26/12/2025
අයවැය පැරදුණු පලාත්පාලන ආයතන ගැන හිටපු මැතිවරණ කොමසාරිස්/කෙමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ පිටුවෙන්..............
පහත සඳහන් පළාත්පාලන ආයතනවල ප්‍රථම අය වැය පරාජයවීමේ නිසා කුමක් වන්නේදැයි මගෙන් විමසන මිතුරන් වෙතය
බල පිටිය ප්‍රාදේශීය සභා (මාලිමා ) ගාල්ල /කොළඹ ම.න.ස ( මාලිමා )
{ මෙම් තත්වය තෙලබණු පාලනය යටතේ කඩුගන්නාව නගර සභාවටද අදාළය)
මේ සභා ඒවායේ සභික සංඛ්‍යාවෙන් ඒකාන්ත බහුතරය හෝ අවම වශයෙන් 50% නොමැතිව සභාවේ ප්‍රධානියා සභිකයන්ගේ රහස් (හෝ විවෘත) බහුතර ඡන්දයෙන් ( හෝ ඡන්ද සමාන වූවිට කුසපත් ඇදීමෙන් ) පුරපති හෝ සභාපති තෝරා ගත් ඒවාවේ.
මෙවැනි ඕනෑම සභාවක ප්‍රථම වාර්ෂික අයවැය හෙවත් 2026 සඳහා ඉදිරිපත් කරන අය වැය පරාද වූවිට සතිදෙකක් තුළ නැවතත් අය වැය ඉදිරිපත් කර සම්මත කර ගැනීමේ ප්‍රයත්නයක් දැරිය යුතු අතර එය සම්මත වූවත් නොවූවත් ඊළඟ වර්ෂයේ යෝජිත වැඩ එලෙස ක්‍රියාත්මක කළ හැක .
එමෙන්ම 2026 අවසානයේදි 2027 සඳහා ඉදිරිපත් කරන අය වැය සම්මත වූවද නොවූවද එසේම 2027 දිද කටයුතු කළ කළ හැකිය .
2027 අවසානයේදී 2028 සඳහා ඉදිරිපත් කරන අය වැය සම්මත කර ගැනීමට නො හැකි වුවහොත් තනතුර හොබවන පුරපති / සභාපති ඉල්ලා අස්වූවාසේ සලකා සභිකයන්ගේ එකඟතාවයෙන් සභිකයන් අතුරින් නව පුරපතිවරයකු / සභාපතිවරයකු තෝරා පත් කර ගතයුතු අතර ඔහු ඉදිරිපත් කරන අය වැය සම්මත නොවුවහොත් සභාව කොමසාරිස් පාලනයට නතුවනු ඇත
දැනට ධුරය දරන පුරපති හෝ සභාපතිගේ තනතුර අහෝසිවීමට හේතු වන්නේ ඉල්ලා අස්වීමෙන් , මියයෑමෙන් / පක්ෂශේ සාමාජිකවය අහෝසිකිරීමෙන් / සභිකත්වයට නුසුදුස්සකු වීමෙ (උදා- අල්ලස් චෝදනා/ මැතිවරණ නීතියේ සඳහන් වැරදි ස්ඳහා වැරදි කරුවකුවීම , අධිකරණය විසින් වසරදෙකකට වැඩිකලකට බන්ධනාගාරගත කලහොත් ,...... , විෂමාචාර / අනීතික ක්‍රියා සම්බන්ධයෙන් පළාත් සභාවෙන් පත්කරන කොමිසමකින් ධුරය අහෝසි කළහොත් ......... යනාදිය මතය .
එබැවින් අය වැය සම්මත නොවීමෙන් පමණක් ධුර වෙනස්නොවේ .
පළාත්පාලන ආයතන ප්‍රධානීන්, සභිකයන්ගේ විශ්වාස භංග යෝජනා මඟින් ඉවත් කිරීමට ප්‍රතිපාදන නැත..