කවී -Kavee

කවී -Kavee "ඔබේ හදවත විස්තර කළ නොහැකි දේ සහ අත්විඳින දේවලින් පිරී තිබේවායි මම ප්‍රාර්ථනා කරමි."🌨🩷

God's Plan ⚜️🧿

11:11

🦢🪻🩷

❝මම ආත්මයක් ඇති සිරුරක් නෙමෙයි 💗🥺 මම ඇසට පෙනෙන සිරුරකින් යුත් ආත්මයක් 🧡😍❞

බුදුරජාණන් වහන්සේගේ ගමන් විලාසය 🙏🤍✨අනේක ප්‍රාතිහාර්ය යුක්ත සුන්දර ගමන් ඇති බැවින් භාග්‍යවතුන් වහන්සේ සුගත නම් වන සේක.භාග...
03/06/2026

බුදුරජාණන් වහන්සේගේ ගමන් විලාසය 🙏🤍✨

අනේක ප්‍රාතිහාර්ය යුක්ත සුන්දර ගමන් ඇති බැවින් භාග්‍යවතුන් වහන්සේ සුගත නම් වන සේක.

භාග්‍යවතුන් වහන්සේ කිඹුල්වත් පුර ශාක්‍යයන් ගේ සන්ථාගාරයට වැඩම කළ ආකාරය ශෛකෂ සූත්‍ර අටුවාව දක්වා ඇති අයුරු මෙසේය.

🤍. ඒ විනායකයන් වහන්සේ පොලොව කම්පා කරවමින්.. සත්වයන්ට හින්සාවක් නොකරමින් ලෝකයේ ගමන් කරන සේක.

🤍. දක්ෂිණ ශ්‍රී පාද ය පලමුව ඔසවමින් ගමන් ගන්නා සේක.

🤍. උන්වහන්සේගේ මෘදු වු යටි පතුල් සමව පොලොවේ ස්පර්ශ කරන්නේය.. දූවිලි රජස් නොතැවරී ගමන් කරන සේක.

🤍. ගමන් කරනා විට පොලොවේ මිටි තැන් උස් වන්නේය.. උස් තැන් සම වන්නේය.

🤍. ගල් කැට මැටි කැට උල් මාර්ගයෙන් ඉවත් වේ.

🤍. බුදු රජාණන් වහන්සේ බොහෝ දුරින් ද.. බොහෝ ලගින් ද පිය නොතබන්නා සේක.. දෙදන.. ගොප් ඇට එකිනෙක නොගටවමින්ම ගමන් කරන සේක.

🤍. බුදු රජාණන් වහන්සේ ඉතා වේගයෙන් ද.. ඉතා සෙමින් ද නොයන සේක.. යන කල්හි සන්සුන් වන සේක.

🤍. යන කල දස දිශාව පමන ඉක්මවා නොබලමින්.. සතර රියනක් පමණ බලමින් වඩිනා සේක.

🤍. ඇතෙකුගේ ගමන බදු ගමන් ඇති බුදු රජාණන් වහන්සේ දෙවියන් බඹුන් මිනිසුන් සියලුම සත්ත්වයන් සතුටු කරවමින් ගමන් කරන සේක.

🤍. ඒ භ්‍යවතුන් වහන්සේ සිංහරාජයෙක් මෙන් තේජවන්තව ගමන් ගන්නා සේක.

ඒ තුන් ලෝකාග්‍ර වු භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා..!!!!!!✨🤍🙏❤️🥺

උපුටාගැනීම - සූවිසි මහ ගුණය පිට 186/187 - අතිපූජ්‍ය රේරැකානේ චන්දවිමල ස්වාමින් වහන්සේගේ ලිපියකිනි.

සාදූ...සාදූ...සාදූ....🤍🙏✨

゚viralシviralシfypシ゚viralシalシ ゚

03/06/2026

සමිදුගේ බුදු වදනේ අමා රසයි දැනුනේ.. 🙏🤍✨

゚viralシviralシfypシ゚viralシalシ

විශ්වාස කරන්න !!ප්‍රාර්ථනා කරන්න !!ඉෂ්ට වෙනවාමයි !! පරා ශක්ති හි ජය හෝ..! 🙏අම්මා සත්තයි ❤️‍🩹🥺🙏ඔබ සැමට මෑණියන්ගේ පිහිට ආශ...
03/06/2026

විශ්වාස කරන්න !!
ප්‍රාර්ථනා කරන්න !!
ඉෂ්ට වෙනවාමයි !!

පරා ශක්ති හි ජය හෝ..! 🙏

අම්මා සත්තයි ❤️‍🩹🥺🙏

ඔබ සැමට මෑණියන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා 🙏🙏🙏

゚viralシviralシfypシ゚viralシalシ ゚

ගෞතම බුදු සසුනේ වමත් සව් මහා මොග්ගල්ලාන (මුගලන්) මහා රහතන් වහන්සේ යනු සසුනේ ඍද්ධි බලයෙන් අග්‍ර වූ උත්තමයාණන් වහන්සේය. සැ...
02/06/2026

ගෞතම බුදු සසුනේ වමත් සව් මහා මොග්ගල්ලාන (මුගලන්) මහා රහතන් වහන්සේ යනු සසුනේ ඍද්ධි බලයෙන් අග්‍ර වූ උත්තමයාණන් වහන්සේය. සැරියුත් හිමියන්ගේ සෙවණැල්ල මෙන් සිටිමින් සසුන බැබළවූ මුගලන් හිමියන්ගේ ගුණාංග, විසිතුරු චරිත කථා සහ ජීවිත කතාව අප තුළ ඇති කරන්නේ අචල වූ ශ්‍රද්ධාවකි.

රජගහ නුවර කෝලිත ග්‍රාමයේ මහා පොහොසත් බ්‍රාහ්මණ පවුලක මොග්ගලී බැමිණියගේ පුත් ලෙස උපන් කෝලිත කුමරු, උපතිස්ස කුමරුගේ (සැරියුත් හිමි) කුළුපග මිතුරා විය. ඔවුන් දෙදෙනා එකම දිනක උපන් අතර, හැදී වැඩුනේද එකටමය.

දිනක් මේ මිතුරන් දෙදෙනා රජගහ නුවර පැවැත්වුණු "ගිරිග්ග සමජ්ජ" නම් මහා නාට්‍ය උත්සවයක් නැරඹීමට ගියහ. අන් අය නාට්‍ය බලා සිනාසෙද්දී, මේ පින්වත් කුමාරවරුන් දෙදෙනාට ඇති වූයේ සංවේගයකි. "තව වසර සියයකින් මෙතැන සිටින එකදු මිනිසෙකුවත් ජීවත් වන්නේ නැත. එසේ නම් මේ තාවකාලික සැපයෙන් ඇති පල කිම? අප සැබෑ නිදහස (මෝක්ෂය) සෙවිය යුතුය" කියා ඔවුහු කතා කරගත්හ.

සත්‍යය සෙවීමේ අරමුණින් ඔවුහු එකල ප්‍රසිද්ධ ආචාර්යවරයෙකු වූ සංජය පරිබ්‍රාජකයා වෙත ගොස් පැවිදි වූහ. නමුත් එහිදී ඔවුන්ට සැබෑ සැනසීමක් හමු නොවූ අතර, "අප දෙදෙනාගෙන් කවුරුන් හෝ මුලින්ම අමෘත මහා නිවන සොයාගතහොත්, අනෙකාටද ඒ බව වහාම දැනුම් දිය යුතුයි" කියා මිතුරන් දෙදෙනා පොරොන්දුවක් ඇති කර ගත්හ.

අස්සජී රහතන් වහන්සේගෙන් ධර්මය ශ්‍රවණය කර සෝවාන් වූ සැරියුත් හිමියන්, තමන් පොරොන්දු වූ පරිදි වහාම පැමිණ කෝලිත කුමරුට ඒ උතුම් සත්‍යය දේශනා කළහ. දහම් පද ඇසූ සැනින් සෝවාන් ඵලයට පත් වූ කෝලිත කුමරු, මිතුරා සමඟ ගොස් බුදු සමිඳුන් සරණ ගොස් පැවිදි විය.

පැවිදි වී සත් දිනක් පුරා මගධ රටේ "කල්ලවාලමුත්ත" ගමේ භාවනා කරමින් සිටි මුගලන් හිමියන්ට දැඩි වීර්යය නිසාම මහත් වෙහෙසක් දැනී, ථීනමිද්ධය (නිදිමත සහ කම්මැලිකම) ඇති විය. උන්වහන්සේගේ වීර්යය හඳුනාගත් බුදුරජාණන් වහන්සේ සෘද්ධියෙන් එහි වැඩම කර, නිදිමත මඟහරවා ගැනීමට ක්‍රම 8ක් දේශනා කළ සේක:

1) නිදිමත එන අරමුණ මනසින් අත්හැරීම.
2) ධර්ම කරුණු සිතින් මෙනෙහි කිරීම.
3) ධර්ම සජ්ඣායනා කිරීම.
4) කන්පෙති දෙක අතින් පිරිමැදීම සහ දෑත් පය පිරිමැදීම.
5) සිසිල් පැන්වලින් දෑස සෝදා, අහසේ තරු දෙස බැලීම.
6) ආලෝක සංඥාව මනසේ මවා ගැනීම.
7) සක්මන් කිරීම.
8) එයින්ද නිදිමත නොයන්නේ නම්, දකුණු ඇලයෙන් සිහියෙන් යුතුව සුළු වේලාවක් සැතපීම.

භාග්‍යවතුන් වහන්සේගේ මේ අවවාද උපදෙස් පිළිපදිමින් වීර්යය වැඩූ මුගලන් හිමියෝ, පැවිදි වී සත්වන දිනයේම සියලු කෙලෙසුන් නසා සෘද්ධි බලයෙන් අග්‍ර වූ මහා අර්හත් භාවයට පත් වූ සේක.

මුගලන් හිමියන්ට බුදුරජාණන් වහන්සේ කෙරෙහි තිබුණේ අසීමිත භක්තියක් සහ ගෞරවයකි. බුදු සමිඳුන්ගේ වචනය අකුරටම ඉටු කිරීමට උන්වහන්සේ සැමවිටම සූදානමින් සිටියහ.

දිනක් බුදුරජාණන් වහන්සේ ඇතුළු මහා සංඝයාට තව්තිසා දිව්‍ය ලෝකයට වැඩම කිරීමට සිදු විය. එදින මහා මේරු පර්වතය වටා ශරීරයෙන් වෙළී මහා දුමාරයක් හා ගින්නක් මවමින් සිටි නන්දෝපනන්ද නාග රාජයා, භික්ෂූන්ට ඉහළින් වැඩම කිරීමට ඉඩ නොදී ක්‍රෝධයෙන් පසු විය.

බොහෝ රහතන් වහන්සේලා නා රජු දමනය කිරීමට අවසර ඉල්ලූහ. නමුත් බුදු හිමියන් අවසර දුන්නේ මුගලන් හිමියන්ට පමණි. මුගලන් හිමියන් වහාම නා රජුට වඩා විශාල මහා නාග වේශයක් මවාගෙන, නා රජුගේ ඇඟ වටා වෙළී, ඔහුගේ පෙණ ගොබය මත තම හිස තබා මහා සෘද්ධි බලයෙන් ඔහුව පාලනය කළහ. පසුව ගරුඩ වේශයක් මවාගෙන නා රජු ලුහුබැඳ ගොස් ඔහුගේ මානය සම්පූර්ණයෙන්ම බිඳ දමා, ඔහුව බුදුරජාණන් වහන්සේ ඉදිරියට පමුණුවා සරණ ශීලයේ පිහිටෙවූහ.

දේවදත්ත තෙරුන් බුදු සසුන දෙකඩ කර, තමන් වටා එක් කරගත් නවක භික්ෂූන් වහන්සේලාව නැවතත් නිවැරදි මඟට ගෙන ඒමට සැරියුත් හිමියන් සමඟ එක්ව ක්‍රියා කළේ මුගලන් හිමියන්ය. උන්වහන්සේගේ සෘද්ධි ප්‍රාතිහාර්යයන් දැකීමෙන්ම බොහෝ දෙනා මිථ්‍යා දෘෂ්ටියෙන් මිදුණහ.

එසේම, උන්වහන්සේ සෘද්ධියෙන් අපායට වැඩම කර, එහි දුක් විඳින සත්වයන් දැක, පසුව දිව්‍ය ලෝකයට වැඩම කර දෙවියන්ගේ සැප සම්පත් දැක, මිනිස් ලොවට පැමිණ "පින් පව්වල විපාක" ජනතාවට දේශනා කළහ.

"මිනිසුනේ, අකුසල් නොකරන්න. මා ඇස් පනාපිට දුටු අපායේ දුක් අතිශය දරුණුය. පින් දහම් කොට දිව්‍ය සැප ලබන්න."

උන්වහන්සේගේ මේ දේශනා නිසා ලක්ෂ සංඛ්‍යාත පිරිසක් පවට බිය වී බුදු සසුන වැළඳ ගත්හ.

මුගලන් හිමියන්ගේ පිරිනිවන් පෑම අතිශය සංවේදී එකකි. උන්වහන්සේගේ සෘද්ධි ප්‍රාතිහාර්යයන් නිසා අන්‍ය ලබ්ධිකයන්ට ලැබෙන ලාභ සක්කාර අහිමි විය. මේ නිසා ඔවුන් "ධනංජය" නම් සොරුන් ලවා උන්වහන්සේව ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළහ.

පෙර ආත්මයකදී බිරිඳගේ කේලාම් බස් අසා තමන්ගේම අන්ධ දෙමාපියන්ව කැලයකට කැඳවාගෙන ගොස්, සොරුන් මෙන් වෙස් වලාගෙන පහර දී ඝාතනය කිරීමේ මහා අකුසල කර්මයක් උන්වහන්සේ සතුව තිබුණි. ඒ අවස්ථාවේ මියයන්නට මත්තෙන් අන්ධ මව්පියන් "පුතේ සොරුන්ගෙන් බේරෙන්න" කියා තමන්ට පහර දෙන පුතා වෙනුවෙන්ම කෑගැසූ මහා ආදරය සිහිවී, එම කුමරු මහත් සේ පසුතැවිලි වී තිබුණි. එම කර්මය මේ ආත්මයේදී ඵල දීමට පැමිණියේය.

සොරුන් උන්වහන්සේ සිටි කාලශිලා ලෙන වටලද්දී, උන්වහන්සේ දෙවරක්ම සෘද්ධියෙන් අහසට පැන සොරුන්ට නොපෙනී යමින් මඟහැරියහ. නමුත් තමන්ගේ පෙර කර්මය ඵල දීමට පැමිණ ඇති බව ඥානයෙන් දුටු උන්වහන්සේ, තුන්වන වර සොරුන්ට ඉඩ දුන් සේක. සොරුන් උන්වහන්සේගේ ඇටකටු මෑ ඇට ප්‍රමාණයට කුඩු වන තුරු පහර දී, මියගිය බව සිතා වැදෑරූහ. නමුත් මහා සෘද්ධිවන්ත මුගලන් හිමියන්, තමන්ගේ ධ්‍යාන බලයෙන් ශරීරය නැවත එකතු කරගෙන, අහසින් බුදුරජාණන් වහන්සේ වැඩසිටි තැනට වැඩම කළ සේක.

"ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, මාගේ සසර ගමන නිමා විය. මාගේ කර්ම විපාකය ගෙවා දැමුවෙමි. මට පිරිනිවන් පෑමට අවසර ලබා දෙනු මැනව."

බුදු සමිඳුන් වැඳ අවසර ගෙන, අසිරිමත් ලෙස අහසේ සෘද්ධි ප්‍රාතිහාර්යයන් දක්වා, සඟ මැද බුදුන් වහන්සේ ඉදිරිපිටදීම උන්වහන්සේ පිරිනිවන් පා වදාළ සේක.

මහා සෘද්ධි බලයකින් ශාසන භාරය දරමින්, කර්ම විපාකයන්ට නොසැලී මුහුණ දී, සසුන බැබළවූ ඒ උතුම් මහා මොග්ගල්ලාන මහා රහතන් වහන්සේට අපගේ ශීර්ෂ ප්‍රණාමය වේවා!

🙏🙏🙏🙏🙏🙏🪷🪷🪷🪷🪷🪷උපුටාගැනීම-අමා සුව

゚viralシviralシfypシ゚viralシalシ ゚

හදවතේ විශ්වාසය..!!!අපේ දෙවිහාමුදුරුවෝ 🙏❤️🙏❤🦚 හරෝ හරා    ゚viralシviralシfypシ゚viralシalシ
02/06/2026

හදවතේ විශ්වාසය..!!!

අපේ දෙවිහාමුදුරුවෝ 🙏❤️

🙏❤🦚 හරෝ හරා

゚viralシviralシfypシ゚viralシalシ

01/06/2026

තථාගත ධර්මය යම් තැනක ඇද්ද
එතැන මාගේ උපත වේවා !!! 🤍✨🙏

゚viralシviralシfypシ゚viralシalシ

අසදෘශ වූ ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රි සර්වඥ ධාතූන් වහන්සේලාට අපගේ නමස්කාරය ම වේවා !!! 🙏✨❤️🤍සාදූ..සාදූ...සාදූ.. ❤️✨🙏
01/06/2026

අසදෘශ වූ ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රි සර්වඥ ධාතූන් වහන්සේලාට අපගේ නමස්කාරය ම වේවා !!! 🙏✨❤️🤍

සාදූ..සාදූ...සාදූ.. ❤️✨🙏

මහා ශිව දෙවියන්ගේත් උමයංගනාවගේත් පුත්‍රයෙකු වන ගණ දෙවියන් කතරගම දෙවිඳුන්ගේ සොහොයුරා ය. හින්දු බැතිමතුන් විසින්  "අප්පනේ ...
31/05/2026

මහා ශිව දෙවියන්ගේත් උමයංගනාවගේත් පුත්‍රයෙකු වන ගණ දෙවියන් කතරගම දෙවිඳුන්ගේ සොහොයුරා ය. හින්දු බැතිමතුන් විසින් "අප්පනේ ගණේෂම් ” ” ඕම් ගනේෂම් ” යනුවෙන් හදුන්වනු ලබන්නේ ද ගණ දෙවියන් ය. ✨🩷

මෙහෙසුරුගේ සේනාවේ අධිපතියා වන බැවින් ” ගණපති ” යන නම භාවිතා වන බව කියවේ. මහා ගණපති , වීර ගණපති , බාල ගණපති , සිත්ති විනායගර් , විඝ්නේෂ්වර , ඒකදන්ත , ගජනාථ , ලබ්බෝදර , ගණදීපන් , චක්‍රතුණ්ඩන්. හෙරම්බන් , විග්නරාජා , පුල්ලෙයාර් අප්පා , ආරිවුරම් සිත්තිධානා ආදි වූ නම් රාශියකින් ද ගණ දෙවිඳුන් හදුන්වනු ලබයි.✨🩷

ඥාණයට අධිපති දෙවියා ලෙසත් උවඳුරු දුරු කරන දෙවියා ලෙසත් ගණ දෙවිඳුන් ප්‍රචලිතව පවතී. ඇත් හිසක් සහිතව , අත් සතරකින් හා මහා උදරයකින් හෙබි ගණ දෙවිඳුන්ගේ වාහනය මීයෙකි. එසේම ගණ දෙවියන්ට ද අවතාර 18ක් ඇති බව කියැවේ.✨🩷

ගණ දෙවියන්ගේ උපත පිළිබඳව විවිධ ජනප්‍රවාද පවතින අතර කතරගම දෙවියන් හා වල්ලි මාතාව අතර සිදු වූ ආදර පලහිලව්වේ දි කතරගම දෙවියන්ගේ උදව්වට වල්ලිය බිය කිරීමට සිතා ඇත් වෙසක් මවා පැමිණි ගණ දෙවියන්ගේ ඇත් වේශය ස්කන්ධ කුමරුන් ආලයෙන් උමතුව සිටි නිසා නැවත ප්‍රකෘති තත්ත්වයට පත් කර ගැනීමට නොහැකි වූ නිසා එදා පටන් ඇත් හිසක් සහිතව කල් ගෙවීමට සිදු වූ බවත් , සෙනසුරුගේ බැල්මෙන් ගිලිහුණු හිස සොයාගැනීමය නොහැකි වූ කල විෂ්ණු දෙවියන් විසින් ගණ දෙවිඳුන්ට ඇත් හිසක් සවිකරන ලද බවත් එම ඇත් හිසෙහි තිබූ දළ දෙකෙන් එකක් මහා භාරතය ලිවීම සඳහා ” ව්‍යාස” ට දුන් බවත් අනෙක් දළ ගණ දෙවියන් විසින් ස්කන්ධ දෙවියන් සමඟ ඇතිකරගත් කලහකාරි අවස්ථාවේ දි බිදී ගිය බවත් තවත් තැනක සඳහන් ය.🩷✨

උඩරට නර්ථන කලාවේ එන වන්නම් 18 අතුරින් එක් වන්නමකින් ගණ දෙවියන්ගේ රූප ස්වභාවය මෙලෙස ගෙනහැර දැක්විය හැක.

යුත් සිරින් බබළන ඇත් හිසින් සසොබන
මෙත් දළින් අඩ දැන ගනු සුදනා
රත් පියුම් වැනි මුඛ යුත් සවන් ලෙළ දෙන
නෙත් අඳුන් නිල්මිණි කුඹුර මනා
අත් උරින් පහතින මෙත් සුරන් සිරුරින
යුත් නැනින් දෙවඟන දෙදෙනකිනා
ගත් නැණින් යුතු සුරිදෙක් බැවින් ඉසි දැන
වෙත් මෙවන් ගණපති වන්නමිනා….🩷✨

පෙර සඳහන් කල පරිදිම අනෙක් දෙවිවරුන් මෙන් නොව ගණ දෙවියන් හදුන්වනු ලබන පර්‍යාය නාම රාශියක් වන අතර ගණ දෙවියන් ලොව පහළවන මූර්ති රාශියකි. ඒවා මහා ගණේෂ , වල්ලභ ගණේෂ , බාල ගණේෂ , වීරගනේෂ , හේරම්භ ගණේෂ , ධරනි ගණේෂ , ශක්ති ගණේෂ , සිද්ධි ගණේෂ , බුද්ධි ගණේෂ , නෘත්‍ය ගණේෂ යනුවෙනි.

🩷 ​ගණ දෙවියන් උදෙසා භාවිත වන විවිධ නාමයන් තුළ ගැඹුරු අර්ථයන් රැසක් සැඟව පවතී:

🩷 ​ගණපති / ගණේෂ: 'ගණ' යනු සමූහය හෝ කණ්ඩායමයි. 'ඊශ' හෝ 'පති' යනු අධිපතියායි. ඒ අනුව විශ්වයේ ඇති සියලු බලවේගයන්ගේ සහ ගණයන්ගේ උතුම්ම නායකයා උන්වහන්සේය.

🩷​විනායක: බෞද්ධ සහ පුරාණ තන්ත්‍ර සාහිත්‍යයේ ඉතා ප්‍රකට මෙම නාමයෙන් කියැවෙන්නේ අසමසම නායකත්වයයි. ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ පිහිටි "අෂ්ටවිනායක" පූජා භූමි අදටත් මේ උතුම් නාමයේ ජීවමාන සාක්ෂියකි.

🩷​විඝ්නේශ්වර: මිනිස් ජීවිතවලට පැමිණෙන සියලු දෘශ්‍ය සහ අදෘශ්‍යමාන බාධක (විඝ්න) සුනුවිසුනු කර දමන බැවින් උන්වහන්සේ බාධක නාශකයා වෙති.

🩷​පිල්ලෙයාර්: දමිළ සංස්කෘතිය තුළ ගණ දෙවිඳුන් හඳුන්වන්නේ 'පිල්ලෙයාර්' නමිනි. එහි සරල අර්ථය 'තරුණ හස්තියා' යන්නයි

​ඇතෙකුගේ හිසක් සහ විශාල උදරයක් සහිත ගණ දෙවි රූපය, හුදෙක් සිතුවමක් හෝ ප්‍රතිමාවක්ම පමණක් නොවේ. එය ගැඹුරු දර්ශනයකි. ඇතෙකුගේ හිසෙන් මහා ප්‍රඥාවත්, සවන් යුගලෙන් විශ්වයේ ඇති සියලු හඬවල්වලට සවන් දීමේ ඉවසීමත්, විශාල උදරයෙන් ජීවිතයේ සුභ අසුභ සියල්ල දරාගැනීමේ ශක්තියත් සංකේතවත් කෙරේ. ක්‍රිස්තු වර්ෂ 6 වන සියවසේ සිටම කලාකරුවන් අත් සතරක් සහිතව, තම සුරතින් බිඳුණු ඇත්දලයක් දරා සිටින ස්වරූපයෙන් ගණ දෙවිඳුන්ව ශෛලමය මූර්තියට නගා ඇත. ✨🩷

​ගණ දෙවි වන්දනාව භාරත දේශයට පමණක් සීමා වූවක් නොවේ. ක්‍රිස්තු වර්ෂ 7-8 සියවස්වල සිටම නැගෙනහිර සහ අග්නිදිග ආසියාව පුරා මෙම වන්දනාව ව්‍යාප්ත විය.
​තායිලන්තයේ උන්වහන්සේව "ප්‍රෆිකනෙට්" ලෙසත්,​ නේපාලය, ඉන්දුනීසියාව, කාම්බෝජය සහ වියට්නාමය වැනි රටවල ද පැරණි ගණ දෙවි මූර්ති හමුවේ.🩷✨

ගණ දෙවියන් දේවතාවන් පස් දෙනෙක් සහ දෙමළ යකුන් දස දෙනෙක් පිරිවරා ගල් නැවක නැඟ ලංකාවේ යාපා පටුනට ගොඩබට බව ජනප්‍රවාද වල සඳහන් ය. ලංකා රක්ෂක දෙවි කෙනෙකුන් වශයෙන් ගණ දෙවියන් වැඩ වසන බවට ලංකාතිලක ශිලා ලේඛන ද සාක්ෂි දරයි.✨🩷

කව් සිළුමිණ , පරෙවි සංදේශය , තිසර සංදේශය , කොවුල් සංදේශය වැනි සංදේශ වලත් සසදාවතේත් සිවුවන බුවනෙකබා අවධියට අයත් ලංකාතිලක ශිලා ලේඛණය තුළත් ගණ දෙවි ඇඳහීම පිළිබඳව සඳහන් ය. එසේම ක්‍රිස්තු පූර්ව යුගයට අයත් යැයි සැළකෙන මිහින්තලේ කණ්ඨක චෛත්‍යයේ උතුරු වාහල්කඩෙහි ඇති කැටයම් අතර එක් දළක් සහිත ඇත් හිසකින් යුත් රූපය ද ගණ දෙවියන්ගේ විය හැකි බවට විශ්වාස කෙරේ.

ගණදෙවි වන්දනය හින්දූන් තුළ මහත් සේ ප්‍රචලිත වන අතර ලාංකීය ජන සමාජය තුළ ද ගණ දෙවියන් ඇදහීම සුලබව දක්නට ලැබේ. නුවණට අධිපති වන්නා වූ ගණදෙවියන් වෙනුවෙන් ” ගණපති හෑල්ල ” නමින් දහඅටවන සියවසේ දි ලියවී ඇත්තේ දරුවන් අකුරු කියවීමේ දි ගණ දෙවියන් හට වැඳුම්
පිඳුම් කොට නුවණ ඉල්ලා කරනු ලබන ආයාචනයක් ලෙසිනි.

” ඕම් ගම් ගණපතයේ නමහඃ “

ඔබ සැමට ගණදෙවි නුවණ ලැබේවා’යි ප්‍රාර්ථනය කරමි.

🩷✨🩷✨🩷✨🩷✨🩷✨🩷✨🩷🩷✨🩷✨🩷✨🩷✨🩷✨🩷✨🩷✨🩷✨🩷✨

බුදු සරණයි. ❤️🙏✨       ゚
31/05/2026

බුදු සරණයි. ❤️🙏✨

Address

Nattandiya

Telephone

+94789150448

Website

Alerts

Be the first to know and let us send you an email when කවී -Kavee posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to කවී -Kavee:

Share