Our goal: to create a vibrant learning environment where every student reaches their full potential. නිවිතිගල කලාප අධ්‍යාපන කාර්යාලය යනු නිවිතිගල කලාපයේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රගමනය වෙනුවෙන් කැපවී සිටින ප්‍රමුඛතම ආයතනයකි. දරුවන්ගේ අනාගතය යනු සමස්ත සමාජයේම අනාගතය බව අපගේ දැඩි විශ්වාසයයි. එබැවින් දැනුමෙන්, කුසලතාවලින් සහ යහපත් ආකල්පවලින් පිරිපුන් ශිෂ්‍ය ප්‍රජාවක් බිහි කිරීම අපගේ ප්‍රධානතම අරමුණයි.
අධ්‍යාපනය හුදෙක් විභාග සමත්වීමක් හෝ සහතික පත්‍ර ලබා ගැනීම පමණක් නොවේ. එය ජීවිතයට අවශ්‍ය නිවැරදි දැක්ම සහ ශක්තිය ලබා දෙන ජීවන මාර්ගයකි. අපගේ ආයතනය මෙම උදාර අරමුණ මුදුන්පත් කර ගැනීම සඳහා විවිධ කාර්යභාරයන් ඉටු කරයි. පාසල්වලට අවශ්‍ය භෞතික සම්පත් (ගොඩනැගිලි, පුස්තකාල, විද්‍යාගාර) සංවර්ධනය කිරීමට සහය වීම, නවීන ඉගැන්වීම් ක්‍රමවේද පිළිබඳව ගුරුවරුන් පුහුණු කිරීම, සහ පාසල් විෂය මාලාව නිසි පරිදි ක්‍රියාත්මක වන බව අධීක්ෂණය කිරීම ඒ අතරින් ප්‍රමුඛ වේ.
අපගේ සේවය පාසල් පද්ධතියට පමණක් සීමා නොවේ. සෑම දරුවෙකුගේම හැකියාවන් හඳුනාගෙන ඒවා ඔප්නැංවීම අපගේ යුතුකමකි. ඒ සඳහා, ශාස්ත්‍රීය විෂයයන්ට අමතරව, ක්‍රීඩා, කලා සහ විද්‍යා තරඟ, භාෂා කවයන් වැනි අතිරේක ක්‍රියාකාරකම් ද දිරිගන්වනු ලැබේ. එමඟින්, දරුවන්ගේ සමස්ත පෞරුෂය වර්ධනය කරමින් ඔවුන්ට පුළුල් අවබෝධයක් ලබා දීමට අපට හැකි වී තිබේ.
අපගේ නිලධාරීන් සහ ගුරුවරුන් සමඟ එක්ව නිවිතිගල කලාපයේ අධ්‍යාපනය තව දුරටත් ගුණාත්මක සහ කාර්යක්ෂම සේවාවක් බවට පත් කිරීමට අප කැපවී සිටිමු. අධ්‍යාපනයේ ආලෝකය ඔස්සේ දීප්තිමත් අනාගතයක් නිර්මාණය කිරීමට අප සූදානම්.
------------------------
The Zonal Education Office - Nivithigala is a leading institution dedicated to advancing education within the Nivithigala Zone. We firmly believe that the future of our children is the future of our entire society. Therefore, our primary objective is to produce a student community that is rich in knowledge, skills, and positive values. Education is more than just passing exams or acquiring certificates; it is a life-long journey that provides the right vision and strength for life. Our institution fulfils various roles to achieve this noble goal. We take a leading role in supporting the development of essential physical resources in schools, such as buildings, libraries, and laboratories. We also provide training for teachers on modern teaching methodologies and supervise the proper implementation of the school curriculum. Our service is not limited to the formal school system alone. It is our duty to identify and nurture the talents of every child. To this end, in addition to academic subjects, we also encourage and support extracurricular activities such as sports, arts, science competitions, and language clubs. Through these initiatives, we aim to develop the children's overall personality and provide them with a broad understanding of the world. We are committed, alongside our officials and teachers, to further enhancing the quality and efficiency of education in the Nivithigala Zone. We are ready to create a brighter future by shining the light of education.