SSU Nuwara Eliya - Socialist Students' Union

SSU Nuwara Eliya - Socialist Students' Union Let's fight for equal rights in education ..!

මතවාද හා එහි මානසික උපක්‍රමවල ක්‍රියාකාරීත්වය මතවාද යනු කුමක්ද? සමාජවාදී විප්ලවයේදී නිර්ධන පංති ව්‍යාපාරයකට මතවාදී අරගලය...
06/05/2026

මතවාද හා එහි මානසික උපක්‍රමවල ක්‍රියාකාරීත්වය

මතවාද යනු කුමක්ද? සමාජවාදී විප්ලවයේදී නිර්ධන පංති ව්‍යාපාරයකට මතවාදී අරගලය සිදු කළ යුත්තේ ඇයි ? මතවාදී ආධිපත්‍යයේ බලපෑම හා ආධිපත්‍යට මතවාද ගොඩනැගිය හැකි බව පෙර කලාපයේ විග්‍රහ කරගන්නා ලදි.

අල්ගොරිදමයක් යනු ගැටලුවක් විසඳීම, ගණනය කිරීම, දත්ත සැකසීම හෝ කාර්‍යක් සිදුකිරීම සඳහා පියවරෙන් පියවර සකස් කළ උපදෙස් මාලාවක් වේ. අල්ගොරිදම සංකල්පය පරිගණකයක් හරහා ගණිත ගැටලුවක් විසඳීමට දෙනු ලබන පියවර මෙන්ම ආහාරයක් පිළියෙල කරන ආකාරය පියවරෙන් පියවර සිදු කරන ක්‍රියාවලියද ඇල්ගොරිදමයක් වේ.

පරිඝණක හෝ පද්ධති වැනි සිලිකන් අකාබනික යන්ත්‍ර හරහා ක්‍රියාත්මක වෙන ඇල්ගොරිදම් අකාබනිත අල්ගොර්දම් ලෙස හැඳින් වේ. ජිවින්ද අල්ගොරිදම් ලක්ෂණ සහිත වේ. ඒ අනුව අල්ගොරිදමයේ අනෙක් ආකාරය වන්නේ කාබනික අල්ගො‍රිදම වේ. මිනිසා අනෙක් සතුන්ගෙන් වෙනස් වන තීරණාත්මක සාධකයක් වන්නේ නිෂ්පාදනයයි. මිනිස් අවශ්‍යතා අරමුණු කර ගනිමින් සවිඥානිකවත්, අරමුණු සහගතවත් සොබා දහම් මත ශ්‍රමය යොදා සොබා දහමේ පවතින දේ වෙනස් කිරීම නිෂ්පාදනය වේ. මිනිසා තම නිෂ්පාදන අරමුණු නිශ්චය කරගනී. ඒවාට අනුව තම සැලසුම් සකස් කර ගනී. එවැනි ගති ලක්ෂණ ඇත්තේ මිනිසාට පමණි. බුද්ධිය හා සම්බන්ධව පරිසරය ජය ගැනීමට මිනිසාට ඇති හැකියාව ජිවින් අතර ප්‍රමුඛයා බවට පත්වී ඇත. ඒ අනුව තීරණ ගැනීමේ හැකියාව හා දත්ත සැකසීමේ හැකියාව මෙන්ම බුද්ධි මට්ටමෙන් ඉහළ හෝමෝසේපියන් ද අල්ගොරිදම ලක්ෂණ සහිත වේ.

නුතන මිනිසාගේ සංස්කෘතික ජීවිතය හැඩ ගැස්වීමේදී සමාජ මාධ්‍යයන්හි භූමිකාව සුවිශේෂී වේ. සමාජ මාධ්‍යයන්හි භාවිතා වන අල්ගොරිදම් ජන විඥානය හැඩගැස්වීම සඳහා හිතාමතා යොදාගන්නා බව හඳුනා ගත හැකිය. සමාජ මාධ්‍ය භාවිතා කරන පරිශීලකයින්ගේ පුද්ගලික තොරතුරු, සමාජ ජීවිතය වැනි සංවේදී දත්ත පවා උපයෝගී කරගනිමින් වැඩි කාලයක් එම යෙදවුම් (Facebook, istagram, Tiktok) භාවිතය වැඩි කරගැනීමට උපාය උපක්‍රම යොදවයි. සමාජ මාධ්‍ය ආයතන හිමිකරුවන්ගේ ලාභය වැඩි කර ගැනීමට මෙන්ම තම ආර්ථික උවමනාවන්ට අවශ්‍ය පරිදි විවිධ රටවල පාලන තන්ත්‍රයන් වෙනස් කර දේශපාලනික වෙනස්කම් සිදුකර ගැනීමටද මැදිහත් වීමේ ප්‍රවණතාවයක් නිර්මාණය වී ඇත. මිලියන ගණනක පරිශීලකයන්ගේ දත්ත යොදා ගනිමින් පුද්ගලික ජීවිතය හා සමාජ ජීවිතය සැලසුම් සහගතව වෙනස් කරමින් කටයුතු කරන බව ද හෙළිදරව් වී ඇත.

2016 ඇමරිකානු ජනාධිපතිවරණය සහ බ්‍රෙක්සිට් ජනමත විචාරණයට බලපෑම කිරීම සඳහා Facebook පරිශීලකයන්ගේ දත්ත කේම්බ්‍රිජ් ඇනලිටිකා (Cambridge Analytica) ආයතනය විසින් අවසරයකින් තොරව භාවිත කළ ආකාරය හෙළිදරව් විය. මෙහිදී Facebook පරිශීලකයන් මිලියන 87ක පෞද්ගලික දත්ත, අවසර නොමැතිව, ඔවුන්ගේ දේශපාලන මතවාද හැඩ ගැසීමට භාවිත කරන ලදී. මෙහිදී සමාජ මාධ්‍ය හරහා පුද්ගලයන් ඉලක්ක කර දැන්වීම් පෙන්වීමෙන් මැතිවරණ ප්‍රතිඵල වලට බලපෑමක් සිදු කළ හැකි බවත් හෙළිදරව් විය. "The Great hack", "Fake famous", "The Social Dilemma", "Social Network" වැනි වාර්තාමය සිනමාපට සමාජමාධ්‍ය අල්ගොරිදම් යොදාගනිමින් මිනිස් ජීවිතවලට කරන බලපෑමේ අප නොදකින පැතිකඩ හෙළිදරව් කරයි.

ජාතිවාදයට තුඩු දෙන ඉතා සුළු සිදුවීමක් පවා ජන මාධ්‍ය ඔස්සේ වැඩි වාර ගණනක් ප්‍රචාරය කිරීම, විවිධ ජාතිවාදි සංවිධාන හා පුද්ගලයින් සම්බන්ධ කර මාධ්‍ය සාකච්ඡා පැවැත්වීම, සැලසුම් සහගතව උපාය උපක්‍රම යොදාගනිමින් ජාතිවාදී කෝලාහලයක් ඇතිවීම දක්වා වර්ධනය කළහැකි වේ. ජාතිවාදී මතවාදයක් වැළඳ ගැනීමට අදාළ විෂයමූල තත්තවයද සමාජයේ පවතින්නේ නම් මේ තත්වය ඉතා විනාශකාරි අන්තයන්ගෙන් කෙළවර විය හැක. මෑතකාලයේ පවා අප රටේද ජාතිවාදය සමග වන මතවාද සමාජගත වන ආකාරය හා ඒ ඔස්සේ බලය ලබා ගත් ආකාරයද සමීපව නිරීක්ෂණය කරන්නේ වි නම් ඊට අදාළ පියවර දාමය අල්ගොරිදමයක් ලෙස ක්‍රියාත්මක වේ.

දත්ත අර්ථවත් තොරතුරු බවට පත් කරන ක්‍රියාවලිය වන දත්ත සැකසීම ඇල්ගොරිදම් ක්‍රියාත්මක වීමකි. පරිගණක තුළ මෙන්ම ජීවීන් තුළද දත්ත සකසන (data processing) අල්ගොරිදම වේ.දත්ත සැකසීමක් ලෙස සලකනු ලබන්නේ තනි ජීවීන් පමණක් නොවේ. සමූහ පද්ධතිද වේ. මී වද, බැක්ටීරියා ජනපද, වනාන්තර සහ මිනිසුන් ජීවත් වන නගර වැනි සංකීර්ණ සමාජ ගනු ලබන්නේද දත්ත සැකසීමේ පද්ධති ලෙසයි. මේ අනුව, ආර්ථිකයද එවැනිම දත්ත සැකසීමේ ක්‍රියාවලියක් ලෙස දැකිය හැකි බවට ආර්ථික විද්‍යාඥයන්ගේ අර්ථකතන වැඩි වෙමින් පවතී. ධනේෂ්වර ආර්ථික විද්‍යාඥයන්ගේ විග්‍රහයන් අනුව ආර්ථිකය මිනිසුන්ගේ ආශාවන් සහ හැකියාවන් පිළිබඳ දත්ත රැස් කර, ඒවා විශ්ලේෂණය කර, අවසානයේ තීරණ (decisions) බවට පරිවර්තනය කරන පද්ධතියකි.

ස්වයං තීරණ ගැනීම සහ දත්ත සැකසීමේ හැකියාව සහිත යාන්ත්‍රණයක් සහිත ජීවියෙක් වශෙයෙන් හෝමෝසේපියන්ගේ ගමනේ මග කෙටියෙන් විමසා බලමු. මීට වසර 70,000 කට පමණ පෙර නූතන මානවයන් අප්‍රිකාවේ මධ්‍ය ප්‍රදේශවල සිට ලෝකයට ව්‍යාප්ත වීම සිදුවිය. භූගෝලීය වෙනස්කම් හා දේශගුණ විපර්යාසයන්ගේ වෙනස්කම් අනුව වෙනස් භූමි ප්‍රදේශයන්ට මානවයා ව්‍යාප්ත විය. එකිනෙකා සමඟ තිබූ ආරම්භක සබදකම් ගිලිහී ගිය අතර විවිධ සංස්කෘතික පරිවර්තනයන්ට ඔවුහු භාජනය වූහ. මේ නිසා ඒ ඒ ජන කොටස් වලට ආවේණික වූ ජීවන මාදිලියක්, චර්යා රටාවක් සහ ලෝක දැක්මක් සහිත විශාල විවිධත්වයක් සහිත මානව සංස්කෘතීන් බිහිවිය. වසර 70,000 කට පෙර සිටි ප්‍රමාණයට වඩා වසර 20,000 කට පෙර වැඩි මිනිසුන් ප්‍රමාණයක් ජීවත් වූයේ මුල් යුගයේදී මෙන් එකිනෙකා සමඟ සබදතා වර්ධනය වෙනවා වෙනුවට, මානව සැකසුම්කරුවන්ගේ සංඛ්‍යාව හා විවිධත්වය වර්ධනය වන ආකාරයෙනි. මෙහිදී යුරෝපයේ සිටි මිනිසුන් දත්ත සැකසුම් කල ආකාරයට වෙනස්ව චීනයේ සිටි මිනිසුන් දත්ත සැකසුම් සිදු කර ඇත. මුල් කාලයෙදී යුරෝපය හා චීනයේ මිනිසුන් අතර සබඳතා නොවුවත් පසු කලෙකදී සියලු මිනිසුන් එකම දත්ත සැකසුම් ජාලයක කොටස්කරුවන් වෙතැයි එකල සිතාගත නොහැකි වන්නට ඇත.

කාලයත් සමඟ, විශේෂයෙන් කෘෂිකාර්මික විප්ලවය හේතුවෙන් ජනගහනය වේගයෙන් වැඩිවී, මිනිසුන් එකට සමීපව ජීවත් වීමට පටන් ගත්හ. එමඟින් පෙර නොවූ විරූ ආකාරයෙන් මිනිස් සැකසුම්කරුවන්ගේ සංඛ්‍යාව තියුණු ලෙස වැඩි විය. මේ නිසා ප්‍රාදේශීය සමාජ සංවිධාන බිහි වීම සහ වෙළඳාම සමඟ එකිනෙකා හරහා සන්නිවේදනය කරගැනීමට අවශ්‍ය සන්නිවේදන පද්ධති බිහි විය. ඉන්පසු ලිවීම සහ මුදල් වැනි නව සංකල්ප බිහිවීමෙන්, මිනිසුන්ට විශාල පරිමාණයේ සමාජ සංවිධාන ලෙස නගර, රාජධානි සහ අධිරාජ්‍ය නිර්මාණය කිරීමට හැකි විය.

මුල් කාලයේ ගණ-ගෝත්‍ර ලෙස කුඩා මිනිස් කණ්ඩායම් විශාල ප්‍රමාණයක් ලෙස බෙදී සිට මනුෂ්‍ය වර්ගයා පසුකාලීනව, වෙළෙඳාම, සන්නිවේදනය සහ සංස්කෘතික හුවමාරුව හරහා මෙම වෙන්ව තිබූ කණ්ඩායම් මන්දගාමීව එකිනෙකා සමඟ සම්බන්ධ වෙමින්, අවසානයේදී ලෝකය 'ගෝලීය ගම්මානයක් " ලෙස එකතු විය. නමුත්, මෙම එක්වීම සම්පුර්ණ එක සමාන බවක් නොව, විවිධ කණ්ඩායම් තමන්ගේම චින්තන උරුමයන්, මෙවලම් සහ ජීවන රටා සමඟ එම ගෝලීය පද්ධතියට එක්වීමක් විය. අද සුපිරි වෙළඳ සැලකට ගොස් මිළ දී ගන්නේ වසර 4000 කට පෙර මධ්‍යම ඇමරිකාව හා මෙක්සිකොවේ කෝකෝවා ආශ්‍රිත නිෂ්පාදනයක් ලෙස චොක්ලට්, ඉතියෝපියාවේ කෝපි, පැපුවා නිව්ගිනියාවේ සීනි, චීනයේ සහල් වැනි වෙනස් ශිෂ්ඨාචාරන්ගේ ආහාර සංස්කෘතින් තුළ තිබූ දෑ වේ.

දත්තවාදය යනු කුමක්ද? යන්න හඳුනාගත යුතුව ඇත. දත්තවාදය තුළින් ප්‍රකාශ වන්නේ විශ්වය දත්ත ප්‍රවාහයන්ගෙන් සමන්විත බවත්, කිසියම් ප්‍රපංචයක හෝ සංසිද්ධියක වටිනාකම එහි දත්ත සැකසීමේ දායකත්වය මත තීරණය වන බවත් ප්‍රකාශ කරන නව මතවාදයක් වේ. දත්තවාදය තුළ අවසන් ගමනාන්තය (ultimate) ආන්තික අදහසකි. එනම්, සියලු මානව ක්‍රියාකාරකම් ද්වීතීක වී, දත්ත ප්‍රවාහය හෝ දත්ත මෙහෙයවන්නා මිනිසාට වඩා මූලික ලෙස ක්‍රියා කරනු ඇති බවයි. මෙය ගැටලු සහගත වුවත් මානවයාගේ දත්ත පරිණාමීය ක්‍රියාවලිය අධ්‍යයනය කිරීමේදී ප්‍රයෝජනවත් වේ.

විද්‍යාවේ ප්‍රබල හැරවුම් දෙකක් මූලික වීමෙන් දත්තවාදය බිහි විය. චාල්ස් ඩාවින්ගේ "On the Origin of Species ප්‍රකාශයට පත් වූ 1859 වසරේ සිට ජීව විද්‍යාව පිවින් ජෛව රසායනික අල්ගොරිතම (biochemical algorythm) ලෙස දැකීමට පුරුදු විය. 20 වන සියවසේ ඇලන් ටියුරින් (Man Tuning) විසින් නිපදවූ ටියුරින් යන්ත්‍රය අද පරිගණක විද්‍යාවේ මූලික මාර්ග සටහනක් වේ. අද වන විට වඩා දියුණු සංකීර්ණ ඉලෙක්ට්‍රොනික අල්ගොරිතම හැඩ ගැස්වීමට ඇලන් ටියුරින්ගේ සිට අද දක්වා පරිගණක විද්‍යාඥයන්ගේ මැදිහත් වීමෙනි.

දත්තවාදය ජෛව රසායනික අල්ගොරිදම සහ ඉලෙක්ට්‍රොනික අල්ගොරිදම යන දෙකටම බලපාන එකම ගණිත නීති පිළිබඳ පෙන්වා දෙමින් එකට ගොනු කරයි. ඒ අනුව, ජීවීන් සහ යන්ත්‍ර අතර ඇති බාධකය ඉක්මවා, ඉලෙක්ට්‍රොනික අල්ගොරිදම මගින් ජෛව රසායනික අල්ගොරිදම විවරණය කිරීම, ඒවා අභිබවා යාමේ හැකියාව ඇති බව දත්තවාදය අපේක්ෂා කරයි.

අද (01) ජනපති අනුර දිසානායක  සහෝදරයාගේ සහභාගිත්වයෙන් පැවැති නුවරඑළිය දිස්ත්‍රික් රතු මැයි රැලිය...✊✊✊
02/05/2026

අද (01) ජනපති අනුර දිසානායක සහෝදරයාගේ සහභාගිත්වයෙන් පැවැති
නුවරඑළිය දිස්ත්‍රික් රතු මැයි රැලිය...✊✊✊

ජන රජයට ජන බලයක්🚩🚩🚩🚩🚩🚩
01/05/2026

ජන රජයට
ජන බලයක්

🚩🚩🚩🚩🚩🚩

ජන රජයට ජන බලයක්
27/04/2026

ජන රජයට ජන බලයක්

නිදහස් අධ්‍යාපනයත්,අධ්‍යාපනයේ නිදහසත්වෙනුවෙන් සටන් වදිනමාලිමාවේ මැයි රැලියටඅපිත් එක්වෙමු!සමාජවාදී ශිෂ්‍ය සංගමය - SSU
25/04/2026

නිදහස් අධ්‍යාපනයත්,
අධ්‍යාපනයේ නිදහසත්
වෙනුවෙන් සටන් වදින

මාලිමාවේ මැයි රැලියට
අපිත් එක්වෙමු!

සමාජවාදී ශිෂ්‍ය සංගමය - SSU

( 10 කොටස - ගුරුගීතය )☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘" ඒ අතර අඳුර පැතිරෙන්නට විය. අමනාපයට පත් ගම්මුන් ඈට මොටෝ රථයට ගොඩවැදීමට ඉඩ දු...
22/04/2026

( 10 කොටස - ගුරුගීතය )
☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘

" ඒ අතර අඳුර පැතිරෙන්නට විය. අමනාපයට පත් ගම්මුන් ඈට මොටෝ රථයට ගොඩවැදීමට ඉඩ දුන්නේ. ඈ නැවත සුමානයක් හෝ ඊට වැඩි කලක් ගමේ නවතින බවට පොරොන්දු වූ පසුවය. අල්තිනායි සුලෙයිමානවා හැරලීම සඳහා මම දුම්රිය පොළට ගියෙමි.
හිටි හැටියේම ආපසු යන්ට තරම් අල්තිනායි සුලෙයිමානවා ඉක්මන් වූයේ ඇයි? අද වැනි දවසක ගම්මුන්ගේ සිත් රිදවීම නුවණට හුරු වැඩක් නොවන බව නොකිවමනාය. යන අතර ඒ ගැන ඇගෙන් ඇසීමට මා සූදානම් වු නමුදු කතාව පටන් ගැනීමට ධෛර්යයක් මා තුළ නොතිබිණ. උපායයන් නොදන්නකු ලෙස පෙනී යතියි සිතු නිසා නොව ඇගේ තීරණය වෙනස් කිරීමට බැරි බව පෙනී ගිය නිසාය මා ඇගෙන් එවැනි ප්‍රශ්න නොඇසුවේ. දුම්රිය පොළට යනතුරු නිශ්ශබ්දව ගමන් කළ ඈ යම් කිසිවක් ගැන තදින් කල්පනා කරන බව පෙනෙන්නට තිබිණි.
දුම්රිය පොළට ළඟා වූ පසු මම ඇගෙන් මෙසේ ඇසුවෙමි.
අල්තිනායි සුලෙයිමානවා ඔබ හිතේ අමාරුවකින් වගේ. ගම්මු ඔබගේ හිත රිදෙව්වාද?
"ඒක යස කතාවක්. හීනෙකින්වත් එහෙම හිතන්න එපා. මගේ හිත රිදුනේ කා නිසාද ? මම අමනාප වුණේ මා නිසාමයි. අල්තිනායි සුලෙයිමානවා ගමින් පිටවූවාය. දවස් කීපයකට පසු නගරයට ගිය මට හදිසියෙන් ඇගෙන් ලියුමක් ලැබිණි. බලාපොරොත්තු රහිත ලෙස තමා මොස්කව්හි නවතින බව සඳහන් කළ අල්තිනායි සුලෙයිමානවා මෙසේද ලියුවාය.
" ම විසින් කළ යුතු වැඩ ගොඩක් තිබුණද ඒ සියල්ල අතපසු කරමිනි මා ඔබට මේ ලියුම ලියන්නේ.....මා ලියන දේ වැදගත් යැයි ඔබ සිතන්නේ නම්, මා කියන දේ ගැන අනික් අයට විස්තර කිරීම සඳහා මේ ලියුම ප්‍රයෝජනයට ගන්නේ කෙසේදැයි කල්පනා කර බලන ලෙස ඉල්ලා සිටිමි. මෙය වැදගත් වන්නේ අපේ අයිලයට විතරක් නොවේ. මුළු මහත් තරුණ පරම්පරාවටමය. එවැනි තීරණයකට මා එළඹුණේ බොහෝ කල් කල්පනා කිරීමෙන් ඉක්බිතිවය. මෙය ජනතාව ඉදිරිපිට කරන පාපෝච්චාරණයකි. මගේ යුතුකම මවිසින් ඉටු කළ යුතුය. වැඩි වැඩියෙන් ජනතාව මේ ගැන දැනගත් තරමට මගේ සිත් වේදනාව අඩුවනු ඇත. මා අමාරුවේ වැටේය යන බියෙන් කිසිවක් සැඟවීමට උත්සාහ කරන්ට එපා...
ඇගේ ලිපිය නිසා ඇති වු හැඟීමෙන් යුතුව මම දවස් කීපයක්ම ඇවිද්දෙමි. අල්තිනායි සුලෙයිමානවාගේ නාමයෙන් එම කතාව කීම හැර වඩාත් හොඳ ක්‍රමයක් සිතීමෙහි ලා මම අපොහොසත් වීමි."

මතවාද හා එහි මානසික උපක්‍රමවල ක්‍රියාකාරීත්වය අප ජීවත් වන සමාජයේ මිනිසා සිතන පතන ආකාරය, ක්‍රියාකාරීත්වය, හැසිරීම් ඇතුළු ...
22/04/2026

මතවාද හා එහි මානසික උපක්‍රමවල ක්‍රියාකාරීත්වය

අප ජීවත් වන සමාජයේ මිනිසා සිතන පතන ආකාරය, ක්‍රියාකාරීත්වය, හැසිරීම් ඇතුළු සමස්ථ දේශපාලන, ආර්ථික සහ සමාජයීය චලිතයන්ට ප්‍රබලතම බලපෑමක් මතවාද – හරහා සිදුවේ. සමාජවාදී විප්ලවයේදී දේශපාලන අරගලය, ආර්ථික අරගලය හා මතවාදී අරගලය යන පංති සටනේ ප්‍රධාන අරගල ආකාර තුන තුළ මතවාදී අරගලයට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. නිර්ධන පංති ව්‍යාපාරය කම්කරුවන් පීඩිත පන්ති තුළ පන්ති සවිඥානය ඇති කිරීමට මතවාදී අරගලය සිදු කළ යුතුය. ධනේශ්වර සමාජයක් තුළ නිර්ධන පංති ව්‍යාපාරයක පන්ති සවිඥානිකත්වය දුර්වල කිරීමේ අරමුණින් ධනේශ්වර උවමනාවන් වෙනුවෙන් පෙනී සිටින ප්‍රතිගාමී කණ්ඩායම් මතවාදී අරගලයට සක්‍රීයව මැදිහත් වෙමින් සාවද්‍ය මත සමාජය තුළ තහවුරු කරවීමට කටයුතු කරයි. එවැනි ප්‍රතිගාමී කොටස් ක්ෂණික මොහොතකදී පවා සමාජයේ බහුතරයක් තුළ සාවද්‍ය මත තහවුරු කරවිය හැක. එබැවින් නිර්ධන පංති ව්‍යාපාරයේ කාර්යය අතිශය සංකීර්ණ වේ. නිර්ධන පන්ති ව්‍යාපාරයක් තම රටේ පාලන බලය ලබා ගැනීමට පෙර මතවාදී අරගලය බලයේ සිටින ධනපති පාලකයින්ගේ අධිපති දෘෂ්ටිවාදයට එරෙහිව කටයුතු කරනු ලබන අතර බලය ලබා ගැනීමෙන් පසු නිර්ධන පංතියේ මතවාදී අරගලය ලබාගත් බලය බිඳ දැමීමට එරෙහිව ක්‍රියාත්මක විය යුතුය.

මතවාදය යනු කුමක්ද?

" මත යනු මිනිස් මනස තුළ බිහිවන හා පවතින ප්‍රකෘතියේ පරාවර්තනයකි. එය ප්‍රකෘතිය පිළිබඳ හා එහි නියාම පිළිබඳව සංකල්පයක් හෝ සංයුක්ත කරණයකි. මත මිනිස් විඤ්ඤාණය සතුව පවතින ස්ව-පරාවර්තනයේ, ගවේෂණයේ හා ඥානන හැකියාවේ සුවිශේෂත්වය තහවුරු කරයි. මත ගණනාවක් මගින් විද්‍යාව, දර්ශනය වැනි දැනුමේ වඩා සංකීර්ණ ආකාරයන් නිර්මාණය වේ." "මතවාද යනු මත ගණනාවක සංවිධානාත්මක එකතුවකි." මාක්ස්වාදී විශ්වකෝෂයේ මතවාද යන්න විග්‍රහ කරන්නේ මෙසේය. ඒ අනුව මතවාද යනු අප ලෝකය දෙස බලන රාමුවක්, හුදෙක් පුද්ගලයෙකුගේ අදහස් හෝ අදහස් පද්ධතීන් ලෙසම ගත යුතු නොවේ. සමාජයක් තුළ මුල් බැසගත් විවිධ විශ්වාසයන්, අවිද්‍යාත්මක අදහස්, තාර්කික නොවන බොහෝ මතවාද සංවාදයකින් විචාරකයින් තොරව මිනිසුන් පිළිගනී. මෙහිදී මතවාද හඳුනාගත යුත්තේ අවිඥානිකව මිනිස් මනස තුළ ක්‍රියාතමක වන වගයි.

1844 දී කාල් මාක්ස් ලියූ 'අයිතිය පිළිබඳ හේගල්ගේ දර්ශනය විවේචනයට ව දායක වීමක්' කෘතියෙහි "න්‍යාය මිනිසුන් වැළඳගත් විට එය භෞතික බලයක් බවට පත්වේ.” යන්න මාක්ස් පවසා ඇත. මෙය පුළුල් වශයෙන් විග්‍රහ කළහොත් යම් කෙනෙකුගේ මූලික නොවන මතයක් විවේචනය කරන විට ගැටලුවක් ඇති නොවුනත් ඔහුගේ මූලික දෘෂ්ටිවාදයන් ප්‍රශ්න කිරීමට පටන් ගත් මොහොතේ සිට ඔහු විරෝධය දක්වයි. ඔහුගේ ජාතිය පිළිබඳ අදහස සංවාදයට ලක් කොට එය වෙනස් කිරීමට උත්සාහ කිරීමේදී ඔහු ඊට එරෙහිව ප්‍රතිචාර දැක්වීමට පටන් ගනු ඇත. ඔහු ඔබට "ජාතිද්‍රෝහියෙකු", "පරගැතියෙකු" යනාදී අයුරින් අවලාද නැඟීමට ඉඩ ඇත. එයින් පෙනී යන්නේ එම පුද්ගලයාගේ සෙසු අදහස් වලට වෙනස්ව ජාතිය පිළිබඳ අදහස ඔහුගේ පුද්ගල සමාජ අනන්‍යතාවය හා බැඳුණු එකක් බවයි. එය පවතිනුයේ තවදුරටත් ඔහුගේ සංකල්පීය ලෝකය තුළ පමණක් නොව ඔහුගේ ව්‍යවහාරික ජීවිතය තුළය. ඇතැම් විට ඔහුගේ ජාතිය පිළිබඳ අදහස් අභියෝගයට ලක් කරන විට ඔහුට පාලනය කර ගත නොහැකි අයුරින් කිපෙන්නේ මන්දැයි ඔහුවත් නොදන්නවා විය හැකිය. එය සවිඥානික වනවාට වඩා අවිඥානිකය. දෘෂ්ටිවාදය යනු එයයි. ජාතිය නමැති දෘෂ්ටිස්ට්වාදය පදනම් කර ගනිමින් මිනිස් ඉතිහාසය තුළ ඝාතන, ප්‍රචණ්ඩත්වයට, වද බන්ධනයට ලක් කරන ලද ජීවිතගණන කොපමණක් විය හැකි? එය එවැනි භෞතික ප්‍රතිඵල එතරම්ම අප වෙත ළඟා කර දී ඇත. ඉහත සියල්ල සලකා බැලූ විට මතවාදය අවිඥානිකය. එහෙත් එය භෞතිකවාදී හැඩයක් ඇති බව පෙනී යයි.

අප ජීවත්වන වන පන්ති සමාජයේ ධනේශ්වර පන්තිය විසින් සමාජයේ සිතුම් පැතුම් වල ආධිපත්‍යය ඔවුන් වෙත රඳවා තබා ගැනීමට මතවාදී බලපෑම විවිධ ක්ෂේත්‍ර ඔස්සේ සිදු කරනු ලබයි. මාක්ස් හා එංගල්ස් විසින් රචිත 'ජර්මන් දෘෂ්ටිවාදය' යන කෘතියේ සෑම යුගයකම රජයන අදහස් වන්නේ පාලක පන්තියේ අදහස් ය. ව නම් සමාජයේ ද්‍රව්‍යමය බලය පාලනය කරන පංතිය ඒ සමඟම සමාජයේ බුද්ධිමය බලය පාලනය කරන පංතිය ද වේ. සිය අභිමතය පරිදි ද්‍රව්‍යමය නිෂ්පාදනයේ මාර්ග තමන් සතු කරගෙන ඇති පන්තිය එහි ප්‍රතිඵලයක් වශයෙන් මානසික නිෂ්පාදනයේ මාර්ගද පාලනය කරයි. ධනපති පාලක පන්තිය තම පන්ති අවශ්‍යතාව පොදු ප්‍රායෝගික දේ ලෙසත්, ස්වභාවික දේ ලෙසත් ඉදිරිපත් කරයි. අසමානතාවය, සූරා කෑම ආදිය පීඩිත පන්තිය විසින් පොදු සමාජ සම්මතයන් ලෙස පිළිගැනීමට පෙළඹේ. දෘෂ්ටිවාදාත්මක පාලනය (deological Control) ලෙස මෙම ක්‍රියාවලිය හඳුනාගත හැක. මේ අනුව දෘෂ්ටිවාදය පිළිබඳ ක්ෂේත්‍රය ආගමික මත, පාසල් ඉගැන්වීම්, සදාචාර පද්ධතීන් වැනි දේ පමණක් නොව අනිවාර්ය ලෙසටම පන්ති අරගලය, බල ආධිපත්‍ය හා පාලනය කිරීම යනාදී අයත් දේශපාලනික ගතිකත්වයකින් යුක්තවේ.

පාලක දෘෂ්ටිවාදය කාර්යභාරය ගැන පශ්චාත් මාක්ස්වාදී චින්තකයෙකු වූ අන්තෝනියෝ ග‍්‍රාම්ස්චි පාලකයා පාලනය ගෙනයන ප්‍රධාන මාධ්‍යයන් දෙකක් ලෙස මර්දනය හා ආධිපත්‍ය වර්ග කළේය. මර්දනයෙන් පමණක් පාලනය පවත්වාගෙන යාම අපහසු බව ඔහු පවසයි. විවිධ සමාජ ස්ථර ඇතුළු නිර්ධන පංතිය තම පාලනයට නතු කර ගැනීමට මතවාදී ආධිපත්‍යය යොදන බව ග්‍රාමීචි පවසයි. එම මතවාදී ආධිපත්‍යය හෙජමොනි (Hegemony) යන වචනයෙන් හඳුන් වන අතර එම අවනතභාවය පාලනය වඩා පහසු කරන බව කියා සිටී. තමාව සූරා කන කර්මාන්ත ශාලා අයිතිකරු, දේවත්වයෙන් අදහමින් වැඳුම් පිදුම් කරන කර්මාන්ත සේවකයින් අප දැක ඇත. පාලකයා කෙතරම් වංචා දූෂණ හොරකම් කරත්, රටක් බංකොලොත්භාවයට පත් කරත්, රජෙක් ලෙස ශාන්තුවරයෙක් ලෙස හුවා දක්වමින් මාධ්‍ය ඔස්සේ පොදු ජනතාව වසඟයට පත් කරගනිමින් තම පාලනයන් බලය පවත්වා ගෙන යයි. ක්‍රම විරෝධය වෙනුවට ක්‍රමයට අවනතවු අනුගත වන තත්ත්වයක් පීඩිතයා පත්වන බව මේ අනුව පැහැදිලි වේ. සෑම ධනපති රජයක්ම මර්දනය හා ආධිපත්‍යය ගැනීම යන දෙයාකාරම විවිධ මාත්‍ර යොදාගනිමින් පාලනය ගෙනයයි.

දේශපාලනයේදී ජනතාව සැමදාමත් රැවටිල්ලට හා ආත්ම රැවටිල්ලට අඥාන ලෙස ගොදුරු වී ඇත. එමෙන්ම සියලුම සදාචාර ආගමික දේශපාලන හා සමාජ වදන් ප්‍රකාශයන් හා පොරොන්දු පිටුපස තිබෙන කිසියම් එක් හෝ අනිත් පන්තියක උවමනාවන් සොයා ගන්නා තෙක්ම ඔවුන් එසේ තවදුරටත් රැවටෙනු ඇත. (ලෙනින් තෝරා ගත් කෘති වෙළුම 1 පිටුව 52)

ස්ත්‍රීන් ස්වභාවයෙන්ම අනුවණය", ගැමියන් පසුගාමීය", "සිංහලයන් අලසය", "මුස්ලිම් ජාතිකයන් කපටිය ". අප සමාජයේ ස්ථාපිත පොදු ජන අවබෝධයන් තවමත් බොහෝ දෙනා විවේචනයකින් තොරව පිළිගනු ලබන්නේ විශ්ව සම්මත සත්‍යයන් ලෙස පිළිගන්නා බවයි. මෙම මතවාද ආරම්භයේ අධිපතිවාදී ලෙස ස්ථාපනය කරනු ලැබුවත් දැන් මේවාට පොදු ජන සංස්කෘතියේ ආවේණික අන්තර්ගතයක් ලෙස පෙනී සිටියි. මිනිසුන් එදිනෙදා ජීවිතේ හැඩ රටා සැකසීම ඉමහත් බලපෑමක් කිරීමට සමත් ව ඇත. පොදු ජන අවබෝධයන් සක්‍රීය කැමැත්ත ගොඩනැංවීම හා පවත්වා ගැනීම සඳහා විශාල කාර්යභාරයක් ඉටුකරන බව මෙයින් පෙනීයයි. මෙහිදී ගම්‍ය වන තවත් වැදගත් කාරණයක් නම් ආර්ථිකමය හෝ දේශපාලනික අර්බුද වලින් තොර සාමාන්‍ය කාල වලදී වුවත් පොදු ජනයාගේ සිතීම හා හැසිරීම් ස්වාධීන නොවන බවයි.

නිර්ධන පන්ති ව්‍යාපාර බලය ලබා ගැනීමට පෙර මතවාදී අරගලයේ මූලික ප්‍රතිවිරෝධය අධිපති මතවාදය සමඟ වේ. ධනේශ්වර ක්‍රමය තුළ සෑම විටම මතවාද ගොඩනඟන්නේ ධනපති පන්ති උවමනාවන් අධිපති මතවාදය වීමත් නිසා බලය ලබා ගැනීමෙන් පසුවද පැරදුණු ධනපති කණ්ඩායම් ප්‍රතිගාමි බලවේග සෑම විටම උත්සාහ කරනු ලබන්නේ අහිමි වූ බලය නැවත ඔවුන් වෙත ලබා ගැනීමට නිසා එම බලපෑම අවසන් නොවේ. සංවිධානාත්මක කොමියුනිස්ට් ව්‍යාපාරයක් කුඩා වුවත් බලය ලබා ගැනීමට හැකි බව මෙන්ම ප්‍රබල පාලකයකු පැරදවීමේ විභවය නිර්ධන පන්ති ව්‍යාපාරයේ පක්ෂ බලවේගයට මතවාදී අරගලය කර ගතයුතුය.

විෂය මූලික හා මනෝ මූලික තත්ත්ව පරිපූර්ණතාවය පිළිබඳ අවබෝධය නිර්ධන පන්ති ව්‍යාපාරයක් බලය ලබා ගැනීම උදෙසා පක්ෂ බලවේගයන්ට ඉගැන්විය යුතුය. අධිපති මතවාදය සමඟ පාලක පන්තියේ දෘෂ්ටිවාදයන් පැමිණෙන සාවද්‍ය පරාවර්තනයන් තේරුම් ගැනීමට නිර්ධන පංති ව්‍යාපරය මතවාදි අරගලය කරගත යුතුය. බලය ලබා ගැනීමෙන් පසුවද ළදරු එහෙත් ශක්තිමත් වීමට උත්සාහ දරන ප්‍රගතිශීලී බලවේග සහ පැරණි බලය අහිමි වූ නමුත් නොනැසී සිටීමට උත්සාහ දරන බලවේග අතර ගැටුම මතවාදී අරගලය හරහා පරාජය කිරීමට කටයුතු කළ යුතු වේ.

ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද සාමය ,සතුට ,සෞභාග්‍ය පිරි සුබම සුභ අලුත් අවුරුද්දක් වේවාபிறந்திருக்கும் சிங்கள தமி...
14/04/2026

ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද සාමය ,සතුට ,සෞභාග්‍ය පිරි සුබම සුභ අලුත් අවුරුද්දක් වේවා
பிறந்திருக்கும் சிங்கள தமிழ் புத்தாண்டு
அமைதி, மகிழ்ச்சி, சௌபாக்கியம் நிறைந்த இனிய புத்தாண்டாக அமைய நல்வாழ்த்துக்கள்.

( 9 කොටස - ගුරුගීතය )☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️" අද අපේ අයිලයේ මැද මහා පාසලක් විවෘත කළා. අපේ ජීවිත කොතරම් දුරට වෙනස් වෙලා ති...
13/04/2026

( 9 කොටස - ගුරුගීතය )
☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️

" අද අපේ අයිලයේ මැද මහා පාසලක් විවෘත කළා. අපේ ජීවිත කොතරම් දුරට වෙනස් වෙලා තිබේද යන්න එයින් පෙනී යනවා. අනාගතයේදීත් කුර්කුරේඋ අයිලයේ දූ පුතුන් කාලය අනුව ඉදිරියෙන්ම යන අය වේවායි පතා සව්දිය පුරමු."
නැවතත් හැම දෙනාම ශබ්ද නගන්ටත්, මිත්‍ර ලීලාවෙන් කතා කරමින් සව්දිය පුරන්ටත් පටන් ගත්හ. එහෙත්, අල්තිතායි සුලෙයිමානවා පමණක් ලජ්ජාවෙන් රත් පැහැගත් මුහුණින් යුතුව සිය බීම වීදුරුව දෙතොල් මත තබා ආපසු එය මේසය මත තැබුවාය. උත්සව ප්‍රීතියෙන් කතාබහ කරමින් හුන් මිනිසුන්ට ඇගේ වෙනස්වීම නොපෙනිණි.
අල්තිනායි සුලෙයිමානවා කීපවරක්ම ඔර්ලෝසුව දෙස බැලුවාය. අමුත්තන් මහ මගට බැස විසිර යාමට පටන්ගත් පසු දොළ පාර අසල සිටගත් ඈ මහත් වූ ඕනෑකමකින් යුතුව, කඳු ගැට මත පිහිටි පොප්ලර් ගස් දෙස බලන්නට වූවාය. සරත් සමය නිසා එහි කොළ රත් පැහැයක් ගෙන ඇත. ඈත ස්ටෙප්ස් බිම්වල නිල් පැහැති ක්ෂිතිජයේ හිරු බැස යමින් තිබිණි. නිවීයන හිරු එළිය පොප්ලර් ගස් මුදුනට වැටීම නිසා මලානික, දුක්මුසු රත් පැහැයක් ඇති විය.
මම අල්තිනායි සුලෙයිමානවා වෙත ගියෙමි.
දැන් ගස්වල කොළ හැලෙන වාරය. වසන්තයේදී ගස් පිදීගෙන එනවිට හැබෑ ලස්සන යැයි මම ඈට කීවෙමි. " මමත් මේ දැන් හිතුවේ ඔය ගැනමයි " කියමින් දිග සුසුමක් හෙළූ ඈ මඳක් නිසලව සිට තොල මතුළාය. " ඔව්. හැම ජීව ප්‍රාණයකටම තමාගේම වසන්තයකුත් තමාගේම සරත් සමයකුත් තිබෙනවා."
වයසින් පැසුණු ඇගේ මුහුණේ හම හැකිළී ගොස් තිබිණ. ඇස්කර වටා පිහිටි රැලි දුක්මුසු බවක් දැරීය. ඒ මත ශෝකය පළවන සෙවණැල්ලක් වැටුණාක් මෙනි. මා ඉදිරිපිට සිටින්නේ අල්තිනායි සුලෙයිමානවා පඬිවරිය නොව, දුකෙහිදී හඬා වැලපෙන, සැපෙහිදී සිනාසී ප්‍රීති වන කිර්ගීස් ගැහැනියක් බව සැණෙකින් මට පෙනී ගියේය. ඉතාම උස කඳු මුදුන්වලට පමණක් නොඇසෙන අපේ ගීතයන් ගයන ඒ සුන්දර තරුණ විය ගැන විද්‍යාධර කාන්තාව මතක් කළ සැටියකි මට දැනුණේ. පොප්ලර් ගස් දෙස බලා සිටි ඈ යමක් කියන්නට මෙන් සූදානම් වූ නමුදු නිහඬ වූවාය. හිටි හැටියේ ඇස් කණ්ණාඩි කුට්ටම පැලඳ ගත් ඕ මෙසේ ප්‍රශ්න කළාය.
"මොස්කව් යන දුම්රිය මෙතැනින් යන්නේ එකොළහටද?"
"ඔව් එකොළහට."
" එහෙනම් මම ලෑස්ති වෙන්ට ඕන. "
" ඇයි හිටි හැටියේම? ඔබ මෙහි දවස් කීපයක් නවතින්ට පොරොන්දු වුණා නේද? අල්තිනායි සුලෙයිමානවා. ගම්මු ඔබට යන්ට ඉඩ දෙන එකක් නෑ." "අපොයි බැහැ. මට හදිසි වැඩ තියෙනවා. දැන්ම යන්ට ඕන."

( 8 කොටස - ගුරුගීතය )☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️" දුයිෂෙන්ට අඬ ගැසීම පිණිස ගැටවරයා ගියේය. මා අසල අසුන්ගෙන සිටි අල්තිනායි සුලෙ...
10/04/2026

( 8 කොටස - ගුරුගීතය )
☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️

" දුයිෂෙන්ට අඬ ගැසීම පිණිස ගැටවරයා ගියේය. මා අසල අසුන්ගෙන සිටි අල්තිනායි සුලෙයිමානාවා තරමක් නොසන්සුන් වූවාය. අමතක වූ දෙයක් හිටි හැටියේ සිහියට නගන්ට වෑයම් කරන්නාක් වැනි පුදුම ගතියක් පෑවාය. ඔය කතා කරන්නේ කොයි දුයිෂෙන් ගැනදැයි ඕ මගෙන් ඇසුවාය.
"ආ, ඒ සමූහ ගොවිපළේ ලියුම් බෙදන්නා ගැන. මහලු දුයිෂෙන්ව ඔබ හඳුනනවාද?"
අස්ථිර ලෙස හිස සෙලවූ ඈ නැගී සිටීමට සැරසුණාය. එහෙත් එවේලෙම වාගේ අශ්වයෙක් ජනේලය පසු කර යන හඬ කණෙහි වැකිණි. ගැටවරයා හැරී ආවේය.
" මම එයාට එන්ට කීවා. ලියුම් බෙදන්නට තියෙනවයි කියලා එයා ගියා."
ඔහෙ ගිහිං බෙදපුවා වේ. නවත්වන්ට වුවමනා නැහැ. නැත්නම් වෙන්නෙ මහල්ලන් සමඟ කයිකතන්දර කීමටයැ'යි එකෙකුගේ කටින් පිටවූයේ ඉබේටම මෙනි.
" ආ එහෙම කියන්ට එපා. අපේ දුයිෂෙන් ගැන දන්නේ නැහැ. එයා නීතියට වැඩ කරන මිනිහෙක්. භාරගත් වැඩේ ඉවර කරනතුරු ඒ මිනිහා නවතින්නේ නෑ.
" ඇත්ත. ඒ මිනිහා පුදුම කෙනෙක්. යුද්දේදී තුවාල වුණු නිසා උක්රයීනයේ ඉස්පිරිතාලෙක හිටියා. ඉන් පස්සේ උක්රයීනයේම නැවතුණා. මෙහෙට ආවේ අවුරුදු පහකට ඉස්සෙල්ලා, නහින - දෙහින කාලෙ අයිලයට එන්ට ඕනැයි කියලයි මෙහෙ ආවේ. තනිකඩයෙක් මෙන් තවම ජීවත් වෙන්නෙ.
ඒ වුණත් මිනිහා ආවා නම් වඩාත් හොඳයි... ආ දැන් ඉතින් කමක් නැ යි ගෙහිමියා කීය.
"සහෝදරවරුනි, අපි ඉස්සර දුයිෂෙන්ගේ ස්කෝලේ ඉගෙන ගත්තා. සමහරුන්ට මතක ඇති." අයිලයේ ගරු කටයුතු පැරැන්නෙක් සිය බීම වීදුරුව එසවිය. එහෙත් දුයිෂෙන් හෝඩියේ අකුරු සියල්ලම නොදැන සිටියා වෙන්ට පුළුවන් යැයි හෙතෙම ඇස් හකුළුවමින් හා හිස වනමින් කීය. මවිතයට පත් වූ බවක් මෙන්ම උපහාසාත්මක බවක්ද ඔහුගේ විලාසය කියා පෑවේය.
සත්තකින්ම. ඒ විදියට තමයි සිද්ධ වුණේ" එකවර කීප දෙනෙක් කීහ. හැම දෙනාම සිනාසුණහ.
"ඒ ගැන මොනව කියනවද, දුයිෂෙන් ආරම්භ නොකරපු වැඩක් ඉතුරුවෙලා තියෙනවද? අපි හිතුවෙ එයා ඇත්තටම ගුරුවරයෙක් කියලයි.'
සිනා හඬ නිවී ගිය පසු බීම වීදුරුව අතින් ගත් මිනිසා දිගටම කතා කළේය.
" අපේ ඇස් ඉදිරිපිට මිනිස්සු හැදී වැඩී තියෙනවා. රට පුරාම කීර්තියක් දිනාගෙන තියෙනවා අපේ අල්තිනායි පඬිවරිය. අපි හැම කෙනකුම වගේ මැද පාසල ඉවර කරල තියෙනවා. බොහොම දෙනෙක් උසස් අධ්‍යාපනයක් ලබා තියෙනවා."

Address

Nuwara Eliya

Website

Alerts

Be the first to know and let us send you an email when SSU Nuwara Eliya - Socialist Students' Union posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share