අකුරට පනක් - Akurata panak

අකුරට පනක් - Akurata panak "කැකුළු මල් විකසිත කරනු වස්..."

ත්‍රී/පදවි යාය 78 විද්‍යාලය- කාවන්තිස්සපුර.2022 මාර්තු 4 / 5 දෙදින පැවැත්වූ වැඩසටහන.(අකුරට පණක් සමාජ සේවා සංවිධානය - ගුර...
16/03/2022

ත්‍රී/පදවි යාය 78 විද්‍යාලය- කාවන්තිස්සපුර.
2022 මාර්තු 4 / 5 දෙදින පැවැත්වූ වැඩසටහන.
(අකුරට පණක් සමාජ සේවා සංවිධානය - ගුරුදොල)
ව්‍යාපෘති අංක 01

දිවයිනේ විවිධ දුශ්කරතා ඇති පාසල් හා එම පාසල් වල අඩු ආදායම් ලාභී ශිෂ්‍ය ශිෂ්‍යාවන් අරමුණු කරගනිමින්,එම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ විවිධ වූ අත්‍යවශ්‍යයතාවයන් හැකිතාක් දුරට මගහරවා දීම උදෙසා මතුගම ගුරුදොල ග්‍රාමයේ තරුණ කැල විසින් පිහිටුවන ලද "අකුරට පණක්" සමාජ සේවා සංවිධානයේ පළමු ව්‍යාපෘතිය 2022 මාර්තු මස 4/5 දෙදින පුරා ත්‍රීකුණාමල දිස්ත්‍රික්කයට අයත් පදවි යාය 78 විද්‍යාලය පාදක කොට ගෙන ඉතාමත්ම සාර්ථකව පවත්වන ලදි.

එහිදී එම පාසල සදහා අවශ්‍ය කරන ක්‍රීඩා භාණ්ඩ හා පුස්තකාලයට අවශ්‍ය කරන නවකතා,කෙටිකතා වැනි පොත් පත් මෙන්ම විශයානුබද්ධ අමතර කියවීම් පොත් පරිත්‍යාග කිරීමට අප සංවිධානය විසින් කටයුතු කරන ලදී.

තවද 141ක් පමන වූ පාසලේ සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන් සදහා පොත් පත් හා පාසල් උපකරණ අඩංගු ත්‍යාග කට්ටලය බැගින් ලබා දීමට අප සංවිධානය විසින් කටයුතු කලෙමු.

එම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ නායකත්වය හැකියා හා පෞරුෂත්වය වර්ධනය කරනු වස් අප සංවිධානය විසින් මාර්තු 5වන දින නායකත්ව හා පෞරුෂත්ව සංවර්ධන වැඩමුළුවක් සංවිධානය කර මෙහෙයවන ලදි.

සෑම අතින්ම ඉතාමත්ම සාර්ථකව අපගේ පළමු ව්‍යාපෘතිය අවසන් කිරීමට ලැබීම පිලිබදව අප විසින් ඉතා නිහතමානීව ආඩම්බර වන අතර අපව පදවි යාය 78 විද්‍යාලය සමග සම්බන්ධ කරමින් අපට මෙම කර්තව්‍යය සදහා උපකාර කල නිලානි මෙනවිය මෙන්ම ඕශදී ජයසිංහ ගුරුමෑනියන්වද ඉතා ආදරයෙන් මෙහිදී සිහිපත් කරන්නෙමු, එමෙන්ම විද්‍යාලයිය සිසු සිසුවියන්ගේ දේමාපියන් දැක්වු අපරිමිත සහයෝගයද ඉතා අගයකොට සලකමු.

එමෙන්ම මෙම මහගු සමාජ සත්කාරය සදහා අපට පොත්පත් පාසල් උපකරණ ලබාදුන් මතුගම ශ්‍රී සුධර්ශනාරාමයේ විහාරාධිපති අති පූජ්‍ය පිඹුරේ චන්දිම හිමියන් ඉතාමත්ම නමස්කාර පූර්වකව මෙහිදී සිහිපත් කරන්නෙමු.

මෙම මහගු සමාජ සත්කාරය සදහා ක්‍රීඩා උපකරණ ලබාදුන් ස්ටාර් ටෙක් ඉන්ජිනියර්ස් අධිපති සිසිර කුමාර මහාතා, ඒවගේම පෞරුෂත්ව වර්ධන වැඩමුළුව සදහා දිවා ආහාරය ලබාදුන් දාස ඔටෝ සප්ලයි අධිපති නන්දන තුශාර මහතා හා මිනින්දෝරු උපුල් අදිකාරම් මහතාවද මෙහිදී ඉතාමත්ම ස්තූති පූර්වකව සිහිපත් කරන්නෙමු.

තවද ගමන පුරාවටම ඉතාමත්ම කැපවීමෙන් අපට සහය දැක්වූ රියදුරු සුජීව මහතා සහ ඉතා රසවත් ලෙස දිවා ආහාරය සකස් කල සූපවේදී ඉන්දික මහතා මෙන්ම වැලිඔය ග්‍රාමයේදී නවාතැන් පහසුකම් ලබාදුන් ඉන්දික එදිරිමාන්න මහතාවද ඉතාමත්ම ආදරයෙන් මෙහිදී සිහිපත් කරන්නෙමු.

මෙම කර්තව්‍ය සම්පූර්ණ කරගැනීමට විශාල පිරිසක් මුල්‍යමය හා ද්‍රව්‍යමය වශයෙන් දායක විය,

🤝 මලිත්කා සඳලි
🤝 අසංක මධුසංක
🤝 තමිදු චමල්
🤝 මංජුල පුෂ්පකුමාර
🤝 කීර්ති ජයසිංහ
🤝 බන්දුල සෙන්දනායක
🤝 දිල්රුක්ෂ අමුගොඩ
🤝 ප්‍රදීප් ප්‍රසන්න
🤝 සුමිත් ජානක
🤝 ඉෂාන් චාමික
🤝 හෂිනි කවිත්‍යා
🤝 පියුමි නිසංසලා
🤝 ජේ.කේ. අජිත්
🤝 පියසිරි මහතංතිල
🤝 නදීකා ප්‍රියදර්ශනි
🤝 කමලා ගුණමුනි
🤝 දිලීප සපරමාදු
🤝 දෙව්මිනි උත්පලා
🤝 දයා විදානගේ
🤝 උශාන්ත අදිකාරම්
🤝 ඇල්පිටිය පොලීසියේ සියලුම නිලධාරී මහත්ම මහත්මීන්
ඇතුලු ඉහත නම් සදහන් සහ නන් අයුරින් උදව් උපකාර කල සියලු දෙනාටම අකුරට පණක් අප විසින් ඉතාමත්ම ආදරයෙන් ස්තූතිවන්ත වන අතර ඉදිරියටත් අපට සහයෝගය දක්වමින් අපහා එක්ව කටයුතු කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.

ස්තූතියි .
"අකුරට පණක් අපි"
-"කැකුළු මල් විකසිත කරනු වස්..."-🤝✍️💞

කාවන්තිස්සපුර පදවි යාය 78 ස්කෝලේ ඉගෙනගන්න පුංචි එවුන් ටිකක් බලන්න "අකුරට පනක්" අපි , මේන්න මේ බඩු ටිකත් කොහොම හරි එකතු ක...
19/02/2022

කාවන්තිස්සපුර පදවි යාය 78 ස්කෝලේ ඉගෙනගන්න පුංචි එවුන් ටිකක් බලන්න "අකුරට පනක්" අපි , මේන්න මේ බඩු ටිකත් කොහොම හරි එකතු කරගෙන කාවන්තිස්සපුර යන්න බලාගෙන ඉන්නවා මාර්තු මාසයේ 3වෙනිදා....

ඉතිං අපිට මේක තනියම කරන්න අමාරුයි..

අවශ්‍ය කරන දේවල් වලින් ගොඩක් මේ වෙනකොට සම්පූර්ණ වෙලා තියෙනවා....
පහල තියෙන අඩුපාඩු ටිකත් සම්පූර්ණ කරගන්න පුලුවන් උනොත් ඒක ලොකු දෙයක් ඒ පුංචි එවුන්ට...

අපි එකතු වෙමු පුලුවන් විදිහට පුංචි උන්ගේ බලාපොරොත්තු දල්වමු.....

⚫පුස්තකාල උපකරණ,

🔴විෂයානුබද්ධ අමතර කියවීම් පොත්
🔴නවකතා පොත්
🔴ළමා කතා පොත්
🔴චිත්‍ර විෂයට අදාල පොත්
🔴ප්‍රොජෙක්ටර් එකක්

⚫තවද ආර්ථික අපහසුතා ඇති ළමුන් 20ක් අධ්‍යාපනය ලබනවා...

ඉතිං ඒ පුංචි එවුන්ට උදව් කරන්න අපි ඔක්කොම එකතුවෙමු❤️. එකතු වෙලා ඒ කැකුළු මල් විකසිත කරමු...
එකතු උනොත් කරන්න බැරි දෙයක් නෑ💞

ඉතිං මුල්‍යමය හෝ ද්‍රව්‍යමය වශයෙන් අපිට උදව් කරන්න කැමති කෙනෙක් ඉන්නවනම් පහලින් තියෙන අංකයට කතා කරන්න...

📱- 0781688395

#අකුරට_පනක්🇱🇰

https://youtu.be/kkPImpMyKGoමූසිලයන් වෙනුවෙන් තම ජීවිතය කැප කළ සියලු ගුරුවරුන්ට හට මෙය උපහාරයක් වේවා!!!සෙනෙවිරත්න සර්- ග...
05/10/2021

https://youtu.be/kkPImpMyKGo

මූසිලයන් වෙනුවෙන් තම ජීවිතය කැප කළ සියලු ගුරුවරුන්ට හට මෙය උපහාරයක් වේවා!!!

සෙනෙවිරත්න සර්
- ගුත්තිල පරපුරේ හෘද සාක්ෂිය-

Present by | Youth Action Network -YAN Sri Lanka
Production by | සිහෙළ Production
Script & Director | ඉදිකැටිය හේවගේ කසුන් ලක්මාල්
Asst. Director & Director of photography | Miran Ishara
Asst.Camera | Thushara Madushanka
Audio | Sanuja Mihan
Edit & Colorist| Sameera M Silva ( Summer Love Films )
Idea | Miran Ishara | Mgs Sandaru
News dubbing by | M.K.Pubuduni Nawodya | U.K.Asanka Madushan

CAST | I.H.Dushantha Madushan,A. R. M. Weerarathna,Pathiranage Dayarathna,Pathiranage Ariyadasa

#සිහෙළproduction


හද්ද පිටිසරින් ලෝකය දිනන්න වෙර දරන පොඩි උන් රෑනක් ඉන්නවා පදවිය යාය 78 ඉස්කෝලේ ඉතින් ඔය පහලින් තියෙන්නේ උන්ගේ දක්ෂතා ටිකක...
22/03/2021

හද්ද පිටිසරින් ලෝකය දිනන්න වෙර දරන පොඩි උන් රෑනක් ඉන්නවා පදවිය යාය 78 ඉස්කෝලේ ඉතින් ඔය පහලින් තියෙන්නේ උන්ගේ දක්ෂතා ටිකක් ඒ දක්ෂතා වලට උන් ගිහින් තියෙන්නෙ ගොඩක් අඩුපාඩු මැද්දෙන් ඒ අඩුපාඩු ටික අපි හදලා දුන්නොත් උන් කවදහරි මේ පුංචි රටේ කොඩිය ජාත්‍යන්තරයේ ඉහළම තැනක රන්ඳයි.
මේ තියෙන්නෙ උන්ගේ අඩුපාඩු ටික,

ක්‍රීඩා උපකරණ
🔴වොලිබෝල්(Micasa) - 10
🔴වොලිබෝල් නෙට්- 04
🔴නෙට්බෝල්- 03
🔴ස්කිපිං රොප් - 20
🔴කඩුලු- 06
උන්ට උදව් කරන්න කැමැති කෙනෙක් මේ නම්බරේට කතා කරන්න.0781688395
මේ ඔයාලා හැමෝගෙම උදව් අපිට ඕන වෙලාවක්
අපි එකතු වෙල උන්ව ගොඩනගමු. " කැකුළු මල් විකසිත කරනු වස්" අකුරට පනක් අපි

කාවන්තිස්සපුර පදවි යාය 78 ස්කෝලේ පුංචි එවුන් ටිකක් බලාගෙන ඉන්නවා උන්ගෙ අඩුපාඩු අරගෙන කවුරු හරි උන්ගේ ස්කොලේ බලන්න එයි කි...
07/03/2021

කාවන්තිස්සපුර පදවි යාය 78 ස්කෝලේ පුංචි එවුන් ටිකක් බලාගෙන ඉන්නවා උන්ගෙ අඩුපාඩු අරගෙන කවුරු හරි උන්ගේ ස්කොලේ බලන්න එයි කියලා ඉතිං අපි "කැකුළු මල් විකසිත කරනු වස්..."🤝✍️💞 අකුරට පනක් දෙන්න මේන්න මේ බඩු ටිකත් කොහොම හරි එකතු කරගෙන කාවන්තිස්සපුර යන්න බලාගෙන ඉන්නවා ඉතිං අපිට මේක තනියම කරන්න අමාරුයි අපි එකතු වෙමු පුලුවන් විදිහට පුංචි උන්ගේ බලාපොරොත්තු දල්වමු.....
⚫පුස්තකාල උපකරණ,
🔴විෂයානුබද්ධ අමතර කියවීම් පොත්
🔴නවකතා පොත්
🔴ළමා කතා පොත්
🔴චිත්‍ර විෂයට අදාල පොත්
🔴වානේ අල්මාරි- 02
🔴පුස්තකාල පුටු- 12

⚫ක්‍රීඩා උපකරණ,
🔴වොලිබෝල්(Micasa) - 10
🔴වොලිබෝල් නෙට්- 04
🔴නෙට්බෝල්- 03
🔴ස්කිපිං රොප් - 20
🔴කඩුලු- 06
⚫තවද ආර්ථික අපහසුතා ඇති ළමුන් 20ක් අධ්‍යාපනය ලබනවා...
ඉතිං ඒ පුංචි එවුන්ට උදව් කරන්න අපි ඔක්කොම එකතුවෙමු❤️. එකතු වෙලා ඒ කැකුළු මල් විකසිත කරමු...එකතු උනොත් කරන්න බැරි දෙයක් නෑ💞ඉතිං මුල්‍යමය හෝ ද්‍රව්‍යමය වශයෙන් අපිට උදව් කරන්න කැමති කෙනෙක් ඉන්නවනම් පහලින් තියෙන අංකයට කත කරන්න.. එකතු උනොත් අපිට පුලුවන් ඒ මල් වලට හයියක් වෙන්න.. ඉතිං අපි උන්ව ගොඩනගමු 💞
📱- 0781688395
#අකුරට_පනක්🇱🇰

ගරු විදුහල්පති තුමාගේ ඉල්ලිම් ලිපිය🙏 එකතුවෙමු  ඒ කැකුළු මල් විකසිත කරමු අපි 💞කතා කරන්න-0781688395 #අකුරට_පනක්🇱🇰
05/03/2021

ගරු විදුහල්පති තුමාගේ ඉල්ලිම් ලිපිය🙏
එකතුවෙමු ඒ කැකුළු මල් විකසිත කරමු අපි 💞
කතා කරන්න-0781688395
#අකුරට_පනක්🇱🇰

"කැකුළු මල් විකසිත කරනු වස්..."🤝✍️💞අකුරට පනක් අපි ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කාවන්තිස්සපුර ගමේ පදවි යාය78 විද්‍යාලයේ ඇත...
04/03/2021

"කැකුළු මල් විකසිත කරනු වස්..."🤝✍️💞
අකුරට පනක් අපි ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කාවන්තිස්සපුර ගමේ පදවි යාය78 විද්‍යාලයේ ඇති අඩුපාඩු වලට සහයෝගයක් ලබාදෙන්න තීරණය කරා...ඉතිං ඒ ගමේ ස්කොලේ ඉගෙනගන්න පුංචි එවුන්ට පුස්තකාල උපකරණ හා ක්‍රීඩා උපකරණ අඩුපාඩු ගොඩක් තියෙනවා...
⚫පුස්තකාල උපකරණ,
🔴විෂයානුබද්ධ අමතර කියවීම් පොත්
🔴නවකතා පොත්
🔴ළමා කතා පොත්
🔴චිත්‍ර විෂයට අදාල පොත්
🔴වානේ අල්මාරි- 02
🔴පුස්තකාල පුටු- 12

⚫ක්‍රීඩා උපකරණ,
🔴වොලිබෝල්(Micasa) - 10
🔴වොලිබෝල් නෙට්- 04
🔴නෙට්බෝල්- 03
🔴ස්කිපිං රොප් - 20
🔴කඩුලු- 06
⚫තවද ආර්ථික අපහසුතා ඇති ළමුන් 20ක් අධ්‍යාපනය ලබනවා...
ඉතිං ඒ පුංචි එවුන්ට උදව් කරන්න අපි ඔක්කොම එකතුවෙමු❤️. එකතු වෙලා ඒ කැකුළු මල් විකසිත කරමු...එකතු උනොත් කරන්න බැරි දෙයක් නෑ💞ඉතිං මුල්‍යමය හෝ ද්‍රව්‍යමය වශයෙන් අපිට උදව් කරන්න කැමති කෙනෙක් ඉන්නවනම් පහලින් තියෙන අංකයට කත කරන්න.. එකතු උනොත් අපිට පුලුවන් ඒ මල් වලට හයියක් වෙන්න.. ඉතිං අපි උන්ව ගොඩනගමු 💞
📱- 0781688395
#අකුරට_පනක්🇱🇰

Address

Matugama
Matugama

Telephone

+94781688395

Website

Alerts

Be the first to know and let us send you an email when අකුරට පනක් - Akurata panak posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category