03/09/2026
දෙස් විදෙස් විද්වතුන්ගේ නොමඳ පැසසුම් මධ්යයේ NPAIRC 2026 ජාත්යන්තර පර්යේෂණ සමුළුව සාර්ථකව නිමාවට
ශ්රී ලංකා පොලිසියේ 160 වන සංවත්සරයට සමගාමීව ජාතික පොලිස් අභ්යාස ආයතනය විසින් ප්රථම වරට සංවිධානය කරන ලද National Police Academy International Research Conference 2026 (NPAIRC 2026) ජාත්යන්තර පර්යේෂණ සමුළුව, 2026 අගෝස්තු මස 31 සහ සැප්තැම්බර් මස 01 යන දෙදින තුළ අතිසාර්ථකව පැවැත්විණි.
“Transnational Crime and Social Protection: Integrated Responses for Regional Security”
“දේශාන්තර අපරාධ සහ සමාජ ආරක්ෂණය: කලාපීය ආරක්ෂාව සඳහා ඒකාබද්ධ ප්රතිචාර” යන තේමාව යටතේ පැවැත්වුණු මෙම සමුළුව සඳහා දේශීය හා විදේශීය විශ්වවිද්යාල ආචාර්යවරුන්, පර්යේෂකයන්, නීති ක්ෂේත්රයේ ප්රවීණයන්, ප්රතිපත්ති සම්පාදකයන්, රාජ්ය හා රාජ්ය නොවන ආයතන නියෝජිතයන්, නීතිය ක්රියාත්මක කරන ආයතනවල ජ්යෙෂ්ඨ නිලධාරීන්, පොලිස් නිලධාරීන්, වෘත්තීයවේදීන් සහ ශිෂ්ය පර්යේෂකයන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.
සමාරම්භක දිනය – ජාතික පොලිස් අභ්යාස ආයතනය, කටාන
සමුළුවේ සමාරම්භක උළෙල 2026 අගෝස්තු මස 31 වන දින කටාන ජාතික පොලිස් අභ්යාස ආයතන පරිශ්රයේදී, මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්ය ගරු ආනන්ද විජේපාල මහතාගේ ප්රධානත්වයෙන් පැවැත්විණි.
මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්යාංශයේ ලේකම් ඩී.ඩබ්ලිව්.ආර්.බී. සෙනෙවිරත්න මහතා, පොලිස්පති නීතිඥ ප්රියන්ත වීරසූරිය මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් ඊට සහභාගි වූ අතර, ගෞරවනීය ආරාධිත අමුත්තිය ලෙස ශ්රී ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් Isabelle Martin මහත්මිය එක්වූවාය.
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ශ්රී ලංකා නේවාසික නියෝජිත Azusa Kubota මහත්මිය, කැලණිය විශ්වවිද්යාලයේ හිටපු උපකුලපති ජ්යෙෂ්ඨ මහාචාර්ය නිලන්ති ද සිල්වා මහත්මිය, ශ්රී ලංකා පොලිසියේ පරිපාලනය භාර ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති සජීව ධර්මරත්න මහතා, බස්නාහිර පළාත භාර ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති සජීව මැදවත්ත මහතා, වයඹ පළාත භාර ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති අජිත් රෝහණ මහතා ඇතුළු ජ්යෙෂ්ඨ රාජ්ය නිලධාරීන් සහ උසස් පොලිස් නිලධාරීහු ද මෙම අවස්ථාවට එක්වූහ.
සමුළුවේ පළමු දිනයේදී දේශාන්තර සංවිධානාත්මක අපරාධ, මිනිස් ජාවාරම හා මිනිස් වෙළඳාම, නීතිවිරෝධී මත්ද්රව්ය ජාවාරම, සයිබර් අපරාධ සහ ඩිජිටල් අධිකරණ විද්යාව, කාන්තා හා ළමා ආරක්ෂාව, ස්ත්රී–පුරුෂ සමානාත්මතාව, මානව හිමිකම් සුරැකීම, මුදල් විශුද්ධිකරණය, අපරාධවලින් උපයාගත් දේපළ, මූල්ය අපරාධ සහ දූෂණ විරෝධී ක්රියාමාර්ග ඇතුළු කාලීන ක්ෂේත්ර රැසක් යටතේ පර්යේෂණ පත්රිකා ඉදිරිපත් කරමින් සාකච්ඡා පැවැත්විණි.
සයිබර් සහ දේශසීමා ඉක්මවන අපරාධවලට ප්රතිචාර දැක්වීමේදී ජාත්යන්තර සබඳතා සහ ගෝලීය සහයෝගීතාව ශක්තිමත් කිරීම, නවීන තාක්ෂණික මෙවලම් පොලිස් සේවයට ඒකාබද්ධ කිරීම, විදේශයන්හි සැඟව සිටින අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්යන්තර පොලිස් සහය ලබාගැනීම හා INTERPOL Red Notices භාවිත කිරීමේ වැදගත්කම ද මෙහිදී අවධාරණය කෙරිණි.
නව තාක්ෂණය ඔස්සේ යුක්තියට ප්රවේශය පුළුල් කිරීම, අපරාධ යුක්ති පද්ධතියේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සහ විදේශීය අත්දැකීම් ආශ්රයෙන් මෙරට භාවිත වන ක්රමවේද වැඩිදියුණු කිරීම සඳහා ඉදිරිපත් වූ යෝජනා සහ අදහස් සමුළුවේ ශාස්ත්රීය හා ප්රායෝගික වටිනාකම තවදුරටත් ඉහළ නැංවීය.
පළමු දින සන්ධ්යාවේදී පොලිස් සංස්කෘතික කොට්ඨාසය සහ බටහිර තූර්ය වාදන කණ්ඩායම විසින් ජාතික පොලිස් අභ්යාස ආයතන පරිශ්රයේ ඉදිරිපත් කරන ලද විචිත්රවත් සංස්කෘතික ප්රසංගය, සපැමිණි දෙස් විදෙස් සම්භාවනීය අමුත්තන්ගේ සහ විද්වතුන්ගේ නොමඳ ප්රශංසාවට හා ඇගයීමට ලක්විය.
දෙවන දිනය සහ සමාප්ති උළෙල – Grand Maitland Hotel, කොළඹ 07
සමුළුවේ දෙවන දිනය සහ සමාප්ති උළෙල 2026 සැප්තැම්බර් මස 01 වන දින කොළඹ 07, Grand Maitland Hotel හිදී පැවැත්විණි.
සමාප්ති උළෙලේ ප්රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්රී ලංකා පාර්ලිමේන්තුවේ ගරු කථානායක වෛද්ය ජගත් වික්රමරත්න මහතා සහභාගි වූ අතර, ගරු අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා සහ ගරු මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ නියෝජ්ය අමාත්ය සුනිල් වටගල මහතා විශේෂ ආරාධිත අමුත්තන් ලෙස එක්වූහ.
අධිකරණ අමාත්යාංශයේ ලේකම් ජනාධිපති නීතිඥ අයේෂා ජිනසේන මහත්මිය විසින් සමුළුවේ ප්රධාන දේශනය පවත්වන ලදී.
දේශාන්තර සංවිධානාත්මක අපරාධවල නව ප්රවණතා සහ ඒවාට ප්රතිචාර දැක්වීම, මුදල් විශුද්ධිකරණය, අපරාධවලින් උත්පාදිත දේපළ හා දූෂණ විරෝධී නීති, තාක්ෂණය මගින් යුක්තියට ප්රවේශය පුළුල් කිරීම සහ අපරාධ යුක්ති පද්ධතියේ අනාගතය යන කාලීන මාතෘකා කේන්ද්ර කරගනිමින් පැවැත්වුණු උසස් මට්ටමේ විද්වත් සාකච්ඡා ත්රිත්වය සහභාගි වූවන්ගේ විශේෂ අවධානයට හා පැසසුමට ලක්විය.
මාලදිවයින් පොලිස් කොමසාරිස්අ හමඩ් මොහොමඩ් මහතා, ඉන්දු–පැසිෆික් කලාපයේ වැඩබලන කලාපීය අධ්යක්ෂ ග්ලෙන් බ්රෙකොන් මහතා, ශ්රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් කාර්යාලයේ සම්බන්ධතා නිලධාරිනී සෝනියා ඩග්ලස් මහත්මිය සහ ශ්රී ලංකා පොලිස්පති නීතිඥ ප්රියන්ත වීරසූරිය මහතා සහභාගි වූ විශේෂ කලාපීය සම්මන්ත්රණය ද මෙහි ප්රධාන අංගයක් විය.
ශ්රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්රේමරත්න මහතා, ශ්රී ලංකා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්රනාන්දු මහතා සහ ශ්රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා දැක්වූ සම්භාවනීය සහභාගිත්වය, NPAIRC 2026 සමුළුවේ ජාතික වැදගත්කම මෙන්ම මෙරට ආරක්ෂක සහ නීතිය ක්රියාත්මක කරන ආයතන අතර පවතින සහයෝගීතාව ද මනාව විදහා දැක්වීය.
UNODC South Asia, Central Bureau of Investigation of India, ශ්රී ලංකා නීතිපති දෙපාර්තමේන්තුව, ශ්රේෂ්ඨාධිකරණය, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව, Australian Federal Police, Financial Intelligence Unit, UNDP සහ NIBM ඇතුළු ආයතන නියෝජනය කළ විද්වතුන් ද, ශ්රී ලංකා පොලිසිය සහ මාලදිවයින් පොලිස් සේවය නියෝජනය කළ ජ්යෙෂ්ඨ නිලධාරීන් ද සිය වෘත්තීය දැනුම හා අත්දැකීම් බෙදාහදා ගනිමින් සමුළුවේ අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා සක්රියව දායක වූහ.
ශ්රී ලංකාව සහ ඉන්දියාව ඇතුළු රටවල් නියෝජනය කරමින් විශ්වවිද්යාල, ආරක්ෂක අධ්යයන ආයතන, නීති හා අධිකරණ ක්ෂේත්රය, රාජ්ය ආයතන සහ පර්යේෂණ ප්රජාව වෙතින් සහභාගි වූ විද්වතුන්, වෘත්තීයවේදීන් සහ පර්යේෂකයන්ගේ දායකත්වය සමුළුවේ ජාත්යන්තර ප්රවේශය, විෂය විවිධත්වය සහ ශාස්ත්රීය වටිනාකම තවදුරටත් ඉහළ නැංවීය.
UNODC ජාතික වැඩසටහන් සම්බන්ධීකාරක අනුෂා මුණසිංහ මහත්මියගේ අදහස් දැක්වීමෙන් සමුළුවේ අවසන් අදියර වඩාත් අර්ථවත් වූ අතර, සම්භාවනීය ආරාධිත අමුත්තන් වෙත සමරු තිළිණ ප්රදානය කිරීම සහ පොලිස් සංස්කෘතික කොට්ඨාසය විසින් ඉදිරිපත් කරන ලද විචිත්රවත් සංස්කෘතික හා නර්තන අංග සමඟ සමාප්ති උළෙල වර්ණවත් විය.
NPAIRC 2026 යනු පර්යේෂණ දැනුම ප්රායෝගික ක්රියාමාර්ග බවට පරිවර්තනය කරමින්, දේශසීමා ඉක්මවන අපරාධ අභියෝගවලට මුහුණදීම සඳහා කලාපීය සහයෝගීතාව, දැනුම හුවමාරුව, අන්තර්ආයතනික සම්බන්ධීකරණය සහ සාමූහික වගකීම ශක්තිමත් කළ නව ගමනක ආරම්භයකි.
මෙම ඓතිහාසික ජාත්යන්තර සමුළුව ජාත්යන්තර ප්රමිතීන්ට අනුකූලව සංවිධානය කිරීමට නායකත්වය ලබාදුන් ජාතික පොලිස් අභ්යාස ආයතනයේ විධායක අධ්යක්ෂ නියෝජ්ය පොලිස්පති මංජුල මහගිරිල්ල මහතා සහ සමුළුව සාර්ථක කරගැනීම සඳහා මූලාරම්භයේ සිට දායකත්වය දැක්වූ කැලණිය විශ්වවිද්යාලයේ මහාචාර්ය අනුෂා එදිරිසිංහ මහත්මිය ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලය, පොලිස්පති නීතිඥ ප්රියන්ත වීරසූරිය මහතාගේ විශේෂ ඇගයීමට ලක්විය.
NPAIRC 2026 ජාත්යන්තර පර්යේෂණ සමුළුව අතිසාර්ථක කරගැනීම සඳහා දායකත්වය ලබාදුන් සම්භාවනීය ආරාධිත අමුත්තන්, දෙස් විදෙස් විද්වතුන් හා පර්යේෂකයන්, සහයෝගී ආයතන, රාජ්ය හා රාජ්ය නොවන සංවිධාන, සංවිධායක කමිටුවේ සියලුම සාමාජිකයන් සහ සෑම අයුරකින්ම සහයෝගය දැක්වූ සියලු පාර්ශ්ව වෙත පොලිස්පතිතුමා ප්රමුඛ ශ්රී ලංකා පොලිසියේ ගෞරවනීය ස්තූතිය පුදකර සිටිමු.
පර්යේෂණයෙන් දැනුමට — දැනුමෙන් ක්රියාමාර්ගයට — ක්රියාමාර්ගයෙන් සුරක්ෂිත සමාජයකට.
🌐 NPAIRC 2026 Concludes Successfully Amid Widespread National and International Acclaim
The National Police Academy International Research Conference 2026 (NPAIRC 2026), organized for the first time by the National Police Academy in conjunction with the 160th Anniversary of the Sri Lanka Police, was successfully held on 31 August and 1 September 2026.
Conducted under the theme:
“Transnational Crime and Social Protection: Integrated Responses for Regional Security,”
the conference brought together local and international academics, researchers, legal experts, policymakers, senior law-enforcement officials, representatives of government and non-governmental organizations, professionals, university students and emerging researchers.
📍 Opening Day – National Police Academy, Katana
The inauguration ceremony was held on 31 August 2026 at the National Police Academy, Katana, under the distinguished patronage of Hon. Ananda Wijepala, Minister of Public Security and Parliamentary Affairs.
The ceremony was attended by Mr. D.W.R.B. Seneviratne, Secretary to the Ministry of Public Security and Parliamentary Affairs, and Mr. Priyantha Weerasooriya, Attorney-at-Law, Inspector General of Police. Her Excellency Isabelle Martin, High Commissioner of Canada to Sri Lanka, graced the occasion as a Guest of Honour.
Among the other distinguished participants were Ms. Azusa Kubota, Resident Representative of the United Nations Development Programme in Sri Lanka; Senior Professor Nilanthi de Silva, former Vice-Chancellor of the University of Kelaniya; SDIG Sajeewa Dharmaratne, Senior Deputy Inspector General of Police in charge of Administration; SDIG Sajeewa Medawatta, Senior Deputy Inspector General of Police in charge of the Western Province; and SDIG Ajith Rohana, Senior Deputy Inspector General of Police in charge of the North Western Province, together with senior government officials and high-ranking police officers.
The first day featured the presentation and discussion of research papers addressing a broad range of contemporary issues, including transnational organized crime, human trafficking and human smuggling, illicit drug trafficking, cybercrime and digital forensics, women and child protection, gender equality, human rights, money laundering, proceeds of crime, financial crime and anti-corruption mechanisms.
Particular emphasis was placed on strengthening international cooperation in responding to cybercrime and other transnational criminal activities, integrating modern technological tools into policing, and obtaining international assistance—including the effective use of INTERPOL Red Notices—to apprehend offenders operating or evading arrest beyond national borders.
The conference also explored the use of emerging technologies to expand access to justice, enhance the efficiency of the criminal justice system and improve existing national practices through lessons and professional experiences drawn from other jurisdictions.
The opening day concluded with a colourful cultural programme presented by the Police Cultural Division and the Western Band of the Sri Lanka Police at the National Police Academy. The outstanding artistic and cultural performances of Sri Lanka Police personnel received widespread admiration and appreciation from both local and international guests.
Second Day and Closing Ceremony – Grand Maitland Hotel, Colombo 07
The second day and closing ceremony of NPAIRC 2026 were held on 1 September 2026 at the Grand Maitland Hotel, Colombo 07.
Hon. Dr. Jagath Wickramaratne, Speaker of the Parliament of Sri Lanka, graced the closing ceremony as the Chief Guest. Hon. Harshana Nanayakkara, Attorney-at-Law, Minister of Justice and National Integration, and Hon. Sunil Watagala, Deputy Minister of Public Security and Parliamentary Affairs, attended as Special Guests.
The keynote address was delivered by Mrs. Ayesha Jinasena, President’s Counsel, Secretary to the Ministry of Justice.
Three high-level panel discussions focusing on current trends and responses to transnational organized crime; money laundering, proceeds of crime and anti-corruption legislation; and the expansion of access to justice through technology and the future of the criminal justice system received particular attention and appreciation from the participants.
A special regional seminar on good practices and emerging challenges in law enforcement was another significant feature of the conference. It brought together Mr. Ahmed Mohamed, Commissioner of Police of the Maldives Police Service; Mr. Glenn Brecon, Acting Regional Director for the Indo-Pacific Region; Mrs. Sonya Douglas, Liaison Officer of the New Zealand High Commission to Sri Lanka; and Mr. Priyantha Weerasooriya, Attorney-at-Law, Inspector General of Police of Sri Lanka.
The distinguished participation of Lieutenant General Nilantha Premaratne, Commander of the Sri Lanka Army; Vice Admiral Damien Fernando, Commander of the Sri Lanka Navy; and Air Marshal Bandu Edirisinghe, Commander of the Sri Lanka Air Force, further demonstrated the national significance of NPAIRC 2026 and the strong cooperation that exists among Sri Lanka’s defence and law-enforcement institutions.
Experts representing UNODC South Asia, the Central Bureau of Investigation of India, the Attorney General’s Department of Sri Lanka, the Supreme Court of Sri Lanka, the Commission to Investigate Allegations of Bribery or Corruption, the Australian Federal Police, the Financial Intelligence Unit, UNDP and NIBM, together with representatives of the Sri Lanka Police and the Maldives Police Service, actively contributed their professional expertise, institutional experience and perspectives towards achieving the objectives of the conference.
The participation of academics, professionals and researchers representing universities, defence studies institutions, legal and judicial sectors, government institutions and research communities in Sri Lanka, India and other countries further enhanced the international reach, multidisciplinary character and academic value of NPAIRC 2026.
The concluding session was enriched by remarks delivered by Ms. Anusha Munasinghe, National Programme Coordinator of UNODC. Tokens of appreciation were presented to the distinguished guests, while colourful cultural and dance performances by the Police Cultural Division brought the closing ceremony to a memorable conclusion.
NPAIRC 2026 marked the beginning of a new journey towards transforming research knowledge into practical action while strengthening regional cooperation, knowledge exchange, inter-agency coordination and collective responsibility in responding to the complex challenges posed by transnational crime.
The leadership of DIG Manjula Mahagirilla, Executive Director of the National Police Academy, in organizing this historic conference in accordance with international standards, together with the invaluable contribution of Professor Anusha Edirisinghe of the University of Kelaniya and the entire organizing team from the initial stages of the conference, received special appreciation from the Inspector General of Police.
The Sri Lanka Police, under the leadership of the Inspector General of Police, extends its sincere gratitude to all distinguished guests, local and international academics, researchers, participating institutions, government and non-governmental organizations, members of the organizing committee and every individual who contributed towards making NPAIRC 2026 an outstanding success.
From research to knowledge—
from knowledge to action—
and from action towards a safer society.