Municipal Council Nuwaraeliya

Municipal Council Nuwaraeliya Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Municipal Council Nuwaraeliya, Government Organization, Old udapussellawa Road, Nuwaraeliya Colony.

📍 නුවරඑළිය නගරය යළි හැඩවේ! මාර්ග නවීකරණ කටයුතු දැන් වේගයෙන් ඉදිරියට... 🚜🏗️පසුගිය මාර්තු 25 වනදා නිල වශයෙන් ආරම්භ කළ නුවර...
27/04/2026

📍 නුවරඑළිය නගරය යළි හැඩවේ! මාර්ග නවීකරණ කටයුතු දැන් වේගයෙන් ඉදිරියට... 🚜🏗️
පසුගිය මාර්තු 25 වනදා නිල වශයෙන් ආරම්භ කළ නුවරඑළිය නගර මාර්ග (B-331) නවීකරණය කිරීමේ කටයුතු මේ වන විට ඉතා සාර්ථකව සහ වේගවත්ව සිදු වෙමින් පවතිනවා. 'දිට්වා' සුළි කුණාටුවෙන් හානි වූ මාර්ග කඩිනමින් පිළිසකර කර ජනතා අයිතියට පත් කිරීම මෙහි ප්‍රධාන අරමුණයි.
මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මැතිතුමාගේ මගපෙන්වීම යටතේ, මාර්ග සංවර්ධන අධිකාරිය (RDA) සහ KSJ Construction ආයතනය එක්ව මෙම සංවර්ධන කටයුතු සිදු කරනු ලබනවා.
🏗️ වත්මන් ප්‍රගතිය:
• රුපියල් මිලියන 205 ක දැවැන්ත පිරිවැයකින් ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය ලබන සැප්තැම්බර් මාසය වන විට අවසන් කිරීමටයි සැලසුම් කර තිබෙන්නේ.
• සංචාරක කලාපයේ ප්‍රධාන මාර්ග පද්ධතිය නවීකරණය වීම හරහා නුවරඑළියට පැමිණෙන ඔබට මෙන්ම ප්‍රදේශවාසීන්ටත් ඉතා ඉක්මනින් සුමට ගමනාගමනයක අත්දැකීම විඳගත හැකි වනු ඇත.

🌸 වසරක් පාසා පවත්වනු ලබන නුවරඑළිය උත්කර්ෂවත් වසන්ත මල් ප්‍රදර්ශනය - 2026 🌸නුවරඑළිය මහා නගර සභාව, ශ්‍රී ලංකා රූපවාහිනී සං...
18/04/2026

🌸 වසරක් පාසා පවත්වනු ලබන නුවරඑළිය උත්කර්ෂවත් වසන්ත මල් ප්‍රදර්ශනය - 2026 🌸
නුවරඑළිය මහා නගර සභාව, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව සහ හැටන් නැෂනල් බැංකුව ඒකාබද්ධව වසරක් පාසා පවත්වනු ලබන නුවරඑළිය වසන්ත මල් ප්‍රදර්ශනය, මෙවරත් අති උත්කර්ෂවත් අන්දමින් වික්ටෝරියා උද්‍යාන පරිශ්‍රයේදී පවත්වන ලදී. 🏆✨
පසුගිය අප්‍රේල් 17 වන දින ආරම්භ වූ මෙම දෙදින ප්‍රදර්ශනය පුරා මල් වගාකරුවන්ගේ සහ නිර්මාණකරුවන්ගේ අසමසම දක්ෂතා විදහා දැක්වුණු අතර, එහි අවසන් අදියර ලෙස ජයග්‍රාහකයින් ඇගයීමේ මහා සම්මාන උළෙල අද දින ඉතා ගාම්භීර අයුරින් පැවැත්විණි. 🥇🥈🥉
ගෞරවනීය අමුත්තන්ගේ සහභාගිත්වය:
මෙම සුවිශේෂී අවස්ථාව ගරු නගරාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ නුවරඑළිය මහා නගර සභාවේ ගරු නාගරික මන්ත්‍රීතුමන්ලා, ගරු නාගරික කොමසාරිස්තුමා, ප්‍රාදේශීය ලේකම්තුමා, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සහ පොලීසියේ උසස් නිලධාරීන් මෙන්ම ගෞරවනීය රාජ්‍ය නිලධාරීන් රැසකගේ සහභාගිත්වයෙන් වර්ණවත් විය. ඔවුන්ගේ සුරතින් ජයග්‍රාහකයින් වෙත කුසලාන, සහතික පත් සහ වටිනා ත්‍යාග පිරිනැමීම මෙහිදී සිදු කෙරුණි. 🤝📜
නුවරඑළියේ මල් වගා ක්ෂේත්‍රයේ අභිමානය ලොවටම විදහා පෑ මෙම තරගාවලියේ ජයග්‍රාහකයින් සියලු දෙනාටම අපගේ උණුසුම් සුබපැතුම්! 🌼🎊
🌸🍃🏆

08/04/2026

🚧 නුවරඑළිය ලේඩි මැක්ලම් මාර්ගයේ පාලම යළි ගොඩනැගීමේ කටයුතු ඇරඹෙයි! 🏗️
දැඩි වර්ෂාවත් සමඟ ඇති වූ නායයෑම් සහ දිට්වා හානිය හේතුවෙන් සම්පූර්ණයෙන්ම විනාශයට පත් වූ නුවරඑළිය, ලේඩි මැක්ලම් මාර්ගයේ (Lady McCallum Drive) පාලම යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර තිබේ

• පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණය හේතුවෙන් මෙම පාලම දැඩි ලෙස අබලන් විය.
• නුවරඑළිය නගරයේ ගමනාගමනයට අත්‍යවශ්‍ය වන මෙම මාර්ගය මාස කිහිපයක් තිස්සේ වසා දමා තිබුණි.
• ප්‍රදේශවාසීන්ගේ සහ සංචාරකයින්ගේ පහසුව උදෙසා කඩිනමින් පාලම නිම කිරීමට බලධාරීන් පියවර ගෙන ඇත.
"ලේඩි මැක්ලම් මාර්ගයේ පාලම යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු කඩිනමින් ආරම්භ කිරීම පිළිබඳව මාර්ග සංවර්ධන අධිකාරියට (RDA) අපගේ විශේෂ ස්තුතිය!" 🛠️🇱🇰

📍 නුවරඑළියට අලුත් පණක්! දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ මාර්ග කඩිනමින් පිළිසකර කෙරේ! 🚜🛣️පසුගියදා ඇති වූ 'දිට්වා' සුළි කුණ...
25/03/2026

📍 නුවරඑළියට අලුත් පණක්! දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ මාර්ග කඩිනමින් පිළිසකර කෙරේ! 🚜🛣️
පසුගියදා ඇති වූ 'දිට්වා' සුළි කුණාටුව හේතුවෙන් දැඩි ලෙස හානියට පත් වූ නුවරඑළිය නගර මාර්ග (B-331) නවීකරණය කිරීමේ වැඩකටයුතු අද (2026.03.25) නිල වශයෙන් ආරම්භ කෙරුණා.
මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය ගරු බිමල් රත්නායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්, නුවරඑළිය හාවාඑළිය ප්‍රදේශයේදී මෙම සමාරම්භක උත්සවය පැවැත්වුණා. මෙම අවස්ථාවට අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මදුර සෙනවිරත්න මැතිතුමා, ගරු නගරාධිපතිතුමා, නාගරික මන්ත්‍රීවරුන් සහ මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් එක්ව සිටියා.
📌 ව්‍යාපෘතියේ වැදගත් තොරතුරු:
💰 ඇස්තමේන්තුගත පිරිවැය: රුපියල් මිලියන 205 කට අධිකයි (රු. 205,630,098.81)
🗓️ වැඩ අවසන් කරන දිනය: 2026 සැප්තැම්බර් 25 (මාස 06 කින් වැඩ අවසන් කිරීමට නියමිතයි)
🏗️ ක්‍රියාත්මක ආයතනය: මාර්ග සංවර්ධන අධිකාරිය (RDA)
🏗️ කොන්ත්‍රාත්කරු: KSJ Construction (Pvt) Ltd.
නුවරඑළිය නගරයේ ගමනාගමනය පහසු කරමින්, සංචාරක කර්මාන්තයටත් ශක්තියක් වෙමින් මෙම වැඩකටයුතු නියමිත කාලයට නිම කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. ✅

🫴 අවදානම නිමයි - ගමන සුරක්ෂිතයි: නුවරඑළිය මහ රෝහල් පිවිසුම් පාලම ජනතා අයිතියට! 🏥🌉දීර්ඝ කාලයක් තිස්සේ නුවරඑළිය මහ රෝහල වෙ...
22/02/2026

🫴 අවදානම නිමයි - ගමන සුරක්ෂිතයි: නුවරඑළිය මහ රෝහල් පිවිසුම් පාලම ජනතා අයිතියට! 🏥🌉
දීර්ඝ කාලයක් තිස්සේ නුවරඑළිය මහ රෝහල වෙත පැමිණි රෝගීන් ඇතුළු මහජනතාව මුහුණ දුන් බාධාවන් ඉවත් කරමින්, අතිශය පටු මෙන්ම අනාරක්ෂිතව පැවති පාලම පුළුල් කිරීමේ (Widening) කටයුතු සාර්ථකව නිම කර ඇත.
රෝගී ජීවිත අවදානමේ දමමින් පැවති එම පටු මාවත වෙනුවට, දැන් කිසිදු බාධාවකින් තොරව ගිලන් රථ සහ වාහන හැසිරවිය හැකි පරිදි ඉඩකඩ වෙන් කර ඇත. මෙය හුදෙක් ඉදිකිරීමක් නොව, දහස් ගණනකගේ සුවසෙත උදෙසා නිහඬව ඉටුකළ සුවිශේෂී මෙහෙවරක නිමාවයි!
සුවිශේෂී වෙනස්කම්:
• අවදානම් සහගත පටු මාවත පුළුල් විය. ✅
• රෝගී ප්‍රවාහනයේ තිබූ බාධා ඉවත් විය. ✅
• පූර්ණ සුරක්ෂිතභාවය තහවුරු විය. ✅
ප්‍රමාදයකින් තොරව සහ පූර්ණ ආරක්ෂිතව රෝහල වෙත ළඟා වීමට දැන් ඔබට අවස්ථාව සලසා දී තිබේ. ජනතා සේවය සැමවිටම ප්‍රමුඛතාවයයි!

🌸 නුවරඑළිය වසන්ත සැනකෙලිය 2026: මූලික සැලසුම් සකස් කෙරේ! 🌸සීතල කඳුකරයේ වසන්ත උදාවත් සමඟ පැවැත්වෙන "නුවරඑළිය වසන්ත සැනකෙල...
29/01/2026

🌸 නුවරඑළිය වසන්ත සැනකෙලිය 2026: මූලික සැලසුම් සකස් කෙරේ! 🌸
සීතල කඳුකරයේ වසන්ත උදාවත් සමඟ පැවැත්වෙන "නුවරඑළිය වසන්ත සැනකෙලිය - 2026" වඩාත් උත්කර්ෂවත් අයුරින් පැවැත්වීම සඳහා වන මූලික සංවිධාන කටයුතු මේ වන විට ආරම්භ වී ඇත.
මෙම වසරේත් වසන්ත සැනකෙලියේ නිල මාධ්‍ය අනුග්‍රහය "ජාතික රූපවාහිනිය" (Sri Lanka Rupavahini Corporation) විසින් ලබා දීමට නියමිතය.
🤝 විශේෂ සාකච්ඡාව
නුවරඑළිය මහනගරසභාවේ දී 28.01.2026 දින පැවැත් විය ....

👐 නිරෝගී සහ පිරිසිදු නුවරඑළියක් වෙනුවෙන් - වික්ටෝරියා උද්‍යානය යළිත් අවදි වෙයි! 🌸💪පසුගියදා ඇති වූ අයහපත් කාලගුණික තත්ත්ව...
10/01/2026

👐 නිරෝගී සහ පිරිසිදු නුවරඑළියක් වෙනුවෙන් - වික්ටෝරියා උද්‍යානය යළිත් අවදි වෙයි! 🌸💪
පසුගියදා ඇති වූ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් හානියට පත් අපේ නගරයේ හදවත බඳු වූ "වික්ටෝරියා පාක්" උද්‍යානය යළිත් සුන්දර කිරීමට අප අත්වැල් බැඳගත්තෙමු.
නුවරඑළිය මහා නගර සභාවේ ගරු නගරාධිපතිතුමන්ගේ මූලිකත්වයෙන්, නාගරික මන්ත්‍රීවරුන්, නගර සභා නිලධාරීන් සහ සේවක මණ්ඩලය එක්ව (2026.01.09) දින උදෑසන දැවැන්ත ශ්‍රමදාන ව්‍යාපාරයක් ක්‍රියාත්මක කරන ලදී.
නගරයේ සුන්දරත්වය සුරැකීම වෙනුවෙන් කැපවූ සැමට අපගේ ප්‍රණාමය! 🤝✨

🤝 හැමෝගේම සහයෝගයෙන් පිරිසිදු වෙන ලේඩිමැකලම් මාර්ගය ස්තුතියි !!! සැමෝටම 🙏💪🫡🥰
07/12/2025

🤝 හැමෝගේම සහයෝගයෙන් පිරිසිදු වෙන ලේඩිමැකලම් මාර්ගය ස්තුතියි !!! සැමෝටම 🙏💪🫡🥰

07/12/2025

🤝 ආපදාව හේතුවෙන් විනාශ වී ඇති වික්ටෝරියා ළමා උද්‍යානය පිරිසිදු කිරීමේ කටයුතු සිදු කිරීම සහයෝගයෙන් කටයුතු කරන හැමෝට ස්තුතියි !!! 🫡🥰💪🙏

03/12/2025

👉 ආපදාවට පත් නුවරඑළිය මහරෝහල මාර්ගය පිළිසකර කිරිමේ කටයුතු සිදු කිරීම 🙏

Address

Old Udapussellawa Road
Nuwaraeliya Colony
22000

Website

Alerts

Be the first to know and let us send you an email when Municipal Council Nuwaraeliya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share