19/05/2026
නාත්තන්ඩිය ආසනයේ එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායක ධූරයෙහි වැඩ කරනු ලබන. ප්‍රසන්න ප්‍රනාන්දු පදනමෙහි නිර්මාතෘ හා සභාපති , ප්‍රසන්න ප්‍රනාන්දු මැතිතුමා විසින් මට්ටකොටුව වෙරළ විද්‍යාලයේ කළක්ව පැවති පානීය ජලය නොමැති ගැටලුව සදහා ප්‍රසන්න ප්‍රනාන්දු පදනම මගින් විද්‍යාලයේ ළමුන් 350කට අධික පිරිසට හා ආචාර්ය මණ්ඩලයට ෆිල්ටර් වතුර සෑම පාසල් දිනයකම නොමිලයේ ලබා දීම අද දිනයෙහි සුභ මොහොතින් ආරම්භ කලේය.