Helping Hands Community "මනුස්සකම් ඇවිස්සිල්ල"

Helping Hands Community  "මනුස්සකම් ඇවිස්සිල්ල" Hands to Hands, Hands to Hearts

08/01/2026

2026 අවුරුද්දේ ජනවාරි තුන්වෙනිදා Helping Hands Community අපි "පහනින් පහනක් දල්වමු - එළියෙන් සිනහව දැකගමු" කියන අපේ අධ්‍යාපනික සමාජ සත්කාර වැඩසහටන් මාලාවේ දෙවන වැඩසටහන විදියට 2025 වර්ශයේ ලංකාවට බලපෑ දිට්වා සුලි කුණාටුවෙන් පීඩාවට පත් අපේම සහෝදර ජනතාවගේ පවුල් වල දරුවන්ට පොත් පත් සහ පාසල් උපකරණ ලබා දෙන්න තීරණය කලා.

ලංකාවෙ වගේම ලෝකෙ තවත් රටවල ඉඳන් Helping hands community එකත් එක්ක එකතු වෙලා ඉන්න ලස්සන හිත් ඇති බොහෝ පිරිසකගෙ සහයෝගයෙන් මෙවර නාය යෑම් නිසා දැඩි පීඩාවට ලක්වූ මහනුවර දිස්ත්‍රික්කයේ ගම්පොළ කොහොවල ගමෙත්, ගංවතුරින් ආපදාවට ලක් වූ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගිරිබාව බඹරේ වසම ගමෙත් පාසල් දරුවන් රැසකට 2026 පාසල් වර්ශයට අවශ්‍ය පොත් පත් ලබාදෙන්න තීරණය කලා.

අපි මුලින්ම ගියේ ගම්පොලට. ගම්පොළ දොළොස්බාගෙ පාරෙ හම්බවෙන කොහෝවල කියන ගමේ ශ්‍රී ප්‍රියදර්ශනාරාමය පංසලට. මේ ගම සබරගමු පලාතට මායිම්ව මධ්‍යම පලාතේ කදු මුදුනක පිහිටි සුන්දර ගමක්. ඒත් දිට්වා සුලි කුණාටුවෙන් නාය යෑම් අනතුරු රැසකට මේ ගම් වාසීන්ට මුහුන පාන්න සිද්දවෙලා තිබුන. බොහොමයක් පවුල් වලට තමන්ගෙ නිවාස අහිමිවෙලා තිබුන සහ නිවාස වලින් වහාම ඉවත්වෙන්න උපදෙස් ලැබිල තිබුන. අපි ඒ දරුවන්ට තෑගි අරගෙන ගිය වාහනේ අතරමගදි කාර්මික දෝශයකට ලක් වුන නිසා නොසිතූ විදියෙ වෙලාවක් ප්‍රමාද වෙන්න අපිට සිද්ද වුනා. විහාරස්ථානයේ ස්වාමින්වහන්ස, දහම් පසල් ගුරු මණ්ඩලය දෙමාපියන් පාසල් දරුවන් සහ පොහොය දිනයක් නිසා සිල් සමාදන් වෙන්න පැමිණ සිටි පිරිස් අපි එනකන් රැදී සිටියා. දහම් පාසල් ප්‍රධාන ආචාර්‍ය සවාමීන් වහන්සේ විසින් සංවිදානය කර තිබූ උත්සවයකින් අනතුරුව දරුවන් වෙත පොත් බෙදාදීම සිදුකල අතර ඉතා සංවේදී ස්තූති කතාවක් සිදුකරනු ලැබුවේ නාය යෑමෙන් නිවාස අහිමි වුනු එම දහම් පාසලේම ඉගනුම ලබන දැරියක් විසින්.

අපි මීළඟට යන්න සූදානම් වෙලා හිටියෙ රාජාංගනය ජලාශයේ කලා ඔය ආශ්‍රිතව ගං වතුර තත්වයන්ට මුහුණ දුන්න ගිරිබාව බඹරෙ වසම ගමට. අපි ගමන් ගත්ත වාහනේ ඇති වුනු කාර්මික දෝශයට අවශ්‍ය අලුත්වැඩියා කටයුතු නිසා අපේ ගමන පැය 6ක් වගේ ප්‍රමාද වුනා.

නමුත්, බඹරේ ගමේ දරුවන්ව අපිට සම්බන්ධ කරලා දුන්න දිනුශි සහෝදරිය එක්ක මුලින් කතාකරගත්ත වෙලාව වෙනස් වුනත් කොහොමහරි අපි රෑ 10 වෙනකොට බඹරෙ ගමට ලගාවුනා. අපේ ප්‍රමාදය හේතුවෙන් අපි අරන් ගිය තෑගි මේ දරුවන් අතරේ ඒ මොහොතේම බෙදලා දෙන්න නොහැකි නිසා අප එන තෙක් රැදී සිටි පිරිස සමග සුහද පිලිසදරකින් පසු දරුවන් වෙත සංඛේතාත්මකව පොත් භාරදී ගමේ පාසලේ විදුහල්පතිනියට සහ දිනුශි සහෝදරිය වෙත පොත්පත් සහ පාසල් උපකරණ බෙදාදිමේ වගකීම භාර දෙනු ලැබුවා.

දිනූෂි සහෝදරිය විසින් පසුදින පාසල් උපකරන ඒ දරුවන් අතරේ බෙදාදීම සංවිධානය කර නිසි ලෙස සිදු කරනු ලැබුවා.

"ලස්සන දවස් එන්නෙ නැ. එන දවස් අපි ලස්සන කරගන්න ඕනේ..."

helping hands community අපි විසින් සිදුකරන බොහොමයක් සමාජ සත්කාර අතර අපේ රටේ අධ්‍යාපනය නගාසිටුවීම උදෙසා සිදුකල මේ සත්කාර්ය දවසේ අපේ ගමනට බොහෝ ගැටලු බාධා පැමිණියත් අපි හැමෝම අපේ ගමන අවසානයේ දැක්කේ මල් කැකුළු වන් දු පුතුන්ගේ මුවගට නැගුනු බලාපොරොත්තුවේ සිනහවයි.

නාය ගිය මහා කඳු වලට වඩා ශක්තිමත් වූත්, බොරවූ කුරිරු ගංවතුර මෙන් නොවී පැහැදිලි සිහිල් දිය පිරි හදවතක් ඇත්තා වූත් උගත් යහපත් මතු පරපුරක් බිහිකිරීමට හැකි සුලු හෝ උපකාරයක් අපේ රටේ අපේම සහෝදර ජනතාව වෙනුවෙන් කිරීමට හැකිවේ යැයි බලාපොරොත්තුව අපි හැමදෙනාගෙම හිත් වල පිරී තිබුණා.

ඒ සියලු බලාපොරොත්තු යථාර්තයක් කරගැනීමට හැකිවුනේ helping hands community සමග එක්වී සිටින ඔබ සියලු දෙනාගේ ශක්තිය සහ වටිනා පරිත්‍යාගයන් නිසා. ඔබ සැමගේ ඒ වටිනා සහයෝගය වෙනුවෙන් Helping Hands Community අපගේ ගෞරවනීය ස්තූතිය පුදකර සිටින අතර ඉදිරියටත් අප සිදුකරන මෙවන් සමාජ සත්කාර සමගින් එක් වී අපේම රටේ අපේම මිනිසුන් වෙනුවෙන් සිනහවක් රැගෙන ඒමට ශක්තියක් වන්නැයි ආදරයෙන් ඉල්ලා සිටිනවා.

Helping Hands Community - මනුස්සකම් ඇවිස්සිල්ල

පහනින් පහනක් දල්වමු එළියෙන් සිනහව දැකගමු (2වන වැඩසටහන)නාය යෑම් සහ ගංවතුර තත්වයන් හමුවේ දැඩි ලෙස පීඩාවට පත් ගම්පොළ, මීතලා...
26/12/2025

පහනින් පහනක් දල්වමු
එළියෙන් සිනහව දැකගමු (2වන වැඩසටහන)

නාය යෑම් සහ ගංවතුර තත්වයන් හමුවේ දැඩි ලෙස පීඩාවට පත් ගම්පොළ, මීතලාව, කොහොවල ග්‍රාමයේ සහ කුරුණෑගල, ගිරිබාව, බඹරේ ග්‍රාමයේ ආර්ථික දුෂ්කරතා ඇති පවුල් වල දරුවන් වෙනුවෙන් 2026 වර්ෂයට අදාල පොත්සහ පාසල් උපකරණ ලබා දීමේ වැඩසටහන

කාරුණික ඔබගේ ආදරණීය පරිත්‍යාග ලබා දී එම දරුවන්ගේ අධ්‍යාපනයට සවියක් වන්න...❤️

අමතන්න
ඉසුරු 0702681900
ඉතාෂා 0713635285
මයුර 0785236570

"බොන්න පුලුවන් වතුර" මේ වෙලාවෙ අපේ රටේ පීඩාවට පත් අපේම සහෝදර ජනතාවට ඕනෙ කරන වැදගත්ම දේ. ඔබගේ සහයෝගය ලබා දෙන්න. ඒ වගේම මේ...
01/12/2025

"බොන්න පුලුවන් වතුර" මේ වෙලාවෙ අපේ රටේ පීඩාවට පත් අපේම සහෝදර ජනතාවට ඕනෙ කරන වැදගත්ම දේ. ඔබගේ සහයෝගය ලබා දෙන්න. ඒ වගේම මේ පණිවිඩය හැකිතාක් බෙදා දෙන්න. ❤️

30/11/2025
අසාධ්‍ය තත්වයේ සිටින තරුණයෙකුට බද්ධ කිරීමට  O+ හෝ O- වර්ගයේ අක්මාවකින් කොටසක් ලබා දීමට කැමති නම් අමතන්න.+819058145147070...
16/11/2025

අසාධ්‍ය තත්වයේ සිටින තරුණයෙකුට බද්ධ කිරීමට O+ හෝ O- වර්ගයේ අක්මාවකින් කොටසක් ලබා දීමට කැමති නම් අමතන්න.

+819058145147
0702681900

Our heartfelt gratitude to the doctors, nurses and all the staff of the Liver Disease Unit of the Ragama Teaching Hospit...
05/09/2025

Our heartfelt gratitude to the doctors, nurses and all the staff of the Liver Disease Unit of the Ragama Teaching Hospital who are dedicated to saving the lives of Children ❤️

Baby Lyzal, a 7-month-old boy from Batticaloa, underwent a liver transplant due to cirrhosis caused by biliary atresia in June 2025. He was very sick and suf...

මේ පැටියට තවම සුදුසු අක්මාවකින් කොටසක් ලැබුනේ නැහැ. දුල්මිණි දැන් ගොඩක් අමාරු තත්වයක රාගම ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ගන්නවා....
23/07/2025

මේ පැටියට තවම සුදුසු අක්මාවකින් කොටසක් ලැබුනේ නැහැ. දුල්මිණි දැන් ගොඩක් අමාරු තත්වයක රාගම ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ගන්නවා. දුල්මිණිගේ ජීවිතය බේර ගන්න හැකිතාක් උදව් වෙන්න...❤️ 🙏

නිට්ටඹුවේ පදිංචි දුල්මිණී කවින්ෂා දුව ඉගනගන්නෙ 8 වසරේ. ඇය මේ වනවිට දරුණු අක්මා රෝගයකින් පීඩා විඳිනවා. පුංචි දුල්මිණීගේ ජීවිතය බේරගන්න නම් ඇයට O+ හෝ O- වර්ගයේ අක්මාවකින් කොටසක් හැකි ඉක්මනින් බද්ධ කරන්න රාගම ශික්ෂණ රෝහලේ වෛද්‍යවරු නිර්දේශ කරලා තියනවා. අක්මාවෙන් කොටසක් දන් දී මේ දරුවාගේ ජීවිතය බේරා ගැනීමට හැකි නම්, අමතන්න

දරුවාගෙ පියා රංග කුමාර මහතා - 0755855684
මව අනෝමා ලක්ෂ්මී මහත්මිය - 0757843392
ඉසුරු (Helping Hands Community) - 0702681900




චතුම් සස්දුල ජයසිංහ අවුරුදු 8ක පුංචි පුතෙක්. චතුම් මේ වෙද්දි දරුණු අක්මා රෝගයකට ගොදුරු වෙලා. චතුම්ගෙ ජීවිතය බේරගන්න හැකි...
18/07/2025

චතුම් සස්දුල ජයසිංහ අවුරුදු 8ක පුංචි පුතෙක්. චතුම් මේ වෙද්දි දරුණු අක්මා රෝගයකට ගොදුරු වෙලා.

චතුම්ගෙ ජීවිතය බේරගන්න හැකි ඉක්මනින් O+ හෝ O- වර්ගයේ අක්මාවකින් කොටසක් බද්ධ කරන්න චතුම්ට ප්‍රතිකාර කරන රාගම ශික්ෂණ රෝහලේ අක්මා රෝග ඒකකයේ වෛද්‍යවරු නිර්දේශ කරලා තියනවා.

අක්මාවෙන් කොටසක් දන් දීලා මේ පැටියගෙ ජීවිතය බේරගන්න හැකි නම් අමතන්න.

චතුම්ගේ මව 0766082205
චතුම්ගේ පියා 0770778755
ඉසුරු (Helping Hands Community) 0702681900

මේ පෝස්ට් එක හැකිතාක් share කර චතුම්ට ගැලපෙන අක්මාවෙන් කොටසක් හොයා ගන්න සහය වෙන්න.

ස්තූතියි.

තවත් දරුවෙකුගේ අධ්‍යාපන අවශ්‍යතාවයක් සපුරාලමින් 🙏💚 Helping Hands Community  "මනුස්සකම් ඇවිස්සිල්ල"
21/01/2025

තවත් දරුවෙකුගේ අධ්‍යාපන අවශ්‍යතාවයක් සපුරාලමින් 🙏💚
Helping Hands Community "මනුස්සකම් ඇවිස්සිල්ල"

Address

88/04/02 , Polhena Road
Nittambuwa

Alerts

Be the first to know and let us send you an email when Helping Hands Community "මනුස්සකම් ඇවිස්සිල්ල" posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Helping Hands Community "මනුස්සකම් ඇවිස්සිල්ල":

Share

Category