NPP Negombo - NPP මීගමුව - NPP ஒரு பாறையுடன்

  • Home
  • Sri Lanka
  • Negombo
  • NPP Negombo - NPP මීගමුව - NPP ஒரு பாறையுடன்

NPP Negombo - NPP මීගමුව - NPP ஒரு பாறையுடன் Official NPP Page of Negombo

පෝරුතොට කොට්ඨාස සභාවේ සභාපති,නාගරික මන්ත්‍රී නීතිඥ ෆසීර් මොහොමඩ් මහතාගේ සහ මහජන ආරක්ෂක කමිටු (දළුවකොටුව-74 ග්‍රාම නිළධාර...
04/06/2026

පෝරුතොට කොට්ඨාස සභාවේ සභාපති,නාගරික මන්ත්‍රී නීතිඥ ෆසීර් මොහොමඩ් මහතාගේ සහ මහජන ආරක්ෂක කමිටු (දළුවකොටුව-74 ග්‍රාම නිළධාරී වසම) සභාපති නිහාල් අමරසිංහ මහතාගේ මූලිකත්වයෙන් මෙම සිනී සම්බෝල බනිස් දන්සලේ සංවිධාන කටයුතු සිදුවූ අතර ,සියළුම කමිටු සාමාජිකයන් ඉතා ක්‍රියාකාරීව මෙම දාන පාරමිතාවට සහභාගී විය.

ජාතික ජන බලවේගය බෝලවලාන කොට්ඨාස සභාව විසින් 4වෙනි වරටත් සංවිධානය කරන ලද වෙසක් බත් දන්සල 31 වෙනි දින ලයිට්මෝල හංදියේදි සා...
03/06/2026

ජාතික ජන බලවේගය බෝලවලාන කොට්ඨාස සභාව විසින් 4වෙනි වරටත් සංවිධානය කරන ලද වෙසක් බත් දන්සල 31 වෙනි දින ලයිට්මෝල හංදියේදි සාර්ථකව පවත්වන ලදි.

“ප්‍රජා ශක්ති” දිළිඳු බව තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරයට සමගාමීව ක්‍රියාත්මක කෙරෙන “ගම් දහසක වැඩ දහසක්” ව්‍යාපෘතිය අද (02)...
02/06/2026

“ප්‍රජා ශක්ති” දිළිඳු බව තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරයට සමගාමීව ක්‍රියාත්මක කෙරෙන “ගම් දහසක වැඩ දහසක්” ව්‍යාපෘතිය අද (02) උදෑසන දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මුල් කරගනිමින් ආරම්භ කෙරුණි.ඒ අනුව මීගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 156 A උතුරු මුන්නක්කරය ග්‍රාම නිලධාරී වසමේ කුට්ටිදූව කරවල /ධීවර වාඩි වෙත පිවිසෙන සෙල්බි පාර ආරම්භයේ සිට මාර්ගය උස්සා කානු සහිතව කාපට් කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කිරීමේ සමාරම්භක උත්සවය අද උදෑසන මීගමුව නගරාධිපති ජ්‍යෙෂ්ඨ නීතිඥ රොබට් හීන්කෙන්ද මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.මෙම අවස්ථාව සඳහා නාගරික මන්ත්‍රී දිනේෂ් ශාන්ත් නාගරික මන්ත්‍රීනි රූපිකා නාමලී ඇතුළු දේශපාලන අධිකාරි නියෝජිතයින්ද මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවාරච්චි ඇතුළු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරි මහත්ම මහත්මීන්ද ප්‍රජා සංවර්ධන සභාවේ සභාපති ඇතුළු කමිටු සාමාජිකයින් සමග ගම්වාසීන් සම්බන්ධ විය.

ප්‍රජා සංවර්ධන සභා මගින් හඳුනාගත් නිෂ්පාදන ආර්ථිකය, ආහාර සුරක්ෂිතතාව සහ ජීවනෝපාය සංවර්ධනයට සෘජුවම දායක වන ව්‍යාපෘති සඳහා රුපියල් මිලියන 25,000ක ප්‍රතිපාදන වෙන්කර ඇති අතර ඒ අනුව එම ව්‍යාපෘති ආරම්භ කිරීමේ කිරීමේ සමාරම්භක උත්සවයන් දිවයින පුරා අද උදෑසන සිදුවිය.

අධික වර්ෂාපතනයකදී කොච්චිකඩේ ජනතාව මුහුණ දෙන ප්‍රධාන ගැටලුවක් වන ගංවතුර තත්ත්වය පාලනය කිරීමේ අරමුණින්, ඇළ මාර්ග හා මහා කා...
01/06/2026

අධික වර්ෂාපතනයකදී කොච්චිකඩේ ජනතාව මුහුණ දෙන ප්‍රධාන ගැටලුවක් වන ගංවතුර තත්ත්වය පාලනය කිරීමේ අරමුණින්, ඇළ මාර්ග හා මහා කානු පද්ධතිවල පිරී ඇති මඩ, කසළ සහ අපද්‍රව්‍ය ඉවත් කිරීමක් පසුගියදා කෙරිණි.

මෙම වැඩසටහන සඳහා මීගමුව මහා නගර සභාවේ ප්‍රතිපාදන මෙන්ම සහයෝගයද හිමි වූ අතර, ලෙස්ටර් මන්ත්‍රීතුමා , මැක්සි මන්ත්‍රීතුමා සහ , රුපිකා මන්ත්‍රීනිය, මහජන සෞඛ්‍ය පරීක්ෂක ගුණරත්න මහතා, සම්පත් මහතා සහ ඉංජිනේරු අංශය එක්ව මෙම කාර්යයට දායක වූහ.

ජනතාවගේ දෛනික ජීවිතයට බලපාන ගැටලු සඳහා ප්‍රායෝගික විසඳුම් ලබාදෙමින්, ආරක්ෂිත හා පිරිසිදු පරිසරයක් ගොඩනැගීම වෙනුවෙන් මීගමුව මහ නගර සබාව ක්‍රියාත්මක විණි.

🙏🤍
30/05/2026

🙏🤍

ජාතික වෙසක් සතියට මීගමුවෙන් අරුණැල්ලක්🙏🪔ජාතික වෙසක් සතිය ඇරඹීමට සමගාමීව ඊයේ දින මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මූලිකත...
28/05/2026

ජාතික වෙසක් සතියට මීගමුවෙන් අරුණැල්ලක්🙏🪔

ජාතික වෙසක් සතිය ඇරඹීමට සමගාමීව ඊයේ දින මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මූලිකත්වයෙන් බොදු බැති ගී වැඩසටහනක් පැවැත්විණි.

මෙම වැඩසටහනත් සමඟ මීගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ වෙසක් සතිය නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරුණු අතර, සතිය පුරා නොයෙකුත් බෞද්ධාගමික වැඩසටහන් පැවැත්වීමට නියමිතය.

මෙම අවස්ථාව සඳහා මීගමුව සම්බන්ධීකරණ කමිටු සභාපති, ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මහතා,
මීගමුව නගරාධිපති ජ්‍යෙෂ්ඨ නීතිඥ රොබට් හීන්කෙන්ද මහතා, මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවාරච්චි මහත්මිය ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් ද මෙම වැඩසටහනට එක් විය.

බුදු දහමේ ආලෝකය සියලු සිතුවිලිවලට පැතිරේවා! ☸️

#වෙසක්2026 #මීගමුව #ජාතිකවෙසක්සතිය #බොදුබැතිගී

දැඩි වර්ෂාවෙන් මීගමුව ආසනයට බලපෑ ගංවතුර සහ හානි මැද, ජාතික ජන බලවේගයේ වගකිවයුතු බලධාරීන්ගේ සේවය ප්‍රශංසනීයයි.කොච්චිකඩේ ද...
26/05/2026

දැඩි වර්ෂාවෙන් මීගමුව ආසනයට බලපෑ ගංවතුර සහ හානි මැද, ජාතික ජන බලවේගයේ වගකිවයුතු බලධාරීන්ගේ සේවය ප්‍රශංසනීයයි.
කොච්චිකඩේ දුම්රිය ස්ථානයට යන ප්‍රධාන මාර්ගයට විශාල ගසක් කඩා වැටී රථවාහන ගමනාගමනයට බාධා එල්ල වුණා. මීගමුව නගර සභා ගිනිවන අංශයේ සහයෝගයෙන්, ගරු නගරාධිපති තුමා සහ නියෝජ්‍ය නගරාධිපති තුමාගේ මැදිහත්වීමෙන් එම ස්ථානය ඉක්මනින් යථා තත්ත්වයට පත් කළා.

#මීගමුව #ජාතිකජනබලවේගය #ගංවතුරසහන #ජනතාවගේසේවකයෝ

අද පැවති ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මැතිතුමාගේ මහජන දිනයේදී, පැමිණි ජනතාවගේ ගැටලු සඳහා කඩිනම් විසඳුම් සහ අව...
25/05/2026

අද පැවති ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මැතිතුමාගේ මහජන දිනයේදී, පැමිණි ජනතාවගේ ගැටලු සඳහා කඩිනම් විසඳුම් සහ අවශ්‍ය සම්බන්ධීකරණයන් එතුමාගේ සෘජු මැදිහත්වීමෙන් ලබා දෙන ලදී.

දැඩි වර්ෂාවෙන් මීගමුව ආසනයට බලපෑ ගංවතුර සහ හානි මැද, ජාතික ජන බලවේගයේ නාගරික මන්ත්‍රීවරුන් ඇතුළු වගකිවයුතු පිරිස් ක්ෂේත්...
25/05/2026

දැඩි වර්ෂාවෙන් මීගමුව ආසනයට බලපෑ ගංවතුර සහ හානි මැද, ජාතික ජන බලවේගයේ නාගරික මන්ත්‍රීවරුන් ඇතුළු වගකිවයුතු පිරිස් ක්ෂේත්‍රයේ සිට මැදිහත් වී ජනතාවට සේවය සැලසූ ආකාරය ප්‍රශංසනීයයි.
මීගමුව ආසනයේ දළුපත, කට්ටුව, පලගතුරය ප්‍රදේශ හරහා ගලායන දළුපත ඇල-2 හි ගංවතුර තත්ත්වය අවම කිරීමට සහ ජලය හැමිල්ටන් ඇලට බාධාවකින් තොරව ගලා යාමට අවශ්‍ය කටයුතු සිදු කළා. මීගමුව නාගරික මන්ත්‍රී ජා.ජ.බ නීතිඥ ෆසීර් සහෝදරයා සහ පලගතුරය ආබ්දීන් මාවත තරුණයන් එක්ව මෝයේ තිබූ තාවකාලික බාධා සහ අපද්‍රව්‍ය ඉවත් කර ජල ගැලීම සකස් කළා.

#මීගමුව #ජාතිකජනබලවේගය #ගංවතුරසහන #ජනතාවගේසේවකයෝ

දැඩි වර්ෂාවෙන් මීගමුව ආසනයට බලපෑ ගංවතුර සහ හානි මැද, ජාතික ජන බලවේගයේ නාගරික මන්ත්‍රීවරුන් ඇතුළු වගකිවයුතු පිරිස් ක්ෂේත්...
25/05/2026

දැඩි වර්ෂාවෙන් මීගමුව ආසනයට බලපෑ ගංවතුර සහ හානි මැද, ජාතික ජන බලවේගයේ නාගරික මන්ත්‍රීවරුන් ඇතුළු වගකිවයුතු පිරිස් ක්ෂේත්‍රයේ සිට මැදිහත් වී ජනතාවට සහනයක් සැලසූ ආකාරය සැබවින්ම ප්‍රශංසනීයයි.

කොච්චිකඩේ සහ කටාන මායිම් ප්‍රදේශය හරහා ගලායන පාලි ඇලට විශාල ගසක් කඩා වැටීමෙන් ඇල අවහිර වී පවුල් ගණනාවකට ජලය කාන්දු වීමේ තත්ත්වයක් ඇති වුණා. මීගමුව සහ කටාන මන්ත්‍රීවරුන් ක්ෂේත්‍රයට පැමිණ ජනතාව සමඟ එක්ව එම ගස කපා ඉවත් කර ජල ගැලීම යථා තත්ත්වයට පත් කළා.
ජනතාවගේ ප්‍රශ්න තියෙන තැනටම ගිහින්, වචනෙන් නෙවෙයි ක්‍රියාවෙන් පිළිතුරු දෙන දේශපාලනයක් තමයි අපිට අවශ්‍ය. මේ ඒකට උදාහරණයක්.

#මීගමුව #ජාතිකජනබලවේගය #ගංවතුරසහන #ජනතාවගේසේවකයෝ

Address

52 , Waboda Road
Negombo

Alerts

Be the first to know and let us send you an email when NPP Negombo - NPP මීගමුව - NPP ஒரு பாறையுடன் posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share