Nagoda Pradeshiya Sabhawa - NPS

Nagoda Pradeshiya Sabhawa - NPS Nagoda Pradeshiya Sabhawa

10/04/2026
15/02/2026
නාගොඩ ප්‍රාදේශීය සභාවේ 2026 වර්ෂය සඳහාප්‍රාදේශීය සභා පෙර පාසල් 11 හී දරුවන් සඳහා පෙර පාසල් නිල ඇඳුම් ලබාදීමේ වැඩසටහන
25/01/2026

නාගොඩ ප්‍රාදේශීය සභාවේ 2026 වර්ෂය සඳහා
ප්‍රාදේශීය සභා පෙර පාසල් 11 හී දරුවන් සඳහා පෙර පාසල් නිල ඇඳුම් ලබාදීමේ වැඩසටහන

*"නිකසල පුරවරයක්  - සුවබර දිවියක් '' ඩෙංගු මර්දන වැඩසටහන යටතේ නාගොඩ ප්‍රාදේශීය සභාවේ ගරු සභාපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් නා...
09/01/2026

*"නිකසල පුරවරයක් - සුවබර දිවියක් '' ඩෙංගු මර්දන වැඩසටහන යටතේ
නාගොඩ ප්‍රාදේශීය සභාවේ ගරු සභාපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් නාගොඩ ප්‍රාදේශීය සභාව, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, පොලිස් ස්ථානය ,
මහජන සෞඛ්‍ය පරීක්ෂක මහත්වරුන්, ග්‍රාම නිලධාරි මහත්ම මහත්මීන් ගේ සහභාගීත්වයෙන් 2026.01.09 වන දින නාගොඩ ප්‍රදේශය පිරිසිදු කිරීම

2026 නව වර්ෂයට ආශිර්වාද එක් කරමින්, ගරු සභාපතිතුමා, උප සභාපතිතුමා ඇතුළු ගරු මන්ත්‍රී මණ්ඩලය සහ නාගොඩ ප්‍රාදේශීය සභාවේ ලේ...
01/01/2026

2026 නව වර්ෂයට ආශිර්වාද එක් කරමින්, ගරු සභාපතිතුමා, උප සභාපතිතුමා ඇතුළු ගරු මන්ත්‍රී මණ්ඩලය සහ නාගොඩ ප්‍රාදේශීය සභාවේ ලේකම්තුමිය ප්‍රමුඛ කාර්ය මණ්ඩලයේ එකමුතුවෙන් 2026.01.01 දින උදෑසන උතුම් වු සාංඝික දාන පුණ්‍යකර්මයක් සිදු කරන ලදී

🌟 නාගොඩ ප්‍රාදේශීය සභා පෙර පාසල් දරු දැරියන්ගේ "වාර්ෂික විවිධ ප්‍රසංගය - 2025" 🌟නාගොඩ ප්‍රාදේශීය සභාව මගින් පාලනය වන පෙර...
18/12/2025

🌟 නාගොඩ ප්‍රාදේශීය සභා පෙර පාසල් දරු දැරියන්ගේ "වාර්ෂික විවිධ ප්‍රසංගය - 2025" 🌟

නාගොඩ ප්‍රාදේශීය සභාව මගින් පාලනය වන පෙර පාසල්වල දරු දැරියන්ගේ සහජ දක්ෂතා එළිදැක්වූ "වර්ෂ අවසාන වාර්ෂික විවිධ ප්‍රසංගය - 2025 දෙසැම්බර් 18 වන දින උඩුගම ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී ඉතා උත්කර්ෂවත් අයුරින් පවත්වන ලදී.

නාගොඩ ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති ධර්මසිරි ගනේවත්ත මැතිතුමාගේ මූලිකත්වයෙන් හා ප්‍රධානත්වයෙන් පැවැත්වුණු මෙම මනරම් අවස්ථාව සඳහා ගරු උප සභාපතිතුමා, ගරු මන්ත්‍රී මණ්ඩලය, ලේකම්තුමිය ඇතුළු කාර්ය මණ්ඩලය සම්බන්ධ වූහ.

අනාගතයේ රට බබළවන පුංචි මල් කැකුළු වල රංගන, ගායන සහ නර්තන කෞශල්‍යයන්ගෙන් වර්ණවත් වූ මෙම ප්‍රසංගය, නාගොඩ ප්‍රදේශයේ අධ්‍යාපනික සහ සංස්කෘතික ප්‍රබෝධය විදහා පෑ තවත් එක් සුවිශේෂී සන්ධිස්ථානයක් විය.

05/12/2025

❤️ දින 4ක්... ඒත් අපේ ආදරය තවත් ශක්තිමත්! ❤️

නාගොඩ ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති ධර්මසිරි ගනේවත්ත මහතාගේ මෙහෙයවීමෙන්, ගරු උප සභාපති රංජිත් මානෙල් මහතා ඇතුළු මන්ත්‍රී මණ්ඩලය සහ කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන්,

අපේ රටේ ආපදාවට ලක්වුණ සහෝදර ජනතාව වෙනුවෙන් අපි අත්වැල් බැඳගෙන අදට දින 4ක් ගතවෙනවා. මේ දින කිහිපය තුළ, අපේ රටේ මිනිසුන්ගේ මනුස්සකම තවත් වතාවක් ලෝකයටම පෙන්වන්න ලැබීම ගැන අපට ආඩම්බරයි.

ඒ දුෂ්කරතාවලට මුහුණ දුන් අය, අපේ උදව් ලැබූ අය, අපිට කියනවා, "ඔබලා අපිට දෙවිවරු වගේ" කියලා. 🥺 ඒ වචන ටිකේ තියෙන බරපතළකම අපිට තේරෙනවා. ඔවුන් එහෙම කියන්නේ, ඔවුන් ඒ තරමටම අසරණ වෙලා, ඒත් අපි නිසා ඔවුන්ට අලුත් බලාපොරොත්තුවක් ලැබුණු නිසයි.

මිනිස්සු විදියට අපිට කරන්න පුළුවන් ලොකුම දේ, තව කෙනෙකුගේ හිතේ බලාපොරොත්තුවක් ඇති කරන එක. ඒක කරන්නට ලැබීමම අපි ලැබූ භාග්‍යයක්! 🙏

ඉදිරියටත් මේ එකමුතුකම තියාගෙන, අපේ රට නැවත ගොඩනඟමු! 💪 අපි ඔක්කොම එක පවුලක්!

#සත්කාරයෙන් #අපේමිනිස්සු #ආදරේන්_කියන්න_හැමදාම #මනුස්සකම #එකමුතුකම

නාගොඩ ප්‍රාදේශීය සභාවේ අපේම සොයුරු සොයුරියන්ට, හදවතින් පිදෙන සේවාවන්ගේ දෙවෙනි දිනය – එකමුතුවෙන්, උණුසුමෙන්, ආදරයෙන් ප්‍ර...
03/12/2025

නාගොඩ ප්‍රාදේශීය සභාවේ අපේම සොයුරු සොයුරියන්ට, හදවතින් පිදෙන සේවාවන්ගේ දෙවෙනි දිනය – එකමුතුවෙන්, උණුසුමෙන්, ආදරයෙන් ප්‍රජාව වෙනුවෙන්! 💛✨

Address

Nagoda
Nagoda
80110

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00

Alerts

Be the first to know and let us send you an email when Nagoda Pradeshiya Sabhawa - NPS posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share