Gale Devalaya ගලේ දේවාලය

  • Home
  • Gale Devalaya ගලේ දේවාලය

Gale Devalaya ගලේ දේවාලය සකල ශ්‍රී ලාංකික සියළු පින්වතුන් උදෙසා වූ ගම්බාර සුදු අපපච්චිගේ ආනුභාවය.

28/07/2024

🙏🙏🙏🙏

සුභ අලුත් අවුරැද්දක් වේවා!!!
14/04/2024

සුභ අලුත් අවුරැද්දක් වේවා!!!

ශ්‍රී සිද්ධ බල ඇති ගම්බාර දෙවිදුන්ගේ පිහිට ශාන්තිය නිවසට ලබාගන්න.✨️🙏ගම්බාර දෙවිදුන්ගේ ජීවමාන රූපය සාදාරණ මිලකට ලබාගන්න.🌸...
10/09/2023

ශ්‍රී සිද්ධ බල ඇති ගම්බාර දෙවිදුන්ගේ පිහිට ශාන්තිය නිවසට ලබාගන්න.✨️🙏

ගම්බාර දෙවිදුන්ගේ ජීවමාන රූපය සාදාරණ මිලකට ලබාගන්න.

🌸 6 x 4 ප්‍රමාණය = රු. 550
🌸 5 x 7 ප්‍රමාණය = රු. 650
🌸 6x8 ප්‍රමාණය = රු. 750
🌸 A4 ප්‍රමාණය = රු. 850

✨️✨️inbox මැසේජ් එකක් හෝ ඇමතුමක් ලබාදෙන්න.✨️✨️

whatsapp & Call : 071 39 26 123

🙏ශ්‍රී සිද්ධ බල ඇති ගම්බාර අප්පච්චි පිහිටයි.🙏


🔥සූනියම් දෙවියන් සහ කනලව්ව🔥

පුරට දෙවියෙක්‌ අවට යක්‌ෂයෙක්‌ ලෙස
පෙනී සිටින සූනියන් දෙවියෝ
සූනියම් දෙවියන් ලෙස ජනතාවගේ ගෞරවයටත් භක්‌තියටත් පාත්‍ර වී ඇති දේවාත්මය යුක්‌තිය පසිඳලන්නා වූද යහපත කරන්නන්ට යහපත් ප්‍රතිඵල ද අයහපත කරන්නන්ට අයහපත් ප්‍රතිඵලද ලබා දෙන්නා වූ අර්ධ දේව ස්‌වරූපයක්‌ද අර්ධ යක්‍ෂ ස්‌වරූපයක්‌ ද සහිත දෙවි කෙනක්‌ බවට ප්‍රකටය.
සූනියම් දෙවියන්ගේ උපත පිළිබඳව ජනප්‍රවාදයෙන් විවිධ මත තිබෙන අතර වසඟපුර විචිල රජුගේ සහ නිර්මලා දේවියගේ පුතෙක්‌ ලෙස උපන් බවත් ඔඩ්ඩි දේශයේ ඔඩ්ඩි නම් රජුට දාව යදම්බරී නම් බිසවුන් වහන්සේගේ කුසයෙන් සූනියම් දෙවිඳු මෙලොවට පහළ වූ බවත් කියෑවේ.
පුරපක්‌ෂයේදී දෙවියකු ලෙසද අව පක්‌ෂයේදී යක්‌ෂයකු ලෙසද ගමින් ගම දොරෙන් දොර සංචාරය කරමින් ලක්‌වාසීන්ගේ දුක - සැප, නඩු - අවනඩු සොයා බලා අසරණ ජනී ජනයාගේ සිත් පනත් සුවපත් වන ආකාරයේ නිසි විසඳුම් සූනියම් දේවතාවුන් ගෙන් ලැබෙන බව ඇත්දැකීමෙන් පවසන්නෝ බොහෝ වෙති.
රාත්‍රි කාලයේ සුදුවන් වස්‌ත්‍රාභරණයෙන් සැරසී ඉතා ශාන්ත ස්‌වරූපයෙන් ගම්බිම් වල සැරිසරණ විට පිච්චමල් සුවඳ විහිදෙන බවත් උන්වහන්aසේ වෙත බුරාගෙන පනින සුනඛයන්ට තම අත රැඳි සෝලු ලීයෙන් පහර දෙන බවත් එසේ පහර කෑ සතුන් හඳුනාගත නොහැකි කොන්ද අප්‍රාණික වන රෝගයකින් මියයන බවත් බැතිමතුන් තුළ දැඩි විශ්වාසයක්‌ පවතී.
සිදුහත් කුමරු ගිsහිගෙය කලකිරී නික්‌ම ගියේ කන්ඨක නම් අශ්වයගෙ පිටේ නැගලා. කන්ඨක අශ්වය ලය පැලිලා මිය යැමෙන් පසු සූනියම් දෙවියන්ගෙ නාමයෙන් දේවත්වයක්‌ ලබා පුද සත්කාර ලබන බව පැරණි දේවකතාවල සඳහන් වේ.
අශ්වයා කියන්නෙ මිනිසුන් සමග ඉතා සමීප සම්බන්ධයක්‌ තියෙන ශක්‌තිමත් සත්වයෙකි. සූනියම් දෙවියන් ගමන් බිමන් යැමට සිය වාහනය ලෙස තෝරාගෙන ඇත්තේද සුදු අශ්වයෙකි. මේ නිසා අශ්වයන්ට සූනියම් දෙවියන්ගේ බැල්ම තියෙනවා. මේ අශ්වයන්ට ගහල තියෙන ලාඩම් ඉබේම හැලුනට පස්‌සේ එය රැගෙන පිරිසිදු කොට එය ජීවම්කර නිවාසවල ව්‍යාපාරික ස්‌ථානවල ඉදිරිපස එල්ලීමෙන් ඇස්‌වහ කටවහ දුරුවී සොර සතුරු බියෙන් මිදී සෞභාග්‍ය උදාවී සූනියම් දේවතාවුන්ගේ ආරක්‌ෂාව ලැබෙන බවට ඇති විශ්වාසය නිසාම අද අශ්ව ලාඩම් ඉතා දුර්ලභ වටිනා වස්‌තුවක්‌ බවට පත්ව ඇත.
සූනියම් දෙවිඳුන්ගේ වාහනය වන අශ්වයාගේ පාදවල සවිකරන ලාඩමෙන් එවැනි පිහිටක්‌ බලයක්‌ ඇත්නම් සූනියම් දෙවියන්ගෙන් අපට ලැබිය හැකි පිහිට කොපමණදැයි අපම සිතා බැලිය යුතු කරුණකි. අප වෙත පැමිණෙන්නාවූ සියලු කරදර බාධක වලින් ජයගෙන ජීවත්වීමේ හැකියාව සූනියම් දෙවියන් නැමදීමෙන් අපට ළඟාකර ගත හැකිය. සූනියන් දේවතාවුන් වහන්සේට දිනපතා පහන් තබන අය ස්‌නානය කොට හෝ ඇඟ පත සෝදා පිරිසිදුව තනි සුදු පිරිසිදු වස්‌ත්‍රවලින් සැරසෙන්න. ඉතාමත් භක්‌තියෙන් යුතුව තිසරණ සහිත පන්සිල් සමාදම්ව ත්‍රිවිධරත්නය වැඳ පුදා පහන් දල්වන ස්‌ථානයට පිනි දියර ඉස සාම්බ්‍රානි දුම් අල්ලා සුදු මල් සුවඳදුම් කපුරු පූජා කර පහන් දල්වා දේවස්‌තෝත්‍ර ගායනා කරන්න. එම පහන් දැල්වීම සඳහා පහත සඳහන් වේලාවන් අනුගමනය කිරීම යහපත්ය. ඉරිදා රාත්‍රි 9.00-9.45 අතර අතර සඳුදා රාත්‍රි 9.00- 9.45 අතර අඟහරුවාදා රාත්‍රි 8.15-9.00 අතර බදාදා රාත්‍රි 9.00-9.45 අතර බ්‍රහස්‌පතින්දා රාත්‍රි 8.15-9.00 අතර සිකුරාදා රාත්‍රි 9.00-9.45 අතර සෙනසුරාදා රාත්‍රි 9.45-10.15 අතර.
මීට අමතරව දිනපතා පහන් දැල්වීම නොකොට සියලු වත් පිළිවෙත් ඉටුකර බදාදා සහ සෙනසුරාදා යන කෙම්මුර දින දෙකෙහි පමණක්‌ පහන් දල්වා අදාළ ස්‌තොත්‍ර ගායනා කළ හැකිය.
සෑම අවස්‌ථාවකදීම ඔබ සූනියම් දෙවිඳුන්ට වැඳිය යුත්තේ පපුව මත දෑත තබාය. එවිට ඔබේ හදවතද පහනක්‌ හා සමානව පහන්දැල්ලෙන් විහිදෙන්නා වූ ආලෝකය විලසින් ඔබේ හදපතුලෙන් නැගෙන ලෙන්ගතු බව දෙවියන්ට ආකර්ෂණය වේ.
සූනියන් දේවතාවුන් අදහන තැනැත්තා මසුරෙකු නොවිය යුතුය. නිතර නිතර කේන්ති ගන්නා අනවශ්‍ය ලෙස දොඩවන වාචාලයකු නොවිය යුතුය. අන් අයගේ නුගුණ කියමින් විවේචනය කරන්නකු නොවිය යුතු අතර කේලාම්, ඕපාදූප කියවීමෙන් වැළකී අන් අයගේ සිත් නොරිදන අයෙක්‌ විය යුතුය. මුසාවෙන් අනුන් රැවටීමෙන් බේබදු කමෙන් සල්ලාල ගති පැවතුම්වලින් ඉවත්ව දැහැමිව කල්ගෙවන අයකු විය යුතුය
සූනියන් දෙවිඳු නමැදීම
ශිව නමස්‌තු නමෝ රාමඃ
කන්ද සේනා සමාගමඃ
වඩිග තන්ත්‍ර මණි කණ්‌ඨඃ
ඔඩ්ඩි මංගල නමෝ නමඃ
අග්නි ඛන්ධඤ්ච හස්‌තේත හස්‌තේන
වඩිග කර්ගතේ
මුඛේන විෂ සර්පේන -
ශිර්ෂේ පංච කේෂකේ
උදරේ නාග බන්දාමී -
නීලෝත් තුරඟ වාහනං
සූනියන් දේවතා නාම -
මයිහං පාදතේ නමෝ නමඃ
සූනියන් දේවතා පිං දීමේ ගථා
නා නා වණ්‌ණ මහා තේජෝ -
ඔදාත භය වාහනෝ
ග්‍රාම සඤ්චාරකෝ දේවෝ -
ඉදං පුංඤනු මෝදතු
සියලු දුක්‌ දුරලන
දෙව් තෙද බලය සසොබන
විහිදුවන අපමණ
සූනියන් දෙවි මෙපින් ගනු මැන
දා වෙමින් නුවර පඬුවස්‌ නිරිඳුන්ට
තේජසින් තුරඟ වාහන වැඩ ඉන්ට
මා තුටින් කියන දෙය ඉටුකර දෙන්ට
සූනියන් දේවතාවෙනි මේ පිං ගන්ට
සූනියන් දෙවිඳුන්ට කරන කන්නලව්වක්‌
ශ්‍රී සිද්ධ බල ඇති ගම්බාරව වැඩ වසන තුරඟ වාහනාරූඪ සැඩාලු පහක්‌ යොදාගෙන අතකින් ගිනි කබල දරා අතකින් ත්‍රිශූලයක්‌ද කඩුවක්‌ද සර්පයාගෙන උදරයේ නාග මාලාවක්‌ද ඇතිව යකුන් පිරිවරා වැඩවසන මහා තෙද බල දරන බලතර සිද්ධ සූනියන් දෙවියනේ මා විසින් කියන මේ කන්නලව්ව ඔබ වහන්සේගේ දිව කනින් අසා දිව නෙතින් බලා ඉෂ්ට කර දෙන සේක්‌වා.
සූනියන් දැහැන් හත
1. ඕං හ්‍රාං හ්‍රීං මරුක්‌කඩල් මුක්‌තඩල් ඉදිරිප්පුතාල් ශ්‍රී කදිරම් මේ අරිප්පල්ලේ මුරුවා නාග භූෂණ වර වර නමඃ
2. ඕං කෛවීර සන්දනී ශූභ්‍ර වර්ණ හන හන ජල නීල ඔඩ්ඩියා වර වර නමඃ
3. ඕං ශූද්‍ර හා ඔඩ්ඩි මස්‌සිනේ වර වර කීල උපුටා වර වර නමඃ
4. ඕං ගජ දේව කාල ඔඩ්ඩිය වර වර නමඃ
5.ඕං හ්‍රීං දන්තමාලා ශ්‍රී සද්ධර්ම අණින් වර වර නමඃ
6. ඕං කෛමුණ්‌ඩේ වර උර්ල්ප්පාත්තු කෛලාස සීවන්ද ඔඩ්ඩියා වර වර නමඃ
7.ඕං ඊශ්වර බන්ධ මහේෂ්වර බන්ධ කන්ද කුමාරයානේ ඔඩ්ඩි කුමාර දේවතාවා බන්ධ ඒස්‌වාහඃ
සුනියන් දැහැන් හත ඉතාමත් වටිනා මන්ත්‍ර රත්නයක්‌ හෙයින් නූල් බැඳීම, දෙහි, කැපීම, ජප කිරීම ආදී කටයුතු සඳහා අවශ්‍ය තැනේදී අක්‍ෂර නිවැරදිව උච්චාරණය කිරීමට වගබලාගන්න. ඒ තුළින් නිසි ප්‍රතිඵල ඉක්‌මනින් ලබාගැනිSමට හැකිවේ.
තෙරුවන්සරණයි..🙏🙏🙏
උපුටාගැනීමකි...

08/09/2023
ගම්බාර සුදු අප්පච්චි පිහිටයි.🌼
03/09/2023

ගම්බාර සුදු අප්පච්චි පිහිටයි.🌼

ගම්බාර සුදු අප්පච්චි පිහිටයි.🌼🌼🌼🌼
03/09/2023

ගම්බාර සුදු අප්පච්චි පිහිටයි.🌼🌼🌼🌼

ගම්බාර සුදු අප්පච්චි පිහිටයි
03/09/2023

ගම්බාර සුදු අප්පච්චි පිහිටයි

පැරණි දේවාලය
03/09/2023

පැරණි දේවාලය

Address

B2/FF8, First Floor, New Urban Council Commercial Complex

11550

Alerts

Be the first to know and let us send you an email when Gale Devalaya ගලේ දේවාලය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Gale Devalaya ගලේ දේවාලය:

Shortcuts

  • Want your organization to be the top-listed Government Service?

Share