනිස්සු දෙන්නෙක්ගෙ අඩි පාරවල් කියලා. ඒත් එහෙම නෑ. අර මුරකාරයාගේ කකුළේ කොරයක් තියෙනවා. ඒ නිසා මිනිහා දාන්නේ ජාති දෙකක සපත්තු. ඒ නිසා මිනිහා ගැන සැකයක් මට ඇති වුනා. මිනිහා කවදා හරි මේ සිද්ධිය එලිවුනොත් කියලා මගේ හෙල්මට් එක මෙතනට ගෙනත් දාලා තියෙනවා. ඒ මාව වරදකාරයා කරන්න. මට මතකය නෑ කියලා මිනිහා තේරුම් ගන්න ඇති. සමහර විට මම පිස්සෙක් වගේ හැසිරෙන්න ඇති. නර්මදා බිම වැටිල සිහිවිසඥා වුනාම මම තේරුම් ගන්න ඇත්තේ ඇය මැරුනා මම ඇයව මැරුවා කියලා. ඒ නිසා මම ඒ වගේ තත්වයකට පත් වෙන්න ඇති."

රයිසන් කීවා වගේම මම එදා ගිහින් තිබ්බේ උඩ පේරාදෙණියට. ඒක මට සිද්ධිය මතක් වෙන්න එක හේතුවක් වුනා.
දැන් මට ඔක්කොම පැහැදිලී ජයසේකර කීවාය.

"ඒත් මට තවමත් අපහැදිලිම දේ තමා අපි එදා දැක්ක මළසිරුර..."

"අපි ඒ ගැන පහලට ගිහින් කථා කරමුද?"

මම යෝජනා කලේය.

"හා. ඒක හොදයි."

ජයසේකරද එය අනුමත කලේය.
අප දෙදෙනා කන්දෙන් බැස පහලට ආවාය. අනතුරුව බයිසිකලේ තල්ලු කරමින් උඩපේරාදෙණියට ආවාය.
උඩ පේරාදෙණියේ සිට පේරාදෙණිය නගරයට ඇත්තේ පල්ලමකි. ඒ නිසා අපිට බයිසිකලේ නිව්ටල් යෑමට හැකි විය.

"ඒත් ඇයි ඒ කෙල්ල නැති වෙලා අදත් එක්ක දවස් 4ක් ඇයි තාම පොලීසිය හෙව්වේ නැත්තේ...?
ජයසේකර ඇසීය.

"මේ යුද්දෙ කාලේ. අනික ඒ කෙල්ල ඉදියේ ගෙදර යන්න. එයා බෝඩිමෙන් එන්න ඇත්තේ ගෙදර යනවා කියාගෙන වෙන්න ඇති. ඒ නිසා පොලීසිය පරීක්ෂණ කරනවා ඇත්තේ එයා ගියා කියලා හිතාගෙන අනික මුලතිව් වල යුද්දේ. ඒ නිසා ඕනෑම දෙයක් වෙන්න පුළුවන්. නර්මදාව අතුරුදහන් වූවන්ගේ ලිස්ට් එකට වැටේවී. පොලීසිය කවදාවත් නොහිතාවී එයා හන්තානේ මිහිදන් වෙලා ඉන්නවා කියලා."

"එදා අපි දැක්ක මළසිරුර"
ඒතන තමා මේ කථාවේ මටත් හිතාගන්නම බැරි තැන. මොකක් නමුත් මොකක්ම හරි අදෘශ්‍යමාන දෙයක් අපිට මේක විසඳගන්න උදව් කරා.
ජයසේකරට මම මුහුණ දුන් අදෘශ්‍යමාන සිද්ධි අඩු කර කීමට මම වඟ බලාගත්තේය. මන්ද එය මටත් පැහැදිලි නොවන නිසාය. කුමක් නමුත් මට උදව් කරා. මං හිතනවා ඒ ඇය.
අප පේරාදෙණිය ටවුමට එනවිට ටවුමේ පාලම ලඟ මිනිසුන් පිරී ඇත. අප ගනම් නොගත්තත් මඳක් ඒ දෙස බැලීය. ඒ මුරකරුය. පාර පුරාම ලේ විලක් මැඳ මැරී සිටී. මමත් ජයසේකරත් ලඟට ගොස් බැලුවාය. පොලීසියද පැමිණ සිටියේය.

"මෙයා කළබලෙන් වගේ පාරේ යන බස් එකක එල්ලෙන්න හැදුවා. එක පාරටම ඇඳගෙන වැටුනා. පස්සෙ ටයර් එකම ඇඟ උඩින් ගියා."
එතැන සිද්ධිය ඇසින් දුටුවෙක් කීහ.

අපට අල්ලා දීමට දැන් අපරාධකරුවෙකු නැත. අපරාධකරුවාද මිය ගොස් ඇත. පේරාදෙණිය සෙඩ් එකෙන් බයිසිකලේට තෙල් ගහගත් අපි උදෑසන වෙන තුරුම එහි සිටියේය. අනතුරුව අපි නැවතත් හන්තාන කන්දේ ඈ සිටි තැනට ගියාය.
ඇය මගේ පෙම්වතියයි. ඇයව මට මළසිරුරක් වුනත් මේ තරම්ම දැනෙන්න ඇත්තේ ඇයිද කියා මට තේරුම් ගන්නට පුළුවන. මම දිය කඩිත්ත ලඟට ගිය වෙලේ මම ඇයට මිලට ගත් ගවුම මට හමු විය. එය අතට ගත් මම එය රැගෙන පැමිණියාය. ජයසේකර හා මමත් ෆයිනස් කැලෑවට උඩින් වලක් කැපුවාය. අනතුරුව ඇගෙ ජරාජීර්ණ වූ ඇදුම් ඉවත ලා මම ඒ ගවුම ඈට ඇන්ද විය. ජයසේකර මම ඇදුම අන්දන තුරු අනෙක් පැත්ත බලාන උන්නේය. මම ඇගේ නළල මත හාඳුවක් තබා සමාව ඉල්ලීය. පසුව ඇයව මම ඔසවාගෙන ගොස් ඇය මිහිදන් කීරීමට අප කැපූ වලේ තැබුවාය.
වට පිට මඳක් බැලූ මම තණකොල ගොල්ලකින් කඩාගෙන ආ කැලෑ මලක් ඇගේ අත්ලෙහි තැබුවාය.

"මගේ හන්තාන කුමරිය මට සමාවදෙන්න."
කියා මම වැළපුනි.

මාත් සමඟ දුක බෙදාගත් ජයසේකර ඇගේ දේහය මත පස් දැමීය. අනතුරුව අපට දිය හැකි උපරිම අවසන් ගෞරවය ඇයට ලබාදුනී. ඈගේ හෑන් බෑග් එක සොයාගත් තණකොල යාය මත වලක් හාරා ඇගේ භාණ්ඩ හා ලේඛන වලදැමීය. නමුත් මම ඇගේ හැදුනුම්පත ලඟ තියාගත්තේය. ඒ කවද හරි ඇගේ මව පියා දැනුවත් කරනවාය යන සිතුවිල්ලෙනි.
ඒ තණකොල ගොන්න අස්සේ තිබී මට තවත් දෙයක් හමුවිය. ඒ ඇගේ දුරකථනයයි. එය කුඩු කර ඇත. මට දැන් ඔක්කොම මතකයි. නර්මදා එදා කොල්ලගෙන් කෝල් එකක් ආවම මම කිසිදෙයක් හෙව්වේ බැලුවේ නෑ. මම ඔයාගේ නම්බරයත් මැසේජුත් ඩිලීට් කරා. ඊට පස්සේ ඔයාව තල්ලූකරා..

"මට සමාවෙන්න..."

සියල්ල වළදමා නැගිට ගත් ජයසේකර හා මම මඳක් ඒ පරිසරයේ නිහඬතාවය භුක්ති වින්දේය.

"මේ ගහකොළට කථා කරන්න පුළුවන් නම් අපිට මොනවා නම් කියාවිද?"
ජයසේකර ඇසීය.

"විදින්න...ඒත් රැදෙන්න එපා..ඉක්මනටම යන්න කියාවී.."
මම කීවෙමි.


නිමි!
___________________________________
මෙතෙක් දවසක් අප සමඟ රැදී සිටි සියලුම දෙනාට බොහොමත්ම ස්තූතියී මෙවැනි කථා රසවිදින්න දිගටම අපත් සමඟ රැදෙන්න...❤️

පුංචි ඉල්ලීමක්:-
කථාව කියවූ ඔබ ඔබේ අදහස් ඇත්නම් එය දක්වා අනිත් අයටත් කියවන්න ශෙයා කරන් යන්න❤️😊

පළමු කොටසට:-https://m.facebook.com/story.php?story_fbid=168709611405097&id=109003364042389

දෙවැනි කොටසට:-https://m.facebook.com/story.php?story_fbid=168936188049106&id=109003364042389

___________________________________

හද එළිය=========දෙවැනි කොටසට:-https://m.facebook.com/story.php?story_fbid=168936188049106&id=109003364042389____________...
07/09/2020

හද එළිය
=========
දෙවැනි කොටසට:-https://m.facebook.com/story.php?story_fbid=168936188049106&id=109003364042389
___________________________________

තුන්වන දිගහැරුම
(අල්විස් සහ හත්පෙති මල)
___________________________________

"කෙනෙකුට ප්‍රේමය විග්‍රහ කරන්නට පුළුවන් නම්...,
කෙනෙකුට ප්‍රේමයට සාධාරණ උපමා දෙන්න පුළුවන් නම්,
මට කියන්න."
-මම අල්විස්-

අපි හමුවෙලා අදට දවස් තුනයි.
"ඔයා මට සමීපයි"
ශරීරය හැර ගියත් ඔයා තුළ ඔයාගේ ආත්මය රැදිලා ඒක මට දැනෙනවා. ඒත් මට නොතේරුණු එකම දෙය නම් ඔයාගේ ඇස් වලින් කියන හැගීමයි.
ආදරයක්ද තරහක්ද?
"දෙකම"
මං තේරුම් ගන්න උත්සහ ගන්නම්
"අපිට වෙන්වෙන්න කාලය ලඟදිම එනවා"
ඒක මං දන්නවා එදාට මට මුහුණ දෙන්න අමාරුයි.
"මට ඔයත් එක්කම ජීවත් වෙන්න ඇත්නම්"
අපිට මේ ලෝකේ එකට ඉන්න බෑ.,
ඒක පිළිගන්න තරම් මට හයියකුත් නෑ

"අපි ප්‍රාර්ථනාවක් කරමුද?
මොකද්ද?"

"ශේන්‍යා අතින් හත්පෙති මල ගිලිහෙන්න කියලා,එතකොට ඔයාට පුළුවන් ඒ මලේ මල් පෙත්තක් වීසි කරලා මම වෙනුවෙන් ප්‍රාර්ථනවක් කරන්න"
හත්පෙති මලට ඔයාට ජීවය දෙන්න පුළුවන් වේවි නම් මං ඒක හොයාගන්නම්.
"ඔයා ඒ මල හොයාගනීවී,මට විශ්වාසයි."

ප්‍රශ්න අසා පිළිතුරු මමම ගොනු කෙරුවෙමි. ඒ නිහඬ ඈ වෙනුවෙනි. මට විශ්වාසයි ඈ ජීවත්ව උන්නානම් ඈ කියන්නෙත් ඒ ටිකමයි. නමුත් නොසන්සුන් වන බවක් ඉදිරියට ඇති බව මට පෙනෙන්නට නැතත් දැනෙන්නට විය.

හොස්ටල් කාමරය එදා මෙන් නොව අද වෙනස්ය. කාමරයේ රෙඩියෝවෙන් විශේෂ පුවත් එක දිගට මවන්නට විය.

"මෙන්න දැන් ලැබුණු විශේෂ පුවතක්:අද පස්වරුවේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් LTTE ත්‍රස්තයින්ගේ නැගෙනහිර ප්‍රධාන බලකොටුවක් වූ තොප්පිගල ප්‍රදේශය කොටි ත්‍රස්තයින්ගේ ග්‍රහණයෙන් මුදා ගන්නා ලඳ බව තහවුරු කෙරුණි. මෙහිදී කොටි ත්‍රස්තයින් විශාල සංඛ්‍යාවක් මරමුවට පත්වූ අතර මෙය නැගෙනහිර මුදවා ගැනීමේ මෙහෙයුමේ සුවිශේෂී සංධිස්ථානයක් බව බ්‍රේගේඩියර් චාකී ගාල්ලගේ මහතා පැවසීය..."

මෙලෙස වරින් වර කාමරයේ ගුවන් විදුලියෙන් උතුරු නැගෙනහිර සටන් පිළිබඳව උණුසුම් පුවත් මවන්නට විය. ගුවන් විදුලියට සවන් දීමට පැමිණි වෙනත් කාමර වල කොල්ලන්ද අපගේ කාමරයේ පිරී ඇත. එම නිසා මෙහි ඇත්තේ එක්තරා තදබඳයකි. එදා හැන්දෑවේ මුළුමහත් රටේම පිරිමින් හා ගැහැණුන් උද්‍යෝගයෙන් රූපවාහිනිය හෝ ගුවන් විදුලිය අසලට වී නිවේදන වලට සවන් දී විචාර ඉදිරිපත් කරන්නාක් මෙන් ඔවුන්ද විවිධ විචාර ඉදිරිපත් කළේය. අනතුරුව වාද විවාද ඇති කරගත්තේය.

මා කාමරයේ සඳළුතලයට පැමිණියේ තදබඳය මඳකට හෝ මඟහැරීම පිණිසය. රට තුළ යුද ගිනි ඇවිලෙන මේ හෝරාවේ මගේ හඳවතෙත් එක්තරා යුධ ගින්නක් ඇවිළේ. එය නිවීම පහසු නැත. මන්ද ඊට ප්‍රතිකර්මයක් නොමැති බැවිනි.

මම සඳළුතලයත් හන්තානත් අතර තනිවිය. මං කල්පනා කරන්නට විය...පෙරදිනයන් හී මා අවදිව තැබූ ඒත් පිළිතුරු නොලැබුනු ප්‍රශ්න එකිනෙක නැවතත් මනසට පැමිණෙන්නට විය. අද දවස මගේ ජීවිතයේ සුන්දරම දවස,එයා ගොඩක් ලස්සනයි. මට නම අහගන්න බැරි වුනත් කාගේ කවුද කොහෙද කියලා අහගන්න බැරි වුනත් එයාව මට ගොඩක් තදින්ම දැනෙනවා...
මේ හැන්දෑවෙත් මට එයා ලඟ ඉන්න තිබුණා නම්...
මා දහවල ගෙවී යන තුරුම ඈ අසලම රැදී සිටියාය. අනතුරුව ඈව කිසිදු ආන්තරාවකට ලක් නොවන පරිදී පරිස්සමට හංගා තැබුවාය.
ඒ කැලේ දිවියන් හා විවිධ වන සතුන් ගහණය. ඒ නිසා ඈව වියලි ආරක්ෂිත ස්ථානයක තැබීමට මම සමුදී එන්නට පෙර වඟබලාගත්තාය.
එයා කාගේ කවුද? කොහේ කෙනෙක්ද? මේ ප්‍රශ්න මේ වන විට කෙමෙන් කෙමෙන් මගේ මනසින් පැන යන්නට විය. ඒ වෙනුවට මට අලුත් ප්‍රශ්න රැසක් මතු විය.
ඒ ඈව දිගටම පරිස්සම් කරගන්න මම කරන්න ඕනි මොකද්ද කියලා.

කල්පනා ලොවක තනිවී සිටියත් ඉක්මනින්ම එයින් මිදීමට මට සිදුවිය. මගේ දුරකථනය නාද විය.
ඒ ජයේ ය.

"හලෝ ජයේ...කොහොමද ඉතිං?"

"මම හොඳින්."

"උඹට කොහොමද?"

"අවුලක් නෑ දැනට නම්...."

"අවුලක් නෑ කීවේ ඉස්සරහට අවුලක් එන්න පුළුවන්ද?"

"නෑ නෑ නිකම් කටට ආවට කීවේ බං"

"මේ අහපංකෝ උඹ එදා වුන සිද්ධිය කාටවත් කිව්වද?"

පිස්සුද බං මං කෙලබිඳක් හැළුවේ නෑ. ඒක නෙමේ උඹ කාටවත් කීවද?"

"නෑ. මාත් කාටවත් කීවේ නෑ.
මං හිතන්නේ එදා අපි දකින්න ඇත්තේ චිත්ත රූපයක් වෙන්න ඇති මං අහල තියෙනවා.
ඔය වගේ එක එක විකාර දැක්කම ඒක බෝ වෙනවා කියලා."

"සමහර විට එහෙම වෙන්න ඇති බං."
"ඔය රෑට පිටසක්වල එලි යානා එහෙම දැක්ක වුන් ඉන්නවා කියනවා නේද?එහෙම දැකපු උන් එකාට එකා වෙනස්. එකෙක් දැක්ක කීවම අනික් එකා මනසින් මවාගෙන දකිනවා. බෝවෙන මානසික ලෙඩක්.
"මං හිතන්නෙ එහෙම වෙන්න ඇති."

ජයේ මළසිරුරක් දැක්කත් ඒක ඇත්තක් නෙමේ කියලා ඔප්පු කරන්න විවිධ තර්ක ඉදිරිපත් කරන්න මට සිදුවුනි. ඒ ඇයත් මාත් අතර තියෙන සම්බන්ධය ආරක්ෂා කරගැනීම පිණිසය.

"හෙට මොකද කරන්නේ?"
ජයේ ඇසුවේය..

"හෙට දවසම වැඩ බං වෙලාවක් නෑ."

"හරි අනිද්දා දිහාවට හම්බෙමු."

"හරී හම්බෙමු."

ඇමතුම විසන්ධි විය.

හන්තාන අහස ඉක්මනින්ම කළුවර විය. මේ මේ මාසයේ පුර හඳ පායන අන්තිම දවසය. ඊළඟට එන්නේ අමාවක රාත්‍රීන්ය.

රෑ බෝ වන තුරු කථා බහන් සිනාවන් හොස්ටල් එක තුල තිබුණත් ඝන රාත්‍රියේ අඳුර දැඩිවෙනවාත් සමඟ සියල්ලන්ම තම ඇඳන්වල නින්දට වැටුනි. කටහඩවල් සිනාහවල් ඇසුනු කොරිඩෝවන් එකවරම පාළු විය.
මා යහනට වැටුනත් නින්දක් නොවීය. ඈව තනිකර මම නිදියන්නෙ කොහොමද...?
මුළු රාත්‍රියේම මට ඇයව මැවී පෙනුනී. මගේ මනස මට නිදියන්නම නොදුනී.

පසු දින එළඹුනි,මම උදෑසන ලෙක්චර් නොයා ඉන්න තීරණය කලේ අදත් ඇයව බැලීමට යෑමට ඇති ආසාව නිසාය. ලෙක්චර් නොගිහින් බයිසිකලේ හන්තාන පාරේ ආරක්ෂක මුරපොළ අසලටම මම ගියේය.
එතනින් එහාට අද බයිසිකලේ යන එක අවධානම්. හැමදාම මම මෙතනින් උඩට පහලට යනවා නෝට් වුනොත් සැකයක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා අද බයිසිකලේ පහළ දාලා පයින් මානා කැලයෙන් උඩට යන්න ඕනෑ. මම කල්පනා කලේය.
එය ඉතා අසීරූ කාර්යක් වුනත් ඈ වෙනුවෙන් මම එය භාරගත්තාය.
බයිසිකලේ හන්තාන පාර ඇරඹෙන තැනින් නවත්වා මම මානා කැලය ඇතුලින් කන්ද දිගේ උඩට නැග්ගේ ෆයිනස් කැලයට රිංගා ගැනීමේ අරමුණෙනි. ඇළට මම කිට්ටු වනවාත් සමඟම මට ඇළ දිගේ උඩට යෑමට පහසු විය.
ඇළ දිගේ උඩට ඇදුනු මම ඇය ඉන්නා ඉසව්වට කිට්ටු කලේය.
ඊයේ දවල් මම ඇය එක්ක උන් ගල මතින් උඩට නැඟ ඇයව සඟවා තැබූ එකිනෙක මත ඇති ගල් පොත්ත උඩට නැග්ගේය.
කැළෑවෙන් ඇසෙන විවිධ සතුන්ගේ සද්දයත් ගෙම්බන්ගේ කෑ ගැසීමත් හැර එහි වෙනත් හඬක් නොවීය. මම කෝකටත් කියා වටපිටාවේ මගේ ඇසට හසුවෙන හැම අස්සක් මුල්ලක් නෑරම හෙමින් නිරීක්ෂණය කළේය.
ෆයිනස් කැලේ මැදින් හුළං ගලාගෙන යනවිට ඇසෙන ෂූ.....................
ශබ්දය හැර වෙනත් කිසිදුම හඬක් එහි නොවීය...
ගල් පොත්ත උඩ දිගාවුනු මම ඇයව සුරක්ෂිතව තිබූ ගල් පොත්තේ දෙබොක්කාවට මූණ නැඹුරු කලේය...
මොනවා.................. එයා කෝ...?
ඊයේ මම පරිස්සමට ඇයව තිබූ තැන අද හිස්‍ ය. ඇය නැත. මට හීන් දාඩිය දාන්න විය. කම්පනයක් නැවතත් දැනෙන්නට විය. හදවත නැවතත් විරාමයක් නැතුව එකදිගට ගැහෙන්න විය.

මට පිටිපස්සෙන් කෙනෙකු ඉන්නා මෙන් දැනෙන්න විය. හරියට කෙනෙක් මට පිටිපස්සෙන් හිටගෙන මා දිහා බලාගෙන ඉන්නවා වගේ. ඒ ගුප්ත පරිසරයේ කෙලින්ම හිස හරවා පිටිපස්ස බැලීමට තරම් මට ධෛර්යයක් නොවීය. තව කෙනෙක් හරියටම, මං නොදන්නා කෙනෙක් මං දිහා බලාගෙන ඉන්නවා වගේ හැගීමකි ඒ...
මට දැනෙන බය කෙසේ වුනත් මම මූණ හරවා පිටි පස්ස බැලුවෙමි. කිසිවෙකුත් නැත. කොළ පාට පරිසරයත් ගහකොළත් හැර අඩුම ඇසට දැකිය හැකි විශාල සතෙක්වත් එහි නැත.
මා ටික වේලාවක් ඇස් කරකවමින් ඇඟ නොසෙල්වා වට පිට බැලුවේ කිසිවෙකුත් මා දෙස බලාන ඉන්නවාද යන්න සැක හැර දැනගැනීම පිණිසය.
මිනිත්තු කීපයක් ගතවිය. මා නැවතත් ආපසු හැරී ගල් දෙබොක්කාව ලඟ ඈ සිටීදැයි බැලීය. එහි ඇගේ කිසිදු ලකුණක් නැත.
මම දෙබොක්කාව ඇතුලට බැස බැලුවාය...ඇය එහි ඇතුලේය. ගල් පොත්ත අතරින් අත යවා ඇගේ ඇදුමෙන් මං ඇයව ඇඳ එලියට ගත්තාය. මං මුලින්ම ඇයව පරීක්ෂා කරන්න විය. මට බයක් දැනුනේ මොකෙක් හරි සතෙක්ගෙන් ඇයට අනතුරක් වී ඇති බවයි. නමුත් වාසනාවකට මෙන් එසේ නොවීය. එහෙත් මං ඈව ඊයේ ඇයව තියා ගිය විදියට නෙමෙයි ඇය ඉන්නේ.ඒක ලොකු ප්‍රශ්නයක්? ඇය ගල් වෙලා. ඒත් ඇයට මෙහෙම ඉරියව් වෙනස් කරන්න පුළුවන්ද...?
එය මට වඩාත් චකිතයක්,බයක් දැනෙන කාරණයක් විය. නමුත් මම ඊයේ ඇයට ඇන්ඳවූ ගවුමත් ඇඳගෙන ඈ නිසොල්මනේ සිටී. මා ඇයව අමාරුවෙන් මෙන් උස්සාගෙන ගල් පොත්ත මත හාන්සි කරවීය. ඇය දැන් ඊයෙටත් වඩා බරය. ඊටත් වඩා ඈ ලඟ සීතල වැඩිය. මුහුණත් තරමක් ඉදිමී ඇත.
පෙර තිබූ ලස්සන ක්ෂණයෙන් වියකුනා වැනිය. ඇයගේ මූහුණේ ඇත්තේ ඛේදනීය පෙනුමකි.
කොහොම උනත් මට තිබුණු බරපතලම ප්‍රශ්නය ඇගේ ඉරියව්ව වෙනස් වීමයි. මම ඇයව ගල් පොත්ත මත හාන්සි කරවා වට පිටාව හොදින් බැලීය. ඒ කවුරුන් හෝ මෙතනට ඇවිත් ඇද්දැයි තහවුරු කරගැනීමටය. තණකොල ගාලවල් පරික්ෂා කලත් ඵලක් නොවීය. කවුරුන් හෝ මෙහි ලඟා වුනා නම් පුංචි පුංචි වල් පදුරු තැලී තිබිය යුතුය. එවැන්නක් මට දකින්න නොවීය. ඒ නිසා ඇයව එහෙම්ම තියා මම ෆයිනස් කැලය උඩට නැග්ගේය.
මම වට පිට බලමින් හෙමීට හෙමීට පියවර තබමින් උඩට නැග්ගේය. ෆයිනස් කැලේ පොළවට උඩින් මිනිහෙක්ගේ පියවර සටහන් වන්නේ කළාතුරකිනි. ඊට හේතුව ඝන ෆයිනස් කොළ අතු වැටී පස උඩ වෙනම කොළ තට්ටුවක් නිර්මාණය වී තිබීමයි. මම ඇයව මට හමුවුනු තැනටම ලඟා විය. එහි ද කිසිම හෝඩුවාවක් නොවීය. කවුරුන්වත් නැත. මමත් ඇයත් හැර කවුරුන්වත් පැමිණ නැත. ටික වේලාවක් ඝන ෆයිනස් කැලයේ ගස් දිහා හොදින් බලා සිටි මම ආපසු එන්නට හැරුනි. මට ඇය හමුවුන කටු පඳුරට ඔබ්බෙන් මානා පඳුරක කහ පාට කැලෑ මලක් තනිවම පිපී තිබුණි.මම ඒ අසලට ගියේ ය.ඒ මානා පඳුරේ ඇතැම් කොළ නැවී තිබුනී එය හොදින්ම පෙනුනී. මම ඒ අසලටම ගියේ එය හොදින් බැලීමටය. මානා පදුර මැද ඇති පසට ෆයිනස් කොළ වැටී නැත. ඒ නිසා එය පැහැදිලිය. එම පස දිහා හොදින් බලා සිටි මට අපූරු දෙයක් දකින්න ලැබුනි. ඒ පියවර කිහිපයකි. එකක් පළල් පියවරකි. එය ගැඹුරට වැදී නැත. අනෙක ටිකක් තදින් පොළවට කා වැදී ඇත. එය පළල් නොවේ. එය මිනිසුන් දෙදෙනුකුගේ පියවරවල් දෙකකි. මට හිතාගන්න පුළුවන් වුනේ එච්චරයි. පියවරවල් එකිනෙකට අසමාන වන නිසා ලඟදි මෙතනට දෙන්නෙක් ඇවිත් ඇති බවට සැකයක් මට පහල විය.
සීයට 80ක් මිනීමරුවන් තම කලාකෘතිය නැවත දැකීමේ අරමුණින් අපරාධ ස්ථානයටම එන බව මමද මින් පෙර අසා ඇත. පියවරවල් දෙස මඳක් හොදින් බලා සිටී මම කහ මලත් කඩාගෙන නැවත පහළ ඈ සිටින ස්ථානයට ගියේය. බෑවුම බැසගත් මම ඈ අසලටම ගියේය.
"මට හත්පෙති මලක් හම්බුනේ නෑ ඒත් මට පෙති හයක් තියෙන සයපෙති මලක් හම්බුනා"කියමින් මම මල ඇගේ දකුණතේ රැදවීමට උත්සහ කලේය.නමුත් ඇගේ දකුණු අතේ යමක් ගුලිකරගෙන සිටී. නෑ වෙන්න බෑ. මං ඊයේ පෙරේදා හොදට බැලුවනේ අත්වල මොකුත් තිබ්බෙ නෑනේ. මම හෙමීට ඒ අත දිගහැරියා පුදුමයි ඒ අත ගල්වීත් නැත. පහසුවෙන්ම දිගහැරුණා..
ඒ අතේ තිබුනේ පස් පිඩකි. කළුපාට පස් පිඩකි.
කොහොමද ඔයාගේ අතට පස් ආවේ. ඒක වෙන්න බෑ. ඔයා ජීවත් වෙන්නෙ නෑ. ඔයාගේ හදවත ගැහෙන්නෙ නෑ ඉතිං කොහොමද මේක වෙන්න පුළුවන්ද...?
මම නැවතත් ඇගේ පපුවට කණ තබා එය ගැහෙනවාදැයි බැලීය. අනතුරුව නාඩි වැටේදැයි බැලීය. කිසිදු දැනීමක් නැත. ඇය සීයට දෙසීයක් මියගොස් ඇති බව විශ්වාසය. නමුත් මට ඇය ගැන චකිතයකුත් සැකයකුත් උපන්නේය. මොකක් හරිම දෙයක් මෙතන වෙනවා එක්කෝ මට පිස්සූ. නැත්තම් මේ දකින ඔක්කොම විකාරයක්. මට දරාගන්න බැරි තැන මම ඇය ලඟින් බිම වාඩි විය.මේ මොකක් හරි හෝඩුවාවක්ද? බයක් මට තදින්ම දැනෙන්නට විය. ප්‍රශ්න වැලක මම අතරමං විය.

-මතුසම්බන්ධයි-
පළමු කොටසට:-https://m.facebook.com/story.php?story_fbid=168709611405097&id=109003364042389
__________________________________

පුංචි ඉල්ලීමක්:-
කථාව කියවූ ඔබ ඔබේ අදහස් ඇත්නම් එය දක්වා අනිත් අයටත් කියවන්න ශෙයා කරන් යන්න❤️🙂

හද එළිය (නවකතාවකි.)=================================          පළමු කොටසට________________________________________________...
05/09/2020

හද එළිය (නවකතාවකි.)
=================================

පළමු කොටසට
______________________________________________________________
https://www.facebook.com/109003364042389/posts/168709611405097/

දෙවන කොටස
(මළසිරුරකට ආදරය කරන එක....ඒක වරදක්ද?)
________________________________________
___________________

කන්දෙන් පහලට පැමිණ උඩපේරාදෙණිය පසු කල අපි ගල්පාලම ලඟ නතර විය. එතැන අපි හති අරින්නට විය. ජයසේනත් මාත් තවමත් කථාවක් නැත. අප ඔහේ බලාගත්තු අත බලා ඉන්නට විය. මට ඒ මූණ මතකයට එනකොට දරාගන්න බැරි විදිහට ඇස් දිගේ කඳුළු රූටන්නට විය.

"ජයසේකර අහපං අපි දැකපු කෙල්ලව කවුරු හරි රේප් කරලා මරලා වගේ...."

"ඒත් කොහොමද බං එච්චර විශාල කැලයක් මැද ඔච්චර උස කන්දක් උඩට මිනියක් ගිනියන්නේ...."

නිහඬතාව බිඳිමින් මා ප්‍රශ්න කලේය...
තදින් හුස්මක් ගෙන පිට කල ජයසේකර නිහඬව සිටියා මිස කිසිදු උත්තරයක් නොදුනි.

"අනික සිකුරුටි පොයින්ට් එකකුත් පල්ලෙහා තියෙනවනේ...? කැම්පස් කෙල්ලෙක්ද දන්නෙ නෑ බං අපි මේ ගැන කාට හරි කියමුද?"

මා ඇසුවේ ගල්පාලම යටින් ගලා යන දියපහර දිහා බලාගෙනය.

"පිස්සුද යකෝ තොට මං එපා කීවනේ...ආය තෝ ඔය ගැන කථා කරන්න එපා...අපි ඕකට සාක්ෂි දෙන්න ගියොත් අපෙන් පොලීසිය එක එක ප්‍රශ්න අහාවී
ඇයි කැලේට ගියේ...?
මොනවටද ගියේ...?
කොහොමද එච්චර ලොකු කැලයේ එතනටම ගියේ...?
අහම්බයක් වෙන්න පුළුවන්ද?"

මඳක් කල්පනා කල මා ඔහු අනුමත කළේය.

"ඒත් මොකාද බං කෙල්ලෙක්ට එහෙම වැඩක් කරන පාහරයා...?"

අධික දුකකින් මා ඇසීය.

"මටත් හිතාගන්න බෑ බං...උබ ගිය අවුරුද්දෙ අපරාධ විද්‍යාව කරා නේද...?"

ජයසේකර ඇසීය.
ගිය අවුරුද්දේ මා අපරාධ විද්‍යාව කරන බව ඔහු සමඟ උජාරුවට දෙඩවූ බව මට සිහි විය.

"තුෂාර සර් මිනිහෙක් අපරාධකාරයෙක් වෙන්න බලපාන හේතුයි,අපරාධවලට බලපාන හේතුයි ඉගැන්නුවා මිස මාස හයකින් අපරාධකාරයින් අල්ලන්න ඉගැන්නුවේ නෑ යකෝ..පොලිස් කාරයෝ අවුරුදු ගාණකින් ට්‍රේනිං වෙන එක මාස හයකින් ඉගනගන්න පුළුවන්ද ?"

"අපිට හොඳටම වැදිලා බං ඉදියේ සමහරවිට අපි හුදෙකලාවේ කැලයක ඉඳපු නිසා අපි දෙන්නටම එකට මනෝරූප පෙනුනා වෙන්න පුළුවන්."

ජයසේකර කීහ.

"උඹ කියන්නේ මේ ගංජවල බලපෑමක් කියලද?"

"සමහරවිට...."

"හ්ම්ම්ම් වෙන්න පුළුවන්."

මාත් එයට එකඟ විය.

"කොහොම වුනත් අපි මේ ගැන කාටවත් නොකියා ඉමු."

ජයසේකර කීහ. අවසානයේදී දැඩි උත්සහයකින් පසු ඔහු මේ සිදුවීම කිසිවෙකුටත් නොකියන ලෙස මා පොරොන්දු කරගත්තේය.

"දැන් හවස් වුනා මාව ගෙදරට දාපං."

ඔහු මගෙන් ඉල්ලීය.
මම ජයසේකරව නිවසට ඇරලවිය.ගමන අතර තුර තවදුරටත් ඔහුත් මාත් කථා නොකලේය.
නිවස අසලදී මෝටර්බයිසිකලෙන් බැසගත් ජයසේකර

"පොරොන්දුව මතකයිනේ එහෙනම්"

කියා ඇසීය

"ඔව් මට මතකයි.එහෙනම් හෙට අනිද්දා හම්බෙමු."

"හරි හම්බෙමු."

එලෙස මම ඔහුගෙන් සමුගෙන බයිසිකලය අධික වේගයෙන් හොස්ටල් එකට ධාවනය කරාය. මා පැමිණියේ වෙනමම කල්පනාවකය.
කාමරයට ගොඩවැදුනු මම ඇඳ උන් ඇදුම පිටින්ම ඇඳට වැටුනි. මම ටික වේලාවකින් තද නින්දකට යටත් විය.
මං ඇහැරෙන විට රෑමන් තිදෙනාම කාමරේය. රාත්‍රිය උදාවී තිබුණේය.

"මොකෝ අසනීපෙන්ද?"

"රයිසන් ඇසීය.
එහෙම්මමත් නෑ ඒත්....ඔළුව කැක්කුමයි ඒ නිසා නින්ද ගියා බං."

ඇදෙන් නැගිට ගත් මා හොස්ටල් කැන්ටිමට ගියේ රාත්‍රී ආහාරය ගැනීමේ අදහසින්. මං මේක රයිසන් එක්ක කියනවද? බෑ බෑ නිකමටවත් උගෙ කටින් මිස් වුනොත් ඒක ලොකු අවුලක් වෙන්න පුළුවන්. සිකරැට්ටුවක් දල්වාගත් මා කිසිවෙකු සමඟ කථාවට නොයා නිහඬව කල්පනාවක යෙදුනි.
අනතුරුව ඇඟපත සොදාගෙන මා කාමරයට වැදෙන විට රූමන් එහි නැත. ඔවුන් අධ්‍යයන කාමරයට යන්න ඇති නැත්තම් වෙන රූම් එකකට ගිහින් රෑබෝ වී ඒවී...
මට මේ මොහොතේ ඔවුන් සමඟ කථා කිරීමට රුචි නැත. මට කා සමඟවත් කථා කිරීමට රුචි නැත.

කාමරයේ විදුලි පහන් නිවා දැමූ මා නැවතත් ඇඳට වැටුනි. එහෙත් මට දැන්මම නින්දක් ලංවන්නට නොවීය. කාමරයේ ජනේලයෙන් මම එළිය බලාගෙන උන්නේය. හඳ එළියෙන් මුළුමහත් පරිසරයම ආලෝකමත් වී තිබුනු නිසා මාකස් කැලේ ගහකොළ තරමක් පැහැදිලිව දකින්නට පුලුවන් විය.
හන්තාන රාත්‍රිය මීදුමෙන් වැසුනු පසු සීතලය...මම කල්පනා ලෝකෙකට නිරාසයෙන්ම පිවිසිනි.
ඒ ගෑනු ළමයා කවුද? කැම්පස් එකේ කෙනෙක්ද? නෑ නෑ වෙන්න බෑ එහෙනම් මේ වෙනකොට කෙල්ලෙක් අතුරුදහන් කියලා හැමෝම දැනගෙන හොයන්න පටන් අරන්. ඒත්....ඒයා අන්තිමට මුහුණ දුන්නේ මොනවගේ ඉරණමකටද?එයාගේ අවසාන අවස්ථාව මොනවගේ වෙන්න ඇද්ද?
එයාගේ සිරුර මේ වෙලාවේ පාළු කැලයේ කොහොම තියෙනවා ඇද්ද...? මං දැක්කෙ ඇත්තක්ද? මෙවැනි ප්‍රශ්න ගණනාවකටම මා මනසින් පිළිතුරු සෙවීමට උත්සහ කළේය. ඒ හැම වාරයකම මට ඒ මුහුණත් මේ මොහොතේ ඇය අඳුරු වනාන්තරයේ තනිවී සිටින හැටිත් සිහි විය.
මම කල්පනා කරමින් සිටියේය.නමුත් එකවරම මම අවදි විය. හොදටම ඉර පායලා. රෑස්ස ෆයිනස් ගස් හුළගට ඇතිල්ලී චිරීස් චීරිස් හඬ නඟයි. සුළගද ෂූ.... යන ශබ්දයෙන් හමා යයි. මම බිමට වැටුනු ෆයිනස් අතු මත වැතිරී සිටී.
මම ඉන්නෙ කොහෙද මටම තේරුම්ගන්න බෑ. මම හෙමීට ඔළුව හැරවූවා.
ඒ ඇය.
ඒ ඇයයි.,ඇය නිසලව උඩුබැලි අතට හැරී අහස දිහා බලාගෙන ඉන්නවා. ඒ මූණ ගොඩක් හැගීම්බරයි. දරාගන්න බැරිතරම් වේදනාවක් ඒ ඇස්වල තිබුණත් සියල්ල දරාගෙන ඈ නිස්කලංකව අහස දිහා බලාගෙන ඉන්නවා වගේ. එකවරම ඇගේ හිස මා දෙසට හැරුනි.
මම නොසන්සුන්ව දැගළුවෙමි. එකවරම මගේ ඇස් විවර විය.
මං දැකලා තියෙන්නෙ හීනයක්.
වෙලාව පාන්දර එකයි. රූමන්ද කාමරයට පැමින තම ඇඳන්වල නින්දට වැටී සිටියාය.
නින්දෙන් නැගිට්ට මම හොස්ටල් කොරිඩෝව දිගේ බැල්කනියට ගියා. ඒ දුරින් වුන් හන්තාන කන්ද දිහා බලාගෙන කල්පනා කරන්නයි.
හඳ එලියට ඈතින් වුන් හන්තාන වෙනමම කැපී පෙනේ.
එයා මේ රෑ තනියම කොහොම නම් ඉන්නවා ඇද්ද...මට මහ වරදකාරී හැඟීමක් දැනෙනවා....
මට ආය දකින්න ඕන, මට මොකද්ද වෙලාතියෙන්නෙ කියල හරියටම දැනගන්නම ඕන මම තදින්ම හිතාගත්තෙමි. ආපසු කාමරයට ගොඩවැදුනු මා පොත් රාක්කය පිටිපස්සෙ තිබුනු බෙහෙත් බෝතලයෙන් නිදිපෙති හතරක් අතට ගත්තාය. ටිකක් කල්පනා කල මම එයින් දෙකක් නැවත බෝතලයටම දමා ඉතිරි දෙක බිව්වාය.
ටිකවේලාවකින් මට නින්ද ගියේය.
පසුදා උදෑසන වෙනදා වෙලාව පසුවී ඇහැරුනු මම කඩිමුඩියේම ලෑස්ති වී ෆැකල්ටියට දිව්වේ දේශනය ඇරඹීමට පෙර ඇතුලට රිංගා ගැනීමටය.

"අදත් උඹ වෙලා ගියානේ හැමදාම පරක්කුයි."

ඒ මගේ යෙහෙළියක් වූ මලිතිය. ඔයා රෑ වෙනකම් පාඩම් කරනවා නේද?

"නෑ.. මොන පාඩම්ද...?"

"එහෙනම් වෙලා යන්නේ?"

"අද මට ටිකක් නින්ද ගියා බං"

"හ්ම්ම්ම් හරි හරි....අර අසයිමෙන්ට් එකට තොරතුරු හොයන්න ලයිබ්‍රී එකට යනව නම් මටත් කියන්න,මටත් හොයාගන්න ඕන."

"හරි මං කියන්නම්කෝ..."

මට සැනසීමක් ඊයෙට වඩා අද දැනෙයි...ඒත් ඒකත් එක මොහොතකට විතරයි. මට ආයෙත් ආයෙත් ඊයේ දැකපු දේම මැවි මැවී පේන්න ගනී. දේශනය තුල වුවත් මා සිටියේ ඉතා අසීරුවෙනි.
දේශනය අවසන් වූ වහාම වැසිකිලියට ගිය මම මුහුණ සෝදා එහි තිබූ කන්නාඩියෙන් මූණ බලාගෙන දිගු වේලාවක් කල්පනා කලේය.
මම අද යනවා එයාව බලන්න වෙන දෙයක් වුනාවේ මං මොකුත් කලේ නෑනේ ඇයි මං බය වෙන්නේ...

විශ්වවිද්‍යාලයේ "එච්"ගහ ලඟට ආව මම බයිසිකලෙත් ස්ටාර්ට් කරන් යන්නට සැරසුනා පමණි.

"ඒ...උඹ කොහෙද යන්නේ?"

රයිසන් එකවරම පිටට තට්ටු කරමින් ඇසුවාය. ඔහු ලඟට එනතුරු මා දැක්කේ නැත.
ආ...ආආ...මම මේ ටවුමට යන්න කියලා මම කීවෙමි.

"ඔහොම කෝ හෙල්මට්?"

"මටත් කොළේ වහලා හොරගමනක් යන්න වගේ ඔහොම යන්කෝ සහෝදරයා...ඉතිං කවුද බලන්න යන කෙල්ල...?"

"කවුරුත් නෑ බං මට හෙල්මට් එක අමතක වුනා හොස්ටල් ගිහින් අරන්ම යනවා වෙලාවට උඹ මතක් කරේ..."

හා හා එහෙනම් පරිස්සමෙන් ගිහින් වරෙන්."

මිල්ක් බාර් එක හරහා උඩපේරාදෙණියට වැටෙන අතුරු පාරට බයිසිකලේ හරවා ගත් මම එහි ධාවනය කරන්නට විය. උඩපේරාදෙණිය කඩමන්ඩිය ලඟටම ගිය මම බයිසිකලේ මඳක් නැවැත්විය.
ඇයි මම මේ තනියම ඒ කැලේට යන්නෙ මට පිස්සුද?මම මට විතරක් ඇහෙන සේ කියාගත්තෙමි. නැවත සයිකලේ හරවා ගත් මම විශ්ව විද්‍යාලය දෙසට ධාවනය කරන ලදි. නමුත් මට ඇයගේ මුහුණ සිහිවේ. මට විසඳාගත යුතු ප්‍රශ්නයක් තිබේ. මං කොහොමද ඈව තනි කරන්නේ? දැඩි අධිෂ්ඨානයකින් නැවත බයිසිකලේ හරවාගත් මම උඩපේරාදෙණිය පාර හරහා හන්තාන පාරට ලඟා විය.

සිකුරුටි මුරපොළ අසල බයිසිකලේ නැවැත්වූ මම එහි උන් නිලධාරියාට විශ්වවිද්‍යාල හැදුනුම්පත පෙන්වීය.

"කොහෙද මේ යන්නේ?"

"ඊයේ දවල් උඩට යනකොට බයිසිකලේ පිටිපස්සෙ පැඩල් එකේ කෑල්ලක් වැටිලා."

මම කියාගන්න බොරුවක් ආවේ නැති තැන කටට ආපු දේ කියා දැම්මේය. ඇත්තටම එය අසුවන බොරුවකි.

"අහ්..පාරත් අවුල්නේ ගැස්සෙනවනේ.ගිහින් බලන්න වැටිලා ඇති."

වැඩිය ගාණකට ;නොගත් ඔහු කීවේය.
මා නැවතත් ධාවනය ඇරඹුවෙමි. කොළපාට පුවරුව අසලට ධාවනය කල මම බයිසිකලය පාරට නොපෙනෙන සේ කැලෑව ඇතුලට වන්නටම නවත්වා අඩි පාර දිගේ උඩට යන්න විය.
පෙර දින ජයසේකර හා මම ගමන් ගත් මාර්ගය මතකෙන් සොයාගැනීමට මට අමාරු නොවීය.

කන්ද බඩ ගෑ මම හති දමමින් කටු පඳුරට ලගා විය. හෙමින් හිමින් පියවර තබමින් ගැහී ගැහී ඉස්සරහට ගිය මම පුළුවන් තරම් හෙමින් එතන පදුරේ කොළ එහාට මෙහාට කලේය.
එතන නිසොල්මනේ කෙල්ලෙක් ඉන්නවා. ඇත්තටම කෙල්ලෙක් ඉන්නවා. ඒත් එක්කම "දඩස්"ගා ශබ්දයක් ඇසුනී හඳවත නැවතත් වේගයෙන් ගැහෙන්නට විය. හිතන්නවත් මොහොතක් නොවීය. මා වේගයෙන් හිත හැරුණු අතේ දිව්වේය. මා පහලට ටික දුරක් දිව්වේය. අනතුරුව වම් පැත්තට දිව්වේය. පසුව නැවතී පිටිපස්ස හැරී කවුරුන් හෝ ඇද්දයි බැලීය. ඇති හැලහොල්මනක් නැත. නැවත වටපිටාවම හොදින් බැලීය. රූස්ස ගස් හැර කිසිවක් දකින්නට නැත. නැවතත් දඩස් ගා ශබ්දයක් ඇසින. එවර මට ඒ ශබ්දය අවබෝධ විය. ඒ ෆයිනස් අතු එකිනෙකට ඇතිල්ලී පොලවට කඩා වැටෙන ශබ්දයකි.
නැවත මම ඈ සිටින තැනට හෙමින් හෙමින් කිට්ටු විය වට පිට හොදින් නැවත නැවත් බැලූ මම ඊළගට ඈ දෙස බැලීය. මෙවර මා ඈ දෙස වඩාත් හොදින් බැලීය.
ඇය වයස 23ත් 24ත් වයසේ පසුවන තරුණියක් විය යුතු යැයි ඇගේ සිරුරේ ස්කන්ධය හිතින් මැන බැලීමෙන් මා නිගමනය කලේය.
කටු පඳුර අස්සට හිමීට බඩ ගෑ මම ඇයව වඩාත් හොදින් නිරීක්ෂණය කරන්න විය. ඇය හැඳ සිටිනුයේ නිල් පැහැති ටී ශර්ට් එකක් හා අළුපාට දිග කලිසමකි. එක කකුළක සෙරප්පුවක් ඇතත් අනිකේ සෙරප්පුවක් නැත. ටී ශර්ට් එක ඉරී ඇත. එය පොඩි වී ඇත. කොණ්ඩය අවුල් වී ඇත. නියපොතු හා අත් වල පස් පිරී ඇත. ඇගේ හකු ඉතාමත් සවිමත්ව තදවී ඇත්තේ ඈ දත්මිටිකාගෙන සිටි නිසා විය යුතුය. අවසානයේදී මා වැඳගත් යමක් දැක්කේය. ඒ ඇගේ එක කනක කරාබුවක් ඇතත් අනෙකේ කරාබුවක් නැත. කරාබුව නැති කන ඉරී තුවාල වී තිබුනි. එයින් පසු මම උපකල්පනේ කලේ ඈ අනිවාර්‍යෙන්ම දූෂණයකට ලක් වෙලා ඇති බවයි. අනතුරුව මම ඈ අවට පරිසරය ප්‍රවේසමෙන් පරීක්ෂා කලේ ඈව මෙතනට ගෙනවිත් දැමූ පුද්ගලයාගේ කිසියම් හෝඩුවාවක් තිබේදැයි බැලීමටය. එහෙත් කිසිවක් නැත. අඩුම අඩි සලකුනක්වත් නැති එක පුදුමයට කරුණකි.
මා ඇයට සමීප විය. මම ඇයගේ ඇස් දෙස එක එල්ලේ විනාඩි කීපයක් බලා වුන්නේය.
ඔයා කාගේ කවුද කියලවත් මම දන්නෙ නෑ. ඒත් මම හිතනවා...ඔයා අන්තිම මොහොතේ මුහුණ දුන් දේ ගැන,ඔයාගේ ඉරණම ගොඩක් ඛේදජනක වෙන්න ඇති. ඒක ඔයාගේ ඇස් වල ලියවිලා තියෙනවා. ඔයා ගොඩක් ලස්සන කෙනෙක්. ජීවත් වෙලා ඉඳපු කාලේ ඔයාට ගොඩාක් අය ආදරය කරන්නත් ඇති. මං දන්නේ නෑ. මොනා කරන්නද? මොනා කියන්නද? කියලා. මට තේරෙන්නෙ නෑ...මම ඇයගේ කනට කෙදිරුවත් ඇය මා කියන දේ අසා සිටියා මිස වචනෙකුඳු හෝ මා සමඟ කථා කලේ නැත. ඈ දෙස බලා සිටින විට මා දැක්කේ ඇගේ බෙල්ල යට දම්පැහැ වී ඇති ආකාරයයි. එය තදබල පීඩනයක් එල්ල වීමෙන් ඇති වූවක්ද යන්න මට සැක සිතුනි. ඒ ඇය මිය ගිය හේතුව විය හැකිය. මම ඈ දෙස මොහොතක් බලා ඉඳ ඇගේ උරහිසින් අල්ලා ඈ හෙමීට එසවීය. ඈ තරමක් ගල් වී තිබුනි. අනතුරුව මම ඇගේ ඇදුම හෙමීට එසවිය. මම ඇයගේ ටී ශර්ට් එක සම්පූර්ණයෙන්ම ගලවා දැමුවාය. බෙල්ල ලග තදින් නිල් පැහැ වී තිබුනි. පපුව හා බඩේද ස්ථාන කීපයකම දම් පැහැ පැල්ලම් තිබුණි. ටී ෂර්ට් ඒකේ ලේ පැල්ලම් කිහිපයක්ද විය.
මම මඳ වේලාවක් ඈ දෙසත් ඇගේ පපු පෙදෙස දෙසත් බලා සිටියේය. අනතුරුව මම ඇගේ දිගු කලිසමද ගලවා ඉවත් කලෙමි. ඇයගේ එම කලිසමේදී ලේ පැල්ලම් සේ සැක කල හැකි පැල්ලම් විය.
මා ඈගේ සිරුර දෙස මඳ වෙලාවක් බලා සිටියේය....
අනතුරුව ඒ නිරුවත් සිරුර එහෙම්ම තබා මං ඊට මඳක් එහාට ගෑටූහ. මම වටපිට හොදින් බැලුවෙමි. මගේ දර්ශන පථයට හසුවන අවට පරිසරයේ හැම අස්සක් මුල්ලක් නෑරම හොදින් බැලුවෙමි.
මම එතන සිට ඈ දෙස බැලුවේය. ඇය නිරුවත්ව කටු පදුර තුල වැතිරී සිටී. ඇගේ මූණ පෙරට වඩා ශෝකානූකූල බව මට හැඟිනි.
ඒ මූණෙන් නික්මෙන හැගීම පරිසරයත් තේරුම් ගත්තා මෙන් තද නිහඬතාවක් ඇති විය.
මට ඈ දෙස බලා සිටින විට මා කෙරෙහිම ලැජ්ජාවක් උපන්නේය. මම මලසිරුරකට පවා ගරු කරන්න දන්නෙ නැති මිනිහෙක් කියා මට සිතුනි. මා ඇය අසලට ගියේය. නැවතත් ඇයට ඇගේ ඇදුම් ඇන්ද විය. අනතුරුව ඇයව නැවතත් ෆයිනස් අතු වැටුන කටු අකුලේ සැතපීය. ටික වේලාවක් යනතුරුම මම හා ඇය මුහුණට මුහුණ බලාගෙන උන්නේය. ඇය බලන්නේ අහසය. මම බලන්නේ ඇගේ මුහුණය. නමුත් මම ඉන්නේ ඇගේ මුහුණට ලම්භකවය. ඒ නිසා ඈ හා මා මූණට මූණ යාවී ඇත.

"මට සමාවෙන්න..."

මම ඇගේ කනට කෙඳුරුවෙමි. තවත් කුමක් කියන්නද මා නොදනිමි. ඒ නිසා මා නිහඬව ඈ දෙස බලාන උන්නේය.

"මං දැන් යන්න ඕන මම ආය හෙට එන්නම් ඔයාව බලන්න"

කියූ මා ඈගේ මලානික දෙතොල මත හාදුවක් තැබීය.
ඈට සමුදුන් මා කඳු බෑවුමේ පහලට වේගයෙන් දුව ආවේය. මට කිසි බියක් නොදැනුනි. මට දැනුනේ සතුටකි. විශාල සතුටකි. මට දැනුනේ මගේ තනියට මා කියන දේ නිහඬව අසා සිටින තවත් කෙනෙකු මා අසලම ඉන්නා බවයි.
මෝටර් සයිකලය අසලට පැමිණි මම එහි නැගී පහලට ධාවනය කරන ලදි. හොස්ටල් කාමරයට මා එන විටත් රූමන් දෙදෙනෙකුම එහිය. ඒ අතරින් මාගේ හොඳම මිතුරා වන රයිසන් ද විය.

"ගිය වැඩේ හරිද?"

රයිසන් විමසීය.
මම "ඔව්" කීවේය.
ඒක නෙමේ රයිසන් කියමින් මම රයිසන් සමඟ කාමරයේ සඳළුතලයට ගියේ ඔහු සමඟ කථාබහකට වැටීමේ අරමුණෙනි.

"මට උඹ ලඟ තියේ නම් 2000ක් දියංකෝ මම ලබන සතියෙ දෙන්නම්."

මම ඔහුත් සමඟ කථාවේ යෙදෙන ගමන් ඉල්ලීය.

"අහ්හ්හ් ඒක මොකද්ද මං දෙන්නම්" ඔහු කීහ.

"නෑ බං අත්තම්මා අසනීපෙන් ගෙදරට යවන්න ඒකයි මම කීවේ"

එයට හේතූ ඉදිරිපත් කරමින්ය.

"ඒක නෙමේ උඹේ බෙහෙත් ඉවරවෙලානේ...කවද්ද ඉවර වුනේ?"

රයිසන් ඇසීය.

"දැන් දවස් හතරක් විතර වෙනවා." මා කීවේය.

"ලැස්තිවෙයන් හෙට අනිද්දම බෙහෙත් ගන්න යන්න"

රයිසන් මට මඳ වේලාවකට පසුව මුදල් ලබා දුනී.
පසුදා එළඹිනි...
මේ මට ඈ හමුවී ගෙවී යන තෙවන දිනයයි.
මම එදා දේශනවලට ගියේ නැත. මට යමක් මිලට ගැනීමට අවශ්‍යය. මම හොයන දේ පේරාදෙණියේ නැත. මම නුවර ටවුමටම යා යුතුයි. මම කාමරයේ මගේ හෙල්මට්ටුව හෙව්වද එය කාමරයේ නොවීය.
මං හිතන්නේ රෑමෙක් අරන් යන්න ඇති. එසේ හිත හදාගත් මම රයිසන්ගේ පැරණි හෙල්මට්ටුවක් රැගෙන මගේ ගමන පිටත් විය.

නුවර ටවුමට පැමිණි මම මඳක් එහි සැරිසැරීය. අනතුරුව මට අවශ්‍ය කාරණයට බැස්සේය. මම වෙළඳ සැලකින් මගේ අතේ ඇති මුදලට නිය ආලේපන හා තොල් ආලේපන මිලට ගත්තාය. තවද පව්ඩර් හා සුවඳ විලවුන්ද මිලට ගත්තාය. අනතුරුව මම මනසින් ඇගේ උස මහතට සරිලන ඇඳුමක් තේරුවෙමි.අවසානයේ මම ඇඳුමක්ද තෝරාගත්තෙමී. මා ඈ වෙනුවෙන්ම මිලට ගත්තේ ගවුමකි. එය රතු පැහැතිය දම් පැහැ,සුදු පැහැ මල් වැලක් ගවුම පුරාය.
මා අත ඇති රුපියල් 2000 අවසන්වන තුරුම මම වියදම් කලෙමි.
පසුව නුවර නගරයෙන් නික්මුනු මම වේගයෙන් පැමිණියේ ඈ වෙතය. මගේ ගමන අතරතුර මුරකරුට කීමට බොරුවක්ද සිතුවෙමි. නමුත් එයින් ඵලක් නොවීය. ඒ ඔහු මුරකුටියේ නොසිටි නිසාවෙනි. ඇතැම්විට ඔහු තේ හෝ සිකරැට්ටුවක් පානයට යන්න ඇති,මම කල්පනා කළේය.
හන්තාන පාර දිගේ උඩටම ධාවනය කල මම කොළපාට පුවරුව අසලින් යතුරුපැදිය කැළය ඇතුලට වන්න නවත්වා එය පාරට පෙනේදැයි නිරීක්ෂණය කලේය. අවසානයේදී මම මිළදීගත් දෑ රැගත් මල්ලද රැගෙන කැලෑව මැදින් ඈ සිටින ඉසව්වට ගෑටූහ.
ඇය තාමත් එසේමය. මා එනකම් බලා ඉන්නට ඇති. අද ඇය තරමක් සුදුමැලි වී ඇත. කටු පදුර අස්සට රිංගූ මම,

"මං එනකම් බලන් ඉදියද? ම්ම්ම්....
මම අද ඔයාට ගෙනාපු දේවල් බලන්න."

;කියමින් මම මිලදීගත් බඩු ඈ අසලින් දිග හැරියාය.
"ඔයාට ඊයේ රෑ ලොකු තනිකමක් දැනෙන්න ඇති නේද?
මං දන්නවා ඔයා මාත් එක්ක වචනයක්වත් කථා නොකළත් අහස දිහා බලාගෙන මම කියන දේ අහන් ඉන්නවා කියලා.
ඔයාට ඇහෙනවා නේද
දැනෙනවද මාව.?"

කියමින් ඇගේ ගල්වූ අත මගේ හඳවත ලගින් තබාගත්තේය. ඔයාගේ ඇඟේ හොඳටම ජරාව ගෑවිලා. අළුත් ඇදුම් අදින්න කලින් ටිකක් පිරිසිදු වෙන්න වෙනවා. මම ඇයටත් මටත් ඇහෙන සේ සියුම් හඬින් කෙඳුරුවෙමි.
මම මඳක් කල්පනා කලේය. ඒ ඈව පිරිසිදු කරන්නේ කෙසේද කියාය. මම හිතන විඳියට මට එයාව පහළ දොල ගාවට ගිනියන්නම වෙනවා. මේ හරියේ කොහෙවත්ම වතුර නැහැ. එසේ සිතූ මා ඈව ඔසවා මගේ කරට ගත්තාය. ඇය ගල්වී සිටියේය. ඈ ලඟ උණුසුම වෙනුවට ඇත්තේ හඳවත සලිත කරන තරම් සීතලකි. ඈවත් ඔසවාගෙන මා ගෙනා බඩුත් එල්ලාගෙන අපහසුවෙන් ඉතා හිමින් ඒ වගේම ගොඩක් පරිස්සමෙන් මම දොල ලඟට යන්නට විය. එයට බොහෝ වෙලා ගත වුනි. කෙසේ වුවද අපි දෙන්නා පරිස්සමෙන් දොල ආසන්නයට පැමිණියේය. දොල ආසන්නයේ වූ ගලක ඇය හාන්සි කරවා මම මඳක් මහන්සි අරින්න විය.

"ඔයා හරිම බරයිනේ"

කියමින් මම ඈ සමඟ සිනාසුනි....අනතුරුව මම ඈ වෙත ලං විය. ඇගේ ඇස් දෙස මං නොනවැතී තවත් වරක් බලා සිටියේය. මං මගේ අත ඇගේ සිරුර දිගේ පහළට හෙමීට යවා ඇගේ ටී ෂර්ටය ගලවා දැමීය. අනතුරුව මම ඇගේ දිගු කලිසමද ගලවා පැත්තකින් තිබීය.ඈ සම්පූර්ණයෙන්ම නිරුවත්ව වැතිර සිටී. මම ඇගේ ටී ෂර්ට් එක රැගෙන දොලපාරට බැස එය දොලපාරේ පෙඟවූවාය. අනතුරුව ඒ ටීෂර්ට් එකෙන් ඇයගේ මුළු සිරුරම තෙත මාත්තු කරමින් පිස දැම්මාය. අද ඈගේ දම් පැහැ පැල්ලම් වඩාත් තදින් පෙනේ. මම ඒ දම් පැල්ලම් අසල තෙත මාත්තු කරන විට ඇගේ මුහුණ දෙස බලාසිටියාය. ඒ බැල්ම ඉතාමත් අහිංසකය. වතුරෙන් කොන්ඩය තෙමූ විට ඇගේ කොණ්ඩය මුහුණට වැටින. ඈ ඉතාමත් ලස්සනය. හැගුම්බරය. ජලයෙන් ඈව පිරිසිදු කල මම අනතුරුව ඈට මා ගෙනා ගවුම ඇන්ද විය. තොල් සායම් වලින් ඈගේ තොල් පාට කලේය. නිය ආලේපන වලින් ඇගේ නිය ගැල්වීය. තව එක අඩුවක් තියෙනවා.
මම මගේ පොකට් පනාව ගෙන ඇගේ මුහුණට වැටී තිබූ කෙස් රොද එක්තරා රටාවකට පීරුවාය.
ඇය දැන් හිටපු ඇය නෙමේ. ඔව්, ඇය දැන් මගේ කුමරියයි.
මා ඇයව ගලක් උඩ ඉන්ඳවා මාද ඇයට ගෑවෙන තරම් ලංව වාඩිවිය.


- මතුසම්බන්ධයි -
***********************************
පුංචි ඉල්ලීමක්:-
කථාව කියවූ ඔබ ඔබේ අදහස් ඇත්නම් එය දක්වා අනිත් අයටත් කියවන්න ශෙයා කරන් යන්න❤️😊

Address

Peradeniya

Website

Alerts

Be the first to know and let us send you an email when දූවිලි අංශූ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share