People's Council - Nuwara Eliya

People's Council - Nuwara Eliya Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from People's Council - Nuwara Eliya, Political organisation, Nuwara Eliya, Nuwara Eliya.

අද දින ගාමිණි විද්‍යාලය ඉදිරිපිට ඉඩම එහි රථගාල සඳහා ලබාදීමේ ලිපිය ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ විසින් විදුහල්පතිවර...
15/09/2024

අද දින ගාමිණි විද්‍යාලය ඉදිරිපිට ඉඩම එහි රථගාල සඳහා ලබාදීමේ ලිපිය ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ විසින් විදුහල්පතිවරයා වෙත බාරදීම සිදුකරනු ලැබීය. එක අතකින් එය ඉතා සරල හා දේශපාලනික කාරණයක් සේ හුවා දැක්වූවද, ඉතා දීර්ඝ කාලයක් තිස්සේ සිදුකරනු ලැබු අරගලයක ජයග්‍රහණයක් බව මතක් කළ යුතු වන්නේ, එසේ නොමැතිවුවහොත් ඒ ජයග්‍රහණය සඳහා ඉතිහාසය පුරාම මැදිහත් වූ බොහෝ දෙනාගේ මතකය කාලයේ වැලි කලාවෙන් වැසි යාමට ඇති හැකියාව වැඩි නිසාය.

මෙම අරගලය 2005-2007 කාල වකවානුව දක්වාම ඈතට දිය යන්නකි. එවකට පාසලේ සිටි විදුහල්පතිවරයා විසින් එම ඉඩම පාසලට අයත් නොවන බවත්, ඒ සඳහා බලපත්‍රයක් ලබාදීම සම්බන්ධයෙන් තමාගේ කිසිදු විරුද්ධත්වයක් නැති බවටත් සඳහන් කරමින් අදටත් මෙම ඉඩමේ අනවසරයෙන් රැදි සිටින මූකන් සෙල්ලයියා වෙත ලිපියක් ලබාදීම මෙම ගැටළුව මෙතරම් ව්‍යාකූල කිරීමට බලපෑ ප්‍රබලතම සාධකයක් විය. එහෙත් එම බිම් කොටස 1975- 1985 වකවානුවේ විද්‍යාලයීය ආචාර්ය මණ්ඩලයේ සේවය කළ විමලසේන ගුරුමහතා විසින් වගා කළ බව එවකට පාසලේ ඉගෙනුම ලැබු ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අමතක නැත. එම ලිපිය ලබාදීම සම්බන්ධයෙන් විද්‍යාලයීය ආදිශිෂ්‍යයින් පවා සිටි විද්‍යාලයීය ගුරු මණ්ඩලයෙන් කිසිදු විරෝධයක් පල කල බවට සාධක නොමැති අතර එම ලිපිය උපයෝගි කරගනිමින් අදාල ඉඩම කොටස සඳහා වාර්ෂික බලපත්‍රයක් ලබාගැනීමටත්, එහි තාවකාලික නිවසක් ඉදිකර එයට අවශ්‍ය විදුලිය හා ජලපහසුකම ලබාගැනීමට මූකන් සෙල්ලයියා සමත් විය.

ඒ වන විට ගාමිණි විදයාලයේ ව්‍යවස්ථාපිත ආදි ශිෂ්‍ය සංගමයක් නොවු අතර, විවිධ අවස්ථාවන් වලදි ආදිශිෂ්‍ය සංගම් නිලධාරින් ලෙස පෙනි සිටි කිහිප දෙනෙක් පමණක් විදුහල්පතිවරයා සමීපයේ සිටියහ. එම වකවානුවේ පැවති අවධිමත් විදුහල් පාලනය සඳහා එරෙහි වු එකම කණ්ඩායම වූයේ විකුම් රංජිත්, නාමල් ප්‍රනාන්දු, පත්මසිරි ප්‍රනාන්දු, අමිත් වීරසිංහ, නිල්මිණ රණසිංහ ආදින්ගෙන් සමන්විතව විදුහලෙන් පරිබාහිරව ගොඩනගා තිබු ගාමිණි පාසල සුරකීමේ සංවිධානයයි. මූකන් සෙල්ලයියා විසින් අනවසරයෙන් අත්පත් කරගෙන තිබු ඉඩම් කොටසට එරෙහිව පළමුව සටන්කල පිරිස ඔවුනුයි. එම කණ්ඩායම විසින් අදලා ඉඩම් කොටස පාසල සතු බවත්, ඒ සඳහා මුකන් සෙල්ලයියා වෙත ලබාදී ඇති වාර්ෂික බලපත්‍රය අහෝසි කරන ලෙසත් ප්‍රාදේශීය ලේකම් වරයා වෙත ඉල්ලීම් කල අතර එහි සාර්ථක ප්‍රතිපලද අත්පත් කරගෙන තිබුණි. එහෙත් මූකන් සෙල්ලයියා ඉන් ඉවත් නොවීය.

විද්‍යාලයීය අවිචාරවත් පාලනයට එරෙහිව ආදිසිසුන්, දෙමාපියන් විසින් සිදුකළ විරෝධතා දැක්වීම් හමුවේ, 2007 වසරේදි එස්. ඩබ්ලිව්. ආරියවර්ධන මහතා විදුහල්පතිවරයා ලෙස ගාමිණි විද්‍යාලයට පැමිණිම, එම ඉඩම් කොටස අත්පත් කර ගැනීමේ අරගලයට මහත් පිටිවහලක් වූ අතර, ඔහු සෟජුවම ඒ සඳහා මැදිහත් විය. ගාමිණි පාසල සුරකීමේ සංවිධානය වටා ඒක රාශිවී සිටි ආදිශිෂ්‍යයන් මෙන්ම අනෙකුත් ආදි ශිෂ්‍යයන් එක්රැස් කොට ආදිගාමිණි ශිෂ්‍ය සංගමය නිර්මාණය කිරීමත්, මෙකි ඉඩම විදුහලට අත්පත් කර ගැනීමට උත්සහ දැරීමත් හේතුවෙන් ආරියවර්ධන විදුහල්පතිවරයාට මෙන්ම ආදි ශිෂ්‍යයන්ටද බොහෝ වාර ගණනාවක් නුවරඑළිය පොලිස් ස්ථානයේ රස්තියාදු වීමට සිදුවිය. එවකට පාසලේ සිටි දෙමාපියන්ද ඒ සඳහා දායක වූ අතර, ඉඩමෙන් ඉවත් වන ලෙසට මූකන් සෙල්ලයියාට දැඩි බලපෑම් කළ ටෙනිසන් කලුවැල්ගොඩට පොලිස් කුඩුවේ පවා ලැගීමට සිදුවු බව සඳහන් කරන්නේ අද දින ලැබු මෙම ජයග්‍රහණයේ කොටසක් ඔවුන්ට පුද කල යුතුව ඇති බැවිනි.

එහෙත් ආරියවර්ධන විදුහල්පතිවරයාට විදුහලෙන් යාටම සිදුවන්නේ තම මෝටර් රථය පවා ගිනිබත් කර ගනිමිනි. ඉන්පසුව පැමිණි බොහෝ විදුහල්පතිවරු මෙම ගැටළුව විසඳාගැනීම සඳහා ප්‍රමාණවත් උත්සහයක් නොදැරු බව සිහිපත් කළ යුතුව ඇත. ඒ වන විට අදාල ඉඩම් කොටස සඳහා වෙනත් බාහිර පාර්ශවයන් ඇතුල් වී අයිතිවාසිකම් කීම ආරම්භ කර තිබු අතර, එහි ව්‍යාපාරික ස්ථානද ආරම්භ කොට තිබුණි. එම වකවානුවේදි එකි ඉඩම කොටස නිරවුල් කර ගැනීම සඳහා එවකට නුවරඑළිය මහ නගර සභාවේ නගරාධිපතිවරයා වූ, ගාමිණි විද්‍යාලයේ ආදිශිෂ්‍ය, ආදි ශිෂ්‍ය සංගමයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති මහින්ද දොඩම්පේගමගේ විශාල මැදිහත්වීමක් සිදුකරන ලද බව සඳහන් කළ යුතුව ඇත. ඒ අනුව මූකන් සෙල්ලයියා පමණක් ඉතිරිකර අනිකුත් සියළු දෙනා එම ඉඩමෙන් ඉවත් කර, අදාල ඉඩම මහ නගර සභාව විසින් රථගාලක් ලෙස සංවර්ධන කර ගාමිණි විද්‍යාලයට ලබාදීමට අවශ්‍ය කටයුතු සිදුකරනු ලැබුවත්, මහ නගර සභාවේ ඔහුගේ පාලන කාලය අවසන් වීමෙන් එම කටයුත්ත ඉටු කර ගැනීමට නොහැකි විය. මූකන් සෙල්ලයියා හා මහ නගර සභාව අතර ඇති කරගත් ගිවිසුමත්, අදාල ඉඩම ගාමිණි විද්‍යාලයට පැවරෙන්නේ කුමන පදනමකින්ද යන්න පිළිබඳවත්, ව්‍යාකූලතා ගණනාවක් අද වන තෙක්ම විසදී නැති මුත් එදා මහින්ද දොඩම්පේගමගේ ගේ මැදිහත්වීම අද ගාමිණි විද්‍යාලය ලැබු ජයග්‍රහණයට රුකුලත් වූ බව සඳහන් කළ යුතුව ඇත.

ඉන් පසුවත් බොහෝ දෙනා මෙම ඉඩම් කොටස පාසලට දිනා දීමට උත්සහ කළ අතර, ඔවුන් අතර ගාමිණි විද්‍යාලයීය ආදිශිෂ්‍ය උචිත සමරවික්‍රමගේ නම සඳහන් කළ යුතුවම ඇත. ඒ වන විට මූකන් සෙල්ලයියාට අමතරව, අම්සාර්දීන් මසාහිරා
(ආදිශිෂ්‍ය සංගමයේ හිටපු නිලධාරියෙකුගේ බිරිඳකි) එච්. එල්. සිරිල් පෙරේරා (අදෘෂ්‍යමාන පුද්ගලයෙකි. ඒ පිටුපස මාධ්‍යට සම්බන්ධ අයෙක් වන බවට රාවයක් පවති) ටී. එස්. ඒකනායක (මේ වන විට නාමයෝජනා කැඳවා ඇති පළාත් පාලන මැතිවරණයේ අපේක්ෂකයෙකි) යන හතර දෙනා, එකි ඉඩම කොටස් කර මාර්ග සංවර්ධන අධිකාරියෙන් බදු පදනම මත ලබාගෙන තිබුණි. ඒ වන විට බදු ගත්තවුන් පිළිබඳව සියළුම තොරතුරු උචිත ඇතුලු ආදි ශිෂ්‍යයන් විසින් එක් රැස් කර තිබු අතර, අභිනවයෙන් පත්වූ ආදිශිෂ්‍ය සංගම් නිල මඩුල්ලේ බොහෝ දෙනාද ඒකරාශි වෙමින් ඉඩම විදුහලට දිනාදීමේ සටනට පණ පෙවනු ලැබීය. ඒ අනුව නිල, උද්ඝෝෂණ හා නීතිමය අංශ ඔස්සේ විවිධ ක්‍රියාමාර්ග දියත් කරනු ලැබු අතර, ඒ සම්බන්ධයෙන් මිතුරන් ලෙස සිටියවුන් මෙන්ම සතුරන්ද එයට දේශපාලන මුහුණුවරක් ඇති බව පෙන්වීමට උත්සහ දැරුවද ඒ සියල්ල ව්‍යාර්ත විය.

ඒ අනුව විවිධ ක්‍රියාමාර්ග ගැනීම විශේෂත්වයකි. එසේම නිල තත්ත්වයෙන් ඒ සඳහා මැදිහත් වූ, ශිරාණි, මහින්ද සිරිවර්ධන මෙන්ම තවත් බොහෝ දෙනාගේ දායකත්වය මත අද දින එකි භුමිය විදුහලට පැවරී තිබේ. සැබවින්ම එය කිහිපදෙනෙකුගේ ජයග්‍රහණයක් නොව එදා මෙදා තුර ඒ සඳහා කැපවූ, ඒ වෙනුවෙන්ම විවිධ අඩම්තේට්ටම් වලට ගොදුරු වූ, සියළුම දෙනාට එහි ගෞරවය හිමිවිය යුතුව ඇත. එම කාල වකවානුව පුරාම මැදිහත්වූ කිහිපදෙනෙකුගේ නම් මෙහි සඳහන් කළද, අප දන්නා නොදන්නා, සියගණනක් සොයුරු සොයුරියන් මේ සඳහා නොයෙක් ආකාරයෙන් මැදිහත්වූ බව කෘතඥ පූර්වකව සිහි කල යුතු කරුණකි.

එසේම මෙම ඉඩම් කොටස බදුගත් හතර දෙනාටම විශේෂ ස්තුතියක් පුද කළ යුතුව ඇත. ඒ නිද්‍රාවට පත් ගැටළුවක්, යළි කරළියට ගෙන එමින් ඉඩම බදු පදනමින් ලබාගෙන එහි අනවසර ඉදිකිරීම් කිරීමට නොපැමිණියේ නම් තවත් කාලයකට මෙම ගැටළුව එසේම පවතින ඇත. ඒ අනුව ඔවුන්ද මෙම ගැටළුව විමසීම සඳහා විශේෂ දායකත්වයක් දක්වා තිබේ.

දැන් වගකීම ඇත්තේ පාසල් පාලනාධිකාරියට වන අතර, එදා පාසල විසින්ම මෙකි ඉඩම් කොටස අන්සතු කල වැරැද්ද නිවැරදි කිරීමට විශාල කාලයක් පමණක් නොව, දැඩි කැපකිරිමක්ද කිරීමට සිදුවුණි. එය යලිත් නොවන්නටත්, මෙම භුමිය විද්‍යාලයීය අවශ්‍යතා සඳහා යොදාගැනීමටත්, එය නිසි ලෙස නඩත්තු කිරීමත් පාසල සතු යුතුකමක් සේම වගකීමක් ද වන්නේය. ඒ අනුව දැන් ඇත්තේ විදුහල්පතිවරයා ප්‍රමුඛ පාසල් කළමනාකරණ කමිටුවේ කාර්යය භාරයයි.

20/05/2024

Address

Nuwara Eliya
Nuwara Eliya

Telephone

+94778379906

Website

Alerts

Be the first to know and let us send you an email when People's Council - Nuwara Eliya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share