19/06/2026
✍️ "සමගි ජන බලවේගයේ අපි කතාවෙන් පමණක් නොව ක්‍රියාවෙන්ම පක්ෂය Digital කරණය කරනවා - මෙම ඉරිදා පැවැත්වෙන මාතර තරුණ සමුළුවේ ජන්දය ප්‍රකාශ කිරීමේ සිට පරිගණක ඉoජිනේරු මන්ත්‍රී චතුර සජබ වෙනුවෙන් E-Voting System එකකුත් හදුන්වාදෙයි !
සමගි ජනබලවේග ප්‍රධාන කාර්යාලයේ අද (19) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර ගලප්පත්ති මහතා,
වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවැසීය,
‘‘ජනාධිපති අනුර දිසානායක මහතා බලයට පත්වී අවුරුදු දෙකකට ආසන්න කාලයක් ගත වෙනවා. ඒ කාලය තුළ ජනතාවට විශාල බලාපොරොත්තු රැසක් ලබා දෙන්න ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව කටයුතු කරනු ලැබුවා. ඒ අනුව විදුලි බිල සියයට 33 කින් අඩු කරන්න කටයුතු කරන බව , අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය , පාසල් උපකරණ , ඖෂධවල වැට් බද්ද ඉවත් කරන බව , වරායෙන් ගොඩබාන මිලට ඉන්ධන ලබා දෙන බව , සහල් මාෆියාව නතර කරන බව ආණ්ඩුව ප්‍රකාශ කළා. නමුත් මේ කිසිදු පොරොන්දුවක් ඉටු කරන්න ජාතික ජන බලවේග ආණ්ඩුව කටයුතු කළේ නැහැ. ඒ වගේම ගොවීන් , ධීවරයන් , රාජ්‍ය සේවකයන් ඇතුළ රටේ සියලුම ක්ශ්‍රේත්‍රවල ජනතාව දැඩි පීඩාවකට පත්ව සිටිනවා. ඒ වගේම රටේ තරුණ තරුණියන්ට විශාල බලාපොරොත්තු රැසක් ලබා දෙන්නත් ජාතික ජනබලවේග රජය කටයුතු කළා. නමුත් අද වනවිට තරුණ තරුණියන්ට ලබාදුන්න බලාපොරොත්තු බොදකර දමන්න ආණ්ඩුව කටයුතු කර තිබෙනවා. ඒ වගේම තරුණ තරුණියන් විශාල ප්‍රමාණයක් රට හැර දමා යන්නට කටයුතු කරමින් සිටිනවා.
කෙසේ නමුත් සමගි ජනබලවේගය ජනතාවට දුන්න පොරොන්දු කඩ කරන්න කටයුතු කළේ නැහැ. ශ්‍රී ලංකාව සුහුරු රටක් බවට පත් කරන්න කටයුතු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පොරොන්දුවක් ලබාදුන්නා. ඒ වගේම දරුවන්ට සුහුරු අධ්‍යාපනයක් ලබා දෙන්න කටයුතු කරන බවත් ඔහු ප්‍රකාශ කළා. එය යථාර්තයක් බවට පත් කරමින් රටපුරා පාසල්වලට සුහුරු පන්තිකාමර ලබා දෙන්න සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කරනු ලැබුවා. ඒ වගේම රටේ තරුණ පරපුර සමඟ තාක්ෂණික ගනුදෙනුවක් ඇති කිරීමට අවශ්‍ය වැඩපිළිවෙලක් ඇති කරන ලෙස සජිත් ප්‍රේමදාස මහතා උපදෙස් දෙනු ලැබුවා.
ඒ අනුව එළඹෙන ඉරුදින මාතර පැවැත්වෙන සමගි තරුණ බලවේගයේ මාතර දිස්ත්‍රික් නිලවරණය ලංකා ඉතිහාසයේ පළමු වතාවට E VOTING ක්‍රමයක් අනුව කටයුතු කරන්න සියල්ල සුදානම් කරලා තිබෙනවා. මෙම කටයුත්ත කතාවට පමණක් සීමා නොකර ක්‍රියාවෙන් උප්පු කරන්න සමගි ජනබලවේගය කටයුතු කරනු ලබනවා. ඒ වගේම සමගි තරුණ බලවේගයේ මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරන තරුණ තරුණයින් මහනුවර මහ රෝහලට අවශ්‍ය ශෛල්‍ය උපකරණ ලබාදෙන්නත් එළඹෙන ඉරුදින සුදානම්ව සිටිනවා.
ඒ වගේම බිම් මට්ටමේ තරුණ තරුණියන් සමගි ජනබලවේගය සමඟ ඒකරාශි කරගැනීමේ වැඩපිළිවෙළ දිස්ත්‍රික්ක 7 ක පවත්වා තිබෙනවා. ඒ අනුව අම්පාර , හම්බන්තොට , ගාල්ල , නුවර , කෑගල්ල , පොලොන්නරුව , කෑගල්ල යන දිස්ත්‍රික්කවල සාර්ථකව සමගි තරුණ සම්මේලනය පවත්වන්න හැකි වෙලා තිබෙනවා. මෙම වැඩපිළිවෙළ සඳහා තරුණ තරුණියන් විශාප ප්‍රමාණයක් දිනෙන් දින ඒකරාශි වෙමින් තිබෙනවා. කෙසේ නමුත් විපක්ෂ නායක , සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් අනුව ශ්‍රී ලංකාව සුහුරු රටක් කිරිමේ අරමුණ ඇතිව සමගි ජනබලවේග පක්ෂ අභ්‍යන්තරය තුළ පැවැත්වෙන නිලවරණය E VOTING ක්‍රමයක් අනුව පවත්වන මේ වනවිට සියලු කටයුතු සුදානම් කර තිබෙනවා. දේශපාලන ඉතිහාසය තුළ මෙවැනි කටයුත්තක් සිදුවන්නේ පළමු වතාවටයි.
ඒ වගේම රටේ තරුණ තරුණියන්ට බොරු පොරොන්දු දෙන්න සමගි ජනබලවේගය කටයුතු කරලා නැහැ. සමගි ජනබලවේගය පැවැත්වූ සියලුම තරුණ බල මණ්ඩල දිනෙන් දින වර්ධනය වෙනවා. තරුණ තරුණියන් විශාල ප්‍රමාණයක් සමගි ජනබලවේගය වටා එකතු වෙනවා. සමගි ජනබලවේගය පිළිබඳව රටේ තරුණ තරුණියන් තුළ විශ්වාසයක් ගොඩ නැගී තිබෙනවා.
ඒ වගේම රටට ඉදිරියේදී මුහුණ දීමට සිදුවන අභියෝග පිළිබඳව සමගි ජනබලවේගය කලින්ම අනතුරු අඟවන්න කටයුතු කරනු ලැබුවා. කෙසේ නමුත් රටේ ආර්ථික වර්ධනවේගය වර්ධනය වී තිබෙන බවට ආණ්ඩුව පම්පොරි ගසමින් සිටිනවා. නමුත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නවතම වාර්තාව අනුව රට තිබෙන්නේ දැඩි ආර්ථික අර්බුදයක. ආර්ථික අර්බුදයකට ලගාවීමේ පෙරනිමිත්තක් ලෙසයි ජාත්‍යන්තර මුල්‍ය අරමුදල එම වාර්තාව ඉදිරිපත් කර තිබෙන්නේ. එම වාර්තාව අනුව රට තුළ ඩොලර් බිලියන 8.3 ක සංචිත තිබිය යුතුයි. ඒ වගේම 2028 දී ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සමඟ තිබෙන ගිවිසුම අවසන් කළාට පසු 2028 න් පසු ණය ගෙවන්නේ කෙසේද? ඒ වගේම 2028 වනවිට ලංකාව තුළ නිල සංචිත ඩොලර් බිලියන 14 ක් තිබිය යුතු බවත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ප්‍රකාශ කර තිබෙනවා. රටේ ජනතාව මුලාවට පත් කළාට රටේ තිබෙන ආර්ථික අර්බුදය රටේ ජනතාවට දැනෙන්න පටන්ගෙන තිබෙනවා.
ඒ වගේම දයාසිරි ජයසේකර මහතා කවුරුන්වත් විවේඡනය කරන්නේ නැහැ. ඔහු පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වුණේ සමගි ජනබලවේගයෙන් නෙවෙයි සමගි ජන සන්ධානයෙන්. දයාසිරි ජයසේකර මහතා ඇතුළු කණ්ඩායමක් සමගි ජන සන්ධානයෙන් පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වුණා. ඒ වගේ දයාසිරි ජයසේකර මහතා සමගි ජනබලවේග කෘත්‍යාධිකාරි මණ්ඩලයේ , කළමනාකරණ මණ්ඩලයේ හෝ සමගි ජනබලවේගයේ කිසිදු තනතුරක් දරන පුද්ගලයෙක් නෙවෙයි. දයාසිරි ජයසේකර මහතා සමගි ජනබලවේගය සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමඟ කිසිදු ගැටලුවක් නැහැ. ඔහු හොඳ අවබෝධයෙන් කටයුතු කරනු ලබනවා.
ඒ වගේම විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හොරු ලෙස හංවඩු ගසන්න ආණ්ඩුව කටයුතු කරමින් සිටිනවා. ආණ්ඩුවේ අසමත්භාවය එතනින්ම පෙනෙන්න තිබෙනවා. ආණ්ඩුව අල්ලපු හොරෙක් නැහැ. ආණ්ඩුව දිනපතා හොරු අල්ලන බව කියමින් ප්‍රවෘත්ති ප්‍රචාරය කිරිම පමණයි සිදුකරන්නේ. ආණ්ඩුව රටේ ආර්ථිය ශක්තිමත් කරන්න , අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල අඩු කරන්න , ඉන්ධන මිල අඩු කරන්න , බස් ගාස්තු අඩු කරන්න කිසිදු තින්දුවක් ගන්නේ නැතිව හොරු අල්ලනබව කියමින් මාධ්‍ය සංදර්ශන පවත්වමින් කාලය ගතකරනවා. ඒ වගේම අදටත් උසාවිවල විභාගවන ප්‍රධාන නඩු යහපාලන ආණ්ඩුව සහ සමගි ජනබලවේගය ගොනු කළ නඩු. කෙසේ නමුත් රටේ වංචාව දුෂණය නැති කළ යුතුයි. ඒ සඳහා වැඩපිළිවෙලක් සමගි ජනබලවේගය සතුව තිබෙනවා.
ඒ වගේම පාස්කු ප්‍රහාරය විනිවිධභාවයකින් සහ අපක්ෂපාතිව සිදුකරන්නේ කෙසේදැයි සජිත් ප්‍රේමදාස මහතා පැහැදිලි ප්‍රකාශයක් රටටම ලබා දුන්නා. ඒ වගේම ඒ සඳහා සජිත් ප්‍රේමදාස මහතා කරුණු 7 කින් යුක්ත වාර්තාවක් කාදිනල්තුමාට සහ පාර්ලිමේන්තුවට සභාගත කරන්නත් කටයුතු කරනු ලැබුවා. ඒ අනුව පාස්කු ප්‍රහාරයේ විමර්ශන විනිවිධභාවයකින් සහ අපක්ෂපාතිව සිදුකරන ආකාරය පිළිබඳව එම වාර්තාවේ සඳහන් වෙනවා. ජාතික ජනබලවේග ආණ්ඩුවත් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විවිධ පුද්ගලයන් මහ මොළකරු ලෙස හඳුන්වා දෙන්න කටයුතු කරනු ලැබුවා. නමුත් තවම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විධිමත් පරික්ෂණයක් සිදුකරන්න ආණ්ඩුව කටයුතු කරලා නැහැ. ඒ වගේම ආණ්ඩුවේ මැති ඇමැතිවරුත් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පරස්පරවිරෝධි මත පළකරනු ලබනවා. රටේ බලය ගැනීම සඳහා පාස්කු ප්‍රහාරය දෙවතාවක් භාවිතා කර තිබෙනවා. මේ විහිලුව නැවැත්විය යුතුයි. කෙසේ නමුත් පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශන කටයුතු සිදුකළ යුතු ආකාරය පිළිබඳව පැහැදිලි වැඩපිළිවෙළක් ඉදිරිපත් කර තිබෙන්නේ සමගි ජනබලවේගය පමණයි.‘‘
#චතුරගලප්පත්ති